සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර පාල් නුවරදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රී) දකුණු අප‍්‍රිකානු පිල 258 ක විශිෂ්ට ජයක් ලැබීය. ලකුණු 302 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිලේ සියලූ පිතිකරුවෝ ඕවර 20.1 කදී ලකුණු 43 කට දැවී ගියහ. එක්දින තරගයකදී ශ්‍රී ලංකා පිල දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙයවන අතර 1986 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකා පිල ලකුණු 55 කට දැවී ගොස් තිබිණ. අන්තර්ජාතික එක්දින තරගයක කණ්ඩායමක් ලබාගත් සිවුවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙය වේ. ශ්රී ලංකා ඉනිමේ කෝසල කුලසේකර ලබාගත් ලකුණු 19 හැරුණු විට සෙසු සියලූ පිතිකරුවෝ ලකුණු 6 සීමාව පසු කිරීමට අසමත්වුහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනේ ක්‍රීඩාවෙන් අහක් කරලා.... ක්‍රීඩකයන්ව මොන්ටිසෝරි යවලා කණ්ඩායමක් විදිහට සෙල්ලම් කරන්නේ කොහොමද කියල කියලා දෙන්න ඕනේ මෙලෝ රහක් නැ අඩුම තරමේ රට ගැන හිතලවත් සෙල්ලම් කරානම්
අපි උත්සාහ කරමු ඊළග තරගයෙන් ජය ලබාගන්න ජය ශ්රී
මෙන ප්‍රශ්න ආවත් රට ගැන හිතන්න
ලංකාවේ ක්‍රිකට් වලට ගිය කලක්. ජයසූරියල කළුවිතාරණල අප්‍රිකාවට ගැහුව්වේ එලව එලවා. ආයේ ක්‍රිකට් කවද දකින්න ලැබෙයි ද?
වැඩට යන්ඩ බෑ ලජ්ජයි. ක්‍රීඩා කරන්න බැරිනම් එන්ඩ.
තිලාන්ව එක්දින තරගවලට දාන්න ඕනේ. බලධාරීන්ගේ වැරැද්ද
තිලාන්ව එක් දින සංචිතයට දාන්න. බලධාරීන්ගේ වැරැද්ද.
තිලාන්ව එක්දින කණඩායමටත් ඇතුළත් කල යුතුයි
අයියෝ. දිල්හාර විකට් එකේ හිටියනම්, අජන්ත මැන්ඩිස් තරගය දිනවනවා.
දිල්ෂාන්ගේ වාසනාවයි දක්ෂ කමයි තමයි එක දිගට අපි පරාදෙවෙන්නෙ.
ඉස්සර හිටපු අයමද ඉන්නෙ කියල හිතෙනවා
මේ ක්‍රීඩකයන්ට රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න සිත් පහළ වේවා. බලධාරීන්ටත් එසේම වේවා!!
අපරාදෙ අපේ කාලය
ක්‍රිකට් වලට දේශපාලනය ඇතුල් කළාම වෙන දේ මේක තමයි. ඉතිහාසයේ ඉදන්ම අපේ ක්‍රිකට් මෙහෙමයි. ක්‍රීඩකයන්ට විතරක් දොස් කියලා වැඩක් නැහැ. අපේ රටේ ක්‍රිකට් මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නේ ඒ අය නිසයි
මම හිතන්නේ දිල්ෂාන් ගේ නායකත්වය හරිම දුර්වලයි. අනිත් ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් ඔහුට සහයෝගය දෙනවා අඩුයි, මන්දයත් ඔහු නායකත්වයට එතරම් සුදුස්සෙක් නොවෙයි. ඔහු ආරම්භක පිතිකරු තනතුර හරියට කරගෙන ගියානම් හරි නායකත්වය සංගක්කාරට හෝ මහේලට ලබා දීල. නැත්තම් අපේ ක්‍රිකට් විනාශයි. උපාලි ධර්මදාස වැඩ පටන් ගත්ත විතරනේ. ඔහුටත් දේශපාලනයටවත් දොස් කියන්න බෑ. කණ්ඩායමේ පුහුනුකරුටත් දොස් කියන්න බෑ. මේක කණ්ඩායමේ ප්‍රශ්නයක්. කණ්ඩායම් හැගීමක් නැතිකම තමයි මූලික ගැටලුව. දිනන වෙලාවට දිනයි කියල තමයි අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් දැන් බලන් ඉන්නේ.
නොයෙක් අයගේ ඇඟිලි ගැසීම් ක්‍රිකට් විනාස කළා.
ක්‍රීඩා බලධාරීන් බොරු කතා නොකියා නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව ඇද වැටී තියෙන තත්ත්වය සොයා බලා පිළියම් යෙදිය යුතුයි වහාම
දේශපාලනේ ක්‍රීඩාවෙන් අහක් කරලා.... ක්‍රීඩකයන්ව මොන්ටිසෝරි යවලා කණ්ඩායමක් විදිහට සෙල්ලම් කරන්නේ කොහොමද කියල කියලා දෙන්න ඕනේ මෙලෝ රහක් නැ අඩුම තරමේ රට ගැන හිතලවත් සෙල්ලම් කරානම්
අමතක කරන්න එපා මේ ලෝක අනු ශුර කණ්ඩායම. හැකියාව නැති කම නෙවේ, මූලික හරියට නොකිරීම සහ උවමනාව නැති කම මේකට හේතුව. දැන් වත් තරුණ කණ්ඩායමක් දාල , මේක ඊලග ලෝක කුසලාන එකට වත් සැළසුම් කරන්න ඔනී
කවුරු කොහොම කිව්වත් අපි දැන් පරාද වෙලා ඉවරයි. ක්‍රිකට් කියන්නෙ මෙහෙම තමා. ගණන් ගන්න එපා. අනිත් තරගය හොදට සෙල්ලම් කරන්න කියලා අපි සුබ පතමු.
වැරැදි හදාගෙන ඉදිරියට යමු. හැමදාම දිනන්න බැහැ. පරාජයේදීත් ශ්‍රී ලංකා ජනතාව ඔවුන් සමග බව පෙන්විය යුතුයි
දැන්වත් නිසි බලධාරීන් පත් කරනු
මුළු රටක් ම නියෝජනය කරන කණ්ඩායමක් මෙහෙම තරග කිරීම ඉතාම සොචනියියි....අපි අභිමානවත් ජාතියක්....ක්‍රීඩකයන් ද? රට ද ? අප දැන් තීරණය කල යුතුය....
ලංකාව වගේ කණ්ඩායමක් මෙහෙම පරදිනවා කියන්නේ පුදුම අපහාසයක් මවුබිමට. කවුරුත් රට ගැන හිතලා නෙමෙයි ක්‍රීඩා කරන්නේ
මම කියන්නෙ අපේ කණ්ඩායම අයින් කරලා අලුත් ක්‍රීඩකයන්ගෙන් ටීම් එකක් හදන්න කියලයි. නැත්නම් අපට මේ ප්‍රශ්ණෙට මුහුණ දෙන්න වෙනවා
දැන් ඉතින් කියයි කණ්ඩායමේ මානසික මට්ටම පහතට වැටිලා කියලා. දේශපාලන හේතු නිසා තමයි මෙහෙම වුණේ. ඒත් ජාත්‍යන්තර මට්ටමේ ටීම් එකක් හැටියට මෙහෙමත් ලැජ්ජා වෙනවද?
සී.එස්.එන් එකේ මැච් පෙන්නන්න ගත්තු දවසෙ ඉදලා තමයි මෙහෙම පරදින්නෙ. මැච් පෙන්නන එක රූපවාහිනියටම දුන්නනම් හොඳයි නේද?
කණ්ඩායම හොද මානසික මට්ටමකින් නෙමෙයි ක්‍රීඩා කරන්නේ
අපි යන්ඩද
ලැජ්ජයි. විලි ලැජ්ජයි
ලංකාවේ ක්‍රිකට් වලට ගිය කලක්. අර්ජුනලා, අරවින්දලා, සනත්ලා ගෙන්න ගමුද?
ගියදේ ගියාවේ. ලබන එකේ අපි දෙමුකො බැටේ