කොළඹ නීති පීඨයේ අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාවගේ වම් අත කපා ඉවත් කිරීමට සිදු වූයේ මාතර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුගේ නොසැලකිල්ල සහ රෝහල් සේවයේ පවතින යම් යම් ගැටළු හේතුවෙන් යැයි ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටු වාර්තාවේ සඳහන් වන බව සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක කියයි.
ඔවුනට කමිටුවක් මගින් චෝදනා පත්‍ර සකස් කර ඒවා විනය පියවර ගැනීමට රාජ්‍ය සේවා කොමිසමට යොමු කරන බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරයි දොස්තර මහත්තුරු හිටියේ. දැන් ඉන්නේ දොස්තර මුදලාලිලානේ. (නි)
අන්තිමට ඒ ළමයා අසරණ උනා (දී)
මේ කමිටුවට දොස්තරලා හිටියත් ඉතාම අපක්ෂපාතීව තීරණය ඉදිරිපත් කරලා තිබීම ගැන සතුටුයි. (නි)
දඬුවම් පසුවට... වහාම නැවත නොවීමට කටයුතු කරන්න..(ස)
පෙරේරා, ඔහේ දන්නැතෙයි, දකුණෙ විතරක් නෙවෙයි මෙහෙම ආශ්චර්යයන් අද රටේ හැමතැනකම වෙනවා හොදේ. (නි)
ලංකාවෙ තියෙන නරකම රෝහල මාතර. (නි)
"මැරයොත් දකුණේ. වැඩත් දකුණේ. ආසියාවේ ආශ්චර්යයත් දකුණේ.." පෙරේරා මහ කුහකයෙක්. (නි)
මේවගේ දොස්තරලාට කිසිම රස්සාවක් කරන්න බැරි තැනට දඩුවම් දෙන්න. මොන අපරාධයක්ද අර අචලාට කළේ? මොහු වෛද්‍ය සේවයෙන් නෙරපිය යුතුයි. (නි)
මගේ රට බේරාගත් රණවිරුවන්ට ජයවේවා (දී)
පෙරේරා දකුණ තිබුණොත් රට තියෙයි. ඒක මතක තියා ගන්න..(ස)
පෙරේරා දකුණ තිබුණෙ නැත්නම් ඔයාලා මෙලහකටත් කොටියගේ දාසයෝ වෙලා...(ස)
ලංකාවේ වෛද්‍යවරයකුට තියා ලංකාවේ කිසිම නීතියක් නෑ. මිණියක් මරණ එක ලොකු දෙයක් නෙවේ. (ස)
පුත්ගලික රෝහලකදී මට සත් කමක් කරන්න වුනා දොස්තර මගෙන් ඇහුවා අපි දැන් ඔයාව සිහිනැති කරන්න යන්නේ එක කරන්න ඉන්ජෙක්ෂන් එක ගනන්නද බිල පෙන්නන්නද කියලමම කිව්වා බිල පෙන්නන්න කියල ?සිහිනැති උනා අගේට
පෙරේරා මේ මොනවද කියන්නේ...? අද උදේ බිරිඳගෙන් ගුටි කෑවද දකුණට බනින්නේ...? (ස)
දොස්තරලා හිතං ඉන්නෙ ලෙඩුන් තමන් වෙනුවෙන්ය කියල. මෙය වෙනස් විය යුතුයි. තමන් ලෙඩුන් වෙනුවෙන්ය කියල. මුදල් පසුපස හබා යන දොස්තරලාට එරෙහි ව්‍යාපාරයක් ගොඩ නොනැගුනොත් අනාගතයේදී ලෙඩුන්ට දෙයියන්නෙ පිහිටම තමයි.(ස)
පෙරේරා කිවුවෙ වැරදි කතාවක්. රටේ අවාසනාවට ඒ වගේ අණුවනයොත් ඉන්නවනෙ(ස)
කකුල් මාරු කරලා වෙන කකුලක් කඩපු දොස්තරලාට මොකද වුණේ? හෙදියන්ව දූෂණය කළ දොස්තරලාට මොකද වුණේ? ඔය තවමත් යසට ඉන්නේ? (නි)
පෙරේරාට ජයවේවා...!!!(ස)
ලංකාවේ දොස්තරලා හුගක් දක්ෂ වුණත් හිතක් පපුවක් නැති අය වැඩියි. (නි)
දැන් ඉතින් බලාගෙන ඉන්න කොමිසම දඩුවම් දෙනකල්. ඕක වෙනකොට ලබන කල්පය වේවී. " අපි දැස් දල්වා බලාසිටිමු " (නි)
පෙරේරා කිවු දේ හොඳයි.....(ස)
දිනපතාම ඔය වාගේ සිද්ධි ඕනෑ තරම් සිදුවුණාට ඒ පරික්ෂණ කරන්නෙත් ඒ අය නිසා මෙච්චර කල් බොරු කළ බවයි ඔප්පු වෙන්නේ. (නි)
මහත්තයෝ ඔබතුමා ඔය කියන විදියට ජීවිතේ කවදා හරි වැඩ කරලා තියනවද ? ඔබ තුමාගෙ රස්සාව මොකක් ද කියලත් කීව නම් බලන්න.(නදී)
එදා උතුරු නැගෙනහිර යුද්ධ කාලේ , වෛද්‍යවරු නොහිටිය නම් උතුරු නැගෙනහිර යුද්ධෙ කරලත් ඉවරයි, ඔය කියන වෛද්‍යවරුත් ඒ කාලෙ උතුරු නැගෙනහිර වැඩ කරන්න ඇති , ඒ හින් දා පව් නොකරපු පින් වතෙක් ඉන්නව නම් ගල් ගැහුවට කමක් නෑ.(නදී)
ලංකාවේ වැඩිපුරම ඉන්නේ අන්ධ අදහස් තියෙන අය. දොස්තර කෙනෙක් කවදාවත් ලෙඩෙකුට වැරදි ප්‍රතිකාර කරන්නෙ නැහැ. (නි)
ආයේ අහන්න දෙයක් නැහැ (දී)
මේ කාරනාවට අදාළ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන්, පශ්චාත් යුද සමයේ හමුදාව මුදා ගත්, මාස ගණනක් වෛද්‍ය ප්‍රතිකාර නොලත්, විවිධ අනතුරු වලින් ලත් තුවාල- භග්න සහිත බාල, මහලු, ගැබිණි කාන්තාවන් , ළමයින් ඇතුළු ලක්ෂ තුනකට වඩා වැඩි අභ්‍යන්තරව අවතැන් වූ විශාල ජනගහනය නවාතැන් ගත් කදවුරු වල ක්ෂේත්‍ර රෝහල් සහ නුදුරු ශල්‍යාගාර වල එකදිගට මීක් නොකියා දිනකට පැය 15-20ක් බැගින් සති ගණනක් පුරා ශල්‍යකර්ම කරමින් වැඩ කිරිමට සැළැස්විය යුතුයි. (නි)
මම නම් කියන්නේ මේ රටේ දොස්තරලා ඔක්කොම හන්දි වල එල්ලන්න ඕනෑ. හැමෝම රෝහල් වර්ජනේ කරමු. නූලක් බැඳගෙන කට්ටිඩිකම් කරගෙන සුව වෙමු. උගත් සෞඛ්‍ය ඇමතිතුමාලගෙන් බෙහෙත් ගමු. (නි)
ලංකාවේ දොස්තරලා කැමති නැහැ ලෙඩාගෙ පාර්ශවයට රෝගය කියන්න. ඒ තරමට ඔවුන් උද්දච්චයි. පුද්ගලීක දොස්තර විභාග පාස් කරන අයත් ඈලජික්. මොකද වැඩිපුර දොස්තරලා බිහිවුණාම ඩිමාන්ඩ් එක නැතිවෙන නිසා. මේක අප දකින්නේ ඊර්ෂ්‍යව හැටියටයි. අනේ අපේ ලෙඩ්ඩුන්ට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේම පිහිටයි. මේ පුද්ගලික රෝහල් වලට නීති කෙටුම්පත් නැද්ද? ඇමතිතුමා මහජනයාගෙ පැත්ත ගත්තොත් මහජනයා හැමදාම ඔබලාව තනිකරන්නේ නැහැ. (නි)
ලංකාවට සිටින වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවේ. (නි)
නැතුව වෙන කාගේද (දී)
අපේ මිනිස්සුන්ට කිවුවට තේරෙන්නෙ නැහැ නාත්. මොකද දොස්තර මහතෙක්ට ගහන්න හම්බ වෙන්නෙ කොයි වෙලාවෙද බලාගෙන ඉන්නෙ. ගොඩක් දොස්කරවරු එහෙමයි කියන්නෙ දොස්තරලා කී දෙනෙක් ගැන දැනගෙනද? ඉස්පිරිතාලෙකට ගිහින් බලන්න,දොස්තරලා මුදලාලිල නෙමෙයි. ලංකාවෙ වැඩියෙන්ම වෘත්තීය අසාධාරණයට ලක්වෙලා ඉන්නෙ වෛද්‍යවරු. ඒ රටවල වෛද්‍ය පහසුකම් ලබාගන්න උහුලන්න බැරි ගානක් ගෙවන්න වෙනවා. ඒ මදිවට මෙහෙ අධික රෝගින් පිරිසක් බලන්න වෙනවා. අපේ අයට කියලා වැඩක් නැහැ. (නි)
වෛද්‍ය වෘත්තිය සුනඛයාට යාමට හේතුව දෙවිවරුන් වැන්නන් අතරමැද්දේ යක්ෂයින්ද සිටින බැවිනි. (නි)
මා දන්නා පරිදි ලංකාවේ වෛද්‍ය වරුන් සංඛ්‍යාවේ විශාල අඩුවක් ඇත . වෙනත් රටවල විනාඩි 40 ක් පමන වැය කර බලන රෝගීන් වි 5 ක් වැනි සුළූ කාලයකදී බැලීමට ලංකාවේ වෛද්‍ය වරුන්ට සිදු වී ඇත . නියමිත කාලය වැය කොට රෝගීන් බැලුවහොත් ප්‍රතිකාර නොලැබී මිය යන සංඛ්‍යාව ඉතා ඉහල විය හැක.(නදී)
ඔය ගැන ඔපමන සොයා බැලුවේ එයා නීති විද්‍යාලෙ නිසා. ලංකාවේ ඕනා තරමි ඔවැනි දේවල් දොස්තරලා අතින් වෙනවා.(නදී)
වෛද්‍යවරුන්ට තියෙන ගරුකිරීම මේ වගේ දේවල් වලින් නැති වෙනවා.(නදී)
වරදට දඩුවම් ලැබුනොත් තමයි හරි (දී)
ජයමාල් ඔබ හරි (දී)
100% ඇත්ත සම්පුර්ණ වරද ඒ රෝහල සතුයි (දී)
පැහැදිලිවම....පැහැදිලිවම.... (දී)
ලංකාවේ රෝහල් වල දොස්තරලාට බලන්න තියෙන ලෙඩුන් ගණනට සීමා පැනවිය යුතුයි. (නි)
පේනවානේ හොදටම (දී)
නිසි දඩුවම් දෙන්න ඕනේ (දී)
දොස්තරලා වර්ජනය කරන්න ගත්තට පස්සේ ඊළගට...? (නි)
සංවර්ධනය වූ රට වලට වන මෙවැනි දේවලට සාධාරණය ඉටුකරන්න. (නි)
රජයේ රෝහල්වල හුඟාක් දොස්තරලා ඉන්නේ ෆෝන් කනේ ගහගෙන, නැත්නම් ෆෝන් එකෙන් ෆේස්බූක් ලොග් වෙලා චැට් කර කර. මේ මගේ ඇස් දෙකෙන් දැක්ක දෙයක්. මේ වෙලාවට එයාලගෙන් මොකක්හරි ඇහුවොත් කේන්ති යනවා . වැරදි කරුවන්ට සාදාරන දඬුවම් දෙන්න ඕනේ.
මොනවා අහනවාද (දී)
කෝ අර රජයේ වෛද්‍ය නිලධාරීන් කියන කට්ටිය .. මීඩියාවලට විරැද්ධව වර්ජනයකුත් කලා නේද? මීඩියාවලට බැන බැන මීඩියාවලින්ම ප්‍රසිද්දිය ඉල්ලනවා.. මීඩියා ඉන්නේ වැරදි කරන කට්ටියගේ කිලිටි හෝදන්න නෙමෙයි.... මෙන්න ඇත්ත.. දැන් දෙමුකෝ...උත්තර... වැරදි දොස්තර කියලා ඔප්පු වුණානේ (දී)
දැන් මොකද්ද මේකට දෙන දඩුවම (දී)
වන සිව් පාවුන් වැනි මිනිසුන් මද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත (දී)
ගොඩක් දොස්තරලා ලෙඩ්ඩුන්ට හරියට සලකන්නේ නැ . විශේෂයෙන්ම චැනල් සෙන්ටර් වලට එන දොස්තරලා . එයාල බලන්නේ කොහොම හරි ඉක්මනට අඩු වෙලාවකින් වැඩි ලෙඩ්ඩු ටිකක් බලල වැඩියෙන් ගාණ සාක්කුවේ දාගෙන ගෙදර යනඑක විතරයි . මටත් එහෙම අත්දැකීමක් තියෙනවා . (දී)
මගෙ තාත්තාගෙ මල්ලීගෙ මරණය සිද්ද උනෙත් ඔය කියන මාතර මහ රොහලේ තමයි.පැය 3ක් ට්‍රොලියෙ තියාගෙන හිටිය.එක දොස්තර මහත්තයෙක් බලන්න අවෙ නැ. එදා අපට නියමාකාර දඩුවමක් දෙන්න බැරි උනා නොසැලකිලිමත් අයට.මෙ රටේ ලොකු වියදමක් දරනව දොස්තර විභාගය සමත් වෙනකම් එයාලට ඉගෙනගන්න. එවට සල්ලි වියදම් කරන්නෙ බදු ගෙවන අපි.දෙවියො වගෙ දොස්තර මහත්වරුත් ඉන්නව.එත් සල්ලි ගැන විතරක් හිතන අය නිසා තමයි මෙ වගෙ දේවල් වෙන්නෙ.මෙක හොද පාඩමක්.හොද දඩුවමක් දෙන්න ඔන මෙයාලට. (දී)
දොස්තර කමට සුදුසු නැති දොස්තර කෙනෙක් .හොඳට හොයල බලන්නල මෙයාට දෙස්තර සුදුසුකම් තියෙනවමද කියල . හොරට විභාග පාස්වෙලාද දන්නේ නැ මෙච්චර කල් දොස්තර කම කලේ . (දී)
මට මේකට කියන්න තියෙන දේ හිතේම තියා ගන්නම්. මොකද කියනවා නම් ඒක මේකේ පළ කරන්න බැහැ. මම මේනකටත් එකඟයි. (නි)
මේක හොද අවස්තාවක්, ඒ වෛද්‍ය වරයා කැපුවේ නීති සුසුවියකගේ අතක් (දී)
එහෙනම් කට්ටිය ගෙදර යන්න සූදානම් වුණා නම්.... (නි)
කාලෙකට පස්සේ හොද කමිටු වාර්තාවක්. (නි)
හාපෝ! මේවා අහනකොට අසනීපයක් හැදිලා රෝහල් වලට යන්නත් බයයි. (නි)
අවසන ්වශයෙන් මා හට කීමට ඇත්තේ ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින නොව කිසිදා සංවර්ධනය කළ නොහැකි රටක් යන්නයි. (නි)
මේවගේ දොස්තරලාට කිසිම රස්සාවක් කරන්න බැරි තැනට දඩුවම් දෙන්න. මොන අපරාධයක්ද අර අචලාට කළේ? (නි)
සාධාරණය ඉටු වේ දැයි අපි බලාසිටිමු. (නි)
නියමයිනේ. (නි)
හඩනගපු නිසා ඇත්ත හෙළිවුණා. (නි)
ලොකු අත්තක් අල්ලා ගත්තොත් මිනියක් මරලා වුණත් ගැළවෙන්න පුලුවන්, මේ ලංකාවේ. (නි)
මෙතන ලොකු වරදක් වෙලා තියෙනවා තමයි. ඒත් මම නම් හිතන්නේ මේක කාගේත් අවාසනාවට වෙලා තියෙන දෙයක් කියලයි. නොසැලකිලිමත් කමට සමාවක් නැහැ තමයි. ඒඋනාට අතට හානියක් කිරීමේ චේතනාවෙන් ප්‍රතිකාර කලාය කියලා මම හිතන්නේ නැහැ. මේ රටේ ඕනතරම් හොඳ වෛද්‍යවරු ඉන්නවා..(ස)
නැගණියට සාධාරණයක් ඉටු වේවා! (නි)
මේ වගේ තමන්ගේ රාජකාරිය වගකීමක් නැතුව කරන අයට නිසි දඩුවම් දෙන්න ඕනෑ. (නි)
ඒ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හිතන්නේ එයාලා තරම් උගත්, බුද්ධිමත් කට්ටියක් වෙන කොහේවත් නැහැ කියලා. (නි)
රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව පෙරේරා මහත්තයෝ. (නි)
ඉතා ඉක්මනින් වාර්තාව රටට හෙළිකිරිම ගැන අදාල අංශවලට ප්‍රණාමය! අදාල චුදිතයන්ට ඉතා ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
මෙහෙමත් රටක අපිත් ඉන්නවනේ? (නි)
අපිනම් වරද කාගේද කියල කලින්ම දන්නවා. එහෙත් ඒ වරද කරපු දොස්තර කියන්නේ ළමයාගේ නරක වෙලාව වෙන්නැති කියලා. වරදක් කරලත් බය නැතිව මේ වගේ වනචාරී කතා කියනවට දෙන දඩුවම මොකක්ද? දෙන තීන්දුව අපිට හිතා ගන්න පුළුවන්. (නි)
ලංකාවෙ වෛද්‍ය වෘත්තිය ජාත්‍යන්තරවත් ඉතාමත්ම ඉහළින් තියෙන්නෙ. සාමාන්‍යයෙන් අනිත් රටවල්වල නියමිත ලෙඩුන් ප්‍රමාණයක් තමයි බැලිය යුතු. නමුත් ලංකාවෙ ගොඩක් බලන්න සිද්ධ වෙනවා.වෛද්‍ය පහසුකම් වැඩිකරන්න ඕනෑ. තව දෙයක් තමයි මිනිස්සු ගහන්නෙම වැඩක් කරන මිනිහට. දොස්තරලත් මේ අදහස් දක්වපු අය කියන විදියට කළා නම් කවුරුත් වචනයක් කතා කරන්නෙ නැහැ. කවුරුහරි වෛද්‍යවරයෙක්ට ගැහුවා කීවොත් හිතින් කොච්චර සතුටු වෙනවද? ඇයි ඒ? හිත් කොච්චර දූෂිතද,ගුණමකුද? (නි)
හැම තැනම නම් ගම් ප්‍රසිදධ කරන එකේ මෙම සිද්ධියට අදාල අයගෙ නම් ගම් ප්‍රසිදධ කරන්න බැරිද? කවුරුහරි පොලිසියට අල්ලගෙන යනකොටම පත්තරේ නම ගම වැටෙනවා නේද? ඇයි මෙතැනදී එය කරන්න බැරි? (නි)
සිදුවූ විපතට වන්දි ගෙවන්න වෙයි (දී)
පසුගිය දිනක කොළඹ නවලෝක රෝහලේ දී එම්. ආර්. අයි. පරීක්ෂණයක් සිදුකරන අතරතුර, එහි ඔක්සිජන් සැපයුම අඩාල වීම (බැලුනයක් පුපුරා) හේතුවෙන් මොළය අකර්මණ්‍ය වීම හේතුවෙන් පස් හැවිරිදි දියණිය (අප දන්නා පරිදි) මිය ගියේය. ඇයගේ සිරුර දියණියගේ දෙමාපියන්ට භාර දී ඇත්තේ රු 900,000/- ක පමණ බිල් පතක් ද සමඟිනි. නමුත්, මෙම සිදුවීම බොහෝ මාධ්‍ය ආයතන මඟින් (අප බැලුවේ අන්තර්ජාල සංස්කරණය) අනාවරණය කර තිබූ නමුත්, ඔහුන් අදාළ රෝහල දමන්නේ නැත. මිය ගිය දැරියගේ සියලු විස්තර ඔවුන් දනී. අදාළ සිදුවීම ද සියලු අදියර සහිතව දනී. ඡායාරූපද ගෙන ඇත. නමුත්, රෝහල කුමක්දැයි නොපවසන බැවින් ඔහුන් එය දන්නේ නැති බව පෙනී යයි. එබැවින් බොහෝ දෙනෙකුට එය පෞද්ගලික රෝහලක් පමණක් විය. (නි)
පෙරේරාගෙ ඉරිසියාව ටිකක් උග්‍ර වෙලා වගේ. පවු. (නි)
මීට අදාල පුද්ගලයින්ට නිසි දඬුවම් ලැබිය යුතුයි. එමෙන්ම අනෙක් පුද්ගලික රෝහල් සිද්ධි ගැන සොයන්නත් කමිටු පත් කරන ලෙස ඉල්ලා සිටිමු. (නි)
මේ චූදිත රෝහල් කාර්ය මණ්ඩලයේ ඒ වෙලාවේ වාට්ටුවේ සිටි හෙදියනුත් ඊට අනිවාර්යෙන්ම වගකිව යුතුයි. ප්ලාස්ටර් තදද නැද්ද කියා ඔවුන් ලෙඩාගෙන් අනිවාර්යෙන්ම ඇසිය යුතුයි. මමත් රෝහල් හා සම්බන්ධව කටයුතු කල කෙනෙක්...(ස)
මැරයොත් දකුණේ. වැඩත් දකුණේ. ආසියාවේ ආශ්චර්යයත් දකුණේ... (නි)
ප්ලාස් ඔෆ් පැරිස් වෙලුම් පටි දාපු කෙනාට ප්‍රශ්නයක් නැහැ නේද? (නි)
මේනක, මුතුකුඩ, ඔබලා දෙන්නා නියමෙට කිව්වනේ ලංකාවේ ඇත්ත තත්ත්වය ගැන. අපරාදේ අර ලස්සන කෙල්ලගේ හොඳට තිබුණු අත...(ස)
එකේදෙකක් නැහැ (දී)
මම කිසිවිටෙකත් මෙවැනි වාර්තාවක් බලාපොරොත්තු වුණේ නැහැ. (නි)