අතේ සතේ නැතිව, හින්දි අකුරක්වත් නොදැන ටිකට් ද නැතිව දුම්රියෙන් ඉන්දියාවේ ගිනිකොන සිට වයඹ දක්වා ගොස් රොටී කමින් මාස දෙක හමාරක් ජීවත් වූ කඹුරුපිටියේ අසූ හැවිරිදි ගොවියෙක් යළිත් දින කිහිපයකට පෙර ගෙදර ආවේය.
අසූවක නඩයක් සමග මීගමු ආයතනයකින් දඹදිව වන්දනාවේ ගොස් නව දිල්ලියේ සිට චෙන්නායි නුවරට එද්දී කඹුරුපිටියේ ඊ ජී ඩී කොරනේලිස් මහතාට නඩය මග හැරුණේ අන්ද්‍රා ප්‍රදේශයේ වරංගල් දුම්රිය ස්ථානයේදී කාටවත් නොකියා දුම්රියෙන් බැස ගිය නිසාය.
නඩය මගහැරුණු බව දැනගත් ඔහු තවත් දුම්රියකට නැග ගුජරාටයේ අහමදබාද් වෙත ගියේය. දින දෙකක් කෑමක් නැතිව සිටි ඔහු පිළිණු වූ බත් පතක් කන්නට යද්දී එතැන සිටි කතක එය වළක්වා ඔහු අසළ කඩයකට රැගෙන ගොස් කෑම බීම ලබා දුන්නාය.
මාස දෙකහමාරක්ම එම කඩයෙන් කමින් පදික වේදිකාවේ ද, කඩයේද නිදා ගත් ඔහු අන්තිමේදී තමා ළඟ තුබූ දුරකතන අංකයකින් වන්දනා ගමන් සංවිධායකට කතා කළේය. එම ආයතනයේ කතක එහි ගොස් ඔහු රැගෙන ආවේය.
ඒ වන විට මූලික අවශ්‍යතා සඳහා වන හින්දි වචන කිහිපයක් ද ඔහුට උගන්වා තිබිණි.
''අහමදබාද් මිනිස්සු මට හරියට උදව් කළා. කෑම, බීම ඇඳුම් පැළඳුම් දුන්නා. කවදාවත් මට ඒ උදව් අමතක වෙන්නේ නෑ. ඔවුන් නොසිටියා නම් අද මම නෑ. කෑම කඩේ මුදලාලි මට ඉන්දියා රුපියල් දාහකුත් දුන්නා."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ අයගේ වැඩේම හරි කෝච්චියෙන් බැහැල වැරදි කෝච්චියේ යන එකම . (ස)
ඉන්දියාවෙ හොඳ මිනිස්සුන්ට උපහාරවේවා!(නදී)
සීයා වැඩකාරයා දකුනේ උපන් වීරයා!(නදී)
ලෝකයේ ඉන්න සියලු දෙනා මනුස්සයෙකුගේ වටිනාකම තේරුම් ගත යුතුයි. බංග්ලාදේශ්, මියන්මාර් හෝ ශ්‍රී ලාංකික මේ සියල්ලෝම මිනිසුන් බව අපි තේරුම් ගත යුතුයි.(නදී)
එයත් දකුනේ කොල්ලෙක්.(නදී)
මෙතන නඩේගුරාගේවත් වන්දනා කරුගේවත් වරදක් නැහැ. ඔහුගේ වයසට අත්වැරදීමකින් වෙන දුමිරිය ස්ථානයකින් බහින්න ඇති. අපි වගේම ජාතියක් වක ඉනිදියන් ජාතිකයෝ අතරේ කෙසේ නම් සොයාගන්නද? වරදවා හිතන්න එපා රක්ෂන වන්දියක් ලබාගැනීමට හෝ වන්දනාකරුගේ ප්‍රසිද්දියට කල දෙයක් වෙන්නත් පුළුවන්. (නදී)
".....අන්තිමේදී තමා ළඟ තුබූ දුරකතන අංකයකින් වන්දනා ගමන් සංවිධායකට කතා කළේය...": ඕක මුලින්ම කලා නම් ඉවරනේ .... (ස)
නීලා පව් පින් දෙක අදුරගන්න. එතකොට තේරුම් යයි.(නදී)
මෙයාට ගෙදර ප්‍රශ්නයක් තිබුනද දන්නේ නැහැ. ඕන කමට මග හැරෙන්න ඇති. . (ස)
මනුශ්‍ය කම දත් ඒ මිනිසුන්ට මාගේ ප්‍රණාමය . (ස)
ඇති ශරීර අවයව ටික ගලවා නොගෙන ආවා. අපි අහලා තියෙනවා වන්දනාවේ ගිහින් අතරමං වෙන අයගේ ශරීර අවයව ගන්න කටිටියක් ඉන්නවා කියලා.(නදී)
අතරමං වුණ ගමන් පොලීසියට ගිහින් කිව්ව නම් ඉවරයිනේ . (ස)
මොනවාහරි නරක බීමක් පාවිච්චි කළාවද්ද? (නි)
ජංගම දුරකතනයෙන් කතා කරන්න මාස දෙකහමාරක් බලාගෙන හිටියේ ඇයි? (නි)
ලංකාව කියලා හිතාගෙනද කෝච්චියෙන් බැස්සේ.(නදී)
කාන්ති කියන එක හරි මේ මහතාට යළි ජීවත්වීමට ලැබීම ලොකු වාසනාවක්.(නදී)
අමෙරිකාවේ චන්ද්‍රා කියන පරිදි මෙයාම තනියෙන් ගෙදර හොයාගෙන එනකම් නඩේ ගුරත් ගෙදර අයත් මොනවද කළේ? මටත් ඒ ප්‍රශ්නයම මේ සම්බන්ධව නැගෙනවා.(නදී)
අපේ ආචාර්‍යතුමාට පෙනෙන්නේ ගැහැනු දාන අදහස් විතරද?ඇයි අපි කළුද? (නි)
වයසේ වැරැද්දෙන්නේ හිතුවක්කාර වැඩ කරන්නේ. දැන් හිතේ ආශාව හොඳ ඇති නේද? (නි)
පව්, සමහර අය හරියට විස්තර කියවන්නේ නැතුව ප්‍රතිචාර දානවා. ඒ මනුස්සයා ලග දුරකතන අංකයක් විතරයි තිබිලා තියෙන්නේ.(නදී)
සැදැහැ සිතින් බුදුන් උපන් රටට ගිය සිංහල බෞද්ධයව්ට එහෙම අතවරයක් වෙන්නේ නැහැ. බුදුසරණින් ගමට ආපසු එන්න ලැබුන එක ලොකු දෙයක්.(නදී)
දැන් අමාරුව හරිනේ.(නදී)
ගාමිණී, එතකොට අර බස් එකක් පෙරලිලා අතකුත් නැපුවේ මොන හේතුවකටද?(නදී)
වහාම බොදු බල සේනාවට දැනුම් දෙන්න.(නදී)
මේ බුදුන් උපන් දේශයයි.(නදී)
වාසනාව ........වාසනාව ........(දී)
පුජා වට්ටියත් අරගෙනද දඹදිව ගියේ.(නදී)
ජිවත් වෙන්න වාසනාව තියෙනවා (දී)
නියමයි. මාස දෙකක් ඉන්දියාවේ සිරි නරඹලා.(නදී)
මෙයාම තනියෙන් ගෙදර හොයාගෙන එනකම් නඩේ ගුරත් ගෙදර අයත් මොනවද කළේ?(නදී)
ගාමිණීගේ කතාව හරි.(නදී)
හොද නඩේගුරා. ඇති ඔයින් ගියා. පෙර කල පිනක් නිසා ගෙදර එන්න පුලුවන් වුනේ.(නදී)
මෙයාව ගොඩක් කල් ඉදන් හැමෝම හෙව්වා. කාටවත් හොයාගන්න බැරි වුණා. ආපහු එන්න ලැබුන එක වාසනාවක්.(නදී)
අසිරිමත් වැඩක් ඒ වැඩේ (දී)
මෙයාගෙ ගෙදර අය මෙයාව හොයන්න ගොඩක් දෙවල් කලා, සාස්තර ඇහුවා පේන බැලුවා, දේවාල ගානෙ ගියා. ගොඩක් අය මෙයාට ආයෙ ලංකාවට එන්න ලැබෙයි කියලා හිතුවෙ නෑ.(නදී).
හොද නඩේ ගුරා. මෙහෙමද මිනිස්සු අරගෙන යන්නේ. එයාගේ වාසනාවට එන්න ලැබුනේ.(නදී)
අනේ මාමේ, මේ අපි වගේ ගෙදෙට්ට වෙලා හිටියා නම් ඉවරයිනේ. (නි)
මිනිසුන් අතර මිනිසුන් ඉන්නවා නේද (දී)