IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වසර නවයකට පසු නහයක් ලැබේ

ඇසිඞ් ප‍්‍රහාරයකට ලක්ව වසර නවයක් නාසයක් නොමැතිව සිටි හොරණ වැසියෙකුට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ විස්කම් සැත්කමින්  නාසයක් බද්ධ කොට ඇත. සැත්කම පැය හතරක් ගතවිය. මෙම විස්කම් සැත්කම කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප‍්‍රධාන වෛද්‍ය දුලිප්  පෙරේරා මහතාගේ අධීක්‍ෂණය යටතේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහතා විසින් සිදුකැරිණි
 නාසයක් නොමැතිව  වසර නවයක් කටින් හුස්ම ගත් රෝගියාට ඔහුගේම නළලින් ගත් කොටසකින් අලූත් නාසයක් නිර්මාණය කොට බද්ධ කරන්නට ලැබීම සතුටක් බව පවසන වෛද්‍ය ගයාන් ඒකනායක මහතා මෙසේ පැවසුවේය. ෙ
මේ රෝගියා පිළිබඳව මට දැනගන්න ලැබුණේ   අන්තර් ජාලයෙන් ඒ අනුව මා මේ රෝගියා පිළිබඳව උනන්දු වුණා.
ඇත්තටම අපගේ රෝහලේ මෙවැනි ශෛල්‍ය කර්මයක් සිදුකිරිමට පහසුකම්  තිබෙනවා. ඒ අනුව මේ ශල්‍ය කර්මය සිදුකිරීමට පියවර ගන්නා රෝගියා පරීක්‍ෂා කිරීමේදී අපට වැටහුණ රෝගියාගේ ගාත්කුහරක් වැසී ගොස් තිබෙන්නේ පිටතින් පමණයි. ඇතුළතින් එහි කුහරවලට හානි සිදුවී නොමැති බව මේ ශල්‍ය කර්මය පැය  4ක් පුරා සිදුකළා.
මේ සඳහා ප්ලාස්ටික් සැත්කම වෛද්‍ය ඒකකයේ ප‍්‍රධාන වෛද්‍ය දුලිප් පෙරේරා මහතාගෙන් සහ  ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය තුෂාන් බොරගම වෛද්‍ය ජයනාත් පෙරේරා නිර්වින්දන විශේෂඥ වෛද්‍ය පි‍්‍රයංගනී ආරියරත්න, නිර්වින්දන ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි චමිකා අබේසිංහ නිර්වින්දන වෛද්‍ය ඒ. විදත් යන වෛද්‍යවරුන් විශාල සහයක් ලබාදුන්නා.
බදාදා (23) සැත්කම සාර්ථකව මුහුණදුන් හොරණ කෙසෙල් හේගාව ප‍්‍රදේශයේ නිශාන්ත හර්ෂ කුමාර මහතා මෙසේ කීවේය.
මම වසර නවයක් පුරාවට හුස්ම ගත්තේ කටින් මීට වසර නවයකට පෙර ඉඩම් ආරවුලක් මත ඇසිඞ් ප‍්‍රහාරයකට ලක්වී මගේ නාසයේ හුස්ම ගැනීමට නොහැකි ආකාරයෙන් වැසී ගියා.
 ඒ වෙනකොට මගේ වයස අවුරුදු  33 දැන් මගේ වයස අවුරුදු 42 මේ වසර   නවයටම මට හරිහැටි නින්දක් තිබුණේ නෑ. සෙම්ප‍්‍රතිශ්‍යාව හැදුනාම විශාල වශයෙන්  දුක් වින්දා. කෑම ගැනීම පවා විශාල ගැටලූවක්ව පැවතියා. මට දරුවන් තිදෙනෙක් සිටිනවා. දුවල දෙන්නයි පුතායි. ඇසිඞ් ප‍්‍රහාරයට ලක්වූ  නිසා මගේ දෑස්  පවා දියවී ගියා. අද මම නාසයෙන් හුස්ම ගන්නව.
මේ සැත්කම කරවා ගැනීමේ අවස්ථාව මට උදාකොට  දුන්නේ මගේ නෑයෙක් වන පුතෙක්. මා පිළිබඳව තොරතුරු අන්තර් ජාලයට මුදාහැරිමේ ප‍්‍රතිඵලයක් ලෙස. ඔහුගේ නම කාරියකරනගේ ෂෙහාන්. ඇත්තටම මේ වෛද්‍යවරුන් පෙනෙන දෙවියන් වගේ ඇත්තටම  දැන් මට හුස්ම ගන්න පුළුවන්.
මේ වනවිට මගේ පවුල් බර කරටම අරගෙන මගේ දරු තිදෙනාවත් රැකබලාගන්නේ මගේ බිරිඳ.


 

 

 



අදහස් (0)

වසර නවයකට පසු නහයක් ලැබේ

රූපසිංහ Friday, 25 January 2013 03:15 PM

වෛද්‍ය විද්‍යාවේ දියුණුව (දී)

:       0       0

පිටිගල මිලානෝ Friday, 25 January 2013 03:24 PM

රෝහල්වල පහසුකම් නොමැතිකමින් ලංකාවෙ දක්ෂ වෛද්‍යවරුන්ට තම උපරිම හැකියාවන් රටට දායක කර දීමට අපහසු වී ඇත..!(නු)

:       0       0

අනුර Friday, 25 January 2013 11:41 PM

මේවා දකිද්දී සමාජය ගැන කළකිරෙනවා. (නි)

:       0       0

සාලිය Friday, 25 January 2013 03:43 PM

අනේ වාසනාවන්! අහන්නත් සතුටුයි. (නි)

:       0       0

සී.කේ.ඩී Saturday, 26 January 2013 12:32 AM

ඉතාම හොද වැඩක්. තවත් මෙවැනි ක්‍රියා කරගෙන යන්න. සුභ පැතුම්, සාර්ථකත්වයට! ඔබ අයෙකුට ජීවිතය ලබා දුන්නා. ස්තුතියි ඔබට. (නි)

:       0       0

පෙරේරා Saturday, 26 January 2013 12:48 AM

ජීවත්වන සුලු කාලයේ වැරදි නොකරමු. (නි)

:       0       0

මධු Friday, 25 January 2013 03:59 PM

ඉඩමක් වෙනුවෙන් තමන්ගේ සතුරෙකුටවත් මෙහෙම කරනවාද? (නි)

:       0       0

අමිල Friday, 25 January 2013 04:05 PM

දොස්තර මහත්වරුන්ට මේ පිනේ ආනිශංස මෙලොවදීම ලැබේවා! (නි)

:       0       0

ප්‍රගීත් Saturday, 26 January 2013 04:30 PM

ඇයි මනුස්සයෝ මේ තරම් දරුණු? මට නම් අපේ රටේ ගැන මහා කළකිරීමක් තියෙන්නේ. (නි)

:       0       0

ඇතීනා Saturday, 26 January 2013 02:57 AM

එදා මොහුට ඇසිඩ් ගැසූ පුද්ගලයා අද ජීවතුන් අතර ඉන්නවා නම් මේවා දකිද්දී මැරී මැරී ඉපදෙනවා ඇති කියල හිතෙනවා මට නම්. (නි)

:       0       0

සදුන් Saturday, 26 January 2013 04:59 PM

ඔබලාට ඉතාම ස්තුතියි..!(නු)

:       0       0

නිරන් Saturday, 26 January 2013 04:59 PM

මේ තමයි පෙනෙන දෙවිවරු...!(නු)

:       0       0

දමිත Saturday, 26 January 2013 04:59 PM

ජීවිතයක් බේරා දී ඔහුට යළි ජීවය ලබාදුන් දෙවිවරුන් බදු ඔබලාට බුදු සරණයි..!(නු)

:       0       0

නිරාන් Saturday, 26 January 2013 04:59 PM

මිහිපිට දෙවිවරු... (නි)

:       0       0

සදුන් Saturday, 26 January 2013 04:59 PM

කෙනෙකුට මේවගේ ජීවිතය නැවත ලබාදීමට හැකියාව ලැබුණු ඔබලාට බුදු සරණයි..!(නු)

:       0       0

අශාන් Friday, 25 January 2013 05:08 PM

පවු අසරණ මිනිසෙක් (දී)

:       0       0

ඩොනල්ඩ් Saturday, 26 January 2013 05:26 PM

පින්බර වෛද්‍යවරුන්ට ගොඩක් පින්! (නි)

:       0       0

අමරා Friday, 25 January 2013 05:18 PM

අනේ ඔබතුමාලට ගොඩක් පින්! (නි)

:       0       0

පහන් Friday, 25 January 2013 06:40 PM

මොනතරම් හොද වැඩක්ද? (නි)

:       0       0

එස්.කේ. සංජීව Friday, 25 January 2013 12:20 PM

වෛද්‍යවරු කියනනේ දෙවියන් වැනි කොටසක්.. වෘත්තියේ ගෞරවය තියොගෙන අසරණ මිනිසුන්ට උදව් කරන්න හැම වෛද්‍යවරයකුටම පුළුවං නම් දෙවියන් දැකීමට වෙන පිං කළ යුතු නැහැ.!(නු)

:       0       0

අමිල කටුනායක Friday, 25 January 2013 12:51 PM

ඇසිඩ් ගහපු කෙනාට හොදක් නම් වෙන්න එපා. (නි)

:       0       0

ඩෑම් Friday, 25 January 2013 01:08 PM

අනේ දෙවියනේ,මෙහෙමත් අපරාධ කරනවද මිනිස්සුන්ට? (නි)

:       0       0

ඩෑම් Friday, 25 January 2013 01:09 PM

අපේ දොස්තරවරු, මිහිපිට ඉන්නා දෙවිවරුන්ය. (නි)

:       0       0

ඇම්.නෙල්සන් පියරත්න Friday, 25 January 2013 08:56 PM

බුදුන්ගේ ශරීරයට අත තියන්න වාසනාව තිබුනේ ජීවක වෛද්‍යවරයාට විතරයි. ඒ ලැබූ වාසනාව මේ කළ පින්කමින් වැඩි වැඩියෙන් දියුණූ වී අසරණ රෝගීන් සුවපත් කරන්න ධෛර්ය සහ වාසනාව ලැබේවා. (නි)

:       0       0

ඩෑම් Friday, 25 January 2013 01:10 PM

මේ ඡායාරූප දැක්කහම මට හිතුණූ දේ වචන වලින් කියන්න බැහැ. (නි)

:       0       0

ජයන්ත Friday, 25 January 2013 01:16 PM

වෛද්‍ය ගයාන් එකනායක සහ ඔබගේ කණ්ඩායම ඉතාම හොද වැඩක් කරලා තියෙන්න.. මේ වගේ දේවල් කළ හැක්කේ දෙවියන්ට පමණයි.. ඔබලා අපට පෙනෙන මිහිපිට ඇති දෙවිවරුන්ය.. ඔබට තෙරුවන් සරණයි.!(නු)

:       0       0

ෂර්මිලා Friday, 25 January 2013 01:18 PM

මෙහෙමත් පවු කරන්න කොහොම හිත දෙනවද? (නි)

:       0       0

නුවන් Friday, 25 January 2013 01:22 PM

වෛද්‍ය වරුන්ට ගොඩාක් පින් (දී)

:       0       0

හංසි Saturday, 26 January 2013 11:16 AM

හතුරෙකුටවත් මෙවැනි අපරාධ කරන්න හිතන්නවත් එපා. (නි)

:       0       0

ආනන්ද Friday, 25 January 2013 02:04 PM

ලොකු පුණ්‍යකර්මයක් මේක. වෛද්‍යවරුන්ට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 743 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1591 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2324 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5972 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4090 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site