IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


වේයො හදපු තුඹසට පොළඟෙක් රිංගුවා

 

(සුජිත් හේවාජුලිගේ )

බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවට පැමිණීම හරියට වේයො හදපු තුඹසට පොළඟෙකු රිංගුවා හා සමාන ක්‍රියාවකැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

පොහොට්ටුව හැදුවේ විමල් උදය ඇතුළු පිරිස මිසක් බැසිල් රාජපක්ෂ නොවන බවත් ඔහු මෙරටට පැමිණියේ එම පක්ෂය ලියාපදිංචි කිරීමට පමණක් බවත් මන්ත්‍රීවරයා කීවේය.

පොහොට්ටුව සෑදීමට මුල් වුණේ වෙනත් පිරිසක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ‍ය.

 



අදහස් (21)

වේයො හදපු තුඹසට පොළඟෙක් රිංගුවා

ජුණ්ඩප්පුවා Sunday, 13 March 2022 05:32 PM

හිතේ දුකට එතකොට කවි කියැවෙනවා...

:       18       121

abSunday, 13 March 2022 06:01 PM

සෑම තුඹසකටම රිංගා වැඩි කලක් කිසිම තුඹසක සිටීමට වරම් නොලබන සහ අර්බුද ඇතිකර ගන්නා මේ පොළඟා නැවත නොපෙනෙන තුඹසක් පිළිබඳව සිහින දකිමින් සිටියි...

:       8       170

Sunil Sunday, 13 March 2022 06:12 PM

රටම විකුණා කන්න උපන් අය...

:       3       72

Hafeel Sunday, 13 March 2022 06:16 PM

මේ විජේදාස කියන්නේ 18, 19 සහ 20... ඔය සේරටම අත උස්සපු කෙනා. ඔය කියන පොළඟාට පාර්ලිමේන්තුවට එන්න මාර්ග සලසා දුන්නෙත් ඔයා නේද? පොළඟා වගේම භයානකයි... පොළඟට මාර්ග සලසා දුන්නු ඔයා වගේ අය...!

:       2       133

වාසුදේව Sunday, 13 March 2022 06:31 PM

හරියට බල්ලාගේ ඇඟේ ඉන්න මැක්කන් වගේ. මැක්කන් හයියෙන් හපනකොට බල්ලට රිදෙනවා. බල්ලා කහනකොට මැක්කෝ හැලෙනවා. ඊට පස්සේ ආයෙත් මැක්කෝ බල්ලාගේ එල්ලෙනවා. මැක්කෝ කවදාවත් බල්ලා දාලා යන්නේ නෑ. මේ වගේ හොර තක්කඩි රටට මහා සාපයක්...!

:       3       99

රවීන්ද්‍ර Sunday, 13 March 2022 08:22 PM

'වාසුදේව' කියන්නේ වැදගත් දේශපාලන චරිතයක්.... තමුන්ගෙ ඇත්ත නමින් පෙනී හිටින්න කොන්දක් නැත්නම් xyz වගේ නමකින් කමෙන්ට් කරන්න....

:       80       29

Hafeel Monday, 14 March 2022 05:26 AM

අනේ වාසුදේවට වැදගත් දේශපාලන චරිතයක් කියලා කියනවා නම්, වැදගත් කියන වටිනා වචනයටත් වටිනාකමක් නැහැ. වාසුදේව එදා චන්ද්‍රිකාගේ යුගයේ හොරකම්, දුෂණ, වංචාවලට එරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කළා සහ එදා පි.බී. ජයසුන්දරට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයටත් ගියා. නමුත් මහින්ද එක්ක එකතු වුණායින් පසුව ඔහු වෙනස් වුණා. අද ඔහු ඉන්නේ පට්ට දුෂිතයින් එක්ක. අද දූෂණ, වංචා වෙනුවෙන් හඬ නගන තරමට පහත්වෙලා...

:       6       19

Ajith Sunday, 13 March 2022 06:35 PM

හැමදාමත් කළේ අනුන්ගේ හුඹස්වලට රිංගලා හුඹස තිබුණු සමගිය විනාශ කරන එකනේ...

:       2       71

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 13 March 2022 06:45 PM

හොරකම් කරපු අය බේරාගන්න මෙතුමා ඇමැති කාලේ කටයුතු කළා යැයි පසු කාලයේ ආරංචි පැතිර ගියා මතකයි. කල්යල් බලා තමන් නිවැරදි බව කීමට වෙර දරනවා වගෙයි පෙනී යන්නේ.

:       30       47

Ruhunu Sunday, 13 March 2022 06:50 PM

පොළඟා නෙවෙයි, උරුලෑවා කිව්වා නම් තමයි හොඳ...

:       4       38

menna Sunday, 13 March 2022 07:18 PM

දේශපාලනයට ද්විත්ව පුරවැසිභාවය සුදුසු නැත. ව්‍යාපාර (පවුල්) වල ආරවුල් ව්‍යාපාර පනතෙන් විසඳ ගත්තොත් හොඳයි. රටක ව්‍යවස්ථාව එක්ක සෙල්ලම් කරන එක හොඳ නැහැ...

:       1       107

Kalpa Sunday, 13 March 2022 07:37 PM

පසුගිය ආණ්ඩුවේ ඉඳගෙන හොර නඩය බේරලා දැන් බුරනවා. මේ වගේ අය මේ රටේ දේශපාලනයෙන් අතුගා දැමීමට මේ රටේ ජනතාව වගේ බලාගන්න ඕනෑ කළේ දැන් ඇවිල්ලා... එසේ නැතිවුණොත් මේ කාලකණ්ණි පාලන රැළ හැමදාම මේ රටේ රජ කරනවා.

:       9       50

siri Sunday, 13 March 2022 07:37 PM

අනේ හොඳට තිබුණු අපේ රට... රටම පොළොංගු කෑවා වගේ කෙටි කාලෙකින් විනාශ වුණු හැටි...

:       11       37

pakeer Sunday, 13 March 2022 07:54 PM

එතකොට දැන් මේ රටම කෑවේ පොළඟද? පොළඟගේ එකවුන්ට් එකටද ඔක්කොම දාන්නේ? නියම ඇඟ බේරාගැනීම... !

:       0       67

naleen Sunday, 13 March 2022 08:14 PM

ඒ කතාව නම් සහතික ඇත්තක් බව පේනවා...

:       3       43

චමින්ද Monday, 14 March 2022 06:15 AM

පොළොංගු තුඹස්වලට රිංගන්නේ නැහැ කියලයි අපි දන්නේ.. රිංගුවායැයි කියමුකෝ ඇතුලේ ඉඳලා පිටවෙලා යාවි... නමුත් තලගොයා රිංගන්නේ තුඹසට අයිතිකාරයෝ (වේයො) ආහාරයට ගන්න. වේයන් ආහාරයට ගත්තාම අන්තිමට ඉතිරි වෙන්නේ හිස් තුඹස පමණි. හදපු අයත් නැහැ. රිංගපු තලගොයාත් නැහැ. හරියට එජාපයට වෙච්චි දේ වගෙයි. කොහොමත් රාජපක්ෂ පරපුරේ කෙනෙක්ම ඒ පරපුර විනාශ කරන්න හැදීම හොඳ වැඩක් නොවෙයි.

:       0       4

DDWednesday, 16 March 2022 12:48 AM

කොහොමත් රාජපක්ෂ පරපුරේ කෙනෙක්ම තමයි ඒ පරපුර විනාශ කරන්නේ . (රාජපක්ෂ නොවන අයට රාජපක්ෂලා විනාශ කළ නොහැක).

:       0       0

Bunny Preena Monday, 14 March 2022 08:48 AM

අන්තිමට මේ ඔක්කොමලාම එකතුවෙලා රටත් කනවා... අපිවත් කනවා.

:       0       10

පිටිගල මිලානෝ Monday, 14 March 2022 01:57 PM

වේයෝ... ගැලපෙනම නම. වේයෝ සාටක එල්ලාගෙන රට කෑවා. අලුතෙන් පැමිණි පොළඟෙක් නැත. ඔහුද වේයෙකි...

:       0       4

සමිත සේනක අලුත්ගමගේ. Monday, 14 March 2022 02:12 PM

"අස්වී ගියත් මැති ඇමැතින් අපගෙ රටේ ... සාරය රසට උරලා බිව් මකර කටේ ... වාදම අනේ ! සිටගෙන පෙරලුනු එපිටේ.. කියනා අයුරු පුදුමයි සහයෙන් දෙකටේ... "

:       0       8

මෝ Tuesday, 15 March 2022 03:42 AM

මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කල පොහොට්ටු,යූඇන්පී,ශ්‍රී ලංකා,සමසමාජ,කොමිනිස්,නවසස අදී කුජීත පක්ශ සහ ගනයියන් එකෙක් වත් ආයෙ පාර්ලිමේන්තුවට යවන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 13 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 275 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


අපේක්ෂා පොදි බැඳ දුන් ඡන්දයට සාධාරණයක් කරනවා
2025 අප්‍රේල් මස 24 85 0

අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.


මත්ද්‍රව්‍ය බෙදූ යුවළක් තලවතුගොඩින් අල්ලයි
2025 අප්‍රේල් මස 24 184 0

හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත


දළදා පෝලිමට පොලිසියෙන් ස්ටිකරයක්
2025 අප්‍රේල් මස 24 676 0

නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.


පාතාලයට උදව් කරන පොලිස් ලොක්කෝ පිරිසක්
2025 අප්‍රේල් මස 24 704 2

පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ද සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 688 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 341 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 488 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site