IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ලක් දරුවෝ නම රකිති

තොරතුරු ලබාගැනීමේ නිදහස යටතේ සපයා ගෙන ඇති සමීක්ෂණ වාර්තාවන්ට අනුව බ්‍රිතාන්‍යයේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉහළින්ම සිටින්නේ ශ්‍රී ලාංකික, චීන, ඉන්දියා සහ නයිජීරියා දරු දැරියන් සිටිති කියති. පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමෙන් මෙම වාර්තා සකස් කැර තිබිණි.

මෙම ප්‍රතිඵල වලින් පෙනීගොස් ඇත්තේ උසස් පෙළ විභාගයේදී "ඒ ස්ටාර්" සිට "සී" දක්වා සාමාර්ථයන් පහ බැගින් ලබාගෙන ඇති ඉංග්‍රීසි ජාතික දරුදැරියන්ගේ සංඛ්‍යාව ජාතික සාමානකයට වඩා පහලවැටී ඇති බවයි. 

අඩුම ලකුණු ලබාගෙන ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන්නේ පෘතුග්‍රීසි, පකිස්තාන, යෙමනි සහ කොන්ගෝ ජාතිකයන බවද එම වාර්තාවෙහි දැක්වෙයි.

පොදුවේ ගත්කල බ්‍රිතාන්‍යයේ ජීවත්වන සංක්‍රමණික දරු දැරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉතාමත් ඉහල බවද එම සමීක්ෂණයෙන් පෙනීගොස් ඇත.

ලන්ඩන් නුවර පාසල් සලකා බැලීමේදී බොහෝ ගණනක තම මව් බස ඉංග්‍රීසි නොවන අයගේ ප්‍රතිසතය සියයට 80 පමණ වෙති. විවිධ භාෂාවන් 150කට වඩා කතාකරන සිසු සිසුවියන් එකට ඉගෙන ගන්නා ළදරු සහ ප්‍රාථමික පාසල් බොහෝ ගණනක් ඇති බවද එමගින් පෙන්වා දී ඇත.

ළදරු පසැල්වලසිටම ඉගෙනීමේ කටයුතු සිදුකෙරෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා මෙම දරු දැරියන් සියලුදෙනාම ඉංග්‍රීසි භාෂාව ව්‍යක්තව හැසිරවීමේ හපන්කම ඉක්මනින්ම ග්‍රහණය කර ගැනීමට සමත්වෙති. මේ අය බොහෝවිට ගෙදරදී මව් භාෂාව භාවිත කිරීමටත් ගෙදරින් පිටතදී ඉංග්‍රීසි භාෂව භාවිතා කිරීමටත් හුරුවී සිටීමද සංක්‍රමණික දරු දැරියන් තුල දක්නට ලැබෙන තවත් විශේෂතත්වයකි.

බ්‍රිතාන්‍යයේ ජීවත්වන ආසියාතික දෙමව්පියන් වැඩි දෙනා සැබෑ ලෙසම එංගලන්තයට සංක්‍රමණය වීමේ මුඛ්‍ය පරමාර්ථය ලෙස සලකන්නේ තම දුවා දරුවනට ඒ රටේදී ලබාදිය හැකි උපරිම අධ්‍යාපනයක් ලබාදීමත් ඔවුන් තමනට වඩා දශමයක් හෝ උසස් සාර්ථක ජීවිතයක් ගතකරනු දැකීමත්ය. ශ්‍රී ලාංකික දෙමාපියන්තුල මෙම අභිලාශය ඉතාම තදින් දැකගත හැකිවෙයි. එය ඔවුන් සලකන්නේ ඔවුන්ගෙන් ඉටුවියයුතු අතිශය වැදගත් යුතුකමක් ලෙසටය.වගකීමක් ලෙසටය.

බෙහෝවිට මෙම මානසිකත්වයේ වැදගත්කම ඉංග්‍රීසි ජාතිකයන්ට තේරෙන්නේ නැත.  

ආසියාතිකයින් තම දැරි දැරියන්ගේ නිදහස සීමා කරන බවත්, අනවශ්‍ය නීති රීති පනවන බවත් "ලිං මැඩියන්" ලෙසින් තියා ගැනීමට උත්සාහ කරන බවත් නිතර ඇසෙන අවලාදයකි. එසේනමුත් ආසියාතික තරුණ තරුණියන් දිනාගැනීමට සමත්ව ඇති උසස් අධ්‍යාපන ප්‍රතිඑල සලකා බැලීමේදී ගෙදර දොරෙදී ඔවුනට ලබාදී ඇති සංයමයද ඒ සඳහා හේතු පාදක වන්නට ඉඩ ඇතිබවට තර්ක කරන දෙමව්පියන්ද නැතිවා නොවේ.

මතු යම් දිනයක බ්‍රිතාන්‍යයේ අනාගතය පැවරෙන්නේ මෙවන් විද්වතුන් වෙතටය. එදිනට බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදායික හැඩරුව වෙනස්වීමකට පාත්‍රවීමේ අවදානමක් ඇතැයිද මෙවන් වාර්තා කියවන සමහරු මැසිවිලි දොඩවන අවස්ථාද ඇත.

පසුගිය වසරේ ලන්ඩන්නුවර දරුඋපත් පිලිබඳ වාර්තාවේ දැක්වුයේ වැඩිම දරුවන් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ පෝලන්ත දෙමාපියන්ට බවය. දෙවන තැන පකිස්තාන දෙමව්පියන්ටත්, තුන්වන තැන සෝමාලි දෙමව්පියන්ටත්, හතරවන තැන ඉන්දියානු දෙමාපියන්ටත් හිමිවී තිබුණි. ඉංග්‍රීසි ජාතික දරුඋපත් සංඛ්‍යාව වැටෙන්නේ පස්වන තැනටය.

මීට අඩසිය වසකට පෙර කාල වකවානුවේ ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයට පැමිණි බහුතරයක් වෘත්තිමය සුදුසුකම් ඇති අය වුහ. මේ අතරේ ප්‍රධානම කොටස අයත් වුයේ වෛද්‍ය වෘත්තියටය. සෞඛ්‍යය සේවාවන්හි හෙදි, විකිරණ ශිල්පී හා කායික චිකිත්සා ආදී ක්ෂේත්‍රයන්හි රැකියාවල් සඳහාද බොහෝ දෙනෙක් පැමිණියහ.

ඔවුනට එංගලන්තයේදී සැප පහසු මධ්‍යම පන්තියේ ජීවිතයක් ගතකිරීමේ අවස්තාව හිමිවූ අතර දු දරුවන්හට නිරායාසයෙන්ම හොඳ පෞද්ගලික පාසල්වල ඉගෙනීමේ ඉඩ කඩද ලැබී තිබුණි. 

කෙසේ වුවද පසුගිය දශක හතරක පමණ කාලයක සිට විවිධ උපක්‍රම යොදාගෙන වෘත්තිමය සුදුසුකම් නොමැති අයටද එංගලන්තයට සංක්‍රමණය වීමේ අවස්තාව ලැබිණ.

අලුතින් පැමිණි මෙවැන්නන් හට ජීවිතය ගැට ගසා ගැනීම සඳහා ඉමහත් වෙහෙස මහන්සියක් දැරීමට සිදුවිය.

විවධ හේතුන් නිසා මේ බොහෝදෙනා පදිංචිවුයේ ලන්ඩන් නුවර අවටය. ජන ශ්‍රැතියේ කියවෙන "රත්තරං පදික වේදිකාවල් " ලන්ඩන් නුවර දී මේ කිසිවෙකුට හමුවුයේ නැත.

සුළු රැකියා කරමින් මහන්සියෙන් හරි හම්බකරගනිමින් ජීවත්වූ මෙවැන්නන්ගේද එකම සිහිනය වුයේ තම දු දරුවනට තමන් ගත කරන ජීවිතයට වඩා යන්තමින් හෝ හොඳ ජීවිතයක් ලඟා කර ගැනීම සඳහා අත හිත දීමය. එම අති උත්තම පරමාර්ථය සාක්ෂාත් කරගැනීම සඳහා ඔවුන් දුටු හොඳම ගැලවුම් මග උසස් අධ්‍යාපනයකට දරුවන් යොමු කරවීමයි.

කඩ සාප්‍පුවල, හෝටල් වල අල්පමාත්‍ර වැටුපකට සුළු රැකියාවන් කලද ඔවුන් වැඩිදෙනකුට තම සිහිනය සැබෑකර ගැනීමට හැකිවී තිබේ. මෙය ශ්‍රී ලාංකික සැමදෙනා තුලම උත්පත්තියෙන් පිහිටා ඇති අවංකකම, උට්ඨාන වීර්‍ය, සහ අසීමිත දරු සෙනෙහස කියාපාන කාටත් ආඩම්බරවිය හැකි අගනා ගුණ සමුදායකි.

අර පරෙස්සමෙන් ජීවිත ගෙවමින් තම දරුවන්ගේ අනාගත සුභ සිද්ධිය සඳහා කැපවීම මුල් තැන තබාගන්නා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඊලඟට හිතන්නේ තමන්ගේ තරමට ගැලපෙන නිවහනක් මිලදී ගැනීම  ගැනය. ඉන්පසුව දෛනික අවශ්‍යතාවයන් සපුරාගත හැකි අන්දමේ වාහනයක් මිලදී ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. වෙනත් බොහෝ අයමෙන් තරමට නොගැලපෙන අරුමෝසම් වාහන ගැනීම ශ්‍රී ලාංකිකයන් අතරේ දක්නට ලැබෙන්නේ මද වශයෙනි.

මේ හැම කෙනාම ගතින් එංගලන්තයේ ජීවත්වුවත් හැම තත්පරයකම සිතින් ජීවත්වන්නේ තම මවු රටේය.

අද ලන්ඩනයේ ඔනෑම පළාතකට ගියහොත් හැම කඩ මන්ඩියකම ශ්‍රී ලාංකිකයින්ට අයත් කඩ සාප්පු බොහෝ ගණනක් දැකිය හැකිවෙයි. එමෙන්ම ආනයන අපනයන, දුරකථන පණිවිඩ, නීතිඥ, සන්නිවේදන, සන්නිවේදන තාක්ෂණය, ආපනශාලා, සහ වෙනත් විවිධ  ශ්‍රස්ත්‍රයන් හි මහා පරිමානයේ සමාගම් හිමි ශ්‍රී ලාංකිකයින් බොහෝදෙනෙක් ද බ්‍රිතාන්‍යයේ සිටිති.

මේ අතරින් වැඩි දෙනා පසුගිය 30 වසරක කාලයක් තුල වෘත්තිමය මට්ටමේ සුදුසුකම් නොමැතිව එංගලන්තයට පැමිණි අය වීමද විශේෂත්වයකි.

ලන්ඩනයේ ප්‍රසිද්ධ කෙරෙන සිංහල, දෙමල සහ ඉංග්‍රීසි භාෂාමය පුවත්පත් බොහෝ ගණනක් ඇත. බ්‍රිතාන්‍යය පුරා බෞද්ධ විහාරාරාම සහ හින්දු කෝවිල් විශාල සංඛ්‍යාවක් ඉදිවී ඇති අතර ශ්‍රී ලාංකික ක්‍රිස්තියානි සහ ඉස්ලාම් බැතිමතුන්ගේ පුද පුජාවන් පැවැත්වෙන පල්ලි ද බොහෝ නගරවල ඇත.

ඊයේ පුවත් පතක මැද පිටුවේ පළකර තිබු ශ්‍රී ලාංකික දරුදැරියන් හොඳම විභාග ප්‍රතිඵල ලබාගැනීම පිලිබඳ ප්‍රවෘත්තිය කියවන විට එහි සඳහන්වූ දෑ පිළිබඳව මාසිත් තුලද නිහතමානී ආඩම්බරයක් ජනිතවුයේ නිරායාසයෙන්මය.

එංගලන්තයට මා පැමිණියේ මේ රටට අත්‍යාවශ්‍ය වන අන්දමේ කිසිදු වෘත්තිමය සුදුසුකමක් අතේ තියාගෙන නොවේ.

මෙහි පැමිණ මා මුලින්ම කල රැකියාව වෙළඳ සලක බඩු අඩුක්කිරීමය. ඉන්පසු කලේ අවන් හලක වේටර් කමකි. එතැනින් ධනවත් වෙළඳ සමාගමක අයිතිකරුගේ රියදුරු ලෙස වැඩ කලෙමි. එම රැකියාවෙන් ලද පන්නරය උපයෝගී කර ගනිමින් මගේ සමීප හිතවතෙකුගේ මාර්ගයෙන් තානාපති වරයෙකුගේ පෞද්ගලික රියදුරුකමක් ලබා ගතිමි. මගේ එංගලන්ත ජීවන ගමන ඇදුනේ ඒ පරිද්දෙනි.

හැම රස්සාවක්ම වැදගත් ලෙසත් ඒවායේ යෙදී ඉන්නන් සම තත්වයේ අය ලෙසත් සලකන ඉංග්‍රීසි ජාතිකයන් තුල මෙවන් රැකියාවන්හි යෙදී ඉන්නන් කෙරෙහි අඩු තක්සේරුවක් නොතිබුනත් ඉහල පෙලැන්තියේ ශ්‍රී ලාංකිකයින් එවැන්නන් කෙරෙහි දක්වන්නේ අමුතු ආකල්පයකි. ඒ හේතුවෙන් මටනම් කිසි අඩුපාඩුවක් සිදුවුයේ නැත.

මා ජන්මයෙන්ම උරුම කරගෙන ආ පර උපකාරය එංගලන්තයට ආ හේතුවෙන් මා සිතින් හලා දැමීමට අසමත් වුවත්, මේ සියලු කාල සීමාවන්තුල මා හරි හම්බකල හැම ශතයක්ම යෙදවූයේ අපගේ දරුවන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහාය. ඔවුන් ලන්ඩන් නුවර හොඳම පෞද්ගලික පාසල් දෙකකට යැවීමට අපට හැකිවිය.  අද ඔක්ස්ෆර්ඩ් නගරයේ ජීවත්වන අපගේ දියණිය එංගලන්තයේ ඉහලමපෙලේ ළදරු රෝහලක ප්‍රවීණෝපදේශක ළදරු රෝග විශේෂඥවරියකි. අනෙක් දරුවා ලන්ඩනයේ තමාගේම සාර්ථක වෙළඳ ව්‍යාපාරයක හිමිකරුවෙක් සේම මාගෙන් උගත් කැමරාකරණය භාවිතා කරමින් ස්වාධීන නිෂ්පාදන බිහිකරන්නෙකි.

එංගලන්තයට පැමිණීමෙන් අප ලැබූ ජයග්‍රහණය එයයි.

විදේශයන් යනු අපගේ හිතේ හැටියට ජීවත්වියහැකි තැන් නොවේ. අපේම යැයි කිවහැකි දෙයක්, අපේම යැයි කිව හැකි ගතියක් මේ රටවල නොමැත. ඉතින් කොයි කාලාන්තරයක් ජීවත්වුවත් නුහුරු නුපුරුදු ඈත දුරු ප්‍රාන්තයක සාංකාවෙන් කාලය ගෙවන අප සතු මහාර්ඝ සම්පතක් ඇත. ඒ අපගේ දුවා දරුවන්ය. ඔවුන් රජ කරවනවාට වඩා වෙනත් ජයග්‍රහණයක් අපට අවශ්‍යවේද? 

එංගලන්තයේ පමණක් නොව ලොව කොයි දීපන්කරයක ජීවත්වුවත් ශ්‍රී ලාංකික දෙමාපියන් තුල ඇත්තේ මේ උත්තම අභිප්‍රායයි. 

ඔවුන්ගේ දුවා දරුවන් ලොව ජය කෙහෙළි නංවන්නේ මේ අසාමාන්‍ය ජාන ගුණය නිසාය.

 



අදහස් (0)

ලක් දරුවෝ නම රකිති

ශානි Monday, 25 March 2013 04:17 PM

සිරිමල් , දවල් හීන දකින කෙනෙක් (ස)

:       0       0

චන්න Monday, 25 March 2013 04:42 PM

රටට ආඩම්බරයක් ඔබ (දී)

:       0       0

රානි Monday, 25 March 2013 04:48 PM

කන්කාවේ ළමයි ඔහොම හමයි (දී)

:       0       0

මාලක Monday, 25 March 2013 04:56 PM

ලංකාවේ අය විදිහට අපි ආඩම්බර විය යුතුයි (දී)

:       0       0

ජනක Monday, 25 March 2013 04:56 PM

සුභපැතුම්

:       0       0

බණ්ඩාර Monday, 25 March 2013 06:00 PM

ලංකාවේ අය ලෝකේ කොහේ ගියත් ජය ගන්නවා (දී)

:       0       0

ජීවන් Monday, 25 March 2013 01:14 PM

තව තවත් ඉදිරිරියටම යන්න ලැබේවා (දී)

:       0       0

සපිරි Monday, 25 March 2013 01:14 PM

හොද උත්සාහයක් (නි)

:       0       0

හේරත් Monday, 25 March 2013 01:20 PM

බොහොම සතුටුයි (ස)

:       0       0

මාලා Monday, 25 March 2013 01:29 PM

ස්තුති ඔබලාට, සුභපැතුම් (දී)

:       0       0

සනත් පෙරේරා Monday, 25 March 2013 01:24 PM

ඇත්ත වචනයෙන් කියන්න බැරි තරම් සතුටක් තියෙන්නේ (දී)

:       0       0

සුනෙත් Monday, 25 March 2013 01:31 PM

රටේ ගෞරවය ඔබලාට (දී)

:       0       0

පද්මා Monday, 25 March 2013 01:28 PM

අපේ ආශිර්වාදය (දී)

:       0       0

වන්නි Monday, 25 March 2013 01:29 PM

අපේ අශිවාදය ඔබලාට (දී)

:       0       0

අනුර Monday, 25 March 2013 01:58 PM

හරිම ආඩම්බරයි අපේ මව්බිම ගැන (ස)

:       0       0

ශාන්ත සේනාධීර-ලංඩන් Monday, 25 March 2013 08:00 PM

ශ්‍රිලාංකිකයන් ගේ ලන්ඩනයේ ජීවිතය ගැන තීස්ස මඩවල ලියා තිබෙන්නෙ කොතරම් නිවැරදි සටහනක් යයි කියන්න තවත් අටුවා ටීකා ඕනැනැ. සැපට දුක් විදින රටගිය ඇත්තන් ගැන ඇත්ත ඇති සැටියෙන් ලියා ඇති සටහන ඇතුලෙ තිස්ස ලොකු විස්තරයක් කෙටියෙන් ලියා තියනවා. මේ විස්තරය ලියන මටත් ඔහු කියන කතාව හොඳට ගැලපෙනවා. නිහතමානිව ලන්ඩනයේ හැමටම උදව් උපකාර කරමින් තම අරමුනු ජයගත් පියෙකු හා ලෙස තිස්ස හා සිය බිරිඳට අපේ ආචාරය.(නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 25 March 2013 02:41 PM

අධ්‍යාපනයෙන් ඉදිරියටම යන්න (දී)

:       0       0

නිමල් Monday, 25 March 2013 02:41 PM

දන්න කෙනෙක් කියන්න පිටරට ඉපදුන අපේ දරුවන්ට ලාංකික කියා කිව හැකිද ?? එසේ කියනවානම් ඒ මොන පදනමකින්ද ? (ස)

:       0       0

තුෂාර Monday, 25 March 2013 08:32 PM

සුභපැතුම් ඔබලාට

:       0       0

නිශාන් Monday, 25 March 2013 03:02 PM

විශිෂ්ඨයි පුතා (ස)

:       0       0

චින්තක Monday, 25 March 2013 03:12 PM

රටේ අනෙක් දරුවනට ඔබ ආදර්ශයක් (දී)

:       0       0

නිශාන්ත Monday, 25 March 2013 03:31 PM

ඉගෙන ගන්නා තරමට හොදයි (දී)

:       0       0

දම්මිකා Monday, 25 March 2013 03:55 PM

මගේ සුභපැතුම් (දී)

:       0       0

සිරිමල් Monday, 25 March 2013 04:12 PM

නිමල් මේ අය පිටරට ජීවත් උනත් හදවතින් ඉන්නේ ලංකාවේ. අපේ දරු දැරියෝ ලස්සනට ළමා සාරි ඇඳල ඉන්නවා දකිනකොට සතුටක් හිතෙන්නෙම නැද්ද? මේ අයගේ දෙමව්පියෝ සදාකාලිකවම පිටරට ඉන්න ගිය අය නෙමෙයි. ඉතින් මෙයින් වැඩි දෙනෙක් හොඳට ඉගෙන ගෙන ලංකාවට එනවා. එතකොට ලංකාවට නේද හොඳ? මම දන්නා ගොඩක් අය ඒවගේ ආපසු ඇවිල්ල තියෙනවා. ඒ අයගේ දරුවෝ දැන් වැඩකරන්නේ අපේ රටේ. (ස)

:       0       0

ජයී තිසර Monday, 25 March 2013 04:07 PM

දහසක් විදෙස් ගත සැම ලක් වැසියන්නේ.. සිතුම් පැතුම් මෙහි කදිමට දක්වන්නේ.. අධ්‍යාපනයෙ වටිනාකම පෙන්වන්නේ.. දූ දරුවන්ගෙ දියුණුව ජය ගෙන දෙන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1482 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 608 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 430 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 691 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 443 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1245 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site