ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව දැඩි සේ වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින විල්මුවන් සංරක්ෂණය කිරීමට පිහිටවූ බෙන්තොට, ලුණුගල හොන්දූව අභය භූමියට ප්‍රථම විල්මුවන් දෙදෙනා මුදා හැරීම ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය විසින් සිදුකැරුණි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය සිදුකැර තිබේ. ජෙෆ්රි බාවා භාරයට අයත් හොන්දූව, වනජීවී සංරක්ෂණ ආඥා පනත යටතේ විල් මුවන් සුරැකීමේ අභය භූමියක් ලෙස නම්කැර තිබේ. දකුණේ ඇල්පිටිය, හික්කඩුව, තෙල්වත්ත, අම්බලන්ගොඩ, බලපිටිය ආදී ප්‍රදේශයන්හි දැකිය හැකි විල්මුවා ජනාවාස ඇතිවීමත් සමගම වඳවී ඇතැයි කලකට ඉහත වාර්තා කැර තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්..! අපේ හැම සම්පතක්ම රැක ගැනීමට සියළු ජනතාවගේ වගකීමක්.. විල්මුවන් ගහනය වැඩි වේවා.!(නු)
අගය කලයුතු දෙයක් (ස)
හොඳ වැඩක් . ඒත් ටික දවසක් යනකොට බෙන්තොට හරියේ මුව මස් විකුණයිද දන්නේ නෑ (ස)
මේ වගේ වැඩ වලට අපි කොහොමත් එකගයි. (නි)
හොද වැඩකින්ම අලුත් අවුරුද්ද ආරම්භ කළාට ගොඩක් පින්. (නි)
වක්කඩේ හකුරු හැංගුවා වගේ නොවුණොත් නම් හොදයි. (නි)
බෙන්තොට මිනිසුන් කාට කෙසේ වෙතත් සතුන්ට ආදරෙයි.. ගමට හොද දෙයක් මේක..!(නු)
අගය කළ යුතු දෙයක්.. ජෙෆ්රි බාවාත් මසැසින් මෙන්ම මනැසින් ද පරිසරය දුටු නිර්මාණ ශිල්පියෙක් ..(නු)
කතෘ තුමනි, විල් මුවන්, තිත් මුවන් සහ ඕලු මුවන් ගැන ලිපියක් පළ කරන්න (නු)
මේවා අගය කළ යුතු දේවල්, හොද වැඩක්. (නි)
මෙවන් කාර්යයන් අපි අගය කරමු. (නි)
අජිත් මහත්මයා ,බෙන්තර මිනිස්සු සත්තුන්ට විතරක් නෙමෙයි, කපටිකමක් නැතිව එන ඕනෑම මනුස්සයෙක්ට ආදරෙයි. තවමත් සමාජයේ හණ මිටි අදහස් දරන අය සිටීම ගෙන කණගාටුයි. (නි)
ගම්වල ඉන්න දඩයක්කාරයෝ දිහා පොඩ්ඩක් අහැ ගහගෙන හිටියොත් මේ මුවන් තවත් බෝ කරගන්න පුලුවන් වේවි. (නි)
හොද දෙයක්. හැබැයි දේශපාලකයින්ගෙන් ප්‍රවේශම් කරගන්න වෙයි. (නි)
ලස්සන සතෙක් (දී)
ඒත් විල් මුවන්, තිත් මුවන් හොදි රසයි (ස)