ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර මෙල්බන්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරන ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයන් දෙපළක් වන ප‍්‍රසන්න ජයවර්ධන සහ චානක වෙලගෙදර ආබාධයන්ට ලක්ව සිටිති.
වේග පන්දුයවන චානක වෙලගෙදර තරගයේ දෙවැනි දිනය වන අද (27) පෙරවරුවේ පන්දු යවමින් සිටියදී දකුණු පාදයේ ආබාධයකට ලක්වීමෙන් පිටියෙන් ඉවත් වූ අතර වෙලගෙදර මේ වන විට ස්කෑන් පරීක්‍ෂණයකට ද පෙනී සිටි බව වාර්තා වේ.
කඩුලූ රකින ක‍්‍රීඩක මැද පෙළ පිතිකරු ප‍්‍රසන්න ජයවර්ධන පළමු දිනයේ පන්දුවට පහරදෙමින් සිටියදී දකුණු අතේ මහපටඇගිල්ලේ පන්දුව වැදීමේ ආබාධයකට ලක්ව සිටින අතර දෙවැනි දිනයේ කඩුලූ රකින්නා ලෙස කුමාර් සංග්කකාර කටයුතු කළේය.
මාස අටක පමණ කාලයක් ආබාධයන්ට ලක්ව සිටීමෙන් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටි වෙලගෙදරට බොහෝ විට ඕස්ටේ‍්‍රලියානු සංචාරයේ ඉදිරි තරග අහිමිවීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද තුන්වන ටෙස්ට් තරගාවලියේදී දිනේෂ් චන්දිමාල් ඇතුළු නවකයින්ට තැනක් දුන්නානම්? (නි)
අපේ ක්‍රීඩකයන්‍ට වෙන මොනවාහරි කරන්න කිව්වනම් කරයි..!(නු)
ආබාද අයට පැත්තකට වෙලා ඉන්න කියන්න.. ජයසූරිය වගේ බාර් එකක්වත් දාගෙන..!(නු)
චමින්දලාට සහ වේග පන්දු යවන අල්විටිගලට අවස්ථාවක් දුන්නනම් හරියට හරි.. එහෙම නැත්නම් තුන් ඉරියව් ක්‍රීඩක චින්තක ජයසිංහ දැං ඉන්නෙත් ඕස්ට්‍රේලියාවෙනෙ..!(නු)
රොෂාන් කොහොම හරි ඇවිල්ලා..!(නු)
සල්ලි ටිකක් වැඩිපුර දෙනවානම් අයි.පී.එල්.වගේ සෙල්ලම් කරයි..!(නු)
මාලිංග ඔයා නැවතත් ටෙස්ට් කණ්ඩායමට එකතුවෙනවානම් අපට හොද තරගයක් දෙන්න පුළුවං.. ඔබ දිනකට ඕවර පහළවක් දැම්මත් ඇති..!(නු)
අයි.පී.එල්. වගේ ගෙවනවානම් අපේ අය හොදට සෙල්ලම් කරයි..!(නු)
මදැයි නිදි මරාගෙන තරගය බලාගෙන හිටියා. ළකුණූ 4ට කඩුලු යි.... (නි)
ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් පණ අදින මට්ටමට ඇවිත් තියෙන්නේ. තියෙන ටෙස්ට් මැච් ටිකත් කැන්සල් කරලා කරන මේ විකාර වැඩ හින්දා දවස් දෙකහමාරක් යන්න කලින් මැච් එක ඉවරයි. හුගක් අයට ඕනෑ සල්ලි විතරයි. ඉන්දියාවට වුවමනා විදිහටයි පරිපාලනය වුණත් කෙරෙන්නේ. ඕවර 20 මැච්ම ගැහුවහම හරි. අර්ජුන කියපු දේවල් ඇස් පනාපිටම ඔප්පු වෙලා තියෙනවා. පාලක මණ්ඩලයට මේවට දෙන්න උත්තර තියෙනවද? අලුත් ක්‍රීඩාංගන හදන්න බිලියන ගණන් සල්ලි වියදම් කරනවා. ඒ වුණාට ඒ සල්ලි වලින් ටර්ෆ් ටිකක් හරි හැදුවා නම් වටිනවා. (නි)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (ස)