IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලක් කෙල්ලෝ ආසියාවම දිනයි

(යොහාන් භාසුර)

පස්වැනි ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද (28) සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු විස්සයි20 ක්‍රිකට් ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර පැවැති ආසියානු කුසලාන විස්සයි20 කාන්තා තරගාවලි හතරේදී ශ්‍රී ලංකාව 2022 වසරේ පමණක් අනු ශූරියන් බවට පපත්විය.  

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 8 කින් ප්‍රබල ඉන්දීය පිල පරාජය කිරීමට සමත් වූහ.

හර්ෂිතා සමරවික්‍රම ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කාරියක් බවට පත්වෙමින් පන්දු 51 කින් හතරේ පහර 6 ක්සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැස්කරමින් ජයග්‍රහණය දක්වා රැගෙන ආවාය.

හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි තෙවැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 73 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

කවීෂා දිල්හාරි පන්දු 16 කින් හතරේ පහරක් සහ හයෙ පහරක් සමගින් නොදැවී ලකුණු 30 ක් රැස්කිරීමට සමත් වූවාය.

චමරි අතපත්තු පන්දු 43 කින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 61 ක් රැස්කරමින් ජයග්‍රහණයට අනගි අඩිතාලමක් දැමීමට සමත්වූවාය.

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 165

(ශෆාලි වර්මා 16, ස්මිත්‍රි මන්දානා 60, ජෙමීමා රොද්‍රිගස් 29, රිචා ගෝෂ් 30, කවීෂා දිල්හාරි 36/2)

ශ්‍රී ලංකා කාාන්තා ක්‍රිකට් පිල ඕවර 18.4 කදී කඩුලු 2 ට 167

(චමරි අතපත්තු 61, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 69, කවීෂා දිල්හාරි නොදැවී 30)



අදහස් (16)

ලක් කෙල්ලෝ ආසියාවම දිනයි

Chandima Sunday, 28 July 2024 07:27 PM

බලන්න අපේ ගරු ජනපතිතුමාගේ ආණ්ඩුව යටතේ අපි කිුකට් ශුරතාවය ලබාගත්තානේ

:       87       23

Prabha Sunday, 28 July 2024 09:58 PM

කෙල්ලෝ ටික ඔය තැනට ආවේ දුක් විඳලා. නැතිව පිනට නෙවෙයි.

:       1       2

රාලහාමි Sunday, 28 July 2024 11:13 PM

බැට් එකවත් උස්සගන්න බැරි, කලිසම උස්ස උස්ස යන එකා කරපු මගුලක් නැහැ යකෝ.මෙතනට ජරා දේශපාලනය ගේන්න එපා.

:       0       4

Nimal Fernando Sunday, 28 July 2024 07:29 PM

සුබ පැතුම් කෙල්ලනේ

:       0       81

සෝමසිරි Sunday, 28 July 2024 07:34 PM

සුබ පැතුම් කෙල්ලනේ

:       0       70

saman Sunday, 28 July 2024 08:09 PM

යකෝ ගැහැව්වා යකෝ ඉන්දියාවට... එල කිරි වෙන්න කෙල්ලෝ ටික

:       0       88

NANDALAL DE SILVA - France Sunday, 28 July 2024 10:42 PM

මාර ගේමක්නේ අපේ කෙල්ලන් ඉන්දියාවේ කෙල්ලන්ට දීලා තියෙන්නේ !!! කඩුලු අටක ජයක් කියන්නේ සුළු පටු ජයග්‍රහණයක්ද? මෙන්න අපෙන් ඔයාලට උම්මා ගොඩාරියක්...!

:       0       0

විජිත් Sunday, 28 July 2024 11:09 PM

කණ්ඩායමේ තිබු " ටීම් ස්පිරිට් " එක නියමයි, එය දිගටම පවත්වාගන්නතෙක් ජයග්‍රහණය ඔබ සමගමයි. වර්තමානයේ "ශ්‍රී ලංකික ක්‍රිකට් කතාන්දරය "ඉතිහාසයේ ලියමින් " සැබෑවූ අනාගත ක්‍රිකට් සිහිනයත් " ඔබම වන්න. චමරි ඇතුළු මුළු කණ්ඩායමටම සුබ පැතුම්...!!!

:       1       3

Kanishka Sunday, 28 July 2024 11:23 PM

අපිට ඇත්තටම දක්ෂ කණ්ඩායමක් ලැබිලා තියෙනවා.මේ හැම නරක ආරංචියක්ම ශ්‍රී ලංකාවේ පිටාර ගලනවත් එක්කම මේ වගේ දෙයක් අහන්න ලැබීමත් අපි වාසනාවන්තයි.සුභ වේවා මගේ ආදරණීය සහෝදරියනි.හොඳයි.

:       0       2

රංබොඩ Sunday, 28 July 2024 11:43 PM

නිකම්ම ගැහුවා නෙවෙයි ඉන්දියාව අසරණ වෙන්නම ගැහුවා. දැනට ලෝකෙ ඉන්න හොඳම ක්‍රිකට් කණ්ඩායමකට මෙහෙම ගැහුුවම කාටද සතුටු නැත්තෙ !! සතුටු කඳුළු හෙළ හෙළා අපි බැල්වෙ

:       0       2

මඩුගල්ලේ Monday, 29 July 2024 12:16 AM

අපේ සුබ පැතුම් කෙල්ලනේ. ක්‍රිකට් එපාවෙලා හිටිය වෙලාවේ සුපිරි ගේමක් ගැහුවේ ඉන්දියාවට. සුපිරිම තමයි.

:       0       2

Perera Monday, 29 July 2024 06:01 AM

කාන්තා ක්‍රිකට් පිලේ ඉන්න මේ කෙල්ලන්ව ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට දාලා ඒකෙ දැනට ඉන්න එවුන්ව ශ්‍රීලංකා පිරිමි ක්‍රිකට් පිලක් හදලා ඒකට දාන්න කාලේ ඇවිල්ලා

:       0       1

Che Monday, 29 July 2024 07:00 AM

පිරිමි කණ්ඩායමට ගෙවන පඩිය කාන්තා කණ්ඩායමට ගෙවනු.කාන්තා කණ්ඩායමට ගෙවපු පඩිය පිරිමි කණ්ඩායමට ගෙවනු.

:       0       2

Asanga thiththagalla gamage Monday, 29 July 2024 09:43 AM

ජය වේවා...

:       0       14

fairoos Monday, 29 July 2024 11:16 AM

සුභ පැතුම් කෙල්ලනේ

:       0       5

nimal Monday, 29 July 2024 06:37 PM

පිරිමි ජාතික ටීම් එකේ මාසික පඩිය බාගෙකින් කපාදාන්න. උන් කරන මගුලක් නැහැ.ඉඳලා හිටලා කනා පාරක් ගහලා මැච් දිනනවා විතරයි. බොරු ශෝබන දානවා එත් උන්ට පන නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 722 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 399 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 312 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2493 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 114 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1594 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32761 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site