අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් මෙහෙයවනු ලබන ලෝක මට්ටමේ තරගාවලි සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිල අනුග‍්‍රාහකයන් වශයෙන් ඉන්දියාවේ සුප‍්‍රකට දේපළ අළෙවි සමාගමක් වන ‘හෝම්ස්ටෙඞ්’ සමාගම ඉදිරිපත් වී සිටී. ද්විපාර්ශ්වික තරගාවලි සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිල අනුග‍්‍රාහකයන් වශයෙන් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම ජංගම දුරකතන සමාගමක් තවදුරටත් කටයුතු කරන නමුත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වාණිජ සහකරුවන් අතර ජංගම දුරකතන සමාගමක්ද සිටින බැවින් ලෝක මට්ටමේ තරගාවලි සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමට වෙනත් අනුග‍්‍රාහකයකු සොයා ගැනීමට සිදුවිය. වසර තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන ‘හෝම්ස්ටෙඞ්’ සමාගමේ අනුග‍්‍රහය යටතේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාග වන පළමු වැනි ලෝක මට්ටමේ තරගාවලිය වන්නේ මේ මස 18 වැනිදා ශී‍්‍ර ලංකාවේදී ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියයි. ඉන් අනතුරුව ලබන වසරේදී එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහ 2013 දී බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියටද ශී‍්‍ර ලංකා පිල ‘හෝම්ස්ටෙඞ්’ අනුග‍්‍රහය යටතේ සහභාගි වෙයි.
තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.
පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ
තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ
ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශී‍්‍ර ලංකා පිලට නව අනුග‍්‍රාහකයෙක්
සහේලි Monday, 10 September 2012 06:51 PM
ඇඳුම නම් ගැලපෙන්නේ නැහැ. නමුත් රටින් පිට අනුග්‍රාහකයෙක් නිසා රටට විදේශ විනිමය ලැබෙයි. රොමේ (දී)
චන්ද්‍රසිරි Monday, 10 September 2012 01:20 PM
කන්න දුන්නු අත හපාකන්න බෑනේ..ඉතින් කොහොමද ඉන්දියාව පරද්දන්නේ...(ස)
තුසිත Tuesday, 11 September 2012 10:02 AM
අපේ ක්‍රිකට්වලට ජය වේවා.!(නු)
තුෂාන් Tuesday, 11 September 2012 10:09 AM
කවුරු ආවත් කමක් නැහැ ක්‍රිකට්වලට හොද කලක් යනවානම්..!(නු)
සිසිර Monday, 10 September 2012 01:54 PM
දැන් තියෙන්නේ මොකක්ද එතකොට....(ස)
හිමල් Monday, 10 September 2012 09:11 PM
මහේලයි මැතිව්සුයි ලැජ්ජාවෙන් අත් දෙක බැදගෙන ඉන්නවා වගේ මටනම් පෙනෙන්නේ. (නි)
මාධව Monday, 10 September 2012 09:19 PM
ඉන්දියවට ඕනෑ දේවල් විතරයිද වෙන්නේ? හරිම නරකයි. (නි)
චන්දන Tuesday, 11 September 2012 11:56 AM
දැං ඉතිං ඉන්දියාවට අවශ්‍ය ලෙස තව දුරටත් කරුණු කාරනා සිදු වෙයි.!(නු)
කොඩිකාර Monday, 10 September 2012 03:16 PM
ඉදිරිය හොද වෙයි (දී)
සංජු Tuesday, 11 September 2012 05:09 PM
මේක ඇතුළේ මොකක් නමුත් ගැටළුවක් ඇතිබවක් හැගෙනවා (නි)
මාටින් Monday, 10 September 2012 03:58 PM
ඊයා මේ ඇදුමනම් ලංකාවට ගැලපෙන්නේ නෑ..චෙෆ්ලා දෙන්නෙක් වගේ.(ස)
සදුන් Monday, 10 September 2012 04:01 PM
ඒ ඇඳුමේ කිසි ගැම්මක් නෑ වගේ...(ස)
රන්මල් Monday, 10 September 2012 04:03 PM
ඔක්කොම ඉන්දියාවෙන්. මෙහෙම ගියොත් ටීම් එකටත් ඉන්දියන් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරයිද දන්නේ නෑ...(ස)
යොහාන් Monday, 10 September 2012 11:05 AM
නව අනුග්‍රහකයෝ හොයාගත්තට වැඩක් නෑ. වැඩ පෙන්නන්න ඕන...(ස)
වරුණ Monday, 10 September 2012 11:20 AM
ඇයි ලංකාවේ අනුග්‍රාහකයෝ නැද්ද ..ලංකාවේ ක්‍රිකට් ඉන්දියාවට උගස් කරලා....(ස)
ෂර්ෆාස් Tuesday, 11 September 2012 12:11 AM
වෙල්කම් ඉන්දියා. (නි)
මහේෂ් Monday, 10 September 2012 11:55 AM
ලංකාවට මොකද වෙලා තියෙන්නේ...ඇයි අනුග්‍රාහකයෝ ලංකාවේ නැද්ද .(ස)
ගාමිණී-කුවෙයිට් Tuesday, 11 September 2012 03:27 AM
අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ බහින කලාවද මන්දා.බංගලිදේශ ජාතිකයෙක් මේ පුවත දැකලා හරියට දුක් වුණා.ඒ ගොල්ලන්ගෙ රටේ ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි අනෙකුත් ක්‍රීඩාවලටත් අනුග්‍රාහකත්වය ගන්න වෙළද ආයතන ලොකු සටනක් දෙනබව කිවුවා. අඩුතරමේ අපේ ආයතන කිහිපයක් එකතු වෙලාවත් අනුග්‍රහය දක්වන්න තිබුනානේ.අර කිවුවා වගේ ඇඳුමේ කිසි ගැම්මක් නැහැ. (නි)
රණවීර Tuesday, 11 September 2012 07:44 AM
ඉන්දියාව ගාවා ගන්නෙ නැතුව මුකුත්ම කරන්න බැරිද? (නි)
අතුල Monday, 10 September 2012 06:24 PM
ජයවේවා (දී)
තරුෂ Monday, 10 September 2012 01:15 PM
ඉන්දියාවට ඕන විදියට සෙල්ලං කරයිද දන්නෑ .(ස)