පසුගියදා සිංහරාජ වනාන්තරේ සැරිසැරූ අහිංසක ගෝනකු මරාගෙන කෑ මස් වැද්දන් ගැන කියවුණු පුවතක් එසැණින් වාර්තා විය.
මෙයද ‘ගෝනකු සම්බන්ධ පුවතකි. රුසියාවේ අරංතූර් වැව ඉහළින් පියාසර කළ හෙලිකොප්ටර් යානාවක නියමුවෙක් අයිස් හා හිමෙන් යටවුණු වැවේ කළු පාට යමක් දුටුවේය. වහා යානාව පහත් කොට ඒ ගැන විපරම් කරන විට ඉහළ අහසට දිස් වූ කළුපාට තිත රුසියා හිම වනාන්තරයේ ජීවත් වන හිම ගෝනේකි. සෙනිටිග්‍රේට් අංශක සෘණ 40ක් පහළ උෂ්ණත්වයක වතුර වළකට වැටුණු ගෝනා මරු හා සටන් කරමින් සිටියේය. වහා ක්‍රියාත්මක වූ නියමු වික්ටර් ෂවලයිපික් තම මිතුරන් දෙදෙනකු සමග පැය දෙකක් වෙහෙසී නැවත ගෝනාට ජීවිතය ලබා දීමට ක්‍රියා කළේය.
අධික ශීත හේතුවෙන් ගල් ගැසුණු ගෝනාගේ පාද හා මාංශ සම්භාහනය කරමින් නැවත යථා තත්ත්වයට ගැනීමට මිනිසත් බව පිරිපුන් මෙම සැබෑ මිනිස්සු සමත් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තු මරණ එක පව් කාර වැඩක් (දී)
සමාජය පිරිහිලා (දී)
පාල, ඔයා ඔයා ගැන ආත්ම විශ්වාසය ඇති කර ගන්න බලන්න. නැතිනමි ඔයා වාගේ සියයක් හිටියොත් ඇති ලංකාව වනසන්න. (නි)
රුවන් නිවැරදියි. (නි)
කුරිරු මිනිස්සු. සත්තු මරන්න එපා මිනිසුනේ (දී)
පාලකයන්ට පෙන්නේ නැද්ද මේවා (දී)
කැලේ ඉන්න අහිංසක සත්තු (දී)
මිනිස්සු සත්තුන්ටත් අන්තයි (දී)
ලංකාව ගැන නම් කතාකරන්න එපා. (නි)
පළදෙනවා මේ කරුමේ නම් (දී)
මෙන්න රත්තරන් මිනිස්සු. (නි)
ඒ අසරණ සත්තු මොනවා දන්නවාද, ඒ සත්තු රක ගන්න එක අපේ යුතුකම (දී)
බලන්න කෝ ඒ මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා (දී)
මිනිසාත් සතා ගේ තත්වයට වැටිලා (දී)
රක්ෂිතයක වාසය කරන සත්තු රැක ගන්න වැඩ පිළිවෙලක් නැද්ද (දී)
වගකිවයුත්තෝ නිදිද (දී)
සිංහරාජය කියන්නේ ලෝක උරුමයක් (දී)
ලංකාවේ සෑම පැය කිහිපයකට වරක්ම කොච්චර අපරාධ සිදුවෙනවද? (නි)
ලෝකෙන් උතුම් රට ලංකාවයි ශ්‍රී ලංකාවයි... (නි)
නැහැදිච්ච මිනිස්සු (දී)
කෝ හරක් මස් වලට විරුද්ධව කෑගහන කට්ටිය? (නි)
මානව හිමිකම් එපා කියලා කෑගහන සහ මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවීදැයි පරීක්ෂණ කරන ලෙස කරන ඉල්ලීම් වලට විරෝධය පාන මිනිසුන් ඉන්න රටක ගෝනෙක් ගැන කවර කතාද? (නි)
කටක් ඇරලා කියන්න පුලුවන්ද (දී)
අසරණ සතා (දී)
සුද්දවන්තයො ගැන කණගාටුයි. ඒ අය තමන්ගෙම රටට කළ එක හොඳ වැඩක් කියන්න. ඒ වාගේ සියයක් හිටියොත් ඇති ශ්‍රී ලංකාවම පාවා දෙන්න. (නි)
අදහස් දාන සමහරු තමන්ගෙම රට පහත් කරලා සුද්දවන්තයො වෙන්න එපා. මස් වැද්දො කීප දෙනෙක් නිසා අපේ අවුරුදු 2500ක් බෞද්ධ දර්ශනයෙන් හික්මවුණු ජාතිය අමතක කරන එක කොච්චර අමනකමක්ද? (නි)
ගෝනෙක් දෙන්නෙක් මැරුවත් හරක් නම් මරන්න එපා. (නි)
මිනිස්සු නපුරු මොකද මේ තරම් (දී)
මගේ රට පහත් කරලා කතාකරන්න එපා රූපා. (නි)
ලෝකෙන් උතුම් රට ලංකාවයි! ලංකාවයි ශ්‍රී ලංකාවයි! (නි)
උතුම් වැඩක්නේ?? (නි)
කවුරු කළත් හොද වැඩ හොදයි. නරක නරකයි. (නි)
මස් වැද්දො කීප දෙනෙක් නිසා තමන්ගෙම රට පහත් කරලා අදහස් දමන සුද්දවන්තයො ගැන කණගාටුයි. ලංකාවෙ වගේම අනික් හැම රටකම හොඳ නොහොඳ මිනිස්සු ඉන්නවා.ජපානයෙ තල්මසුන් දහස් ගනන් මරනවා,ආක්ටික් ප්‍රදේශවල සීල් මසුන් මරන්නෙ ලක්ෂ ගනනින්,ඕස්ට්‍රේලියාවෙ ඔටුවො දුටු තැන මරනවා.චීන්නු බල්ලොත් මරන් කනවා,ලංකාවෙ සුනාමියෙන් පණ බේරාගත්ත එළදෙනත් මරාගෙන කෑවා,මුවෝ ගෝන්නුත් කනවා...ඒ වගේම තමන්ගෙ රත්තරන් චේන් එක උගස් කරලා අනිවාර්ය මරණයට කැපවූ හරකුන් බේරා ගන්න අයත් ඉන්නවා... ඒ නිසා මොලෙන් හිතන්න. (නි)
සත්තු කියන්නේ අපි වගේම ජීවින් කොටසක් (දී)
මෙවැනි උතුම් මිනිසුන්ට සංසාරයේ කිසිදින අනතුරක් නොවේවා! (නි)
මිනිස්සු කුරිරුයි කියන්නේ, ඒක වචනෙන් කියන්න බැහැ (දී)
රුසියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ. (නි)
මෙහෙ උනා නම් පන අදින ගෝනා ගේ ගාතයක් කපන් යනවා. පහුව දාත් එනවා තව කෑල්ලක් කපාගන්න, නැත්නම් යාලුවන්ටත් ගෝන ඉන්න තැන ගැන කියනවා (අ)
අපෙ අය ළග නැහැනේ ඉතින් හෙලිකොප්ටර්. (නි)
මේ වීඩියෝව ලංකාවේ පාර්ලිමේන්තුවට අරගෙන ගිහින් පෙන්නන්න තියෙන්නේ. (නි)
මේ වැඩ වලට නිතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕනේ (දී)
රුවන් ගේ කතාව රුවන් වටි. (අ)
අපේ රටෙත් උතුම් අයියලා ඉන්නවා. (නි)
මේ අයට තමයි නිමල් දේශප්‍රේමීන් කියලා කියන්නේ. (නි)
ලංකාවෙත් මේවගේ හොඳ වැඩ කරන්නේ ලෝකෙට පේන්න වීඩ්යෝ කරල නෙවෙයි.ඒනිසා කවුරුවත් දන්නේ නැහැ. (අ)
මගේ රටේ ඉන්නේ ගොඩාක් හෙඳ අය. ඒරොප්පේ අයට වඩා (අ)
සිංහල "හලාල්" දේශප්‍රේමියනි, අන්‍ය ජාතිකයන් සමග යුද්ධ කරන්න පෙර, අපේ මස් වැද්දන් ගැනත් හිතන්න. (නි)
ලංකාව කියන්නේ බහුතරයක් හොඳ මිනිස්සු ඉන්න උතුම් රටක්. සුළු පිරිසක් වැරදි කළහම තමන්ගේ ජාතිය පහත් කරලා කතාකරන එක නරක පුරුද්දක්. ඒ සුළු පිරිසත් හොඳ මිනිස්සු වුණා නම් මගේ රට ලෝකේ උතුම්ම රට තමයි. සමහර අයට පේන්නේ, මතක සුළු පිරිසක් කරපු නරක පමණයි. (නි)
ලෝකේ කොහෙත් හොඳ මිනිස්සු ඉන්නවා නරක මිනිස්සුත් ඉන්නවා. එක ලංකාවට හෝ රුසියාවට විතරක් අදාල දෙයක් නෙවයි. ඒ උනාට ලංකාවේ සමහර අයගේ පුරුද්දක් තියනවා සුළු පිරිසක් වැරදි කලාම එක ඉස්සරහට දාල තමන්ගේ ජාතිය පහත් කරලා කතාකරන. මට මතකයි මේ ලගකදී එක ළමයෙක් තනියම මැරෙන්න ගිය මුවෙක්ව බෙර ගත්ත . ඒ වගේ හොඳ මිනිස්සු අපේ රටේ ඕනි තරම් ඉන්නවා. මම නම් ඒ මිනිස්සු ගැන ආඩම්බරවෙනවා කව්රු මොන කතා කිව්වත් ලංකාව කියන්නේ බහුතරයක් හොඳ මිනිස්සු ඉන්න උතුම් රටක්. (නු)
දේශප්‍රේමයක් මෙතනට අදාල වෙන්නේ කොහොමද ?(නු)
රට උතුම් කීවට වැඩක් නැහැ. මිනිස්සු උතුම් බව ක්‍රියාවෙන් පෙන්වන්න ඔනේ. (අ)
මේ මිනිස්සුන්ට බුදුබව ලැබෙන්න ඔනා (අ)
ඊනියා දේශප්‍රේමියෝ මේක හොඳින් කියෙව්වාද? (ත)
සුනාමිය වෙලාවේ ගෑනු කෙනෙක්ගේ මාලේ කඩාගෙන වතුරට තල්ලු කරපු ‘උතුම්‘ අය ඉන්න මේ රටේ ගෝනෙක් මරණ එක මහ දයෙක්ද? (ත)
වන්සෙ කබල් ගගා ඉන්න අපි වගේ අයට පාඩම් ඉගෙන ගන්න ලෝකෙ අනත්තවවත් තියනවා. අපේ අට හිතන් ඉන්නෙ අපි තරම් කට්ටියක් නෑ කියලා. (ත)
මෙන්න රුසියාවේ උතුම් බව පෙන්වන තවත් සිදුවීමක්. (ත)
ඒක ඇමරිකානු එකක් වුණා නම් තත්ත්වය මීට වැඩිය වෙනස් වෙයි. (නි)
හොද වැඩ කරන එක මනුස්සකමක්. ඒක ලෝකයේ හැම තැනකම තියෙනවා. (නි)
මේ වගේ දෙයක් මුස්ලිම් හෝ වෙන ජාතියක කෙනෙක් කළා නම්? (නි)
මේ උත්තම ජාතියේ කතාව දැන් දැන් විහිළුවක් වෙලා. (නි)
පංකාවේ නම් හොද දෙයක් වුණහම උතුම්ම ජාතිය කිය කියා ලෝකයටම කෑගහන එකනේ කරන්නේ. (නි)
වගා ළිං වල වැටෙන අලි අපි කොච්චර බේරගෙන ඇද්ද? උගුල් වල අහුවුනු මුවෝ වගේ සත්තු කොච්චර බේරගෙන ඇද්ද? මේ හැම ප්‍රවෘත්තියකම පළවෙන ප්‍රතිචාර දැක්කම ලාංකිත්වය උතුරනවා. මොකක්ද දන්නවද ලාංකිකත්වය? අද වෙච්ච එක දෙයක් නිසා අවුරුදු ගානක් කරපු උතුම් දේවල් අමතක කරන එක. උණ පුරුකේ බලු වලිගේ දැම්මට, වලිගේ ඇද ඇරෙන්නෙ නැහැනෙ. (නි)
අපේ අය අපායට යන්න මුදල් සහ ළකුණු එකතු කරනවා. (නි)
මට හිතෙන්නෙ නම් අපේ අයට ඔහොම හෙලිකොප්ටරුයි වනසතුනුයි ඒ මදිවට තව ඔය වගේ අයිස් එහෙමත් තිබුණා නම් බලන්න තිබුනා කර්මාන්තෙ. (නි)
ගෝන්නු පෙන්නන්න බැරි කට්ටිය ගාල්ලෙත් ඉන්නවා. (නි)
හැබැයි අපිලු උතුම්ම රට. (ත)
රුසියන් කාරයොත් ඉතිං අවුරුදු 2500ක් බෞද්ධ දර්ශනයෙන් හික්මවුණු ජාතියක්නෙ. (නි)
රුසියාවේ විනෝදයට අවුරුදු පතා කොච්චර මේ සත්තු මරනවද? (නි)
අප සියල්ලන් මනුෂ්‍යයන් වන බැවින් මෙයද මිනිසා විසින් කරන ලද තවත් යහපත් ක්‍රියාවකි. (නි)
මිනිස්සු සත්තු වෙලා (දී)
ලංකාවේ අය ගැන නම් ඉතින් කියන්න දෙයක් නැහැ. පේනවනේ දවස ගානේ පත්තරේ තියෙන දේවල්. (නි)
ලංකාවේ අය නම් ගෝන්නුන්ට හොදට සළකනවා. (නි)
මේක තමයි ස්වභාව ධර්මයේ සමබරතාවය. (නි)
බණත් විකුණගෙන කන රටක මොන මනුස්සකමක්ද? (නි)