(මනෝප්‍රිය ගුණසේකර)

පිළිකාරෝගයෙන් පෙළෙන ළමයින් ස්කෑන් කිරීම සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට සී.ටී.  ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට යැයි පවසමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් ලක්ෂ 100ක මුදලක්  ලබාගෙන වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වූ ශිරන්ති රාජපක්ෂ  ගොනු කළ අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය නිෂ්ප්‍රභ කළාය.

මෙම පෙත්සම මෙම උසාවියේ පවත්වාගෙන යෑමට අධිකරණ බලයක් නොමැති බව පවසමින් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමග  පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරි පියසේන මහත්මිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය