ලංගම පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනකට ගමන් කැරැවීමඅහෝසි කරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.
පිටකොටුව මධ්‍යම බස් ගාලෙන් දිනකට ගමන් වාර 1200 ක් සිදු කළ යුතුව ඇතත් එයින් 200 ක්ම සිදුනොකෙරෙන බවත් ඊට හේතුව බස් රථ හි`ගවීම බවත් එහි ලේකම් සේපාල ලියනගේ මහතා පවසයි.
දිනකට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ කිලෝ මීටර නව ලක්ෂයක් ගමන් කරන බවත් සේවා ඒකාබද්ධ කිරීම ම`ගින් පැහැදිලිවම ලංගමයේ ගමන්වාරවලට බලපෑමක් එල්ල වන බවත් සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය අවධාරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංගප්පූරුවේ රාජයේ බස් සේවාව හා පෞද්ගලික බස් සේවාව අනුගමය කරන ක්‍රමය අධ්‍යයනය කර ඒ අනුව ලංකාවේ බස් සේවාවනුත් පවත්වාගෙන යන්න ක්‍රමයක් සකස් කරන්න (අ)
නීලා හරි. එහෙම දෙයක් වුණා නම් හොදයි. ඒත් නොවෙන එකනේ ප්‍රශ්නේ. (නි)
නීලා, ඇත්තෙන්ම ඔබ පවසන ආකාරයට ලංකාවේත් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම බලධාරින්ගේ වගකීමකි. (නි)
බස් රථ ප්‍රවාහනය සිදු විය යුත්තේ මගීන්ගේ සුබසිද්ධිය තකා මිස මුදලාලිලාට ඕනෑ විදියට නොවේ. (නි)
ලංගම බස් දුවන්නේ රියැදුරු සහ කොන්දොස්තරගේ පුද්ගලික බූදලයක් වගේ. සමහර බස් වල මිනිස්සු නැහැ. මම කියන්නේ බස් එකකට ටාගට් එකක් දෙන්න ඕනෑ. ඒක සපුරන බස්වල සේවකයන්ට බෝනස් වගේ දෙන්න පුලුවන්. එහෙම ටාර්ගට් කවර් කරන එක නිතරම මග අරින අයගේ පඩි අඩු කරන්නත් පුලුවන්. මම දැකලා තියෙනවා ප්‍රයිවට් බස්වලට සෙනග ගන්න දීලා ලංගම අය ඔහේ යනවා. (නි)
සියලුම බස් ජනසතු කර, පුද්ගලික බස් සේවය අහෝසිකළ යුතුයි. (නි)
පුද්ගලික බස් වලට අවශ්‍ය සල්ලි විතරයි. (නි)
සවස 7 න් පස්සෙ කවුද දුවන්නෙ? පුද්ගලික බස් ගෙදර. අන්තිම බස් එක කවදාවත් නැහැ. ගමනාගමන මණ්ඩගලය හොදයි. (නි)
පෞද්ගලික කියන වචනය කොහොමත් පොදු වැඩත් එක්ක ගැලපෙන්නෙම නැහැ.. කරුණාකරලා අපේ ලංගම රැක ගන්න වැඩ කටයුතු කරන්න.. පෞද්ගලික මුදලාලිලට රැවටෙන්න එපා.!(නු)
ඕකෙන් වෙන්නෙ ලංගම නැති වෙලා ගිහිං බස් මුදලාලිලා දියුණු වෙන එකයි..!(නු)
සියලුම බස් ජනසතු කර, පුද්ගලික බස් සේවය අහෝසිකළ යුතුයි. (නි)
දම්මි ඔබ හරි, නමුත් මෙහෙම දෙයක් කරන්න රටට ආදරයක් තියෙන අය ඉන්න ඕන..!(නු)
මේ වැඩෙන් පස්සෙ බස් තියන් පයින් යන්න වෙයිද දන්නෙ නැහැ..!(නු)
ලංකාවෙ කිසි කෙනෙක් නැද්ද 154 බස් රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට හොද පාඩමක් උගන්වන්න.!(නු)
රාත්‍රියට පිහිටට ඉන්නෙ ලංගම විතරයි..!(නු)
පුද්ගලික බස් ගෙදර පාවිච්චියට විතරක් තියාගෙන ලංගම දියුණු කරමු. (නි)