
(මනෝප්රිය ගුණසේකර)
රෝගී තත්වයකට ප්රතිකාර ගැනීමට විදේශ ගතවු තමන් යළි ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට හැකියාවක් ඇති හෙයින් අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගොනු කර ඇති අපේක්ෂිත ඇප ඇයැදුම් පත්රය හෙට (06) මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණයේ කැඳවීමට නියමිතය.
අත්අඩංගුවට ගැනීමකින් තොරව ආරක්ෂිතව තමන්ට ලංකාවට පැමිණීමට හැකිවන අයුරින් නියෝගයක් නිකුත් කරන්නැයි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගොනු කළ අපේක්ෂිත ඇප ඇයැදුම් පත්රය සළකා බැලීමෙන් අනතුරුව මාලිගාකන්ද මහෙස්ත්රාත් ජනිතා පෙරේරා මහත්මිය කළ නියෝගයකට අනුව අපේක්ෂිත ඇප ඇයැදුම් පත්රය අද දිනයේ කැඳවීමට නියමිතය.
මේරී ලූවිස් ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් මාලිගාකන්ද මහෙස්ත්රත් අධිකරණයට අදාළ අපේක්ෂිත ඇප ඇයැදුම් පත්රය ඉදිරිපත් කර ඇති අතර අත්අඩංගුවට ගැනීමකින් තොරව ආරක්ෂිතව තමන්ට ලංකාවට පැමිණීමට හැකිවන අයුරින් නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මෙම අපේක්ෂිත ඇප ඇයැදුම් පත්රයේ වගඋත්තරකරු වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂවරයා නම් කර ඇත.
නීතීඥ ජයබාලන් මහතා මඟින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම අපේක්ෂිත ඇප ඇයැදුම් පත්රය ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd