සාජා නුවර ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක ඩිරාම් 82000ක (රුපියල් 2838840) රන් බඩු සොරාගෙන එද්දී සාජා ගුවන් තොටේදී අත්අඩංගුවට ගත් බව සාජා පොලීසිය කියයි.
ඇය ආසියා ජාතිකයකුගේ නිවෙසේ සේවය කරද්දී මෙම රන් බඩු සොරා ගන්නට ඇතැයි පොලීසිය කියයි.
නිවැසියන් ගෙදර නොසිටි අවස්ථාවක ඇය ශ්‍රී ලංකාවට ඒමට පිටත් වී ඇත. ශ්‍රී ලංකාවේ තවත් ගෘහ සේවිකාවන් දෙදෙනකු ද ඇයට උදව් කරන්නට ඇතැයි පොලීසිය පවසයි. රන් බඩු හිස් කිරි ටින් එකක දමා තිබිණි.
ඉන් එක් සේවිකාවක මීට පෙර ගෙදර සේවයෙන් නෙරපා ඇතැයි ද කියති. ඇය ළඟ එම ගෙදර හොර යතුරු තුබූ බව ද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබි නීතියට අනුව නම් අත කපනවා. අනේ දෙවියනේ එහෙම වෙයිද? (නි)
කළකම් පළ දේ... (නි)
පිටිගල මෝඩ වෙන්න එපා බෙල්ල කපන්නේ කාව හරි නිරපරාදෙ මැරුවොත් විතරයි... හොකරම් කළොත් අත කපනවා.. දුරාචාරයේ හැසිරුණොත් කස ගහනවා.. හැබැයි මේවාට සාක්ෂි තිබිය යුතුයි..!(නු)
බොරුවට නැහැ ඉඩ (දී)
කොහේ ගියත් පුරුද්ද අමතක කරලා නෑ (ස)
හොර වැඩට නැහැ ඉඩ (දී)
බොරුවට නැහැ ඉඩ (දී)
රටේ නම කත කරන්නෙපා (දී)
එයාටත් බෙල්ල දන් දෙන්න වේවිද? (නි)
හොරකමත් ජාතිවාදය සමග පටලවාගන්න එපා. (නි)
දැන් දැන් මේ රටෙන් විදේශ සේවය සඳහා එක්වන අපේ කාන්තාවන්ට අපල කාලයක් ලබලාද මන්දා. ඔවුන් ගැන කියවෙන පුවත් නම් එච්චරටම හොඳ නැහැ. අපේ කාන්තාවන් අරාබිකාරයාගේ රටට යවන්න නරකයි. ඇයි අපේ රටේ පිරිමින්ට මොන හෙණ ගෙඩියක්ද ගහලා තියෙන්නේ. මම කියන්නේ මේ ගෘහ සේවිකාවන් විදිහට ගැහැණුන්ව විදේශගත කිරීම වහාම තහනම් කළ යුතුයි. ඒ වෙනුවට අවශ්‍යම නම් පිරිමි ගෘහ සේවකයින් විදිහට ගිහිල්ලා සේවය කළාට අවුලක් නැහැ. දැන් දැන් මෙරට කාන්තා පරපුර වේගවත්ව විවිධ අපචාර, අපයෝජන, දුෂණය වීම් හා අනවශ්‍ය ගැබ් ගැනීම් ආදියට ඉතාමත් සීඝ්‍රව ලක්වීගෙන එන්නේ. වහාම රජය මැදිහත්ව මේ තත්වය අවම කිරීමට දායක විය යුතුයි. (නි)
කමල්, මොකක්ද ඔබ අදහස් කරන්නේ? බොදු බල සේනාව සේනාව සටන් කරන්නේ හූදෙක් සිංහල බෞද්ධයන්ට අසාධාරණයට මිස පුද්ගලයන් විසින් කරන නරක වැඩවලට නොවේ. බෞද්ධයන් කවදාවත් හොරකම හොද වැඩක් ලෙස සළකන්නේ නැහැ. (නි)
මේකෙන් වෙන්නේ අනෙක් අයට තියෙන නිදහසත් නැතිවෙන එකයි. (නි)
ගිය ගිය තැන හොරකම... (නි)
නංගි,ඔය අල්ලා දෙවියන්ගේ රට. (නි)
දැක්කා නේද අපේ අක්කලාගේ තරම? (නි)
මේ පොලිිස වලටත් නිකන් ඉන්නම බැරි හැටි? (නි)
බිය නොවන්න නංගී, බිය නොවන්න. (නි)
හොර වැඩ කලාම ඔහොම තමයි (දී)
වැඩි තණ්හාව විනාශයට මුලයි. (නි)
ඔය වගේ වැඩ නිසා තමයි රටේ නමත් කැතවෙන‍්නේ. (නි)
බලමු දැන් අපේ බොදුබල කට්ටිය මොනවාද කියන්නේ කියලා. (නි)
කසපහර 200ක් විතර දීලා ලංකාවට එවයිද දන්නෙ නැහැ. (නි)
හොරකම නම් අපි අනුමත කරන්නෙ නැහැ. ඒත් දුප්පතාට තමයි හැම දේම. (නි)
මදැයි කොළා? දැන් ඉතින් මොනවා වෙයිද? (නි)
වරදක් කලොත් ලෝකේ කොහේ හිටියත් අහුවෙනවා (දී)
ඕවා බෑ නංගි ඔය රටවල් වල (ස)