කඩයේ සේවකයකු ද සමග මහ රෑ කළු ඇඳ පිහියක් ද, අත්වැසුම් දරැගෙන නැන්දම්මා මරා මුදල් හා රන් අබරණ පැහැරගැනීමට ගිය බව කියන පනස් හැවිරිදි කතක සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලීසිය කියයි.
නැන්දම්මාගේ ගෙදරට තාප්පයකින් පණිද්දීම අල්ලාගත් බව පොලීසිය පවසයි.
පොලීසියට කලින් ලැබුණු ඔත්තුවක් අනුවපොලීසිය එහි සැඟවී සිටියේය. මේ කාන්තාව කඩකාරියක් බවත්, ඇගේ සැමියා ඇමෙරිකාවේ සිටින බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදින් පස්සේ නැන්නදම්මාව හොරුන්ගෙන් පරිස්සම් කරන්න වෙයි..!(නු)
වයසේ හැටියටද වැඩ?? අවුරුදු 50ක් තිස්සේ පෙරුම් පුරලා තියෙන්නේ නැන්දම්මාගේ රත්තරන් බඩු වලටනේ..!(නු)
දැං කරන්න තියෙන්නේ කිසිවෙකුටවත් බැන බැන ඉන්නෙ නැතිව අපේ අයට හොදට ධර්මය ඉගැන්වීමයි..!(නු)
වචනයේ පරිසමප්තර්තයෙන්ම ලේලියක් . ලේලියට සබැ අර්ථකතනයක් දීල තියෙනවා .(නු)
පේනවා නේද ලේලියගේ තරම... (නි)
දැං ඉතිං මහත්තයාට ඕන දේ ඉඹේටම වෙන්න ඇති..!(නු)
මෙයා ලේලියක් නෙමෙයි යකින්නක්ද කොහෙද?(නු)
හරියට නින්ජා චිත්‍රපටයක දර්ශණයක් වගේ..!(නු)
ලේලියට හොද දඩුවමක් දෙන්න ඕන මතක හිටින්න..!(නු)
සිල්වා මහත්තයාගේ උත්තරය නිවැරදියි. (නි)
නැන්දා-ලේලි ගැටුම දිහා අපි මීට වඩා විචාරාත්මකව සහ බුද්ධිමත්ව පුළුල් කෝණයකින් බැලිය යුතුයි. අතීතයේ පටන් සෑම ජන කොටසකම දැකිය හැකි ගැටුමක් තමයි අපි මේ විවිධ ස්වරූපයෙන් අත් දකින්නේ. මෙතැනදී පොලීසිය මැදිහත් කරගෙන නීතිමය රාමුවකට අනුව කටයුතු කිරීමට උත්සාහ කරනවාට වඩා සමාජීය පසුබිමක් තුළ සිට කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම මෙහි යම්කිසි සාහිත්‍යමය රසයකුත් තිබෙනවා. (නි)
මායම් 64න් එකක්. (නි)
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්... (නි)
අපේ රටේ සෑම දෙයක්ම මුදලට යට වී තිබේ. එකිනෙකා අතර පැවතිය යුතු සුදහශීලී මානසික සබැඳියාව මුදල් පදනම් කරගත් සමාජ ආකල්ප විසින් විනාශ කර දමා තිබේ. තමන්ගේ ඥාතියෙකුගෙන් වුවද මුදල් මංකොල්ල කෑමට තරම් මිනිස් සිත අකුසලයෙන් පිරවීමට මූදල පමණක් ගරු කරන සමාජ ආකල්ප පුද්ගලයා මෙහෙයවා ඇති ආකාරය මේ සිදුවීම තුළින් දැකගත හැකිය. ඇතැම් නැන්දම්මලා හට ලැබෙනුයේ තමන්ගේ දියණියට වඩා හොඳ ලේලිලාය. නමුත් නැන්දම්මාගේ කර්ම විපාකය නිසා මෙබඳු ලේලියක් ඇය හට ලැබී තිබේ. (නි)
ලේලි කැමති එයාගේ ගෙදරට අදින්න.. කොයි නැන්දම්මද ඒකට කැමති.? ඒකයි මුල්ම හේතුව.!(නු)
එහෙම කියන්න එපා ඈන්. හැම ලේලියෙක්ම එකවගේ නැහැ. නැන්දම්මලාට තමන්ගේ මව්වරුන් හා සමානව ආදරය කරන ලේලිලාත් ඕනෑ තරම් ඉන්නවා. නමුත් අවාසනාවට වගේ හැම නැන්දම්ම කෙනෙකුටම ඒ වගේ වැදගත් හැදිච්ච ගුණගරුක ලේලිලා නම් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒක තමයි තමන්ගේ කර්ම විපාකය. කර්ම විපාකය අනුව තමන්ට සුදුසු අය තමයි ආශ්‍රයට ලැබෙන්නේ. සමහරු ලේලිලා තමන්ගේ නැන්දම්මට සළකන විදියට ඒ අයගේ දියණිවරුන්වත් ඒ අයට සළකන්නේ නැහැ. පුතාට හොඳ යහපත් මානසික තත්වයක සිටින හැකිවන්නේ ලේලි හා නැන්දම්මා සමඟියෙන් සිටින විටයි. පුතා විදේශගතවී සිටින අවස්ථාවකදී නම් ලේලිය වඩාත් නැන්දම්මාහට සැළකිය යුතු වෙනවා. මොකද පුතාගෙන් ලැබෙන ආදරයත් එතකොට ලබා දෙන්න වෙන්නේ ලේලියට නිසා. නමුත් හැමෝටම ඒ වගේ ලේලිලා ලැබෙනවා නම් මේක මනුස්ස ලෝකයන් වෙන්නේ නැහැනේ. මේක මනුස්ස ලෝකයක් වෙලා තියෙන්නේ මේ ප්‍රවෘත්තියේ සඳහන් වුණා වගේ අඩුපාඩුකම් සහිත අය සමඟත් අපිට කටයුතු කරන්න වෙන නිසායි. මම නම් හිතන්නේ අපට කොයි විදිහේ කෙනෙකු සමඟ කටයුතු කිරීමට සිදු වුවත් අපි බුද්ධිමත් වන්නේ නම් ඕනෑම කෙනෙකු සමඟ කටයුතු කිරීමට අපට හැකියාව තිබෙන බවයි. (නි)
අපේ සර් කියන එකේ ලොකු ඇත්තක් තියෙනවා. මම නම් හරි ආසයි සර් ලියන දේවල් වලට. අපිට විශාල දැනුමක් ලබා ගන්න සුදුසු දේවල් තමයි අපේ සර් ලියන්නේ. මම ගෙදර ඉන්න දවස්වලට සර්ගේ අදහස් කියවලා ලොකු දැනුමක් ලබා ගන්නවා. අපේ සර්ට වාහන ගැන පමණක් නෙවෙයි සමාජය ගැනත් හොඳ දැනුමක් තියෙනවා. මම හරි කැමතියි සර් කියපු අදහසට. ඒ වගේම සර්ට ගොඩාක් ගරු කරනවා. සර් කිව්වා වගේ නැන්දම්මලාට හොඳ ලේලියක් ලැබෙන්නේ නැන්දම්මගේ වාසනාවට තමයි. මගේ අම්මටත් ඒ වගේ හොඳ ලේලියෙක් මම ගෙනැල්ලා තියෙනවා. මට හරි සතුටුයි ඒ ගැන. (නි)
හැමදාම දිනන්න බැහැ (දී)
ලේලිලා විශ්වාස කරන්න හරිම අමාරුයි. එයා බලන්නේ එයාගේ පැත්තේ අයට කොහොමද සලකන්නේ කියලා තමයි. අලුත් පවුලට එකතු වුන දවසේ ඉදලා බලන්නේ කොහොමද අදින්නේ කියලා තමයි. දිය යටින් ගින්දර ගෙනියන ලේලිලා දියරෙද්දෙන් බෙල්ල කපන ලේලිලා මොනතරම් ඉන්නවද ? තණ්හාය ජායතී සෝකෝ. (ස)
දෙයියයෝ සාක්කි. දැන් වැඩකාරයෝ වෙලා තියෙන්නේ අපේ රටේ ගැහැණු උදවියනේ. බලාගෙන යනකොට හරිම ආඩම්බරයි. (ස)
‘‘ වැරදුණු කුරුමානම අංක දෙක “ රගපෑවද දන්නෙනැහැ (ස)
ලේලිගේ වයස 50 නම් බෑෂගේ වයස 55 ක තරම්ය... නැන්දම්මාට 75 ට වැඩා වැඩිය. ඉල්ලා නොදුන් නිසා වැඩට බහින්න ඇති (ස)
නැන්දම්මගේ පණ බේරා දුන්නට රාගම පොලිසියට ස්තුතියි..!(නු)
මහත්තයා පිට රට බිරිද වැඩලිකඩ...!(නු)
පුදන කොටම කාපි යකා. (ස)
අනේ තව ටික දවසනේ එයාට ජීවත්වෙන්න තියෙන්නේ අයේ ටික දසට මෙයා මෙනාවද මේ කරන්න ගිහින්ත තියෙන්නේ. සංසාරේ...............? (ස)
දැන් පවුල් කන්න වෙන්නේ ගෝලයත් එක්ක හිරේ තමා..... (ස)
ටෙලි නාට්‍යඨයක් ද ?
පව්කාරකම. තමන්ගේ අම්මා ගැන හිතන්න තිබුණේ. (ස)
ගේන්න අරාබි නීතිය වැරදි නිවැරදීවී යහපත් සමාජකුමයක් ෙගාඩනැගිය හැක.(නු)
අරාබි නීතිය හොදයි කියන්නේ සිංහල නම් වලින් ඉන්න මුස්ලිම්වරුන්ට. යහපත් සමාජ ක්‍රමයක් තියෙන්නේ මොන අරාබි රටේද? (නි)
පේනවා නේද නීතියට භය නැතිකම? (නි)
හොරෙක් පිටින් ඇවිත් රත්තරන් බඩු අරගෙන යයි කියලා බයට වෙන්න ඇති මෙහෙම කරන්න හැදුවේ. (නි)
ඔන්න ඔහොමලු උනේ (දී)
ඕකනේ බැරි (දී)