තංගල්ල මැඩිල්ලේදි බ්‍රිතාන්‍ය වැසියකු ඝාතයන කැර ඇත්තේ වෙඩි තැබීමෙන් නොව තියුණු අවියකින් කැපීමෙන් වු තුවාල වලින් යැයි මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි දොස්තර එච් .කේ. කේ විජේවීර කියයි හිසේ ද වෙඩි පහරක් ඇතත් එය ටී 56 උණ්ඩයකින් සිදුවිය නොහැකි බව ද වෛද්‍යවරයාගේ වාර්තාවේ දැක්වේ සිද්ධිය වු ස්ථානයේ ටි 56 උණ්ඩ වැටි තිබුණ ද විදේශිකයාට වෙඩි තැබීමට වෙනත් අවියක් පාවිච්චි කරන්නට ඇතැයි සැකයක් ද පවති. ඝාතකයන් හදුනාගෙන ඇති බවත් ඔවුන් පැමිණි වාහනයක් සහ එහි හිමිකරු විතාරන්දෙනියේ දී අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි මේ ඝාතනයෙන් පසු එහි සිටි සංචාරකයෝ ඉවත්ව ගියහ
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටී 56 කොහෙන්ද?
මේවගේ දේවල් වෙන්න තවත් ඉඩ දෙනවාද?
මේ වගේ අය නිසා අපේ රටේ නම කැතවෙනවා.
ශ්රී ලංකාවේ බොහෝ පිරිසක් කාම උමතුවකින් සහ පීඩනයකින් පෙළෙන බව දිනපතා දක්නට ලැබෙන ප්‍රවෘත්ති වලින් පැහැදිලි වේ. අන්තර්ජාලය රූපවාහිනය ආදිය ඔස්සේ කාමුකත්වය ඇතිකරන ලබන දෑ නිතර නිතර දැකබලා ගත හැකිවීමෙන් ඇවිස්සී යන කාමය තෘප්ත කර ගැන්මට උත්සාහ දැරීමේ දී නොයෙක් රාමූන්ට කොටු වීමෙන් එය කාමපීඩනයක් බවට පත් ව ඇත. එම පීඩනය මෙසේ පුපුරා යෑම අද්භූත දෙයක් නොවේ. එය සිදු වන අයුරු දිනපතා අසන්නට ලැබෙන කාන්තා හිංසන ළමා අපචාර ආදියෙන් මොනවට පැහැදිලි වන කරුණකි. පසුගිය දිනෙක විදේශීක කාන්තාවකට අතවර කරන්නට තැත් කිරීමත්, දැන් මෙම සිදුවීමේ මූලයත් බැලූ විට විදේශීය කාන්තාවන් පවා මෙම කාමපීඩනයේ ගොදුරු බවට පත්වීම ඇරඹී ඇති බව පැහැදිලි ය. මේ තත්වයට වහ වහා පිළියම් කරන්නට වගකිවයුත්තන් කටයුතු නො කරන්නේ නම් නියත වශයෙන් ම ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩ ගත නො හැකි මට්ටමට ම විනාශ වී යනු ඇත. එසේ ම ශ්‍රී ලංකාව පිළිබද සංචාරකයන් තුළ ගොඩ නැගී ඇති යහපත් ප්‍රතිරූපය මුලුමණින් ම බිද වැටෙනු ඇත. මෙය සමස්ථ ලාංකීය ජනතාව ගේ අභාග්‍යයකි.
ඔවුහු මිනිස්සුද සත්තුද? නිසි පාලනයක් නැති බවයි පේන්නේ?
සංචාරක ව්‍යාපාරය ඉවරයි?
මෙය මහ අපරාධයක්, මහ කැත වැඩක්. පොලීසිය නිදාගනද ඉන්නේ? පිටරැටියන් මේ විදියට මරා දැමීම මොන තරම් පහත් වැඩක්ද? කඩිනමින් නිසි පියවර ගන්නැයි ජනාධිපතිතුමාට අපි කියනවා.
ජනපතිතුමණි, මෙවැනි අය කරන වැඩ නිසා ඔබතුමාටත් හොද නෑ.
මොනවද මේ කරන වැඩ? ලංකාවට සංචාරකයො එන එක නැතිව යනවා.
මෙ දේශපාලනඥයො නිසා සංචාරක කර්මාන්තේ ඉවරයි.
මෙහෙම දේශපාලනඥයො නිසා සංචාරක කර්මාන්තය ඉවරයි.
මේ අය රටේ නම කැත කරනවා. සංචාරකයන්ට පාහර දීමට විරුද්ධව දැඩි දඩුවම් දිය යුතුයි
මේ වැඩවලින් සංචාරකයන් ශ්‍රී ලංකාවට එයිද? මෙහෙම ගියොත් රට දියුණු කරන්න හම්බ වෙන්නේ නෑ.
ආගන්තුක සත්කාරය කියන්නේ මේකටද?
සංචාරකයො රටට එයිද හේවගේ වැඩ නිසා. මෙහෙම කොහොමද ලංකාව ආසියාවේ ආශ්චර්ය කරන්නේ?
සංචාරකයන් එන එකත් නවත්වයි
අපේ රටට ආසාවෙන් එන සංචාරකයන්ට මේක ම්ලේච්ඡ ප්‍රහාරයක්.
අපේ රටේ කීර්තිනාමයට මේ කැළල කරපු අයවලුන් මොන තරම් දේශපාලන බලපුලුවන්කාරයෝ උනත් දැඩි දඩුවම් දෙන්න ඕන. කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ
සංචාරක ව්‍යපාරය දියුණු කරන්න උනන්දු වුණාට වැඩක් වෙයිද මේ වගේ චේවල් වෙද්දි?
සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න උනන්දු වුණාට වැඩක් වෙයිද මේ වගේ දේවල් වෙද්දි?
මේ අපරාධය කරපු අයට ස්වභාව ධර්මයෙන් දඩුවම් දෙන්න ඕන. අපරාධය යට ගහන්න දෙන්න එපා.
මීට වගකිව යුතු අයට උපරිම දඬුවම් ලබා දිය යුතුයි.