පැරීසියට අයත් ප‍්‍රාදේශීය කලාප අට අතර සෑම වසරකම පවත්වන ප‍්‍රංශයේ කනිෂ්ඨ ජුඩෝ ශූරතා 2013 තරඟාවලිය අවසන් විය. එම ශූරතාවයේ අවසන් පුර්ව තරඟයේ බර කි:ග‍්‍රෑම් 49න් පහල පිරිමි කනිෂ්ඨ තරඟයෙන් ප‍්‍රථම ස්ථානය හිමිකර ගැනීමට පැරීසියේ ජීවත් වන ලහිරු ගීකියනගේ ඇල්විටිගල සමත්විය. මුලික තරඟ වලදි ප‍්‍රතිවාදීන් සියල්ලුදෙනා පරදවා ඔහු එම ඉසව්වේ ජයග‍්‍රාහාකයා විය. මෑත කාලයේ ශ්‍රී ලාංකික දරුවෙක් එවැනි ශූරතාවයක් දිනාගත් ප‍්‍රථම අවස්වක් මෙය වීම සුවිශේෂි විය. කුඩා කල සිට ලහිරු ජුඩෝ ක‍්‍රීඩාවට දස්කම් දැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රංශයේ පුරවැසියෙක් කොහොමද ලක්මාලි ලංකාව වෙනුවෙන් නියෝජනය කරන්නේ? (නි)
ඔබගේ දියුනුව ගැන සතුටුයි. ඉදිරියට යන්න.(නදී)
ඔබ අපේ රටට ආඩම්බරයක් (දී)
ඔබ හැබෑම හපනෙක් , පුතේ ජය වේවා ! .(ස)
හරිම සන්තෝෂයි ඔබට සුභ පැතුම් !!!!!!!! .(ස)
ජයවේවා .......ජයවේවා .......(දී)
දෙමවුපියන්ගේ මහන්සියේ ප්‍රතිඵල.... සුභ පැතුම්! (නි)
මේ දරුවා ලංකාවේ හිටියා නම් ඔහුට මේ දුර යන්න බැහැ. (නි)
ඔහු ප්‍රංශ ජාතිකයෙක්ද? (නි)
ධම්ම මහතා කිවුවා වගේ වෙන රටක් පුරවැසිභාවය ලැබුණු ගමන් ඔහු ප්‍රංශ ජාතිකයෙක් කියලා තමයි හදුන්වන්නේ. (නි)
රූපසිංහ මහත්තයා කිවුවා වගේ ලංකාවට තියෙන ශාපය ඕක තමයි. (නි)
නියමයි කොල්ලෝ.(නදී)
රූපසිංහ මහත්මයා ලහිරු ප්‍රංශයට විදේශිකයෙක් නොවේ.ඔහු ප්‍රංශ ජතිකයෙක්. (ස)
පුතාට අපේ සුභ පැතුම්! (නි)
අපේ සුභ පැතුම්!(නදී)
ශ්රී ලංකාවේ නම ප්‍රංශයේ බැබළෙනවා. ලහිරු පුතේ, ඔබ වැනි වීර පුතුන් මවූබිමට ආඩම්බරයක්. (නි)
ආඩම්බරයි. ජය වේවා! (නි)
මෙතනයි වෙනස. අපේ රටේ සුදුස්සාට සුදුසු තැන නැහැ. නුසුදුස්සා පත්වෙනවා. පන්දම, පගාව, තල්ලුව, දේශපාලන බලයයි ඉස්සරහට එන්නේ. නමුත් බලවත් රටවල් තමන්ගේ රටේ නම ගෙන යාමට හැකි විදේශිකයෙක් වුවද ඉදිරියට දමනවා. එතැනදී වර්ගවාදය ගැන තැකීමක් කරන්නට යන්නේ නැත. මෙම දරුවා මෙහි සිටි නිසා මෙතනට පත් වීමට හැකි වුණත් අප රටේ සිටියා නම් දැනට අපේ රටේ සිටින දක්ෂතාවන් ඇති අන් ළමුන් මෙන් කාලයටම පරවී යාමටද තිබුණි. මෙහිදී මට කිවයුත්තක් ඇත. මේ වන විට ක්‍රිකට් පාලක මණ්ඩලයට පත්වී ඇති සනත් ජයසුරිය මහතා ප්‍රකාශ කළ පරිදි කැලේ පිපි ඇති ලස්සන මල් මෙන් ගමේ ඉන්න දක්ෂ ළමුන් තෝරා ගැනීමට ක්‍රමවේදයක් දියත් කළහොත් අපේ රටේ දක්ෂ ක්‍රීඩකයන් පිරී ඉතිරි යනු නොඅනුමානය. (නි)
ඔය අතින් පයින් කරන සෙල්ලම් නම් ලංකාවට හරියන්නැහැ පුතේ.(නදී)
ඇයි මේ මල්ලිව රට වෙනුවෙන් නියෝජනය කරවන්න බැරි? (නි)
මවුබිමට මහත් ආඩම්බරයක් පුතේ. ඔය විදියටම ඉදිරියට යමු. (නි)
ශ්රී ලාංකික දරුවෙක් පැරීසියේ? (නදී)