දිවා හා රාත්‍රී කාලයේ ගෙවල් බිඳ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධි 32කට සම්බන්ධ බව කියන සැකකරුවකු (32) සොරා ගත් රුපියල් පන් ලක්ෂයක පමණ භාණ්ඩද සමග අත්අඩංගුවට ගත් බව ගනේමුල්ල පොලීසිය කියයි.
ඔහු ගම්පහ මාකේවිට පදිංචිකරුවෙකි.
ජා ඇළ සොරකම් 15කට ද, ගනේමුල්ලේ 12කට ද ගම්පහ දෙකකටද ඔහු සම්බන්ධ බවට ගනේමුල්ල පොලිස් ස්ථානාධිපතිට ලැබුණු තොරතුරක් අනුව බයිසිකල්, පරිගණක, ලැප්ටොප්, කැමරා, රන් ආබරණ, ජංගම දුරකතන ආදියද සමග ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ ඔය වයසට කරලා තියනවා මදි (නි)
මෙයාට ක්‍රිකට් ගහන්නය් තිබුනේ බෝලෙට එක ගානේ. (ත)
තව වයසට යනවිට සොරකම දෙගුණ කරාවි. හිරේ දමා නැවත ආපසු මොවුන් අපහු කරන්නෙත් ඕකම තමා. සෞදි වල දඬුවම් ලංකාවෙත් ක්‍රියාත්මක කල යුතුය . (ත)
ඉපදුනු දවසේ ඉඩමම හොරකම් කරලා නේ (දී)
වයසට ගැලපෙන දක්ෂ හොරෙක් (නි)
මේ යස අගේට රජ වැඩක් කරලා තියෙන්නේ. මේ වගේ හොරුන්ට ගහන්නේ නැතුව කොහොමද?ගම්පහ ඉන්නේ පල් හොරුනේ. එල්ලලා මරන දඩුවම තමයි දෙන්න ඕනෑ. (නි)
හංගපු හොරබඩු පෙන්නන්න එක්ක යන්නේ නැද්ද? (නි)
තරාතිරම නො බලා අලුතින් දඬුවමක් හදලා හෝ දඬුවම් දෙන්න. මිනිහ හිරේ දැම්මට වරද හිරවෙන්නේ නැති බවත් මතක තබා ගන්න. (නි)
වයස 32 යි හොරකම් 32 යි ගෑනු 32 යි දත් 32 පුදුම වැඩන්නේ. (ස)
ඉපදුන දා පටන්ම මු හොරකම් කරලනේ.(නදී)