විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර මහතාට එරෙහිව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උදිත් අනුරාධ මහතා අද පැමිණිල්ලක් විභාග කිරීමට විල්ගමු පොලීසියෙන් ගිය විට පොලීසිය මරණීය තර්ජන එල්ල කළැයි සභාපති ලග්ගල පොලීසියට පැමිණිලි කර ඇත.
විල්ගමුවේ රැස්වීම්වලට නොයන ලෙස සභාපති තමාට තර්ජනය කළ බව අනුරාධ කියයි.
දෙදෙනාම සන්ධානයේ සාමාජිකයෝ ය.
පොලීසිය කියනුයේ එම පැමිණිල්ල විභාග කිරීමට ගිය විට සභාපති පොලීසියට බැණ තර්ජනය කළ බවයි.
තමා මරා දමණ බවට විල්ගමු පොලීසියේ පරීක්ෂකවරයකු තර්ජනය කළ බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසීමේ සිමාව පැනලා (දී)
අපේ රට දැන් මොන පැත්තටද යන්නේ කියලා මම නම් දන්නේ නැහැ (දී)
ඔය විදිහට පැමිණිලි කරනවානම් අපිත් කරන්නම්, ඕනෑතරම් තියෙනවා (දී)
දෙන්න හඩ... මෙන්න ඉඩ... (නි)
කොමිස් කුට්ටි නිසා තමයි මේ සේරම.(නදී)
තුන්දෙනාම එකම පක්ෂයක නේද? (නි)
පොලිසිය දේශපාලනයේ අතකොළුවක් නොවීම පිළිබදව අපේ ස්තූතිය! (නි)