IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ශ්‍රීලන්කන් විකුණනවා කීවත් ගන්න කවුරුත් නෑ

(අජන්ත කුමාර අගලකඩ)

දැඩි ණය බරකට මුහුණ දී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් මේ දක්වා කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එබැවින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ ද සහාය ඇතිව නව සැලැස්මක් සකස් කරමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය බැංකුවලට, ඛනිජ තෙල් සංස්ථාවට හා වෙනත් ආයතනවලට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි සියයක්(රුපියල් කෝටි 31,657ක්)පමණ වන බව පැවසේ.

ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි තිහක් පමණ වන බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 5,600 ක පමණ ස්ථිර කාර්ය මණ්ඩලයක් ඇති අතර,කොන්ත්‍රාත් හා අනියම් සේවකයින් පන්සියයක් පමණ සිටින බව වාර්තා වේ.

පොදුවේ ගත් කල ආයතනය තුළ සේවක අතිරික්තයක් නොමැති නමුත්,ඇතැම් අංශවල දැඩි සේවක අතිරික්තයක් තිබෙන බව දැනගන්නට ඇත.

ආයතනය තුළ කළමනාකරුවන් 300ක් පමණ සිටිය යුතු නමුත්,කළමනාකරුවන් හයසීයක් පමණ සිටින සිටින බව වාර්තා වේ .

එහෙත් අත්‍යවශ්‍ය සේවාවල හිඟයක් පවතින බව එහි සේවකයෝ පවසති.

සමාගම සතුව ගුවන් නියමුවන් 290 දෙනකු සිටිය යුතු වුවත් ,දැනට සිටින්නේ 268 දෙනකු පමණක් බව දැනගන්නට ඇත .පසුගිය අවුරුදු තුන තුළ නියමුවන් පනස් දෙදෙනකු ඉවත්ව ඇත.

ගුවන් සමාගම සතුව ගුවන් යානා 24 ක් තිබෙන අතර එම සියලුම යානා කල් බදු පදනම යටතේ ලබා ගත් ඒවා වේ.යානා හයක් පමණ අමතර කොටස් සහ එන්ජින් නොමැතිව සේවයෙන් අයින් කර ඇති අතර,පාවිච්චි කරන යානා ගණන 18 කි.

කල් බදු පදනම යටතේ ලබා ගන්නා යානයක් සඳහා දළ වශයෙන් මාසයකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 7ක් පමණ ගෙවීමට සිදුව ඇත.

අවුරුදු විසිතුනක් තිස්සේ පාවිච්චි කරන ලද යානා දෙකක් පසුගියදා නැවත භාර දෙනු ලැබූ අතර,එම එක් යානාවක් සඳහා මාසිකව ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අසූපන් දහසක් පමණ වේ.

. ඉකුත් කොරෝනා සමයේ ගුවන් සමාගමේ සේවකයන් අඩු කිරීමට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙනු ලැබුවද විශ්‍රාම ගොස් ඇත්තේ අත්‍යවශ්‍යම සේවකයින් පිරිසක් පමණක් බවත්,ඉවත් කළ යුතු සේවකයින් ඉවත් වී නොමැති බවත් දැනගන්නට ඇත.

Reply Forward



අදහස් (9)

ශ්‍රීලන්කන් විකුණනවා කීවත් ගන්න කවුරුත් නෑ

SAM Sunday, 16 July 2023 07:22 AM

එබැවින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ ද සහාය ඇතිව නව සැලැස්මක් සකස් කරමින් සිටින්නේනම් ලංකාවේ සංචරක කර්මාතය උදෙසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමෙරිකානු, කැනේඩියානු හෝ යුරෝපිය රටක් / ගුවන් සමාගමක් සමග Joint Venture Agreement පැමිණීම පිලිබදව සොයාබැලීම වැදගත්වේ.

:       0       0

Nimal Sunday, 16 July 2023 08:58 AM

හිඟන රටක්... තවත් කාබාසිනියා කළ බංකොළොත් ආයතනයක් මිලදීගන්න කැමැති කවුද? නිකන් දුන්නට ගන්න එකක් නැහැ.

:       0       2

pakeer Sunday, 16 July 2023 09:07 AM

මම වැඩකරන කම්පැණි එකත් මෙහෙමයි, ඔක්කොම ඉන්නේ කළමනාකරුවන්, සාමාන්‍ය අධිකාරිවරු සහ සභාපතිවරු... ඒත් වැඩ කරන්න මනුස්සයෙක් ගන්න දෙන්නේ නැහැ. පුදුම නැහැ.

:       0       3

Shantha - Qatar Sunday, 16 July 2023 09:53 AM

මේක හරිම කණගාටුදායක තත්වයක්. අපේ රටට ආයෝජනය කරන්න ආවොත් ඉන්දියාව නැතිනම් චීනය. වෙන කවුරුත් එන්නේ නැහැ. මම නිතරම ශ්‍රී ලන්කන් භාවිතා කළ කෙනෙක් නිසා වගකීමෙන් කියන්නේත සර්විස් එකනම් අන්තිමයි. කෝච්චියේ තේ බෙදනවා වගේ කැබින් කෘෘ ජග් එකක් අරගෙන, ප්ලාස්ටික් කෝප්ප අරගෙන තේ බෙදනවා. එයාලත් ලැජ්ජයි, අමුතුවෙන් කරන්න දෙයක් නැහැ... මේකට වග කියන්න ඕනෑ මුල ඉඳලම මේක කාලා විනාශ කළ අය.

:       0       4

Waleboda Sunday, 16 July 2023 10:31 AM

ඔයා පැය ලක්ෂයකට වඩා ගුවනේ සිටි කබල් ගුවන් යානා තරම් මිනිස්සු මෝඩ නැහැ.

:       0       3

HELAYA Sunday, 16 July 2023 01:30 PM

කවුරු හරි කෙනෙක් ගන්නකන්... ජනතාව බදු ගෙවන්න ඕනේ...!

:       0       4

P.d goonawardena Sunday, 16 July 2023 01:47 PM

රටේ තමා... කෑවා කට්ටිය එකතු වෙලා... කාලකන්නි හැතිකරේ...

:       0       6

Lalla Monday, 17 July 2023 09:01 AM

එමිරේට්ස් ආයතනය ලාභ ලෙස පවත්වාගෙන ගිය ආයතනය ආපසු බලෙන් ගත්තේ මහින්ද රාජපක්ෂ... එයාගේ පුද්ගලික ගමන්වලට පාවිච්චියට අවශ්‍ය වෙලාවට ගුවන්යානයක් නොදුන්නු නිසා... ලංකාව විනාශ කළේ උද්දච්ච රාජපක්ෂ පවුලයි...

:       0       1

Hakeem Salahudeen Sunday, 15 September 2024 07:55 PM

කාර්ය මණ්ඩලය තුළ විශාල දූෂණයක්. ලැජ්ජයි මුන්ට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 11 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 110 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 82 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාව අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 44 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2266 4

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 582 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 570 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site