ගල්ගමුව රැස්වේහෙර වගා ළිඳකට වැටුණු ඇතින්නක පැය 10ක් පමණ මෙහෙයුමකින් පසු ගොඩ ගෙන කැලයට මුදා හැරීමට මීගලෑව වනජිවි නිලධරයෝ හා ගැමියෝ සමත්වූහ. කිරි බොන වයසේ පැටවකු ඇති මෙම ඇතින්න ගොඩ ගන්නා විට බුරුලෙන් කිරි වෑස්සිනි. මව ළිඳට වැටුණු පසු පැටවා රැළේ සමග කැලයට යන්නට ඇතැයි වනජිවි නිළධරයෝ පවසති. කහල්ල පැල්ලේකැලේ රක්ෂිතයේ සිට රැස්වෙහෙරට දිනකට 40-50 කින් යුතු අලි රංචුවක් එතියි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සත්කාරයට දායක වූ සැමට යහපතක්ම වේවා! (නි)
සාමූහිකව කළ මෙම උතුම් පුණ්‍ය කර්මට සසර පුරා ඔබ ආරක්ෂා කරනු ඇත. (නි)
මෙන්න හිතක් පපුවක් තියෙන මිනිස්සු.(නදී)
ලංකාවේ මිනිස්සු එහෙම තමයි (දී)
එම ඇතින්න බේරාගත් පිරිසට අපගේ අවංක ස්තුතිය. වඳවී යන අලි පරපුර රැකගනිමු.(නදී)
මේ වැඩේට උදව් දුන් හැමටම අපේ ගෞරවනීය ස්තුතිය.(නදී)
තමුන්ගේ දේපල වල් අලින්ගෙන් බේර ගන්න විදුලිය අටවා අලි පැටවෙකු සහ මවක් මරා දැමු පුවතක් තිබුනා. මේ මිනිස්සු රත්තරන්. (නි)
ලක් මවගේ පින්වත් කුමාරවරුන්ට පින්! (නි)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද - දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත (නි)
ලෝකයේ ලස්සනම අලි ඉන්නේ ලංකාවේ. අපි උන්ට උදවි කරමු.(නදී)
අපේ මේ සත්ව සම්පත් ලෝකයේ ඉතා දුර්ලභ දේවල්. දුර සිටියත් ඒවා හොඳට පෙනෙනවා පිටරටවල ඉන්න අයට. නමුත් බලවත් ආයතන වලට අපේ සම්පත් රැකීමට අවශ්‍ය නැති නිසා කටපියා ඉන්නවා. මෙවැනි සම්පත් ආරක්ෂා කිරීම අප සියලු දෙනාගේ ආඩම්බර සහගත වගකීම වේ. මෙම කටයුත්තට උදව් කළ සියල්ලන්ට මගේ ආචාරය. (නි)
හෙටක් ඇත මිනිසුනේ. ඔබට බොහෝ පින්. ජාති ජාතිත් හොද දේවල් කරන්න සිත යොමුවේවා. ! (ස)
ලංකාවේ මේ වගේ හොද වැඩ කරන තවත් මිනිසුන් බිහිවේවා කියා ප්‍රාර්ථනා කරනවා.(නදී)