කොළඹ ප්‍රසිද්ධ පාසලක සිදුවීයැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම මූලික විමර්ශනයක් අරම්භ කර ඇතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචි කියයි.
පසුගිය වසරේ මැයි මස නම වැනි දින මේ විමර්ශනයට නිලධාරියකු පත් කර ඇත.
ඔහු විසින් මෙම වසරේ ජනවාරි 17 වැනි දිනැතිව මූලික විමර්ශන අතුරු වාර්තාවක් රාජ්‍ය සේවා කොමිසම වෙත බාරදී තිබේ.
එම අතුරු වර්තාව බැලූ රාජ්‍ය සේවා කොමිෂන් සභාව මූලික විමර්ශනය බලපෑමකින් තොරව කරගෙන යෑමට සුදුසු මධ්‍යස්ථ ස්ථානයක් සපයා දෙන ලෙසට රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ටී එම් එල් සී සේනාරත්න මහතාට නියෝග කර ඇත.
ඒ අනුව සේනාරත්න මහතා එම නියෝගය ඉටු කර දෙන ලෙස දන්වා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඝෝඨාභය ජයරත්න මහතාට ලිඛිතව දැනුම්දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහතාණනි, ගාල්ලේ නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසල් වලත් 2013 ළමුන් ගැනීමෙදී දුෂණ සිද්ධ වුණා. ඒ ගැනත් පරික්ෂණ අරඹන ලෙස කාරුණිකව ඉල්ලමි. ස්තූතියි! (නි)
රත්නපුර නගරයේ ලොකු පාසල් ගැන බලන්න කවුරුවත් නැහැනේ. (නි)
නිතිය අකුරටම කරන්න (දී)
වයඹ පාසල් වලත් ඔය තත්වය දරුණුවටම තියෙනවා. හැබැයි විදුහල්පතිවරුන්මද මේවා කරන්නේ කියන එක තමයි ප්‍රස්නේ. හැම දෙයක්ම කරලා ප්‍රශ්නයක් නැතඅව ඉන්න පුලුවන් කටිටියක් ඉන්නේ. ආන්න ඒ අයට පරීක්ෂණයක් කරන්න පුලුවන් දවසට රට පෙරට යයි. (නි)