IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


‘‘සංචරණ සීමා ඉවත් කරන්න දැඩි කොන්දෙසි‘‘

(සුජිත් හේවාජුලිගේ)

රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කෙරෙන්නේ දැඩි කොන්දේසි මත යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

කොවිඩ් ව්‍යාප්තිය සමාලෝචනය කිරීම සඳහා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අද (12) පැවැත්වීමට නියමිත අතර එහිදී එම කොන්දේසි සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කරයි.

දිවයින පුරා සංචරණ සීමා ඉවත් කෙරුණද කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පළාත් අතර ගමනාගමනය තවදුරටත් සීමා කරන බවත් කාර්යාලවලට සේවක සේවිකාවන් සීමාකාරීව කැඳවීමේ තීරණයද එලෙසම පවතින බවත් ඔහු කියයි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවස්ථාව සලසා දෙන බවද ගුණවර්ධන මහතා අනාවරණය කළේය.

මේ අතර රටපුරා සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි ඇතැම් සමාජ මාධ්‍යවල පළවී ඇති ප්‍රවෘත්තිය අසත්‍ය බවත් එවැනි තීරණයක් ගෙන නැති බවත් කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියා ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්දු සිල්වා මහතා පැවසීය.



අදහස් (10)

‘‘සංචරණ සීමා ඉවත් කරන්න දැඩි කොන්දෙසි‘‘

asanka Friday, 11 June 2021 05:14 PM

හොඳ තීරණයක්.. නමුත් පළාත් අතර සංචරණ සීමා ලබන 30 වැනිදා දක්වා පනවන්න..

:       2       2

Praba Friday, 11 June 2021 05:28 PM

ඒක හොඳයි. කොච්චර දැඩි ලෙස සංචරණ සීමා ක්‍රියාත්මක වුනාද කියල අපි දැක්කා...

:       0       27

susantha Friday, 11 June 2021 05:50 PM

අන්න අරෙහේ සංචරණ සීමා දික් කරලා

:       0       1

නිහාල් Friday, 11 June 2021 06:54 PM

ඊට කලින් ඔයාගෙ කොඳුඇට පේලියට දැඩි කොන්දේසි දාන්න කාගෙ කාගෙත් කීමට එහෙට මෙහෙට නැමෙන්නේ නැතුව ඉන්න කියලා...

:       0       44

kapila Friday, 11 June 2021 08:48 PM

මෙයා සංචරණ සීමා ඉවත් කරනවා කියලා අනික් පැත්ත හැරෙනකොට අන්න සංචරණ සීමා 21 දක්වා දික් කරලා. එතකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ට තියෙන බලතල මොනවාද? අනිල් ජාසිංහ මහතා ඉන්න කාලේ නම් එතුමා කොන්ද කෙලින් තියාගෙන තීරණ ගත්තා...

:       1       147

SL Friday, 11 June 2021 08:49 PM

මහත්තයෝ රැවුලයි කැඳයි දෙකක් බැහැ අපි පුද්ගලික ක්ෂේත්‍රයේ වැඩ කරන නිසා දන්නවා. ගොන්නු වගේ නීති දාන්න එපා. දැක්කනේ පහුගිය දවස් ටිකේ ...?

:       1       5

Sri Lanka Friday, 11 June 2021 09:19 PM

මිනිසුන්ට ජීවත් වෙන්න ඉඩ දෙන්න නැත්තම් කන්න නැතුව මැරෙනවා

:       0       1

සමින්ද Saturday, 12 June 2021 12:27 AM

සියලු දෙනාටම එක්වර විවෘත කිරීමත් නොකර, එන්නත් ටික දිලා , ෆුල් ඕපන් එක කරානම් හොඳයි. එතකං රට විවෘත විය යුතුයි. එහෙත් සියලු දේ එකවර නොවේ. ෆාමසි දිනපතා, ආහාර පාන සතියට දින 2ක් සහ අනෙකුත් සියලු සෙවාවන් සඳහා සතියට දිනයක් බැගින්, උදාහරණ වශයෙන් හාර්ඩ්වෙයාර් එකක් කරන මනුස්සයෙකුට දවසක් අඩුම තරමින්, රෙදි බිස්නස් කරන කෙනෙකුට තව දවසක්, මේ විදියට තව මාස 2ක් කරන්න.. අමාරු තමයි ඒත් අපේ ජීවිත දරුවන්ගේ අනාගතය ගැන සිතා, රටත් යම් සුලු ප්‍රමාණයක් විවෘත කරගෙන තමයි යන්නේ වෙන්නේ...

:       0       2

චිත්‍රානන්ද Saturday, 12 June 2021 05:40 AM

බම්බුව තමයි. මිනිස්සුන්ට ඕනෑ හැටියට පාරේ යන්න නිදහස තියෙනවා අපේ පැත්තේ. කිසි කෙනෙක් බලන්නේ නැහැ....

:       0       1

gunda Saturday, 12 June 2021 01:15 PM

අනේ මහත්තයෝ.., තවත් ඔතන නිදාගෙන ඉන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති වියට්නාමයට
2025 අප්‍රේල් මස 29 23 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පුනර්ජනනීය බල ශක්තියට තවත් දොරක් අරී
2025 අප්‍රේල් මස 29 34 0

භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.


රබර් පාලන පනත පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 29 60 0

රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බැංකු මූල්‍ය ප්‍රකාශ -මෙහෙයුම් වාර්තාව ජනපතිට
2025 අප්‍රේල් මස 29 76 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත


ආර්ථික සංගණනයක් කරන්න යයි
2025 අප්‍රේල් මස 29 160 0

ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


වියට්නාමය එක්ක අවබෝධතා ගිවිසුමක්
2025 අප්‍රේල් මස 29 152 0

ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිර


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1039 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 444 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 590 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site