1815 මාර්තු 02 වැනි දා, ඉංග‍්‍රීසි කොඩිය බිම දමා නැවත සිංහ කොඩිය එසවීමේ වීර ක‍්‍රියාවට වසර 198 ක් සපීරීම සිහිකරමින් වාරියපොල පිහිටි සුමංගල මාහිමියන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර පිදීම අද (2) උදෑසන සිදුකැරිණි. අනුරාධපුර බුද්ධශ‍්‍රාවක විශ්ව විද්‍යාලයේ උපකුලපති තුඹුල්ලේ ශ‍්‍රී සීලක්ඛන්ධ වයඹ පළාතේ ප‍්‍රධාන සංඝනායක නායක නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ගිහිපැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමැරුණු ඉතිහාසයක් අපට ඇත. මළ විරුවන් කළ කී දේ සදා මතකයේ ඇත. මෙම විරුවන් අපේ අභිමානයයි. (නි)
ඇයි අපේ වාරියපොළ ශ්‍රේෂ්ඨ ඇමතිතුමන්ලා?? (නි)
කෝ වාරියපොළ අවට ඇමතිතුමන්ලා? (නි)
මේ උත්තමයෝ අද හිටියා නම් අපේ රටේ තත්ත්වය දැකලා මොනවා හිතෙයිද? (නි)
මේ ජාතික වීරයින් අද හිටිනා නම් අද රටේ තත්ත්වය දැකලා හොදටම කණගාටු වේවි. (නි)
මෙවන් ශ්‍රේෂ්ට අභීත හිමිවරුන්ගේ හිගකම නිසා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නේ. (නි)
හදවතින්ම සැමරිය යුතු හිමිනමක්. (නි)
ඉතාමත් වැදගත් ක්‍රියාවක්. (නි)
මෙන්න නියම සිංහල උතුමාණන් වහන්සේ නමක්. ජාතික වීරයෙක්. මා ඉංග්‍රිසි බසින් ලියැවුන ඉතිහාස පොතක දැක්කා මෙම සිදුවීම මුළු හිරු නොබසින අධිරාජ්‍යයටම එල්ල වු අතුල් පහරක් ලෙස එවකට සිටි එංගලන්ත පාළකයින් සැලකූ බව. (නි)
ඔබ වහන්සේ අපේ රට ජ්ජාතිය බේරා ගත වීර වරයෙක් (දී)
මම සදා ගරු කරනවා ඔබ වහන්සේට (දී)
නිවන් සුව ලැබේවා (දී)
අපි අපේ ජාතික වීරයන් හැමදාම සමරිය යුතුයි (අ)
සුමංගල හිමියනි, ඔබ සදා අමරණීයයි! (නි)
ජාතික අභිමානය වැඩි වැඩියෙන් මතුවෙන කාලයක් ඇවිත් සතුටුයි (අ)
අන්න රට ජාතිය සහ ආගම වෙනුවෙන් සටන් කළ නියම ජාතික විරුවෝ. (නි)
වාරියපොළ හිමියන්ට ජාතියේ ආචාරය හිමි වේවා! (නි)
මේ ස්ථානය පිහිටා ඇත්තේ කොහේද? (නි)
උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! (නි)
ඒවා යුතුකම් (දී)
මෙහෙවරකට උපහාර (දී)