නිදහස් සමරු උළෙල සෞදි අරාබියේ රියාද් තානාපති කාර්යාල පරිශ්‍රයේදී උත්සවශ්‍රීයෙන් පැවැතියේය.
රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ වැඩබලන තානාපති සිරිපාල ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම නිදහස් සමරු උළෙල වැඩ බලන තානාපති ඇතුළු කාර්ය මණ්ඩලය විසින් චිරාගත පොල්තෙල් හා දැල්වීමෙන් ආරම්භ වූ අතර, සිංහල, ද්‍රවිඩ, ඉංග්‍රිසි හා අරාබි භාෂාවලින් සියළු ආගමික වතාවත් සිදුවිය.
අගමැති හා විදේශ ඇමැතිගේ නිදහස් සමරු පණිවුඩ කියවීමද සිදුවිය. නිදහස් දින සමරුව පිළිබඳව විශේෂ දේශනයක් පැවැත්වූ ගම්මන්පිල මහතා පැවැසුවේ ශ්‍රී ලංකාවේ නිදහස පැවැතිම සමග විදේශගත ශ්‍රමිකයන්ගේ නිදහස වෙනුවෙන් යම් කැපවීමක් කළ යුතු බවයි. සෞදි අරාබියේ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වාර්ශිකව අප මවුබිමට බැර කරන අති විශාල රට සල්ලි ප්‍රමාණය අමතක නොකළ යුතු බවත් ඔවුන් වෙනුවෙන් සහ ඔවුනගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සේවය කිරීම නව තානාපති කාර්යලයයේ වගකීමක් බවත් ඉදිරියටත් තම සේවය ශකිත්මත්ව කරගෙන යාම තම අරමුණ බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටාර් ලලිත්, සෞදි ලලිත් අමතන්න.(නදී)
වෙන්න තිබුණු දේ වුණා .(ස)
එතකොට ලංකාවේ නිදහස, ලංකාවේ අයට සෞදියේදි නැතිවෙන්ටන් කෙහොමද?(නදී)
මෙතන නිදහස විවිධාකාරයෙන් අර්ථ දක්වන්න වෙනවා. අපේ නිදහස කෙසේ වෙතත් අපි අපේ රට ලැබූ නිදහස එක සේ භුක්ති විදිමු (ස)
අනේ ඔවු! රට ආශ්චර්යයක් කරා ගෙනියමු. (නි)
ගිහිල්ලම තමයි බලන්න ඕනෑ එහෙ වෙන දේවල්. (නි)
මේ නිදහසෙන් පස්සේවත් ලංකාවේ දුක්විදන අපේ අය වෙනුවෙන් යමක් කරන්න බලමු. (නි)
නිදහස සැමරීම කියන්නේ සුද්දන්ගෙන් අපි ගත් නිදහස නැවත නැවතත් මතක් කිරීමක්. (නි)
රිසානා මරන්න එපා කියලා අපේ රජය මොනතරම් ඉල්ලීම් කලාද? ඒ වගේ රටක නිදහස සමරලා පලක් තියෙනවද?(නදී)
රිසානගේ ජීවිතය සොරාගත්ත දුෂ්ට දේශයක්.(නදී)
අනේ අනිච්චං! මේ ළගදී අපිට තියෙන නිදහස ගැන එයාලා අපිට කියලා දුන්නේ... (නි)
මුතුකුඩ, මගේ ප්‍රතිචාරය වුනේ නිදහස් උත්සවයක නිදහස සමරන්න ඉඩ දුන්නද කියන එකයි.(නදී)
අලි සබිරි මැති තුමා ජෙඩා වැසියන්ට මිනිපහනක් වුනා. එතුමා තමයි ජෙඩා ජාත්‍යන්තර පාසැල විවෘත කලේ.(නදී)
බන්දුල මෙම නිදහස් උත්සවය පවත්වනු ලැබූවේ පෘතුවියේ පිහිටි රටක්වන සෞදියේ රියාද් නමැති නගරයේ පිහිටි තානාපති කාර්යාල පරිශ්‍රෙය්දී.(නදී)
තානාපති කාර්යාලයේ අයට නිදහස තිබුනට මේවායේ වැඩකරන අපිට නමි නිදහසක් නැහැ.(නදී)
අර රිසානාව බේරාගන්න උනන්දු උනානම් ඇත්තටම නිදහස සමරන්න තිබුනා.(නදී)
ඔය නිදහස සමරන්න ඇත්තේ කොහේද? (නි)
විදේශ විනිමය උපයන ලාංකිකයන්ගේ ජීවිත බේරාදුන්නොත් ඇති. (නි)
මෙවැනි රටක නිදහස සැමරීම ඇත්තෙන්ම ශ්‍රී ලාංකික අපිට මහත් ආඩම්බරයක්. (නි)