මේ දිනවල ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන ඉන්දියා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟයේ විනිශ්චයකරුවකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන මහතාට විරුද්ධව ඊලාම් හිතවාදීන් පනහක පමණ පිරිසක් තරඟය පැවැත්වෙන චිතම්බරම් ක්‍රීඩාංගනය අසල විරෝධතාවයක් පවත්වා ඇතිබව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
මෙතෙක් කිසිවෙකු අසානැති ‘තාන්තයි පෙරියර් ද්ර්චිඩ කසාගම්‘ නම්වූ සංවිධානයක් පවත්වා ඇති මෙම විරෝධතාවයට සහභාගීවූ සියලුමදෙනාම කළු ඇඳුමෙන් සැරසී අවිනීත ලෙස කෑ කෝ ගසමින් සිටි බවත් ඔවුන් සියලුදෙනාම ඉන්දියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නාලද බවත් එම වාර්තාවල දැක්වෙයි. ක්‍රිකට් තරඟයට මෙයින් කිසි බාධාවක් සිදුවී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නූගත් මිනිස්සු.(නදී)
තමිල්නාඩු මිනිස්සුන්ට මීට වඩා වටිනවා තමන්ට වැසිකිළි දෙන්න කියලා උද්ඝෝෂණය කළා නම්. මොකද ඒ කර්තව්‍යය බොහෝ දෙනෙක් පාර අයිනේ කරලා පාර මැද රවුන්ඩ බවුඩ් වල වතුර මලින් හෝදනවා. (නි)
රට ලොකු වුණත් හැදියාව නැත්නම් ඵලක් නැහැ. (නි)
වැසිකිළියක් හදාගන්න කෑ ගැහුවා නම් මීටවැඩිය හොද නැද්ද? (නි)
මෙහෙම කළ අයට හොදක් නම් වෙන්න එපා. (නි)
කණගාටු වෙන්න එපා. අපිට ඉන්නවා ඕනෑම දේකට මුහුණ දෙන්න පුලුවන් ශක්තිමත් ත්‍රිවිධ හමුදාවක්. (නි)
අපේ තානාපති කාර්යාලය මීට වැඩිය මේ සම්බන්ධයෙන් යමක් කළ යුතුයි. (නි)
දැන් ලොකු ලොකු සංවිධානයත් සල්ලි වලට යටවෙලා තියෙන එකේ මේවා මොනවද? (නි)
මෙවැනි දේවල් ඉන්දියාවට පාලනය කරගන්න බැරිනම් ලංකා ක්‍රීඩකයින් ඉන්දියාවේ ක්‍රිකට් ගැහිල්ල වර්ජනය කරන්න.(නදී)
මෙහෙම කට්ටිය නිසා ඉන්දියාවේ තිබෙන තත්ත්වයටත් වෙන්නේ හානියක්. (නි)
ඉන්දියාව කියන්නේ අපේ මවු රට. විජය කුමාරයා පැමිණියේ එහේ ඉදලා. (නි)
අනවශ්‍ය දේවල් වලට ඇයි මෙහෙම තෙල් පුච්චන්නේ? (නි)
පිටිගල, කවුරු වර්ජනය කළත් අහවලා නම් කරන එකක් නැහැ (නි)
අපෝ ඕක සුළු දෙයක්. ලංකාවේ විනිසුරුවන්ට විරුද්ධව පහුගිය දිනවල හැමතැනම බෝඩ් කෑලි උස්සන් හිටියේ... (ස)
අපේ බොදු බල සේනාව අපි ඉන්දියාවට යවමුකෝ. (නි)
පාඩමක් ඉගෙනගනනත් එක්ක ඕල් අවුට් කියන්න තිබුනා.(නදී)
ඉස්සරහට කලු ඇදුම් කල්ලි පමණක් නොව සුදු ඇදුම් කල්ලිත් තමිල්ණාඩුවේ බිහිවේවි. (නි)
ඉන්දීය රජය මැදිහත් වෙලා මේ පුද්ගලයින්ට නිසි අධ්‍යාපනයක් දියයුතුයි. (නි)
අපි ඕවට බය නැහැ. (නි)
එන පොට නම් හොද නැහැ.. ප්‍රභාකරන් මැරුණට මොකද එල්.ටී.ටී.ඊ එක නම් මැරිලා නැහැ වගේයි..!(නු)
අනේ මේ වගේ මනිසුන් කොටසක්..!(නු)
මේ වගේ රටක විනිසුරුවරයෙක් වෙන්න අපේ කුමාර්ට (උනන්දුවාට) ශක්තිය ලැබීම ගැන ස්තුතියි.. ඊටත් වඩා 96 එක්ලක්ෂ විසිදාහක් විතර නරඹන්න හිටිය ඉන්දියානුපිල නැතිකරපු අපේ ක්‍රීඩකයන්ට ලෝකෙ තියන ඕනම තරගයකට මුහුණ දෙන්න ශක්තිය ලැබේවා..!(නු)
අපේ කුමානම් ඕවට බය නැහැ..!(නු)
මයිකල් ක්ලාක්ගේ දැවීයාම දුන්නැති හින්දද?(නු)
ඉන්දියා රජයෙන් ඒ අය ගැන බලාගනීවි. බල්ලෝ බිරුවට කදු පහත් වෙයිද? (නි)
අපි තමිල්නාඩුව වර්ජනය කරමු (නි)
ඇත්තටම කරලා තියෙන දේ නම් හරිම කැතයි. (නි)
ඔයවගේ දේවල් වලින් විනාස වෙන්නේ ඒ මිනිසුන්ගේ රට මිසක් අපේ කුමාර්ගේ නම නොවේ.(නු)
ඕවත් වැඩද අද වෙන දේවල් වල හැටියට? (නි)
ඊලාම්වාදීන් මේ සියලු එදිරිවාදීකම් කරන්නේ ලංකාව තුළ දෙමළ ජනතාවට වෙනස්කමක් කෙරෙන නිසා නොවන බවත් එය ඉතා අසාධාරන බොරු කතාවක් බවත් මොවුන් තුළ ඇත්තේ සිංහල ජාතික ජනතාව කෙරෙහි වූ ජාතිවාදය, තරහව, ඉරිසියාව, වෛරය බවත් කියලයි මම කියන්නේ. (නි)
අනේ මෙහෙමත් ඉන්දියානුවෝ? (නි)
එදා තමයි ඉන්දියාවේ අහිංසක මිනිස්සු හිටියේ. අද තත්ත්වය නම් කියලා වැඩක් නැහැ. (නි)
අපි ඉන්දියාව තරහා කරගන්න ඕනෑ නැහැ. (නි)
ඔය වගේ මොලේ කොලොප්පන් උදවිය මෙහෙත් ඉන්නෙ. තානාපති කාර්යාලවලටත් ගල් ගැහුවා සමහරු. (නි)
ඇයි එක පාරක් කිව්වේ උද්ඝෝෂනය කරන එක ප්‍රජාතන්ත්‍රවාදී ඉන්දියානු පුවැසියන්ගේ අයිතියක් කියලා.(නදී)