IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘සෞදි පොදු සමාව තවම නෑ‘

 සෞදි අරාබියේ  අවතැන් වු  හෝ අනවසරික  සංක්‍රමිණිකයින් උදෙසා පොදු සමාකාලයක් සෞදි රජය විසින් තවමත් තීරණය  කොට නැතැයි  රියාද් තානාපති කාර්යාලයේ  කම්කරු උපදේශක  මුතුමාල මහතා කියයි.

 පොදුසමා කාලයක්  කුමන හෝ මොහොතක  ප්‍රකාශයට පත් කරනු ඇතැයි මීට දින කිහිපයකට ඉහතදී  ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුම්වත් කළද   තවමත් ඒ පිළිබදව  සෞදි රජය පවතින්නේ  සාකචිඡා මට්ටමේ බවද ඒ මහතා අවධාරණය කරයි.

කෙසේ  වුවද පෙර සුදානමක්  ලෙස සහ සංගණනය කිරීමක් ලෙස  අවතැන් වු  අනවසරික ශ්‍රී ලාංකික  ප්‍රජාව තම ගමන් බලපත්‍ර  ප්‍රමාණයේ ඡායා රූප දෙකක් සමග ගමන් බල පත්‍රයේ  පිටපතක් ඇත්නම් එයද රැගෙන  රියාද් තානාපති  කාර්යාල හෝ අනෙකුත් කොන්සියුලර්  කාර්යාලය වෙත පැමිණ අදාල පෝරමය  පුරවා ලියාපදිංචි වන ලෙස දන්වා සිටී.

ඒ සමග  රියාද් තානාපති කාර්යාලයෙන් නිකුත් කරන එම පෝරමය  හා අනිකුත් ලිපි ලේඛන  මුදලට විකීනීමේ කූට ජාවාරමක් රියාද් බාතා නගරයේ  ක්‍රියාත්මක වන බවට තානාපති කාර්යාලයට පැමිණිලි ලැබී ඇති බැවින් විවිධ පුද්ගලයින්  එවැනි ජාවාම් වලට අසු වී   තම මුදල් අපතේ යවා නොගන්නා ලෙස  දන්වා සිටින එම  නිලධාරියා  පැවැසුවේ  කිසිවෙකුත් ලංකාවට යැවීම සදහා තනාපති කාර්යාලය විසින් කිසිදු මුදලක් අය නොකරන අතර කිසිදු පුද්ගලයකු  තැරැව්කරුවන් ලෙස  පත්කර නොමැති බවය.යම් කිසිවකු  පොදු සමා කාළය  උපයෝගීකර ගනිමින්  මුදල් ගැනීමේ කූට උපක්‍රම පිළිබද තොරතුරු  දන්නේ නම් 014195267 අංකයට හෝ  මුතුමාල මහතා අමතන  මෙන් ඉල්ලා සිටී.



අදහස් (0)

‘සෞදි පොදු සමාව තවම නෑ‘

ප්‍රදීප් Tuesday, 26 March 2013 12:44 AM

එම්බසි නැතුව යන්න ක්‍රම තියෙනවානේ... (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 26 March 2013 12:44 AM

එම්බසි ඕනෙ නෑ. යන්න ක්‍රම තියනවා. (ත)

:       0       0

ප්‍රදීප් Tuesday, 26 March 2013 12:38 AM

තානාපති කාර්යාල ඕනේ නැහැ. යන්න ක්‍රම තියෙනවනේ.(නදී)

:       0       0

බංඩාර Monday, 25 March 2013 06:27 PM

මුතුමල මහතා අමතා වැඩක් නැහැ. තානාපති කාර්යාලයේ දුරකතන නාද වීම ඒ අයට කරදරයක්. කවුරුවත් පිලිතුරු දෙන්නේ නැහැ.(නදී)

:       0       0

නිමල් Monday, 25 March 2013 06:29 PM

සෞදි රජයට පොදු සමා වැඩපිලිවෙල ගැන අත්දැකීමක් නැහැ. ඒ නිසා සෞදියේ පොදු සමා කාලයක් දෙන්නේ නැහැ. මේ සතියේ අනවසර කම්කරුවන් අල්ලනවා.(නදී)

:       0       0

අශාන්ත Tuesday, 26 March 2013 09:57 AM

අහුවෙන්නෙ නැතුව යන්න ක්‍රම තියෙනවා. (නි)

:       0       0

චරික් Monday, 25 March 2013 07:42 PM

මේ සතියේ අනිවාර්යෙන්ම අල්ලනවා. ඒ වගේම අල්ලපු අයට යන්න වෙන්නෙත් නැති හැඩයි.(නදී)

:       0       0

ලාල් Monday, 25 March 2013 08:43 PM

අනවසරයෙන් රැදීසිටින ලාංකිකයින් ප්‍රවේශම් වියයුතුයි. (නි)

:       0       0

බොතෙජු-රියාද් Tuesday, 26 March 2013 01:32 PM

ප්‍රදීප්, මෝඩකම පුදර්ශනය නොකරනවානම් තමයි හොද?(නදී)

:       0       0

සුනිල් Tuesday, 26 March 2013 02:09 PM

මෙහෙම කිවුවට තානාපති කාර්යාලයෙන් නම් සුභදායී සේවයක් අපිට දැකගන්න බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1406 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 591 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 680 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 438 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1229 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site