අම්පාර වඩිනාගල අද උදෑසන සුළු භූ කම්පන තුනක් සිදුවූ බවත් එම චලන වඩිනාගල සහ පල්ලෙකැලේ පිහිටුවා ඇති භූ කම්පන මානවල රිච්ටර් මාපක 2-2.5 ත් අතර අගයකින් සටහන්වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචර්ය එන්.පී.විජයනන්ද මහතා පවසයි. එවැනි සුළු භූ කම්පනයකින් දෙදරායාමක් හැර නිවාස වලට හෝ මිනිසුන්ට හානියක් සිදුවන්නේ නැත. ආචාර්ය විජයනන්ද මහතා පවසන්නේ වඩිනාගල කම්පන සිදුවන්නේ ශබ්දයක් සමග බවයි. ස්වභාවික භූ චලනයකදී එවැනි ශබ්දයක් ඇතිවන්නේ නැත. වඩිනාගල සිදුවූ කම්පන පිරික්සූ විට ඒවායින් සියයට 98 ක් පමණ දිවාකාලයේ සිදුවීමත් ගංවතුර පවතින කාලයේ එවැනි කම්පන සිදු නොවීමත් හේතුවෙන් මෙම කම්පනවලට හේතුව මිනිස් ක්‍රියාකාරකමක් බවට සැක කළ හැකිබවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට සැකයක් ඇතිවුණා ආපහු සංවිධානයක් බිහිවෙලා පුරුදු වෙනවාද කියලා..!(නු)
නැත්නම් දැං කීයක්නම් භූ චලන උනාද? තවම ඒවාට නිශ්චිත හේතුවක් හොයාගන්න බැරි උනානේ.. කාටවත්..!(නු)
ඉක්මනට සෝදිසි මෙහෙයුමක් දැම්මනම් හොදයි අම්පාරෙ කැලෑවල් අස්සෙ..!(නු)
ඕවා සුළුවෙන් හිතන්න එපා.. දැක්කනේ නියපොත්තෙන් කඩන්න තිබුණ දේ පොරොවෙන් කපන්න උනා..!(නු)
ඔහොම සද්ද ඇහෙනවා කිවුව දවසේ ඉදලම මගේ හිතේ සැකයක් තියෙනවා කොටි ආපහු පුහුණුවීම් අරඹලාද කියලා. (නි)
රටේ සිදුවෙන අපරාධ වලට භුමිකම්පා නොවී තියෙයිද? (නි)
මටත් සැකයක් ආවා මේක භූමිකම්පාවක්ද නැතහොත් වෙනයම් කම්පාවක්ද කියලා. (නි)
මෙච්චර දක්ෂ පරීක්ෂක අය ඉන්දැද්දි මේ කම්පාව මොකද්ද කියලා කියාලා ඇයි තවතම යොගන්න බැරි උනේ..!(නු)
මට පේන්නේ මේක වෙනයම් කම්පාවකින් වෙන දෙයක්.. මේක අවි පුහුණුවීමකින් එන සබ්දයක් සමග එන කම්පනයක්ද දන්නේ නැහැ..!(නු)
වඩිනාගම දැං කී සැරයක් හෙල්ලුනාද?(නු)
කවමත් හෙල්ලෙනවාද? (නි)
සුනාමිය එනකොට බුදියගෙන හිටිය කට්ටිය මහා විනාශයක් වෙනතුරුත් තෙපරබාමින් ඉඳියි මම හිතන්නේ .ඔය භුමි චලන එන ප්‍රදේශයේ තමයි සේනානායක සමුද්‍රය තියෙන්නේ .ඒ නිසා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි . (නි)