අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් මෙහෙයවනු ලබන ලෝක මට්ටමේ තරගාවලි සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිල අනුග‍්‍රාහකයන් වශයෙන් ඉන්දියාවේ සුප‍්‍රකට දේපළ අළෙවි සමාගමක් වන ‘හෝම්ස්ටෙඞ්’ සමාගම ඉදිරිපත් වී සිටී. ද්විපාර්ශ්වික තරගාවලි සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිල අනුග‍්‍රාහකයන් වශයෙන් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම ජංගම දුරකතන සමාගමක් තවදුරටත් කටයුතු කරන නමුත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වාණිජ සහකරුවන් අතර ජංගම දුරකතන සමාගමක්ද සිටින බැවින් ලෝක මට්ටමේ තරගාවලි සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමට වෙනත් අනුග‍්‍රාහකයකු සොයා ගැනීමට සිදුවිය.
වසර තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන ‘හෝම්ස්ටෙඞ්’ සමාගමේ අනුග‍්‍රහය යටතේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාග වන පළමු වැනි ලෝක මට්ටමේ තරගාවලිය වන්නේ මේ මස 18 වැනිදා ශී‍්‍ර ලංකාවේදී ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියයි. ඉන් අනතුරුව ලබන වසරේදී එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහ 2013 දී බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියටද ශී‍්‍ර ලංකා පිල ‘හෝම්ස්ටෙඞ්’ අනුග‍්‍රහය යටතේ සහභාගි වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා (දී)
මේක ඇතුළේ මොකක් නමුත් ගැටළුවක් ඇතිබවක් හැගෙනවා (නි)
දැං ඉතිං ඉන්දියාවට අවශ්‍ය ලෙස තව දුරටත් කරුණු කාරනා සිදු වෙයි.!(නු)
කවුරු ආවත් කමක් නැහැ ක්‍රිකට්වලට හොද කලක් යනවානම්..!(නු)
අපේ ක්‍රිකට්වලට ජය වේවා.!(නු)
ඉන්දියාව ගාවා ගන්නෙ නැතුව මුකුත්ම කරන්න බැරිද? (නි)
අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ බහින කලාවද මන්දා.බංගලිදේශ ජාතිකයෙක් මේ පුවත දැකලා හරියට දුක් වුණා.ඒ ගොල්ලන්ගෙ රටේ ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි අනෙකුත් ක්‍රීඩාවලටත් අනුග්‍රාහකත්වය ගන්න වෙළද ආයතන ලොකු සටනක් දෙනබව කිවුවා. අඩුතරමේ අපේ ආයතන කිහිපයක් එකතු වෙලාවත් අනුග්‍රහය දක්වන්න තිබුනානේ.අර කිවුවා වගේ ඇඳුමේ කිසි ගැම්මක් නැහැ. (නි)
වෙල්කම් ඉන්දියා. (නි)
ඉන්දියවට ඕනෑ දේවල් විතරයිද වෙන්නේ? හරිම නරකයි. (නි)
මහේලයි මැතිව්සුයි ලැජ්ජාවෙන් අත් දෙක බැදගෙන ඉන්නවා වගේ මටනම් පෙනෙන්නේ. (නි)
ඇඳුම නම් ගැලපෙන්නේ නැහැ. නමුත් රටින් පිට අනුග්‍රාහකයෙක් නිසා රටට විදේශ විනිමය ලැබෙයි. රොමේ (දී)
නව අනුග්‍රහකයෝ හොයාගත්තට වැඩක් නෑ. වැඩ පෙන්නන්න ඕන...(ස)
ඔක්කොම ඉන්දියාවෙන්. මෙහෙම ගියොත් ටීම් එකටත් ඉන්දියන් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරයිද දන්නේ නෑ...(ස)
ඒ ඇඳුමේ කිසි ගැම්මක් නෑ වගේ...(ස)
ඊයා මේ ඇදුමනම් ලංකාවට ගැලපෙන්නේ නෑ..චෙෆ්ලා දෙන්නෙක් වගේ.(ස)
ඉදිරිය හොද වෙයි (දී)
දැන් තියෙන්නේ මොකක්ද එතකොට....(ස)
කන්න දුන්නු අත හපාකන්න බෑනේ..ඉතින් කොහොමද ඉන්දියාව පරද්දන්නේ...(ස)
ඉන්දියාවට ඕන විදියට සෙල්ලං කරයිද දන්නෑ .(ස)
ලංකාවට මොකද වෙලා තියෙන්නේ...ඇයි අනුග්‍රාහකයෝ ලංකාවේ නැද්ද .(ස)
ඇයි ලංකාවේ අනුග්‍රාහකයෝ නැද්ද ..ලංකාවේ ක්‍රිකට් ඉන්දියාවට උගස් කරලා....(ස)