IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සීඅයිඩිය පැය 9 ක් ක්‍රිකට් ලොක්කාගෙන් ප‍්‍රශ්න කරයි

යොහාන් භාසුර
 
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට එළඹෙන එංගලන්ත සංචාරයේ රූපවාහිනී අයිතිය වෙනුවෙන් විදේශ රූපවාහිනී ආයතනයකින් ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 5.5 ක් හෙවත් රුපියල් කෝටි 90 කට අධික මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමට සූදානම් වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද  පැය නවයක පමණ කාලයක් ප‍්‍රකාශ සටහන් කරගත්තේය.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප‍්‍රධානියා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා තිබේ.
 
ඈෂ්ලි ද සිල්වා මහතා ප‍්‍රකාශය ලබාදීමෙන් පසුව ‘ලංකාදීප’යට පැවසුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අදාල සිද්ධිය පිළිබඳව සවිස්තරාත්මක ප‍්‍රකාශයක් ලබාදුන් බවයි.
 
‘‘සිද්ධිය පිළිබඳව අපි දන්න සියලූ තොරතුරු ලබා දුන්නා. අපිට සඟවන්න දෙයක් නෑ. වැඩි කාලයක් ගත වුණේ සවිස්තරාත්මකව ප‍්‍රකාශයක් දුන් නිසයි. විමර්ශනය අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බව පොලිස් නිලධාරීන් පැවසුවා’’
 
‘‘මෙම සිද්ධියට තාක්‍ෂණයත් සම්බන්ධව තිබුණ නිසා අපේ තොරතුරු තාක්‍ෂණ අංශ ප‍්‍රධානී නදීෂාන්ගෙන්ද ප‍්‍රකශයක් ලබාගත්තා. ඒ වගේම මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරියාගේ දුරකථන මානව සම්පත් කළමණාකාරවරයා බාරයේ තිබුණේ. ඔහු පැමිණ එම දුරකථන දෙක පොලිස් නිලධාරීන්ට බාර දුන්නා’’
 
‘‘චෝදනාව එල්ල වී ඇති නිලධාරියා පාවිච්චි කළ ලැප්ටොප් පරිගණයක මම රැගෙන ගියා. එයත්  බාර දුන්නා’’ යැයි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.
 
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා, මානව සම්පත් කළමනාකරු ධනංජය විජේසිංහ, දූෂණ මර්දන අංශ ප‍්‍රධානී අයේෂ් වීරක්කොඩි සහ තොරතුරු තාක්‍ෂණ අංශ ප‍්‍රධානී නදීෂාන් සූරිආරච්චිගේ යන මහත්වරු අද (04) පෙරවරු 9.00 ට පරණ කොළඹ පිහිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියහ.
 
එම නිලධාරීහූ තිදෙනා අද  පස්වරු 5.00 ට පමණ ප‍්‍රකාශය දීමෙන් පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියහ.
 
මෙහිදී අයේෂ් වීරක්කොඩි මහතාගෙන් ප‍්‍රකාශයක් ලබානොගත් අතර සෙසු තිදෙනාගෙන් ප‍්‍රකාශ ලබාගෙන තිබේ.    ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මෙම සිද්ධියේ පැමිණිලිකරු වන අතර සෙසු නිලධාරීහු ඔහුට සහයෝගය දැක්වීමට මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූප - ළහිරු හර්ෂණ

 



අදහස් (6)

සීඅයිඩිය පැය 9 ක් ක්‍රිකට් ලොක්කාගෙන් ප‍්‍රශ්න කරයි

Dileepa Friday, 05 October 2018 12:33 AM

අලි බබා, හොරු 40 සහ ක්‍රිකට් තිත්ත බබාලා..

:       0       0

Fernando Friday, 05 October 2018 01:07 AM

දූෂණය, වංචාව, හොරකම සහ නාස්තියට වර්ල්ඩ් කප් එක ශ්‍රී ලංකාවට ලැබෙනවා. ජය සිකුරුයි. කවුරුවත් උදැල්ල දාන්න එපා. ජය වේවා...

:       0       0

sarath Friday, 05 October 2018 01:32 AM

එකදෙයක් තියෙනවා. යහපාලන ආණ්ඩුවෙන් මේවගේ දේවල්වලට පරීක්ෂණ කරන්න ඉඩහසර ලබාදීලා තියෙනවා. අනුන්ගේ වත්කමක් තමන්ගේ කරගන්න තියෙන හොර හිත නියපොත්තේ හිටන් හිසකෙස් වලටම ඔඩු දුවලා තියෙන ලංකාව වගේ රටකට ඉස්සරහට එන්න නම් හැමෝම හොර හිත නැති කල යුතුයි.

:       0       0

yaha Friday, 05 October 2018 02:45 AM

ටී දාගත්තු හොරු...මේ අයට ලැජ්ජා නැහැ.

:       0       0

rohana Friday, 05 October 2018 04:02 AM

ලන්කවාට මොකද වෙලාතියෙන්නේ හැම එකාම හොරකම් කරලා උසාවියෙන් පිට වෙන්නේ හරියට අපි හොරකම් කරලා වගේ. ඒ මදිවට මාද්යට කියන්නේ අසාදාරන විදියට දේශපාලන පලිගැනීම් කියල .

:       1       2

Fernando Friday, 05 October 2018 09:23 AM

හොරකම, දූෂණය, නාස්තිය සහ වංචාවට ශ්‍රී ලංකාවට වර්ල්ඩ් කප් එක ලැබෙනවා. ජය නියතයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 763 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site