IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ලංකාව ඉතා හොද රටක්

‘‘අපි මාස දෙකකුත් දින පහක් මුහුදේ හිටියා. බෝට්ටුව කැඩී යන එන මං නැතිව අතරමං වෙලා හිටියා. මැරෙන මැරෙන එක්කෙනා අපි මුහුදට දැම්මා. 130 දෙනාගෙන් ඉතුරුවුණේ 32 යි. 98 දෙනෙක් මුහුදට දැම්මා. ‘‘ මුහුදේ අතරමංව සිටියදී නාවික හමුදාවෙන් බේරාගත් මියන්මාර් ජාතිකයන් අතර සිටි මාවුර් ෂිෆ් එසේ කිවේය.

 ගාල්ල ඉහළ ඩික්සන් පාර ඥානෝභාස ආරණ්‍ය සේනාසනාධිපති මාලිගාවිල අස්සජි හිමියෝ බුරුම බස සිංහලයට පරිවර්තනය කළහ.

 මුහුදු සැතපුම් 240 ක් ඈතින් සහ ගාල්ලේ සිට මුහුදු සැතපුම් 360 ක් ඈත මුහුදේ අතරමංව සිටියදී සෙනසුරාදා (16) දවල් නාවික හමුදාව ඔවුන්  බේරාගත්තේය. බේරාගන්නා අවස්ථාවේ අවුරුදු 12 ක සහ 15 ක පිරිමි ළමයින් දෙදෙනකු ඇතුළු 32 දෙනෙක් බෝට්ටුවේ සිටියහ. සියළු දෙනාම කරාපිටිය රෝහලට ඇතළත් කරනු ලැබූහ. ඉන් හයදෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ෂිෆ් වැඩිදුරටත් කීවේය.

‘‘අපි මුලින්ම මැලේසියාවේ යන්න කියලා බෝට්ටුවේ ආවේ. මැලේසියාවට  ඇතුළු වීමට නොහැකි වූ විට අපි ඕස්ට්‍රේලියාවට  යන්න ගියා. බෝට්ටුව අරගෙන ගියපු කණ්ඩායමට නායකත්වය දුන් දෙන්නෙකුත් හිටියා. ඒ දෙන්නාත් මඟදී මියගියා. මිය යන යන අය මුහුදට දැම්මා. අපිට කෑම තිබුණේ දවස් 25 ට විතරයි. මගදී කට්ටියක් අපේ බෝට්ටුවට ගොඩවෙලා කෑම පැහැර ගත්තා. පස්සේ කන්න නැතිව  මස් කෑවා‘‘

ඔවුන් ආහාරයට ගත්තේ කුමන මස් වර්ගයක්දැයි විමසූ විට ඔහු කිසිවක් කීවේ නැත.

නාවුක හමුදාව පවසන්නේ පසුගිය 15 දා බහුදින ධීවර යාත්‍රාවකින් ලැබුණු තොරතුරකට අනුව ගාල්ල දක්ෂිණ නාවික කඳවුරෙන් සාගර නැව ඔවුන් බේරාගැනීමට ගිය බවයි. පසුගිය සෙනසුරාදා (16) දවල් 12.30 ට පමණ දැවයෙන් තැනූ කුඩා බෝට්ටුවක අතරමංවී සිටි මෙම පිරිස බේරාගන්නා විට ඔවුන්ගේ බෝට්ටුව ගිලීයාමට ඉතාමත්ම ආසන්නව තිබිණි.

පැය කිහිපයක් වෙහෙසවීමෙන් පසු එම පිරිස නැවට නංවාගන්නා විට සවස 3.00 ට ආසන්න වූ බවත් ඒ වනවිටත් බොහෝ දෙනකු මිය ගිය ආකාරයෙන් බෝට්ටුවේ වැතිර සිටි බවත් නාවික හමුදාව පවසයි.

සාගර නැවේ කපිතාන් සෙනරත් විජේසුරිය මහතා මෙසේ කීය. 

‘‘ ඔවුන් බත් වැනි ද්‍රව්‍යයක් පිස තිබුණා. නමුත් ඒවා ආහාරයට ගැනීමට නොහැකියි. මැරුණු අය මුහුදට දැම්මා කියා මොවුන් කියනවා. නමුත් ඔවුන් හිටපු ආකාරයට මැරුණා යැයි සිතා නොමැරුණු අයත් ඇතැම් විට මුහුදට දැම්මා විය හැකියි. අපේ නැවේ සිටි වෛද්‍යවරයා හදිසි ප්‍රතිකාර දෙමින් ඔවුන් ගාල්ලට ගෙන ආවා. එදින අපිට මේ බෝට්ටුව සොයා ගැනීමට නොහැකි වූවානම් තවත් පැය කිහිපයකින් එය මුහුදේ ගිලී ගොස් සියළු දෙනාගේම ජීවිත නැතිවීමට ඉඩ තිබුණා‘‘

නාවික හමුදාව පවසන්නේ ඔවුන් ගමන් කළ බෝට්ටුව දැවයෙන් තනා භූමිතෙල් එන්ජිමක් භාවිතා කළ යාත්‍රාවක් බවයි. එවැනි එන්ජිමක් භාවිතා කරමින් මෙවැනි විශාල පිරිසකගේ බර දරාගෙන එම යාත්‍රාවට ගැඹුරු මුහුදේ ගමන් කළ නොහැකි බව ද නාවික හමුදාව පවසයි.

‘සාගර‘ නෞකාව ගාල්ල වරායට සේන්දු  වන විටත් කරාපිටිය රෝහලෙන් ගිලන්රථ හයක් එහි එවා තිබිණි. වරායට නෞකාව පැමිණි වහාම රෝහල් සේවක සේවිකාවන්ට සහ මාධ්‍යවේදීන්ට එහි ගොඩවීමට අවසර ලැබිණි. නැවේ එක් කොටසක් හාන්සි කැර සිටි රෝගීන් බොහෝ දෙනක් ඒ වනවිටත් සේලයින් ලබමින් සිටියාය. එකිනෙකාට අංක යොදා තිබිණි. අසාධ්‍ය රෝගීන් හැකි ඉක්මණින් ගිලන් මැසිවල තබා නැවෙන් බිමට ගෙන රෝහලට ඉක්මණින්ම යවනු ලැබුහ. ඇවදීමට හැකියාව තිබූ රෝගීන් නාවික නිලධරයෝ විසින් වත්තම්කර ගනිමින් නැවෙන් පහළට ගෙනවිත් රෝහලට යැවීමට යුහුසුළුව කටයුතු කළහ.

කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ද රෝගීන් 32 සඳහා සියළු පහසුකම් සූදානම් කැර තිබූ අතර රෝහලට ගෙන ආ වහාම වෛද්‍යවරු ඔවුන්ට ප්‍රතිකාර ආරම්භ කළහ.

මාළිගාවිල අස්සජි හිමියන් බුරුම භාෂාවෙන් ඔවුන් හා කතා කරමින් අනාවරණය කැරගත් තොරතුරු අනුව මෙලෙස ඕස්ට්‍රේලියාව බලා ගමන්කැර ඇත්තේ බංගලාදේශයත් මියන්මාරයත් අතර දේශසීමාවේ පදිංචි මුස්ලිම් ජාතිකයන් 130 දෙනෙකි. ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ මලයාසියාවට ඇතුළු වීමයි. ඒ සඳහා බුරුමයේ භාවිත මුදලින් පනස් දහසක් සහ ලක්ෂයක් බැගින් ගෙවූ බව ද ඔවුහු පවසා තිබේ.

අස්සජි හිමියෝ මෙසේ ද කීහ.

‘‘ඔවුන් කියනවා තමන්ගේ රටේ ඉන්න බැරි නිසා මේ විදියට මැලේසියාවට යන්න පිටත් වූ බව. රටේ හුගාක් දුක් විදින්න වෙනවා කියා කියනවා. ඒ නිසා මියයාමත් සැපක් කියලා තමයි ඔවුන් පවසන්නේ. ලංකාවේ නාවික හමුදාව පැමිණි වෙලාවේ ලොකු බයක් දැනුනා කියලත් කීවා. නමුත් නාවික හමුදාව ඉතාමත්ම හොඳින් තමන්ට සැළකූ බවත් නොසිතූ ලෙස ලංකාවෙන් තමන් බේරාගැනීම ගැන දැන් සතුටු වන බවත් ඔවුන් පවසනවා. ඒ වගේම ශ්‍රී ලංකාව ඉතා හොඳ රටක් කියලත් ඔවුන් කියනවා.‘‘

 

පොලීසිය පවසන්නේ අස්සජි හිමියන්ගේ සහය ඇතිව ඔවුන් සමග සාකච්ඡා කිරීමට උත්සාහ ගත්ත ද එම පිරිසේ බොහෝ දෙනකුට බුරුම භාෂාව ද තේරුම්ගත නොහැකි බවයි. දෙතුන් දෙනෙකුට බුරුම භාෂාව යම් පමණකින් තේරුම්ගැනීමේ හැකියාව ඇතත් ඔවුන් එකිනෙකා වරින් වර පවසන කරුණුවල පරස්පරතාවක් තිඛෙන බව ද අස්සජි හිමියෝද කියති.

කණ්ඩායමේ සියළුම දෙනා මුස්ලිම් ජාතිකයන්යැයි පැවසූ බැවින් මුස්ලිම් ජාතිකයකුගේ සහය ලබාගෙන කතා කිරීමට උත්සාහ ගත්ත ද ඔවුන් කිසිවෙකුට අරාබි භාෂාව ද කතා කිරීමට හැකියාවක් නැත.

විටෙක තමන් සමග සිටි 98 දෙනකු මියගිය බව පවසන අතර තවත් විටෙක පවසන්නේ 95 දෙනකු මියගිය බවයි. අස්සජි හිමියන් සමග කථා කළ මාවුර් ෂිෆ් වරක් පවසා සිටියේ තම කණ්ඩායම රැගෙන ආ පුද්ගලයන් දෙදෙනා මියගොස් මුහුදට දැමූ බවයි. නමුත් යළිත් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ එම දෙදෙනා මුහුද මැදදී පැන ගිය බවයි. පැනගිය ආකාරය ඔහු පැහැදිලි කරන්නේ නැත.

කෑම අවසන් වූ බව අයෙකු පවසා සිටිය ද තවත් අයකු කියන්නේ බෝට්ටුවකින් පැමිණි පිරිසක් තමන්ට පහරදී ආහාර ද්‍රව්‍ය පැහැරගත් බවයි.

මේ අතර තංගල්ලේ ධීවර යාත්‍රාවකින් මුහුදේ පාවෙමින් සිටි අයකු බේරාගෙන ඇති බවත් ඔහු මෙම කණ්ඩායමට ඇතුලත් අයකුදැයි විමසූ විට පවසන්නේ මුහුදට දැමුවේ මියගිය අය පමණක් බවයි.

   ගාල්ල වරාය පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ලංකාව ඉතා හොද රටක්

කුරුවිට Monday, 18 February 2013 03:43 PM

කරුණාකර ආපහු යවන්න අන්තිමට කියයි අපි මෙතන ඉන්නේ අවුරුදු 20ක ඉඳන් කියලා . (ස)

:       0       0

ඩයස් Monday, 18 February 2013 04:58 PM

අපේ වගෙ විනයගරුක හමුදාවක් ලෝකයේ කිසිම රටක නෑ...නාවික හමුදාවට මල් මිටක්.. (ස)

:       0       0

නිමල් Monday, 18 February 2013 10:20 AM

කරදරයක් වෙන්න ඕනේ ලංකාවේ තරම තේරෙන්න (දී)

:       0       0

මොහොමඩ් Monday, 18 February 2013 10:23 AM

ශ්‍රී ලංකා නාවික හමුදාවට ආචාරය . (ස)

:       0       0

නාරද Monday, 18 February 2013 10:30 AM

දිට්ඨ ධම්ම වෙදනීය කර්ම කියන්නේ මේවට තමයි. දැන් මාස කීපයකට කලින් බංගලාදේශ, බුරුම සීමාවේ බෞද්ධ පන්සල් කැඩුවා මතකද? . (ස)

:       0       0

සිල්වා Monday, 18 February 2013 10:33 AM

බේරා ගත්ත අයගේ මානසික තත්ත්වයයි, පෙනුමයි එහෙම කොහොමද . (ස)

:       0       0

අනුර Monday, 18 February 2013 11:03 AM

අපේ රණවිරුවෝ ලෝකෙටම එකයි කියලා කවුරුත් දන්නවා . (ස)

:       0       0

හර්ෂ Monday, 18 February 2013 11:11 AM

ආගන්තුක සත්කාර වලින් අංක 1 (දී)

:       0       0

ෆහාඩ් අහමඩ් Monday, 18 February 2013 11:14 AM

නවික හමුදාවට අපගේ උත්තමාචාරය!!!. (ස)

:       0       0

රකිත් Monday, 18 February 2013 11:28 AM

ලංකාව ඉතා හොඳ රටක් බව ඇත්ත. හැබැයි, මේකට කියන්නේ පෙරලුනු පිට හොඳයි කියනවා කියල. මොකද මුලින් යන්න හැදුවේ මලයාසියාවට? ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට. මෙහෙට එන්න අදහසක් තිබුනේ නැනේ.. (ස)

:       0       0

ආසිරි Monday, 18 February 2013 11:40 AM

මියන්මාරේ ඉන්නේ නූගත් මිනිස්සු ඒකයි ඒ රට දාලා එන්නේ.... . (ස)

:       0       0

අමල් Monday, 18 February 2013 11:43 AM

ඔබලාට ස්තුති (දී)

:       0       0

මොහාන් Monday, 18 February 2013 11:48 AM

මේක නාරදට," කොහෙද යන්නේ මල්ලෙ පොල් ". (ස)

:       0       0

නිමාලි Monday, 18 February 2013 12:55 PM

අපි හැමදාම මතක තියා ගන්න ඕනේ ඒ කතාව (දී)

:       0       0

උපුල් Monday, 18 February 2013 01:38 PM

ලංකාව හොඳයි තමයි.. එහෙම තමයි මුලින්ම, නවත්වා ගත්තොත් නොහෙන් හරි කෑල්ලක් දෙන්න වේවි. . (ස)

:       0       0

නාරද Monday, 18 February 2013 01:45 PM

මොහාන්, ලෝකේ වෙන දේවල් ගැන හොද අවදානයෙන් හිටියානම් තේරෙයි පොල් මල්ලෙද, වල්ලෙද කියලා.(නදී)

:       0       0

සඳුන් Monday, 18 February 2013 01:44 PM

සැලකුවාට කමක් නෑ. වහාම ආපහු යවන්න. ඊ ළඟට තව ප්‍රශ්න එයි... (ස)

:       0       0

අරවින්ද Monday, 18 February 2013 02:51 PM

ඔබ සැමට තෙරුවන් සරණයි (දී)

:       0       0

ප්‍රසන්න Monday, 18 February 2013 02:53 PM

මිනිස්සු ජීවත් වෙන්න මොන තරම් දුක්ඛ දෝමනස්සයනට මුහුණ දෙනවද . (ස)

:       0       0

අසේල Monday, 18 February 2013 03:03 PM

සඳුන් කියන කතාව හරියටම හරි.දැන් වෙළදාමේ ආව අය කරන හරිය පේනවනේ.අපේ රණ විරුවන්ට උත්තමාචාරය !(නදී)

:       0       0

නිලන්ත Monday, 18 February 2013 03:12 PM

අපි ඉන්නේ මිනිස්සුන්ට කරදරයක් උන වෙලාවට විතරයි (දී)

:       0       0

ප්‍රභාත් Monday, 18 February 2013 03:14 PM

සත්කාර කරලා ඉක්මනට යවන එක තමයි හොද.(නදී)

:       0       0

රිස්වාන් Monday, 18 February 2013 03:16 PM

මගේ ආචාරය නාවික හමුදාවට සහ උදව් කළ සැමට ! . (ස)

:       0       0

පියල් Monday, 18 February 2013 10:07 PM

මගේ ආචාරය නාවික හමුදාවට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 176 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 293 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 153 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 408 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1043 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 1377 1

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site