IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලංගම පෞද්ගලික හවුල් ගමන් එපා

ලංගම පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනකට ගමන් කැරැවීමඅහෝසි කරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.
පිටකොටුව මධ්‍යම බස්  ගාලෙන් දිනකට ගමන් වාර 1200 ක් සිදු කළ යුතුව ඇතත් එයින් 200 ක්ම සිදුනොකෙරෙන බවත් ඊට හේතුව බස් රථ හි`ගවීම බවත් එහි ලේකම් සේපාල ලියනගේ මහතා පවසයි.
දිනකට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ කිලෝ මීටර නව ලක්ෂයක්  ගමන් කරන බවත් සේවා ඒකාබද්ධ කිරීම ම`ගින් පැහැදිලිවම ලංගමයේ ගමන්වාරවලට බලපෑමක් එල්ල වන බවත් සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය අවධාරණය කරයි.



අදහස් (0)

ලංගම පෞද්ගලික හවුල් ගමන් එපා

පුෂ්පා Tuesday, 25 December 2012 11:51 AM

දම්මි ඔබ හරි, නමුත් මෙහෙම දෙයක් කරන්න රටට ආදරයක් තියෙන අය ඉන්න ඕන..!(නු)

:       0       0

රිස්වාන් Monday, 24 December 2012 10:37 PM

නීලා හරි. එහෙම දෙයක් වුණා නම් හොදයි. ඒත් නොවෙන එකනේ ප්‍රශ්නේ. (නි)

:       0       0

අජිත් කරුනාරත්න Tuesday, 25 December 2012 12:28 PM

මේ වැඩෙන් පස්සෙ බස් තියන් පයින් යන්න වෙයිද දන්නෙ නැහැ..!(නු)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Friday, 28 December 2012 01:57 AM

පුද්ගලික බස් ගෙදර පාවිච්චියට විතරක් තියාගෙන ලංගම දියුණු කරමු. (නි)

:       0       0

ශාමා Tuesday, 25 December 2012 01:33 PM

ලංකාවෙ කිසි‍ කෙනෙක් නැද්ද 154 බස් රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට හොද පාඩමක් උගන්වන්න.!(නු)

:       0       0

මුතුකුඩ Tuesday, 25 December 2012 02:33 AM

නීලා, ඇත්තෙන්ම ඔබ පවසන ආකාරයට ලංකාවේත් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම බලධාරින්ගේ වගකීමකි. (නි)

:       0       0

අපොන්සු Tuesday, 25 December 2012 05:12 AM

බස් රථ ප්‍රවාහනය සිදු විය යුත්තේ මගීන්ගේ සුබසිද්ධිය තකා මිස මුදලාලිලාට ඕනෑ විදියට නොවේ. (නි)

:       0       0

වේහා Tuesday, 25 December 2012 07:04 AM

ලංගම බස් දුවන්නේ රියැදුරු සහ කොන්දොස්තරගේ පුද්ගලික බූදලයක් වගේ. සමහර බස් වල මිනිස්සු නැහැ. මම කියන්නේ බස් එකකට ටාගට් එකක් දෙන්න ඕනෑ. ඒක සපුරන බස්වල සේවකයන්ට බෝනස් වගේ දෙන්න පුලුවන්. එහෙම ටාර්ගට් කවර් කරන එක නිතරම මග අරින අයගේ පඩි අඩු කරන්නත් පුලුවන්. මම දැකලා තියෙනවා ප්‍රයිවට් බස්වලට සෙනග ගන්න දීලා ලංගම අය ඔහේ යනවා. (නි)

:       0       0

තිලක් Tuesday, 25 December 2012 04:10 PM

රාත්‍රියට පිහිටට ඉන්නෙ ලංගම විතරයි..!(නු)

:       0       0

දම්මි Tuesday, 25 December 2012 07:34 AM

සියලුම බස් ජනසතු කර, පුද්ගලික බස් සේවය අහෝසිකළ යුතුයි. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 25 December 2012 07:42 AM

පුද්ගලික බස් වලට අවශ්‍ය සල්ලි විතරයි. (නි)

:       0       0

නීලා Monday, 24 December 2012 07:38 PM

සිංගප්පූරුවේ රාජයේ බස් සේවාව හා පෞද්ගලික බස් සේවාව අනුගමය කරන ක්‍රමය අධ්‍යයනය කර ඒ අනුව ලංකාවේ බස් සේවාවනුත් පවත්වාගෙන යන්න ක්‍රමයක් සකස් කරන්න (අ)

:       0       0

නිමල් සිරිතිස්ස Tuesday, 25 December 2012 08:49 AM

සවස 7 න් පස්සෙ කවුද දුවන්නෙ? පුද්ගලික බස් ගෙදර. අන්තිම බස් එක කවදාවත් නැහැ. ගමනාගමන මණ්ඩගලය හොදයි. (නි)

:       0       0

ලලිත් කටාර් Tuesday, 25 December 2012 10:03 AM

පෞද්ගලික කියන වචනය කොහොමත් පොදු වැඩත් එක්ක ගැලපෙන්නෙම නැහැ.. කරුණාකරලා අපේ ලංගම රැක ගන්න වැඩ කටයුතු කරන්න.. පෞද්ගලික මුදලාලිලට රැවටෙන්න එපා.!(නු)

:       0       0

බර්ටි Tuesday, 25 December 2012 10:26 AM

ඕකෙන් වෙන්නෙ ලංගම නැති වෙලා ගිහිං බස් මුදලාලිලා දියුණු වෙන එකයි..!(නු)

:       0       0

SWRD Bandaranayake Tuesday, 25 December 2012 10:44 AM

සියලුම බස් ජනසතු කර, පුද්ගලික බස් සේවය අහෝසිකළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 154 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 481 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 282 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 198 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 944 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 805 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site