2012 වසරේ පැනැවූ නව වාහන බදු සංශෝධනය නිසා එම වසරේදී ලියාපදිංචි කැරුණ වාහන සංඛ්‍යාව 25% කින් පමට පහත වැටුණු බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා කියයි.
අධික තදබදය හා පාරිසරික සමබරතාව බිඳී යාමේ හේතුව නිසා රජය විසින් රථවාහන පාලනය සඳහා මෙම ක්‍රියාමර්ගය ගත් බවත්, අද වන විට එය සාර්ථක වී ඇති බවත් නියෝජ්‍ය ඇමැති පවසයි.
2011 වසරේ මුළු වාහන ලියාපදිංචිය 526421කි. 2012 වසරේ එය 397295 දක්වා අඩුවිය.
2012 වසරේ කාර් 31546ක් ද, ත්‍රීරෝද රිය 98815ක් ද, 192284ක් ද, යතුරුපැදි 192284ක් ද, ද්විත්ව කාර්ය වාහන 378397ක් ද, ලොරි 12, 266 ක් ද ලියාපදංචි කැර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල් වලත් ලෙඩ්ඩු පිරිලා ,හරිම තදබදයක් තියෙන්නේ. ඒකටත් පිළියමක් යොදන්නකෝ (ස)
වාහන නම් ගන්න බැරියෑ. පෙට්‍රල් ගහන්නනේ සල්ලි නැත්තේ. (නි)
බොහොම හොද අදහසක් සර්. (නි)
මෙහෙම කලාම වාහන තද බදය අඩු වෙයිද (දී)
වාහන දැන් ඇති ලංකාවට ගෙනාවා (දී)
තද බදය අඩු කරන්නද එහෙම කලේ (දී)
අනේ හොදයි
මේවා අහලා පණ යනවා අනේ (ස)
රජීව් ඔබ හරියටම හරි (ස)
මිනිස්සුන්ට වාහන ගන්න සල්ලි නැද්ද ? (දී)
පාරවල් තව ලොකු කරන්න (දී)
එතකොට පාරේ නොයන 25%ට මොකද කරන්නේ? (නි)
ඉතා වැදගත්, බුද්ධිමත්, කාලෝචිත තීරණයක්. (නි)
රජීව හරියටම හරි. (ස)
මේක වෙන්න පුලුවන් දෙයක්ද? (නි)
පාරේ තද බදය නැතිනම් ලොකු දෙයක් (දී)
ලස්සනට ප්‍රශ්න විසඳලා තියෙනවා නේද ? (ස)
වංචාකාරී වාහන බලපත් ක්‍රමය අහෝසි කල යුතුයි. මුළු රටම දන්නවා ඒකෙන් කවුද හම්බ කරන්නේ කියල. (ස)
අදහස් ටික දැක්කම සතුටුයි .කට්ටියට සත්‍යවැටහීගෙන යන පාටයි (ස)
ළදරු කිරිපිටි මිල වැඩ වුණෙත් මව් කිරි ලබා දීම වර්ධනය කරනන්ලුනේ (ස)
මේක මහ අසාධාරණ කතාවක්නේ. (ස)
ආශ්චර්‍යමත් විසඳුමක්නේ (ස)
ඇත්ත, මිනිස්සුන්ට වාහන ගන්න පුළුවන් තත්වයක් නැහැ (දී)
දැනට ලියාපදිංචි කරලා තිබෙන වාහන වලටත් පාරවල් වල යනකොට ලොකු බද්දක් පැනෙවුවා නම් වැඩේ තවත් සාර්ථක වෙනවා. (නි)
අනේද කියන්නේ! පාරිසරික සමබරතාව රකින්න තව කොතරම් දේ කලහැක්ද! කිතුලට ගිය මිනිහටත් හේතුවක් තිබුණලු නේද ? (ස)
එතකොට අපිනේ බදු ගෙවන්නේ (ස)
හිතන්න බලන්න මේ කියනදේ ගැන මොහොතක් (ස)
හිනා යවවනේ අනේ (ස)
එතකොට මේ සුපිරි මාර්ග හදන්නේ කරත්ත යන්නද?(ස)
අතීසාරෙට අමුඩ ගහනව වගේ කියලයි මට හිතෙන්නේ (ස)
එතුමා හරි. රේසින් කාර් උඩින් යන නිසා ඒවා තදබදයට බලපාන්නෙ නැහැ. (නි)
ජයවේවා.....ජයවේවා.....නියම වැඩක් (දී)
ඇත්තටම අපි මෝඩයිද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
කොහොම හරි කමක් නැහැ එහෙම වෙනවානම් (දී)
රසිකා, කතාව ඇත්ත තමයි. :) :D (නි)
මම කොළඹට ලගින් ඉන්න කෙනෙක් , කොළඹ යන්න විතරක් පැය 2-2.5 වීතර යනවා (දී)
අනේ අපිත් මේවා අහනවනෙ. කාලෙකට කියනවා පවුලකට 2500ක් ඇතිලු. තව කොච්චර කතා කියනවද?ඔය කතා අහලා අපේ කන් පිරිලා තියෙන්නෙ. (නි)
එහෙම උනොත් හොදයි (දී)
වාහන වැඩි වන්නේ පොදු ප්‍රවාහන සේවා වල පවතින අඩු පාඩු නිසා මිස ජනතාවට මුදල් ඇති නිසා වාහන ගැනීමෙන් නොවේ. පොදු ප්‍රවාහන සේවය දියුණු නොකර කෙතරම් බදු වැඩි කළත් ප්‍රයෝජනයක් වෙයි යැයි සිතිය නොහැක. උදාහරණ ලෙස නගරාන්තර ශීග්‍රගාමී දුම්රියත් දිනපතාම පැයක් පමණ ප්‍රමාද වේ නම් අනිත් දුම්රිය ගැන ගැන කතා කිරීමෙන් පලක් නැත. වැස්සට දුම්රිය මැදිරි ඇතුළට වතුර කාන්දු වේ. ජනෙල් වැසිය නොහැක. විදුලි පංකා ක්‍රියා විරහිතය. අසුන් වල වාඩිවීමට නොහැකි තරම් අපිරිසිදුය. පෞද්ගලික බස් රථ වල කිසිම විනයක් නැත. ආසන දෙකක් අතර පා තබා ගැනීමට ඉඩ නැත. මගීන් දෙදෙනෙක් සදහා ඇති ආසනයේ ඉඩ ඇත්තේ 1 1/2 කට පමණි. කොටින්ම කියතොත් හැකි තරම් මගීන් පටවා ගැනීම විනා කිසිම ප්‍රමිතියක් නැත. ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නේ නැත. ඉතිරි මුදල් දෙන්නේ නැත. බස් නැවතුම් වල පැය ගණන් නවතාගෙන සිටී. නැවතුම් නැති තැන වලද මගීන් ගනී. පොලීසිය නොදැක්කා සේ අහක බලාගෙන සිටී. මෙයට විරුද්ධව කතා කරන මගියාට ගුටිකෑමට සිදුවේ. මෙයින් ගැලවීමට හැකි එකම ක්‍රමය කෙසේ හෝ ණය වී තමන්ගේ වාහනයක් ගැනීමය. යුරෝපා රටවල මෙතරම් වාහන තදබදයක් නැත. එයට හේතුව ඔවුන්ට බදු මුදල් ගෙවීමට නොහැකි නිසා නොව පොදු ප්‍රවාහන සේවය ඉතා දියුණු නිසාය. (නි)
මැති ඇමති ගොල්ලන්ට වාහන ප්‍රශ්න නැහැනේ. සල්ලිකාරයන්ටත් මොනතරම් බදු වැඩි වුණත් වාහනයක් ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. පොඩි මිනිහට පුංචි හරි වාහනයක් හරි ගන්න තිබුණු අවස්ථාවනේ නැති වුණේ. (නි)
රටකරවන්නෝ යැයි රථ පිරිවරාගෙන බදු වැඩිකළා දුප්පත් අපි තෝරගෙන ඇති හැකි අයට නැහැ මේ බදු බලපාන ඉන්නේ ඇයිද දෙවියනි නෙතු පියාගෙන... (නි)
පිස්සු හැදෙනවා මේ කතා අහනකොට (නි)
ඇත්ටටම එහෙම වෙනවාද (දී)
අසාර්ථක භාවය වහගන්න මෙහෙම කරලා අපේ වාහන සිහිනය අපෙන් දුරස් කළා. එච්චරයි අන්තිමට වුනේ... (ස)
එහෙම හරි කමක් නැහැ පාරේ තද බදය අඩු වෙනවානම් (දී)
රජීව්, ඔයා කියන දේ හරියටම හරි. යුරෝපා රටවල ඉතාමත් හොද දුම්රිය හා නගරාන්ත හොද බස් සේවයක් තිබෙන නිසා පුද්ගලික වාහන තිබෙන වැඩි දෙනෙක් ගමන් බිමන් යන්නේ පොදු ප්‍රවාහනය මගින්. (නි)