වාද්දුව තල්පිටියේදී සුඛෝපබෝගී වෑන් රියක් දුම්රියේ ගැටීමෙන් වෑන්රිය පදවාගෙන ආ එහි හිමිකරු මරණයට පත්විය. සංචාරකයන් රැගෙන යාමට හෝටලයට යද්දී මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවෙද්දී ගේට්ටුකරු වැසිකිලියට ගොස් සිටි බව වාර්තාවේ. දුම්රිය ඇන්ජිමද අබාධයට ලක්වී කොළඹට ඇදගෙන යාමට සිදුවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා වගකියුතු නිලධාරින්ව දැනුවත් කරන්න, ගේට්ටුව ළගම වැසිකිළි හදන්න. (නි)
අනේ මන්දා.ශරීර කෘත්‍ය ඉටු නොකරගෙනත් බෑ.කරගෙනත් බෑ..ඒත් ඉතින් රාජකාරිය ගැන සැලකිලිමත් විය යුතුයි.තමන්ට ලොකු වගකීමක් තිබෙන බව මතක තියාගන්න ඕන (ස)
කෝච්චි රියැරුද්නට හොද නම් කෝච්චිය ස්ටේෂමේ නවත්තලා කෑමට ගෙදර යන්න, මෙයා වැසිකිළියට ගිය එකේ තියෙන වැරැද්ද මොකක්ද? (නි)
ලංකාවේ ඔහොම තමයි. කවුරුත් දන්නෙ නම් නැහැ ඒ ඇයි කියලා. (නි)
ලංකාවේ දුම්රියේ කාලසටහන හරියට කාලගුණ වාර්තාව වගේ. නමුත් ගේට්ටුකරු වැසිකිළියට ගොස් සිටීම නිදහසට කාරණාවක් නොවේ. ලංකාවේ ගේට්ටුකරුවෙකු කෙසේ වෙතත් ගේට්ටුවක් විශ්වාස කරන්න පුලුවන්ද? ගේට්ටුකරුවෙකු හෝ ගේට්ටුවක් නොමැතිවිට වාහන පදවාගෙන යන රියදුරාගේ සුපරික්ෂාව නිසා ආරක්ෂාව වැඩිය. (නි)
නවුෂාඩ් කියන දේ 100%ක්ම හරි. (නි)
මේකට කරන්න තියෙන්නේ සරල විසදුමක්. “නවතින්න“ කියලා සටහන් කරපු සංඥා පුවරු සෑම දුම්රිය ගේට්ටුවක්ම අසළ තැබුවා නම් හරිනේ. (නි)
ගේට්ටුකරු තමන්ගේ වැදගත් කාර්යයක් කිරීමට ගිහිල්ලයි තියෙන්නේ. රියදුරු දැනගන්න ඕනෑ කල්පනාවෙන් යන්න. (නි)
කවුද ඉතින් දැන් මේවට වග කියන්නේ ?????? (ස)
ගේට්ටු කරුගේ සේවය අත්හිටවිය යුතුයි (ස)
මේ හැමෝගෙම නරක කාලය.පුළුවන් තරම් පරිස්සමින් වැඩ කර ගන්න, රාජකාරී කරන්න (ස)
නවුෂාඩ්, කාල සටහන දැනගෙන හිටියට වැඩක් තියෙනවා ද ? ඇත්තටම දුම්රිය යන්නේ කාලසටහනකට නොවේ නේ (ස)
ඔය වැසිකිළියේ දොරටුව ගැළවිය යුතුයි. (නි)
ඒත් සමහරු නම් කියන්නේ මෙම සියලු අනතුරු වලට හේතුව වන්නේ රියදුරන්ගේ නොසැළකිලිමත්කම කියලයි. (නි)
පහත් තැනින් යයි ගලා ජලේ (ස)
මම පහුගිය දිනක පුවත්පතකින් දුටුවා අනාරක්ෂිත දුම්රිය මාර්ගවලට අනතුරු ඇගවීමේ ක්‍රමයක් ගැන. එය ලාංකීය නිෂ්පාදනයක් නිසා තවම යොදාගෙන වගේ. නමුත් කරන්න තියෙන හොදම දෙයනම් ඒ වගේ දේශීය සොය ගැනීමක් තව දියුණු කර ලංකාවේ ප්‍රයෝජනයට ගැනීමයි. එතකොට දවස පුරාම ආරක්ෂාව ලැබෙනවා අඩු මුදලට , ඊටත් වඩා ලංකාවේ නිෂ්පාදනයක් අපගේ ප්‍රයෝජනයට ගන්නත් ලැබෙනවා (ස)
දැන් ගේටිටු කරුවන්ටත් අර ජපානේ වාගේ පැමිපස් වැනි දෙයක් හදුන්වා දුන්නොත් මෙවැනි අවස්ථා වලක්වා ගන්නට හැකිවේවි. (ස)
මේ ගේට්ටු රස්සාව නිසා වැසිකිලියට යන්නවත් වෙලාවක් නෑ (ස)
ගේට්ටුකරු වැසිකිළි හෝ කොහේ ගියත් දුම්රිය කාලසටහන දැන සිටිය යුතුයි. (නි)
ගේට්ටුකරු මීට වැඩිය වගකීමෙන් කටයුතු කළයුතුයි නේද? (නි)
දැන් ජනතාව අරුම පුදුම විදියට විපතට පත්වෙනවා. (නි)
මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා කියාවිද ? (ස)
ඇඩෙනවා .. (ස)
ගේට්ටුකරු වැසිකිලියට යාම සමාවට කරුණක්ද? (ස)
වෑන් රථයේ රියැදුරා රථය පැදවූයේ අසිහියෙන්ද මන්දා? (නි)
ඔහුට නිවන් සුව ලැබේවා (ස)