IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ශ‍්‍රී ලංකා - කොදෙව් කාන්තා තරගය අද:

කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (28) පැවැත්වෙන තරගයේදී චමරි අතපත්තු සමග ආරම්භක පිතිකාරිනිය ලෙස යශෝධා මෙන්ඩිස් කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ. මෙම තරගය පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය. ශ‍්‍රී ලංකා පිල තරගාවලියේ පළමු තරගයේදී දකුණු අප‍්‍රිකාව හමුවේ කඩුලූ 6 කින් පරාජයට පත්වීම නිසා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් ඉතිරි තරග දෙකම ජය ලැබිය යුතුය. පළමු තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන පැවුසවේ තම කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් පිල මීට පෙර පරාජය කර ඇති නිසා ඉදිරි තරග දෙකම ජය ලබා අවසන් පූර්ව තරගයට පැමිණීමට තම කණ්ඩායමට ආත්ම විශ්වාසය ඇති බවයි. "අතපත්තුගෙන් හොද ආරම්භයක් නොලැබීමත් සමගම අපේ පිතිකාරිනියන් දුර්වල වුණා, විශේෂයෙන්ම දුවද්දී දැවී යෑම් පහක් නිසා ඉනිම කඩා වැටුණා. ඒ තත්ත්වය වහාම වෙනස්කර ගතයුතුයි” යැයි ශෂිකලා වැඩි දුරටත් පැවසුවාය. යශෝධා මෙන්ඩිස් ප‍්‍රවේගකාරි පිතිකාරිනියක් ලෙස පසුගිය වසරකට අධික කාලයක් ශ‍්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකාරිනිය ලෙස දස්කම් දැක්වුවද තේරීම් තරගවලදී දස්කම් නොදැක්වූයේ යැයි පවසමින් කාන්තා ක‍්‍රිකට් තේරීම් කමිටුව ඇයට සංචිතයේ ස්ථානය අහිමි කළේය. ශ‍්‍රී ලංකා සංචිතය නියෝජනය කළ නිලක්‍ෂි සිල්වා බෝවන රෝගයක් වැළදීමෙන් මේ වන විට සංචිතයෙන් ඉවත්ව ඇති අතර එම ස්ථානයට යශෝධා මෙන්ඩිස් ආදේශ කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තාක්‍ෂණ කමිටුවෙන් අවසර ඉල්ලා ඇති බව ද වාර්තා වේ. මේ පිළිබදව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ කළමණාකරු ඒ. ආර්. එම්. අරූස් මහතා පැවසුවේ නිලක්‍ෂි බෝවන රෝගයකින් පෙළෙන බව පෙරේදා (26) රාත‍්‍රි දැනගත් වාහාම ඇය නිවසට යැවීමට කටයුතු කළ බවත් සෙසු ක‍්‍රීඩිකාවන්ට ප‍්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට කටයුතු කළ බවත්ය. -ආදේශක ක‍්‍රීඩිකාව ලෙස යශෝධා සංචිතයට ඇතුළත් කිරීමට අයි.සී.සී. යෙන් අවසර ඉල්ලූවා, මේ දක්වා අවසර ලැබී නෑ. මම හිතනවා රාත‍්‍රි වන විට අවසර ලැබෙයි කියලා” යැයි අරූස් මහතා ඊයේ (27) පස්වරුවේ ලංකාදීපයට පැවසීය.



අදහස් (0)

ශ‍්‍රී ලංකා - කොදෙව් කාන්තා තරගය අද:

වරුණ Friday, 28 September 2012 11:08 AM

අදත් කෑමක් සෙට් වෙයිද ? (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 28 September 2012 02:06 PM

මීට කලින් පරාජය කරලා තියෙන නිසා අදත් පරාජය කරන්න හැකිවේවි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 40 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 175 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 361 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 124 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 725 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 488 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39775 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site