සීගිරිය අභයභූමියේ රාමකැලේ සමනළුන් සහ බත්කූරන් අල්ලමින් සිටි හංගේරියන් ජාතිකයන් දෙදෙනකුට එක් අයකුට රුපියල් 65000 බැගින් දඩ ගෙවන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් එස් ජේ මොරවක මහතා නියෝග කළේය.
ඔයැක් සැන්ඩෝ ටිබෝර් සහ ඔයැක් සැන්ඩෝ ටිබෝමි යන දෙදෙනාට දඩ නියම විය.
සීගිරිය වන ජීවි නිලධාරීනට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී කෘමීන් අල්ලන අතංගු දෙකක් ද සමනළුන් සහ බත්කූරන් සමූහයක් ද සොයාගෙන ඇත.
ප්‍රශ්න කිරීමේදී විදේශිකයන් කියා ඇත්තේ විවිධ රටවල සමනළුන් සහ තවත් කෘමි සතුන් පිළිබඳව පොතක් ලියන බවත්, ඒ සඳහා මෙම ක්‍රියාව සිදු කළ බවත් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බත්කූරට සමනලයාට දඩය ඔච්චරනම් අලියට කොච්චර ගහයිද?(නු)
විදේශිකයෝ අපේ නීති වලට තියෙන බය අඩුයි වගේ .මම අද්දැකීමෙන් කියන්නේ (ස)
මේවනම් ඇල්ලනවා. මුවෝ ගෝන්නු මරණ අය හොඳට බිස්නස් එක කරගෙන යනවා .(ස)
කරන දෙයක් අනුමැතියකින් තොරව කරන එකයි වරද(නු)
සමනල්ලු බත් කූරො වගෙල්ම අර අහිංසක සත්තු විනාශ කරන අයවත් අල්ලන්නකෝ..!(නු)
මෙහෙම දේවල් කරනකොට කාගෙන්ද අනුමැතිය ගන්න ඕනි ? කරුණ කරලා පැහැදිලි උත්තරයක් දෙන්න (ස)
සමනල්ලු අල්ලනවටත් මෙහෙම ලොකු දඩ ගහනවද? (නි)
හැම වෙලේම අපේ රටේ ගහකොල , සතාසිව්පාවා ආරක්ෂා කරන්න ඕනෑ. එය සෑම පුරවැසියෙකුගේම යුතුකමයි. පොත්ත සුදට දෙකට නැමෙන්නෙ නැතුව කොන්ද කෙලින් තබාගෙන රට වෙනුවෙන් කළ මෙහෙවරට එම නිළධාරීන්ට ප්‍රණාමය! (නි)
අල්ලපු බත් කූරෝ ටික එයාලටම අල්ලලා කවන්නයි තිබුණේ. (නි)
හන්ගේරි, චෙක් වගේ රටවලින් එන එය මේ වැඩ කරන්න මයි ලංකාවට එන්නේ.. මොකක් හො රහසක් තියෙනවා.. හොදට හොයා බැලිය යුතුයි. මේ දඩය ලක්ෂ දෙකක් විතර කළාට කමක් නැහැ.. එයාලට සල්ලි තියෙනවානේ.. ගෙවන්න බැරිනම් හිරේ දාන්න..!(නු)
පර්යේෂණ ග්‍රන්ථ ලියන අය ඉන්නවා.. මෙයාට පස්සේ එහෙම අයට ඊට අදාළ නිලධාරින්ගේ අවසරය මත අවශ්‍ය කටයුතු කරන්න නීති සැකසිය යුතුයි..!(නු)
ගාමිණී සරත් හිල්මි රටක සතා සිව්පාාව ගහකොල ගැන ඒ ඒ රටෙ ආවේනික නීති තියෙනවා.. අපේ රටෙත් එහෙම නීති තියෙනවා. අනවසරයෙන් අපේ රටේ ගහකොළ සතා සිව්පාවා ගෙන යන්න තහනම්.. ඇත්තටම මේ දඩ මුදල ප්‍රමාණවත් මදි.. මේක මේගොල්ලන්ට ඉතාම සුළු ගානක්..!(නු)