IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලක් දැරියට රාජකීය සම්මාන

මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහා රැජනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් තේකෝප්පයක් හා පීරිසියක් නිර්මාණය කළ ඇන්ජලිකා විමලසූරිය (12) ශිෂ්‍යාව එම රාජකීය තේ කෝප්පය හා පීරිසිය මහ රැජනට පිළිගැන්වීමට බකින්හැම් මාලිගයට යාමට නියමිතය.

මහා බ්‍රිතාන්‍යයේ සිසුන් අතර පැවති මේ තරගයෙන් ඇන්ජලිකා ද, මැග්ග්‍රාත් (9) තවත් දැරියක ද ජයගත්හ. ඔවුන්ගේ සැලසුම් අනුව බර්ස්ලම්හි මුවර් ක්‍රොෆ්ට් පිඟන් භාණ්ඩ කම්හල එම බඳුන් නිෂ්පාදනය කළේය. ඇන්ජලිනා බ්ලර්ටන්හි  ඕර්මිස්ටන් ශ්‍රීමත් ස්ටැන්ලි මැතිව්ස් විදුහලේ ශිෂ්‍යාවකි.

ඇය සමග බ්ලර්ටන් පාසලෙන් අවසන් වටයට 20 දෙනෙක් තෝරා ගනු ලැබූහ. රැජනට එක් කට්ටලයක් ද, පිඟන් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සම්මේලනයට තවත් කට්ටලයක් ද හිමි වන අතර ඇය ද එක් කට්ටලයක සාඩම්බර හිමිකාරිනියක් වන්නීය.

ඇන්ජලිකාගේ ගුරුවරිය වන ඇනී රෙනිසන් පැවසූයේ ඇය දීප්තිමත් ශිෂ්‍යාවක බවයි.

ඇගේ පාසලට පොත්පත් හා උපකරණ ගැනීම සඳහා පවුම් 2500ක් (රුපියල් 515000) හිමිවිය.

ඇන්ජලිකාගේ මව රමණී ජයකොඩි (46) පැවසූයේ තම දියණිය ගැන බිහෙවින්ම ආඩම්බර වන බවයි.

‘නිදහස් වේලාවලදී ඇය අඳිනවා. ඇය ඊට දක්ෂයි. ඉතාලියේ පදිංචිව සිටි ඇංජලිකා ඇගේ මව සහ පියා තිලකසිරි විජේරත්න බ්‍රිතාන්‍යයට ගියේ  දෙවසරකට කලිනි.



අදහස් (0)

ලක් දැරියට රාජකීය සම්මාන

ජයී තිසර Thursday, 17 January 2013 03:25 PM

මගේ සුබ පැතුම්...... අපෙ ජීවිතේ ගැබ්වී ඇති සරල කමයි..... නොපසුබටව ඉගෙනීමේ හැකියාවයි ..... පිටරට ගියත් ලක් වැසියන් ඉහල තමයි..... සනාථ කර ඇත මේ වගෙ දක්ෂ ළමයි (ස)

:       0       0

ජාලත් Wednesday, 16 January 2013 09:44 PM

දුව ලංකාව කියන අපායේ හිටියා කියල කියන්නවත් එපා (ස)

:       0       0

ලංකා Friday, 18 January 2013 01:19 AM

ඔබ රටට ආඩම්බරයක් (දී)

:       0       0

වැලිකල Wednesday, 16 January 2013 10:33 PM

අපේ සුභ පැතුම්! (නි)

:       0       0

සුමනා Wednesday, 16 January 2013 11:03 PM

ඇයට ඇමෙරිකාවටත් යන්න ලැබේවා! (නි)

:       0       0

මංජුල Friday, 18 January 2013 10:12 PM

නංගි, ඔයාට මුළු ජාතියේම ප්‍රණාමය! (නි)

:       0       0

දිල්ශානි Thursday, 17 January 2013 11:34 AM

ඇති විශිෂ්ටයි (දී)

:       0       0

අනුර Wednesday, 16 January 2013 05:06 PM

සුභ පැතුම්! (නි)

:       0       0

නීලා Wednesday, 16 January 2013 05:12 PM

මේ දරුවා ලංකාවේ හිටියා නම් ඉවරයි. කෝ අපේ අර පොල් කඩන මැෂිම හදපු එක්කෙනා? (නි)

:       0       0

චූලා Wednesday, 16 January 2013 05:10 PM

මේ දරුවගේ දෙමවුපියන් මේ දරුවාවත් අරගෙන මේ රටින් පිටවෙන්න ගත්තු තීරණය කොච්චර ‍හොදද කියලා දැන් තේරෙනවද? (නි)

:       0       0

මාලා Wednesday, 16 January 2013 05:14 PM

මේ දරුවා ලංකාවේ හිටියා නම් මෙහෙම පිළිගනීවිද? (නි)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 16 January 2013 11:58 PM

ඔබට මගේ සුභ පැතුම් දුවේ.. හොද වෙලාවට ඕක එංගලන්තෙ කලේ ලංකාවෙ කළානම් මෙලහකටත් අධිකරණයටත් ගිහිල්ලා..!(නු)

:       0       0

නිමල් Wednesday, 16 January 2013 05:15 PM

දරුවා, ඔබට සුභ අනාගතයක්! ඔබේ දෙමවුපියන් ඔබත් සමග ලංකාවෙන් පිටවෙන්නට ගත් තීරණය හුගක් වටිනවා. (නි)

:       0       0

සපිරි Wednesday, 16 January 2013 05:14 PM

බොහොම දක්ෂ දරුවෙක්. මෙහෙම දරුවන් ලංකාවෙන් යන එක ගැන දුකක් තිබුණත්, මෙ‍හේ ඇති ප්‍රශ්න දිහා බලද්දී ඒ ගැන කණගාටුවකුත් නැහැ. (නි)

:       0       0

නිත්‍යා Thursday, 17 January 2013 11:45 AM

හැකියාව හා වාසනාව . ජය වේවා දුවේ (ස)

:       0       0

සුධීර Wednesday, 16 January 2013 05:15 PM

දුවේ, ඔබට සුභ අනාගතයක්! හැබැයි මෙහාට නම් එන්න එපා. (නි)

:       0       0

සුසිල් මිලානෝ Thursday, 17 January 2013 05:02 PM

ලංකාසිරි, ඔයා ලංකාවේ ආහාර ගැන මොකුත් දන්නේ නැද්ද.? විදේශිකයෝ අපේ ආහාර වලට කොතරම් කැමතිද.? ලංකාව යුරෝපය වගේ වතුර පොදක් බොන්න බැරි තරමට හිමෙන් වැහෙනවද ?. ලංකාවේ කොස් පොලොස් හරි කන්න පුළුවන්. (නු)

:       0       0

මාලක Wednesday, 16 January 2013 05:19 PM

මේ දරුවා එහේ පුරවැසිබාවය ලබා තිබුණත් නැතත් අපේ සුභ පැතුම්! (නි)

:       0       0

නන්දන Wednesday, 16 January 2013 05:17 PM

මෙහේට නම් එන්න හිතන්නවත් එපා දුවේ. (නි)

:       0       0

මාරසිංහ Wednesday, 16 January 2013 05:21 PM

ඔන්න නියම ලාංකිකකම. ඔයා ඔහේටම වෙලා ඉන්න දුවේ. (නි)

:       0       0

සුදේශ් Wednesday, 16 January 2013 05:22 PM

දැරිය ලස්සනයි වගේම දක්ෂයි. (නි)

:       0       0

අජිත් Thursday, 17 January 2013 11:54 AM

සුබ පැතුම් (ස)

:       0       0

සුසිල් මිලානෝ Thursday, 17 January 2013 01:48 AM

අනේ මේ දක්‍ෂ දරුවාට සුබ පතන්නේ නැතිව ඇයි මේ අපේ අය ලංකාව පහත් කරලා කථා කරන්නේ. (නු)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 16 January 2013 06:04 PM

ඔබගේ දස්කම් ගැන අපිටත් හරිම ආඩම්බරයි. (නි)

:       0       0

සුනිල් පෙරේරා Thursday, 17 January 2013 01:57 AM

උගත් බුද්ධිමත් වැඩි දෙනෙක් ලාංකිකයන් සිටින්නේ විදේශවල බව ඔබ දන්නවාද? සත්‍ය එයයි..!(නු)

:       0       0

අශෝක Wednesday, 16 January 2013 06:07 PM

සතුටුයි දුවේ නුඹෙ සුන්ඳර නිපැයුමට​ ආසිරි පතන්නෙමි ඉදිරියටම යන්ට! (නි)

:       0       0

ලංකාසිරි Thursday, 17 January 2013 02:56 AM

දුවේ ලංකාවට නම් ඕවා නිර්මාන්‍ය කරලා වඩක් නැහැ.. මොකද ඒවායේ දාගෙන කන්න බොන්න දෙයක් නැති නිසා..!(නු)

:       0       0

සිංහ Wednesday, 16 January 2013 06:33 PM

අපේ රට වෙනුවෙනුත් බත් පිගානක්වත් නිර්මාණය කරන්නකෝ. (නි)

:       0       0

අනුර Wednesday, 16 January 2013 06:32 PM

අපේ රට ගැන අපිට ආඩම්බරයි. පිටරට ඉදගෙන හරි මෙවන් විශිෂ්ට නිර්මාණ කිරීම ගැන ස්තූතියි. (නි)

:       0       0

ලාල් Wednesday, 16 January 2013 06:40 PM

සුභ පැතුම්! (නි)

:       0       0

කිවි Thursday, 17 January 2013 06:07 AM

හොද තුවක්කුවක් නිර්මාණය කළානම් ලංකාවෙන් සම්මානයක් ගන්න තිබුණා..!(නු)

:       0       0

ඩොන් Wednesday, 16 January 2013 06:55 PM

දෙවි පිහිටයි පුතේ ඔබට! හොදින් ඉගෙනගන්න ලැබේවා! (නි)

:       0       0

සුසිල් මිලානෝ Wednesday, 16 January 2013 07:10 PM

අපිට ගොඩක් සතුටුයි. අන්ජලී දියණියට අපේ සුබ පැතුම්! තෙරුවන් සරණයි. (නි)

:       0       0

සනත් Wednesday, 16 January 2013 07:18 PM

ලාංකීක අපට ආඩම්බරයි. දුවට සුභ අනාතයක්! (නි)

:       0       0

කුමාර Thursday, 17 January 2013 08:02 AM

අංජලිකාදුවේ ඔබට සුභ පැතුම්...!(නු)

:       0       0

ගමගේ Wednesday, 16 January 2013 07:29 PM

ඉතාලියේ රජයේ පාසැල් වල අධ්‍යාපනය ලබා වෙනත් රටවලට පදිංචියට යන අපේ ළමයි විවිධ දක්ෂතා පෙන්වනවා . ඉතාලියේ හොඳ අධ්‍යාපනයක් ලබාදෙනවා. මෙහේ ඉංග්‍රීසි පාසැල් වල අධ්‍යාපනය ලැබු හුඟ දෙනෙක් අසාර්ථක වී තිබෙනවා. (නි)

:       0       0

පතිරණ Wednesday, 16 January 2013 07:32 PM

රටටම ආඩම්බරයක්. මගේ සුභ පැතුම්! ඉදිරියටම යන්න. (නි)

:       0       0

ශාන් Thursday, 17 January 2013 02:15 PM

ඒ වුණාට මීටවැඩිය ලොකු දේවල් අපේ කට්ටිය කරලා තියෙනවා. (නි)

:       0       0

ජයතිස්ස Wednesday, 16 January 2013 08:06 PM

ඉදිරියට යන්නට ඔබට සම්මා සම්බුදු සරණයි! (නි)

:       0       0

උපුලි Wednesday, 16 January 2013 08:56 PM

ඔබට ජය වේවා (දී)

:       0       0

ලහිරු Wednesday, 16 January 2013 09:04 PM

නංගි ඔයාට මුළු ජාතියේම ප්‍රණාමය.අපේ අය ලංකාවේ ඉදන් ලංකාවේ නම කන විදිය දැක්කම ඔයාල වගේ අය ලංකාවෙන් පිට ඉදලත් මේ කරන දේවල් වලට රටක් විදියට අපි ගොඩක් ආඩම්බරයි... (ස)

:       0       0

උෂාන් Thursday, 17 January 2013 10:19 AM

අපේ සුභ පැතුම්!(නු)

:       0       0

චින්තන Thursday, 17 January 2013 10:31 AM

මේ ළමයා එංගලන්තෙ පුරවැසියකෙත. ලාංකිකයෙක් නෙමෙයි.. ලංකාවෙ හිටියනම් ජනාධිපතිට කෝප්පය්ක නිර්මාණය කලානම් මෙහෙම පිළිගැනීමක් ලැබෙයි.. මීට කලිනුත් එහෙම ළමයින්ට පිළිගැනීමක් ලැබුණා.. ඒත් ටික දිනකින් ලංකාවෙ වගේම එයාලටත් මේවා අමතක වෙයි.. නීලා කියන දේ හරි.. විද්‍යාත්මක නව නිපැවුම් දිරිමත් කරන්න ලංකාවෙ කිසිම කෙනෙක් උත්සාහකරන්නෙ නැහැ.!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 711 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2152 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11075 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 562 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1929 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3801 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1072 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site