IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සංචාරක සේවයට හෙළිකොප්ටර 14ක්

තවත් එම්.අයි 171 හෙළිකොප්ටර් 14ක් සපයන ලෙස ශ්‍රී ලංකාව මේ මාසය මැද දී  ඇනැවුම් කළ බව රුසියාවේ රොසෝබොරොන්එක්ස්පෝර්ට් සමාගම නිවේදනය කරයි. ඇමෙරිකා ඩොලර් තිස් කෝටියක් දස අවුරුදු ණයක් යටතේ මේ හෙළිකොප්ටර මිලට ගනියි. සංචාරක කටයුතු වෙනුවෙන් මේ හෙළිකොප්ටර් මිලට ගන්න බව ගුවන් හමුදා ප්‍රකාශක බළගණ නායක ඇන්ඩ්රූ විජේසූරිය රොයිටර් සමග කියා ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙළිටුවර්ස් නමින් සංචාරක සේවයක් පවත්වයි.



අදහස් (0)

සංචාරක සේවයට හෙළිකොප්ටර 14ක්

පුංචා Tuesday, 24 July 2012 11:24 AM

අපේ රටේ අයට මොනවා කරත් වැරදියි...... (ස)

:       0       0

අහිංසකය Monday, 23 July 2012 10:18 PM

ඕව ගත්ත සල්ලි වලට නය ගෙවන්නේ අපි (දී)

:       0       0

සහන් Tuesday, 24 July 2012 03:56 PM

@ රොෂාන් කොඩිකාර... අනේ මන්දා ඉතින් මේ වගේ කතා...කෆීර් එකකින් කොහොමද රොශාන් යාපනේ බලන්න යන්නේ... කෆීර් එකක යන්න පුලුවන් නියමුවාට විතරයි...එහෙනම් ගුවන් යාන පුහුනු පාසලක් ආරම්භ කරලා සංචාරකයොන්ට මුලින් කෆීර් පදින්න උගන්වලා ඊ ලගට කෆීර් එකක් දීල කියන්න ඕන යාපනේ බලල එන්න කියලා.තව යාපනේ ගුවන් පතයකුත් හදන්න වෙයි... අනේ මන්දා හිනා වෙලා මැරෙන්න වෙයිද කියල....

:       0       0

උදාන Tuesday, 24 July 2012 04:00 PM

අපේ රටට අත්‍යාවශ්‍ය දේවල් තව කොපමණ නම් තියෙනවාද?(නු)

:       0       0

රණසිංහ Monday, 23 July 2012 10:32 PM

යුද්දෙට නැත්නම් සංචාරක ව්‍යාපාරයට...... මේක හොද වැඩක්. (නි)

:       0       0

මහීෂන් Wednesday, 25 July 2012 06:37 PM

මොනවා කරන්නද (දී)

:       0       0

මනෝහරන් Monday, 23 July 2012 10:39 PM

මට නම් මේවා ගැන එච්චර තේරුමක් නැහැ.හැබැයි අපේ සුජිත් ආචාර්යතුමාට නම් තේරෙනවා ඇති. (නි)

:       0       0

පාලිත Monday, 23 July 2012 10:42 PM

සතුටුයි. අපේ රටනේ දියුණු වෙන්නේ (දී)

:       0       0

රොෂාන් සෞදි Tuesday, 24 July 2012 11:33 AM

ලංකාවට එන සංචාරකයෝ හෙලිකොප්ටර් තියා කාර් ‍එකකවත් යන්නවත් කැමති නැහැ.. මීටර් ටැක්සිවල තමයි යන්නෙ.. ඔවුන් ලංකාවට එන්නෙ වියදම් අඩු නිසයි..(නු)

:       0       0

සම්පත් Tuesday, 24 July 2012 04:15 PM

ණය පෙඑරට රට දෙකට (නු)

:       0       0

සුමේද Tuesday, 24 July 2012 11:35 AM

මේවට උපදෙස් දෙන අයට ‍බ්‍රේන් වොෂ් එකක් දා ගන්න වෙයි...... (ස)

:       0       0

කසුන්,ලෑක්සම්බර්ග් සිට Monday, 23 July 2012 11:29 PM

UAE කොල්ලන්ගෙ කතාවට 100% එකගයි. අපිට කවදා ලංකාවට යන්න වෙයිද දන්නෙ නෑ. මෙහෙම වෑඩ කරනකොට ආශ්චර්යය තමයි ඉතින් මේ. තව ඉස්සරහට උපදින්න ඉන්න පරම්පරා ගානකටත් එක්කම ණය වෙනවා. මේව තමයි අපරාධ...........ඒ ළමයි ශාප කරයි මේවට... (නි)

:       0       0

කසුන් Wednesday, 25 July 2012 01:19 PM

රට දියුණු වෙනවද අගාදයට යනවද කියල හිත ගන්න බැහැ (දී)

:       0       0

අමිල - ඩුබායි Tuesday, 24 July 2012 12:15 AM

ලෝකෙම ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක ඇයි මේ අපේ රටේ විතරක් අමුතු පාරවල්, නෑව් දාන්න බෑරි වරායවල්, සුඛෝපභෝගී රංග ශාලා, මිනිස්සු යන්නෙ නෑති කෝච්චි, විදුලිය නිශ්පාදනය නොකරන විදුලි බලාගාර, රග්බි පාපන්දු , විදේශ නළු නිලියො,කාර් රේස් දෑන් ආයෙත් හෙලිකොප්ටර්.... මේ එකක්වත් රටේ සල්ලි වලින්ද? අපේ රටේ මිනිස්සුන්ට මේව දෑන්ම තේරෙන එකක් නෑ. මේකද රටක සංවර්ධනය? තව ණය වෙන්න.එතකොට තව හොදයි. රට ඉවරයි. ඔහොම ගියොත් රට පෙරටම යයි. (නි)

:       0       0

දමිත් - ඩුබායි Tuesday, 24 July 2012 12:17 AM

මෙයාලට හිටපු තෑන් අමතක වෙලා අපිට ඉන්න හිටින්න තෑනුත් නෑති කරල ඉවරයි වගේ. (නි)

:       0       0

මහින්ද Tuesday, 24 July 2012 12:23 AM

මහත්වරුනේ, හැමදේම අසුභ විදියට බලන්න එපා. වියදමක් නොකර ආදායමක් ගන්නේ ‍කොහොමද? ලැබෙන ආදායමෙන් ඕක ගෙවලා දාවි. (නි)

:       0       0

ධනුෂ්ක - ඩුබායි Tuesday, 24 July 2012 12:24 AM

අපි රට ඉදන් සල්ලි එවන්නම්කො, ඔයාල තව ණය වෙන්නකො. අයියෝ අපේ සල්ලි !!! (නි)

:       0       0

අරලිය Tuesday, 24 July 2012 05:13 PM

මෝඩ වැඩ (දී)

:       0       0

බන්දු Tuesday, 24 July 2012 05:13 PM

හරිම මෝඩයි. (නි)

:       0       0

රත්නායක Tuesday, 24 July 2012 05:17 PM

එහෙමවත් කරලා ගොඩ ආවොත් නම් හොදයි. (නි)

:       0       0

ෂර්ෆාස් Tuesday, 24 July 2012 01:13 AM

රටේ ජීවන වියදම අහස උසට. කවුද කියන්නේ රටේ සල්ලි නැහැ කියලා? ඔය තියෙන්නේ ඕනේ තරම්........ (නි)

:       0       0

ෂර්ෆාස් Tuesday, 24 July 2012 01:15 AM

මතුගම ඩිපෝ එකට දීපු බස් වලින් අඩු වෙච්ච බස් දෙක අපට දෙන්න බැරිද? හෙලිකොප්ටර් ඕනේ නැහැ. (නි)

:       0       0

ගීත් Tuesday, 24 July 2012 05:24 PM

හැම දෙයම නරක විදියට බලන්න එපා. පොඩ්ඩක් සුභවාදීව බලන්න.. එතකොට තමයි රටක් දියුණු වෙන්නෙ..(නු)

:       0       0

අජිත් Wednesday, 25 July 2012 08:12 AM

සන්තෝසයි. ලංකාවේ දියුණුවට ඕව හොද වැඩ (දී)

:       0       0

අජන්ත Wednesday, 25 July 2012 08:12 AM

අපිට යන්න බැරි වෙයි. අස්ප ගණන් ඉල්ලයි (දී)

:       0       0

අජිත් වීරක්කොඩි Tuesday, 24 July 2012 01:22 AM

මේ වගේ දේවල් කරන එක හොදයි. ඒ ප්‍රතිලාබ මහජනතාවටත් බෙදී යනවා තමයි හොද පෞද්ගලික ව්‍යාපාරයක් වගේ නොවී...... (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 24 July 2012 01:39 AM

සාමාන්‍ය මිනිස්සුන්ට දැන් අඩුවෙලා තියෙන එකම දෙය තමයි හෙලිකොප්ටර්.... (නි)

:       0       0

දයා,saudi Wednesday, 25 July 2012 01:47 PM

සල්ලි ඇති අය උඩින් යයි.නැති අපි හැමදාමත් බිමම තමයි. (නි)

:       0       0

නිපුන් Tuesday, 24 July 2012 05:35 PM

අලුත් රුසියානු එම්.අයි 17 යානානත සිග ඇමරිකානු ඩොලර් 10.1යි.. ඉතිරි මිලියන 3තට මොකද උනේ..?(නු)

:       0       0

මංජුල-අබුඩාබි Wednesday, 25 July 2012 08:43 AM

ලංකාවේ මිනිස්සු බඩගින්නේ මැරුණා කියලා මම නම් කවදාවත්ම අහලා නැහැ. (නි)

:       0       0

වසනා Tuesday, 24 July 2012 12:12 PM

ඔය වගේ වැඩ කරන්න එපා. මොකද ඕකෙන් වෙන්නේ තවත් බදු මිල ඉහල යන එක. සුද්දන්ට උඩින් යන්න අපි බද ගින්නේ ඉන්න ඕනෙද (දී)

:       0       0

නවීන් Tuesday, 24 July 2012 02:35 AM

ඩොලර් කෝටි 30ක්.... ගණුදෙණුව ඉතාම පැහැදිලියි. එළකිරි වගේ. (නි)

:       0       0

රොහාන් Tuesday, 24 July 2012 04:14 AM

ශ්‍රී ලංකාවේ ආරක්ෂාවටත් හොදයි. ඒ වගේම සංචාරකයින්ගේ ආරක්ෂාවටත් හොදයි. තමන්ගේ මව්බිමට අවංකව සේවය කරලා මැරිලා යන එකත් සැපයි, නිකන් කාලය ගත කර කර බහු බුත කර කර ඉන්නවට වඩා. (නි)

:       0       0

sltk2004 Wednesday, 25 July 2012 09:18 AM

මට අංක ගණිතය වැඩිය බැහැ. නමුත් මගේ ගණනය කිරීම අනුව 14 ම මිල ඇ ඩො මිලියන 300. ඒ කියන්නේ රුපියල් මිලියන 40,500. ඒ අනුව එකක් රුපියල් මිලියන 2900 විතර. අවුරුදු 10 ක් තුල සේවක වැටුප්, ඉන්දන වියදම්, අලුත්වැඩියා නොසලකා හැර, හැම දාම වැඩකර පොලී නැතුව ගත් මුදල පමණක් ගෙව්වොත් දිනකට රුපියල් 792,000 ගෙවන්න ඕනේ. ලංකාවේ ජනතාව සහ සංචාරකයින් තුල මේ සඳහා ඇති දැඩි උනන්දුව නිසා දිනපතා ඔය මුදල හොයන එක සුළු දෙයක්. අනිත් එක අවුරුදු 10 අවසානේ ගත්ත ගානට වැඩ වැඩියෙන් විකුනන්නත් පුළුවන් වේවි. කදිම ආයෝජනයක් . අපි මේ වගේ දේවල් කලින් නොකළේ මොකද ? මේ වගේ ව්‍යාපාර කීපයක් කලොත් ලංකාවේ ආර්ථිකය ඉක්මනින් දියුණු කරන්න පුළුවන් .(වි)

:       0       0

අවුසී Tuesday, 24 July 2012 05:00 AM

තිස්ස මඩවල, එම් අයි 171 කියන්නේ මොනවද? අපි නම් අහල තියෙන්නේ 17 කියල. රුසියාවේවත් 171 කියල හෙලිකොප්ටෙර් එකක් නොමැත. තිබේ නම් කරුණාකර දැනුම්දෙන්න LOL :) (නි)

:       0       0

කසුන් Tuesday, 24 July 2012 06:26 PM

‍රටේ ජනතාව ඇත්තටම කවුරුන් කියලාද හිතාගෙන ඉන්නෙ..??(නු)

:       0       0

අනුෂ්කා Tuesday, 24 July 2012 05:47 AM

ෂා... අළුත් හෙලිකොප්ටර්... දුප්පත් අපිට කියන්න වචන නැහැ. (නි)

:       0       0

කෙවින් Tuesday, 24 July 2012 05:51 AM

මෙතන මොකක් හරි ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 24 July 2012 05:56 AM

මේකෙන් පේන දේ තමයි ගුවන් හමුදාවට දැන් තියෙන දේ සංචාරකයන් ගෙනියන එකයි. යුද්ධයක් දැන් නැහැ නේ. ඉතින් මේ වගේම ආමි එකටත් හොඳයි බස් සේවයක් නැත්නම් බඩු ප්‍රවාහන සේවයක් පටන් ගන්න එක. නාවික හමුදාව දැනටමත් සංචාරකයන් ගෙනියනවානේ තල්මසුන් බලන්න.සංචාරක බිස්නස් කරන එකම හමුදාව ඉන්නේ, මම හිතන්නේ ලංකාවේ. (නි)

:       0       0

රොෂාන් කොඩිකාර Tuesday, 24 July 2012 06:43 AM

අඩුමගානේ අලුත් ඒවා හරි ගත්තනම් කමක් නෑ කියන්න පුළුවන්. ණය වෙලා ගන්න හදන්නේ අවුරුදු 25කටත් වඩා පැරණි එම් 17 ද්? (ත)

:       0       0

අමිල Monday, 23 July 2012 06:34 PM

'සී ප්ලේන් සමග හෙලි ටුවර්ස්' මෙච්චරයි දැන් අඩු අපිට. (නි)

:       0       0

දුමින්ද Tuesday, 24 July 2012 07:08 AM

අයියෝ ඇයි අපිට මෙහෙම කරන්නේ? (නි)

:       0       0

රිස්වි Tuesday, 24 July 2012 07:00 PM

නරකද ඕවා ගන්න එක පොඩ්ඩක් කල් දාලා බඩු මිළ ටිකක් අඩු කරන්න පියවර ගත්තා නම්..?? (නි)

:       0       0

සංජය නාපොලි Monday, 23 July 2012 06:45 PM

නයට ගත්තත් පාඩුනේ ලබන්නේ . (දී)

:       0       0

තරංග Tuesday, 24 July 2012 07:12 AM

@අවුසී, එම් අයි 171 කියන්නෙ MI17 ම අළුත් මොඩල් හෙලිකොප්ටර් වලට ... (නි)

:       0       0

රොෂාන් Tuesday, 24 July 2012 07:05 PM

සහන්, නියමුවන් දෙන්නකුට යන්න පුලුවන් කෆීර් තියෙනවා. මම කිවුවේ එහෙම යානාවක එක නියමුවෙක් ගිහින් අනෙක් නියමුවා වෙනුවට සංචාරකයකු අරන් යන්න කියලයි. (නි)

:       0       0

තරංග Tuesday, 24 July 2012 07:12 AM

මේ එකක් ඩොලර් මිලියන 13කට පොඩ්ඩක් අඩුයි .ඒ කියන්නෙ 13X14 = 182(මිලියන) ඒ කියන්නෙ ඩොලර් කෝටි 18ක්. හැබැයි ඉතින් හැමදේටම ණය වෙන එක හොඳ දෙයක් නම් නෙමෙයි. (නි)

:       0       0

ටොම් Monday, 23 July 2012 06:46 PM

එයාලා හෙළිටුවර්ස් යයි. අපි...............???? (නි)

:       0       0

රන්දි Tuesday, 24 July 2012 07:23 AM

නියම අදහසක්. (නි)

:       0       0

මධු Monday, 23 July 2012 06:53 PM

මෙම ඇණවුම පිළිබද සොයා බැලිය යුතුයි. (නි)

:       0       0

සෑම් Tuesday, 24 July 2012 07:47 AM

14ක් එකපාර ගනිද්දි හොද සැළසුමක් තියෙනවාද? (නි)

:       0       0

අමිල Monday, 23 July 2012 06:58 PM

නරකද කෆීර් ටිකකුත් ගත්තොත්? (නි)

:       0       0

සමන් Tuesday, 24 July 2012 07:49 PM

9,750,000 x 14 =136500000 මේකෙ ඉතිරි මුදල් ටිකට මොකද උනේ...? ඉතිරි මුලින් අපට හෙලිකොප්ටර 15ක්ම ගන්න තිබුණා..(නු)

:       0       0

සුජී Monday, 23 July 2012 07:11 PM

මොකක්ද කිවුවේ???? (නි)

:       0       0

ගයාන් Monday, 23 July 2012 07:13 PM

එදා වේල කන්න නැති මිනිස්සු ඉන්න රටට මොන හෙලිකොප්ටර්ද? (නි)

:       0       0

නිහාල් Tuesday, 24 July 2012 01:05 PM

අන්තිමට ලංකාවේ මිනිස්සුන්ට මේ ණය ගෙවන්න මොනවා විකුණන්න වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

කපුටා Tuesday, 24 July 2012 08:29 AM

මීට පෙර ගුවන් හමුදාව සඳහන් කළේ යුද්ධයට භාවිතා කල යානා සංචාරක කර්මාන්තයට යොදා ගන්නේ නඩත්තු වියදම් සොයා ගැනීමට පමණක් බවයි . පෞද්ගලික අංශය සංචාරක කර්මාන්තය සඳහා යොමු කිරීම රජය කළ යුත්තක්. නමුත් සිදු වන්නේ වෙන දෙයක්. (නි)

:       0       0

සහන් Wednesday, 25 July 2012 10:18 AM

රොෂාන් කොඩිකාර,...ඔව් සහාය නියමුවා වෙනුවට එහෙනම් සංචාරකයෙක්ව අරන් යමු....ඔබගේ ටිකිරි මොලේ නම් නියමයි....(ස)

:       0       0

රන්ජන් Tuesday, 24 July 2012 01:15 PM

හෙලිකොප්ටර් විතරයි අපිට අඩුවකට තිබුනේ.......... රට පෙරට - ගමු ණයට !!!!!!!!!!!!! (ස)

:       0       0

සිසිර Monday, 23 July 2012 07:31 PM

අනේ මන්දා, මිනිස්සුන්ට දැන් 'පාන්' කියා ගන්නවත් බැහැ. ඒ වුණාට අපි ලෝකෙටම ණය වෙනවා. මේවා කාට කියලා කියන්නද? (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 24 July 2012 08:58 AM

මේ වගේ හෙලිකොප්ටර් ගේන්නේ ඇයි? මොකද රටේ සිවිල් යුද්ධයක්වත් තියෙනවද? නෑනේ. (නි)

:       0       0

ලලිත් Tuesday, 24 July 2012 01:28 PM

පුදුම සහගතයි. (නි)

:       0       0

ලලිත් කටාර් Tuesday, 24 July 2012 01:30 PM

ඊළග මැතිවරණ වේදිකාවෙදි මේ පිළිබද වැඩි විස්තර දැන ගැනීමට හැකි වෙයි...!!(නු)

:       0       0

ජනක Tuesday, 24 July 2012 01:35 PM

ශයිට වඩා හොද නැද්ද බී.ටී.අයි. බැක්ටීරියා ගෙන්නලා අපේ මිනිස්සු ටික බේරා ගත්තා නම්? (නි)

:       0       0

කීර්ති Tuesday, 24 July 2012 09:18 PM

මෙහෙම දේවල් කරන්න ජනතව පව් නැද්ද?(නු)

:       0       0

නාරද Wednesday, 25 July 2012 03:46 PM

ඇත්තෝ කති නැත්තෝ ලෙව කති ....(ස)

:       0       0

සමර Tuesday, 24 July 2012 09:15 AM

අන්න මරු. ජීවන වියදමට පිලියමක්. (දී)

:       0       0

ප්‍රවීන් Tuesday, 24 July 2012 01:43 PM

පොඩි පොඩි හෙලිකොප්ටර් ගන්නවාට වැඩිය මේවා ගන්න එක හොදයි.අඩුගාණේ පස්සේ කාලෙක හමුදාවේ අයට හරි ප්‍රයෝජනයට ගන්න පුලුවන්නේ. (නි)

:       0       0

බන්ඩා Tuesday, 24 July 2012 09:18 AM

2012 ලෝක විනාශය සිදු නොවේ......ලංකාවේ විනාශය සිදු වේ....

:       0       0

ඇටිකිච්චා Tuesday, 24 July 2012 09:19 AM

'ටොම් 2012-07-23 18:46:51 එයාලා හෙළිටුවර්ස් යයි. අපි...............????' අපිට හෙළු ටුවර්ස්. (නි)

:       0       0

ෆාරු Tuesday, 24 July 2012 09:22 AM

ඉතින් පිලිපීනේ අයට මොකද අපේ සල්ලිනේ...... (ස)

:       0       0

සිසිර Tuesday, 24 July 2012 09:32 AM

අපිට හරියට බස් එකකවත් යන්න බැහැ. බස් ගාස්තු අහට උසට. ඒ මදිවට හෙලිකොප්ටර් අරන්. මොනවා කරන්නද? ආශ්වර්යය කරානේ යන්නේ... (නි)

:       0       0

ඩයස් Monday, 23 July 2012 08:03 PM

සංචාරකයින්ට ගුවනේ සිට වෙඩි තියන්න උගන්වන්නද? (නි)

:       0       0

රිස්වාන් Monday, 23 July 2012 08:03 PM

ඇමෙරිකන් ඩොලර් කෝටි 30ක්.........????? (නි)

:       0       0

ෆයිසාර් Tuesday, 24 July 2012 09:35 AM

අපේ රට තව තව ණය වේවිද ??? (ස)

:       0       0

දර්ශන Monday, 23 July 2012 08:04 PM

අපි පිටරට වල දුක් විදලා විදලා සල්ලි ටික ලංකාවට එවනවා.මේ අය ඒවා ඔක්කොම එක සැරේම වෙන රටකට දෙනවා. අනේ අපි මේවා කාට කියන්නද? (නි)

:       0       0

සහිල් Monday, 23 July 2012 08:12 PM

මිනිස්සු බඩගින්නේ කන්න නැතුව ඉන්දැද්දි හෙලිකොප්ටර් ගන්නවා. ඒකත් නරක නෑ. (නි)

:       0       0

උපුල් Tuesday, 24 July 2012 09:37 AM

නියමයි.....නියමයි.... (ස)

:       0       0

අනුර ශාන්ත Tuesday, 24 July 2012 09:38 AM

දැන් උවමනා මහජනතාව උඩින් යවන්නද ‍???? අඩු එච්චරයි.... (ස)

:       0       0

කපිල Monday, 23 July 2012 08:19 PM

මෙය පුද්ගලික අංශයට භාර දුන්නා නම් හොදයි. මොකද මේ ආයෝජනය ණයක් වශයෙන් ගත්තොත් අපට ලොකු බරක්. (නි)

:       0       0

ගයාන් Monday, 23 July 2012 08:19 PM

ඇයි සුපිරි කාර් මදි වෙලාද සවාරි ගහන්න? (නි)

:       0       0

ඇරිස්; Tuesday, 24 July 2012 10:07 PM

රුසියන් රජයෙන් අපිට ලබා දුන් මුදල් සංචාරක කර්මාන්තයට යෙදවුවහොත් නරකද? (නි)

:       0       0

කීර්ති Monday, 23 July 2012 08:21 PM

නරකද කෆීර්, මිග් F7 ටිකකුත් සංචාරක සේවයට ගත්තොත්? (නි)

:       0       0

කීර්ති Monday, 23 July 2012 08:31 PM

ඇයි සංචාරකයින් මේවායින් යන්නේ මුදා නොගත් පාරාදීසයකටද? (නි)

:       0       0

ෂෙරීෆ් Monday, 23 July 2012 08:32 PM

රට පෙරට - ගමු ණයට (නි)

:       0       0

නිලාඩ් Monday, 23 July 2012 08:36 PM

පුංචි අපි වැඩට යන්න බයිසිකල් කට්ටක්, ත්‍රීවිල් එකක් ගත්තොත් ඒවා අපරාධ සල්ලි... (නි)

:       0       0

රෝහිත් Monday, 23 July 2012 08:39 PM

සංචාරක ව්‍යාපාරයට ප්‍රහාරක යානා මොකටද? (නි)

:       0       0

කපිල Tuesday, 24 July 2012 10:08 AM

අපේ රටේ ජනතාවට ඕන හොද දුම්රිය සේවයක් සහ මගී බස් සේවයක්.. ණය වෙලා හරි මගී දුම්රිය ගේන්න.. අපේ මනාපය ඔබට...(නු)

:       0       0

ඇම්ඩා Tuesday, 24 July 2012 10:07 AM

අනේ මන්දා? මිහින් ලංකා වගේම වෙයිද දන්නෙ නැහ. දැං ශ්‍රි ලංකන් එකත් හොදටම ලාබ ලබනවානෙ අපේ කට්ටිය ගමන් ගිහිල්ලම.. ඔහොම යං.. රට පෙරට හැබැයි ඝෘණාත්මක පැත්තට..(නු)

:       0       0

ලාංකිකයා Wednesday, 25 July 2012 11:21 AM

ඔය වගේ වැඩ වලින් වෙන්නේ අපි දවසට කන වෙල් ගණන අඩු වෙන එක (දී)

:       0       0

හර්නස් Monday, 23 July 2012 08:57 PM

මේක දුරදක්නා වැඩක්. මම මේක ඉහළින්ම අගය කරනවා. (නි)

:       0       0

නුවන් Tuesday, 24 July 2012 11:12 PM

අපි වැඩට යන්න උදේ සවස බස් වල, කෝච්චි වල විදින දුක දන්නවා නම් මේ කට්ටිය......??? අපිට මේවා අවශ්‍ය නැහැ. කරුණාකරලා පොදු ප්‍රවාහන සේවා ටික දියුණු කරන්න. (නි)

:       0       0

සන්ජීව Tuesday, 24 July 2012 10:31 AM

සංචාරක ව්‍යාපාරයට ගන්නේ ආරක්ෂක අංශයෙන්ද ??? (ස)

:       0       0

කුමාර Wednesday, 25 July 2012 11:43 AM

අපිට කන්නවත් නැතුව දුක් විදිනවා. මෙහේ හෙලිකොප්ටර් ගේනවා. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 23 July 2012 09:15 PM

මේවා දැන් ඇමතිවරුන්ගේ පාවිච්චියට දෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

නිශාඩ් Tuesday, 24 July 2012 02:31 PM

නැව ගිලුනත් බෑන් චූන්.... !!! (ස)

:       0       0

දුමින්ද Tuesday, 24 July 2012 10:34 AM

හෙලිකොප්ටර් 14 න්ම කොමිස් ඇති නේද ???? (ස)

:       0       0

නාරද Monday, 23 July 2012 09:19 PM

හරියම කළොත් නම් ඉතිං ඉතාම සාර්ථක හොද වැඩක්. (නි)

:       0       0

අචිනි Tuesday, 24 July 2012 10:36 AM

හොඳ කුට්ටි................ (ස)

:       0       0

හේරත් Monday, 23 July 2012 09:25 PM

ලෝකෙට ණය වෙලා අපි ජොලි දාමු. (ත)

:       0       0

රොබට් Tuesday, 24 July 2012 10:43 AM

මේ හෙලිකොප්ටර 14 පළමුව ඇණවුම් කලේ US නාවික හමුදාව ඇෆ්ගන් හමුදාව සදහා.. නමුත් එම ඇණවුම අත්හිටවූවා.. මක්නිසාද යත් ලංකාව අවස්ථාව උදාකරගත්තා එවා මිලදී ගැනීම..(නු)

:       0       0

චමිල Monday, 23 July 2012 09:28 PM

ධනවාදී වෙන්න. අපි අපේ සංචාරක කර්මාන්තය දියුණු කළ යුතුයි.නමුත් සියළු ගණු දෙණු ඉතා පැහැදිලි විය යුතුයි. (නි)

:       0       0

ප්‍රේම් Tuesday, 24 July 2012 10:45 AM

හරි පුදුමයි....සංචාරක ව්‍යාපාරයට ප්‍රහාරක හෙලිකොප්ටර්.... (ස)

:       0       0

මේනක Tuesday, 24 July 2012 10:53 AM

ගමනක් යන්න හෙලිකොප්ටරයක් එනකල් මිනිස්සු හෝල්ට් ගාණේ කොච්චර රස්තියාදු වෙනවද කියලා මේ ප්‍රතිචාර දාන අයට තේරෙන්නේ නෑනේ. (නි)

:       0       0

චන්දිම Tuesday, 24 July 2012 10:54 AM

මේ ඇද්ද දන්නේ නැහැ. (නි)

:       0       0

දිනේෂ් Monday, 23 July 2012 09:40 PM

යුද්දේ කරනවා කියලත් ඉතිං කළේ මොකක්ද? (නි)

:       0       0

දමින්ද Tuesday, 24 July 2012 11:00 AM

තව තවත් බද ගින්නේ ඉන්න පුළුවන් අපිට (දී)

:       0       0

ඩයස් Tuesday, 24 July 2012 11:03 AM

දැන් තිබෙන පුද්ගලික බස් අත්හිටුවා අපිට හොද දුම්රිය සහ බස් සේවයක් ලබා දෙන්න. (නි)

:       0       0

රොෂාන් කොඩිකාර Tuesday, 24 July 2012 03:15 PM

තව කෆිර් ටිකකුත් ගත්තනම් හරි.. අතකොට යාපනේට ගහපු හැටි පෙන්නන්න සංචාරයක් එක්ක යන්න පුළුවං..(නු)

:       0       0

දමිත් Tuesday, 24 July 2012 11:07 AM

හෙලිකොප්ටර් 28 ගේන්න පුළුවන් වෙයි..... (ස)

:       0       0

මල් කැකුල Monday, 23 July 2012 09:54 PM

මීට වැඩිය හොද නැද්ද අපේ මහාමාර්ග ටිකයි දුම්රිය ටිකයි පිළිවෙළකට හැදුවා නම්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 352 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 533 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 329 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 273 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 868 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 171 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site