රිසානා නපීක් දැරිය ගෙළ සිඳ මරා දැමීම සම්බන්ධයෙන් සෞදි අරාබි රජයට විරෝධය පළ කිරීමක් වශයෙන් එරට ශ්‍රී ලංකා තානාපති අහමඞ් ඒ. ජවාඞ් මහතා ශ්‍රී ලංකාවට කැඳවන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම කියයි.
රිසානා නපීක් දැරිය ගෙළ සිඳ මරා දැමීම සම්බන්ධයෙන් සෞදි අරාබි රජයට විරෝධය පළ කිරීමක් වශයෙන් එරට ශ්‍රී ලංකා තානාපති අහමඞ් ඒ. ජවාඞ් මහතා ශ්‍රී ලංකාවට කැඳවන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් ඒ ක්‍රියාව 100% අනුමත කරනවා ආපි එහෙම කලේ නැතිනම් අපි නිවට ජාතියක් වෙනවා (දී)
ඇයි දෙයියනේ මෙහෙ ඉන්න අනිත් ලාංකිකයන්ට මොකද වෙන්නේ.තානාපති ව ගෙන්න ගන්න කලින් එහෙනම් සියලුම තරාතිරම් වල ලක්ෂ ගාණක ශ්‍රමිකයන්ව ලංකාවට ගෙන්වන්න (ස).
ඔව් .මෙයාලට නැමුනා හොඳටම ඇති දැන් (ස)
ජය වේවා . අන්වාදීන් එක්ක ගණුදෙනු අපිට එපා (ස)
මිනිස්සුන්ට සෙතක් නැත්නම් ඉඳලා වැඩක් නෑනේ (ස)
හොඳයි (ස)
හදිසි තීරණ ගන්න එක වැරදි. එතකොට ඒ රටේ ඉන්න ලාංකිකයන්ට මොකද වෙන්නේ? (ස)
අයියෝ සල්ලි (දී)
ඕවා ඉතින් කලින් කරන්න තිබුණු දේවල් (ස)
ඒක හොඳයි. ගෙන්නලා විතරක් මදි (ස)
අශ්වයා ගියාට පසු ස්තාලේ වහලා වැඩක් නැහැ (දී)
නරකද සිංහල බෞද්ධ මහත්මයෙක් පත්කරොත් ? නැත්නම් තානාපති සම්බන්දකම් නවත්වල දාන්න . (ස)
සෞදිය ඇහැම්කන් දෙන්නේ ඇමරිකාවට විතරයි (ස)
නම බේරා ගන්න මේ වගේ වැඩ කරනවාද (දී)
එතකොට හරිද ? (ස)
ලංකාවට ජයවේවා (දී)
ලංකාවේ නම බෙර ගන්න කල වැඩක් (දී)
මේ වගේ වැඩක් කර එකත් හොඳයි (ස)
මේකත් අශ්වයා ගියාට පස්සේ ස්ථාලේ වහනව වගේ වැඩක් (ස)
මොකද්ද ඒ වැඩේ තේරුම (දී)
තානාපති කාර්යාලය එපා (දී)
ගෙන්නලා,ඔක්කොම අමතක වුණාම ආපහු අපේ තානාපතිව සෞදියට යවයිද? (ස)
මොකද්ද ඒ වැඩේ තේරුම (දී)
හොද වැඩක් (දී)
ඒ කතාව පදනම් විරහිතයි (දී)
ඒ රටේ ඉන්න ලාංකිකයන්ව ආරක්ෂාව ගේන කුමක් හෝ වැඩ පිළිවෙලක් සකස් කරන්න (දී)
පළමු පියවර හොඳයි (ස)
අනුමත කරන්න බැහැ (දී)
එහෙම කියන්න එපා, මම නම් එකඟයි ඒ කල වැඩේට (දී)
මෙහෙමවත් දෙයක් කර එක හොඳයි (ස)
තව ලාංකිකයෝ ඒ රටේ ඉන්නවා ඒ අයට මොකද වෙන්නේ (දී)
අනේ එතකොට ඒ රටේ ඉන්න අනෙක් ලාංකිකයෝ (දී)
ඒ වැඩේ නම් පලක් නැති වැඩක් වගේ (දී)
සෞදියට ගෑනු ටික යවන එක නවත්තුවානම් මීට වඩා හොද විරෝධයක් දක්වන්න තුබුණා. තානාපති කැදවලා මෝඩ වැඩ කරන්නේ නැතුව. (ස)
නියමයි (ස)
බොහොම ලස්සනට විරෝධය පාලනේ (ස)
ලංකාව පැත්තෙන් කල හොද වැඩක් (දී)
ඒක හොද වැඩක් (දී)
ඒ රටේ ලංකා තානාපති කාර්යාලයට මොකුත් කරන්න බැරි උනාද (දී)
මෙක මාර වැඩක් නේ.. ශ‍්‍රී ලංකාවේ ඉන්න සෞදි තානාපතිනේ ගෙදර යවන්න තිබුනේ. මෙක හරියට අපි නහය කපා ගත්තා වගේ වැඩක්නේ (ස)
යසයි සෞදි රැකියාවට ශ්‍රී ලාංකිකයන් යවන් (ස)
ලංකාවේ ඉන්න අරාබි තානාපතිට මොකද වෙන්නේ (ස)
යවන්න එපා නැවත (දී)
ලංකා තානාපති කාර්යාලයක් අවශ්‍ය නැහැ ඒ රටට (දී)
ඉතා හොදයි. සෞදියට ලාංකික කාන්තාවන් යැවීම ගැනත් තීරණයක් ගන්න ඕනෑ. (නි)
අපට එකඟ වෙන්න බැරි වුනත් ඒ රටේ නීතිය එයාලා ඉටු කලාට තානාපති සබඳතා අත්හරින්න තරම් අපි පිම්බෙන්න හදනවා නම්, පහුගියදා බීමතින් ඇතිකරගත්දබරයකදී බ්‍රිතාන්‍ය පුරවැසි ඊශ්‍රායල් ජාතිකයකු මරා දාලා ඔහුගේ රුසියානු පෙම්වතියට කරපු වැඩේට ඒ රටවල් අපට එහෙම නොකරන්නේ අපේ කට්ටියට තියෙන බය නිසා වෙන්න ඇති නේද? (ස)
මෙහේ ඉන්න මුස්ලිම් අයටත් බෑ එහෙනම් ලංකාවේ නීතියට යටත් නොවී ඉන්න (ස)
අශ්වයා ගියාට පසු ස්ථාලය වැසීමකි (ස)
සියලු ලාංකිකයින් අමානුෂික ඝාතන ක්‍රියා වලට විරුද්ධ වීම අත්‍යවශ්‍යයි. (නි)
අපේ අය රට යන එක නවත්වන්නයි තියෙන්නේ. සෞදි අයට මෙහේ එන්න දෙන්නත් එපා. (නි)
මේක බුද්ධිමත් තීරණයක් වේවිද? (නි)
නැවත වහාම යවන්න (දී)
මගේ සහාය මේ කල වැඩේට (දී)
එහෙම හරි විරෝධය පෑම ලොකු දෙයක් (ස)
අනේ මෙහෙමත් තීරණ, කරන්ට ඕන අපේ රටේ ගැහැණුන් වහල්කමට ඔය රටට නොයැවීම සහ එම රටේ ඉන්න අය ගෙන්වා ගැනීමයි (ස)
දැන්වත් මේ රටවලට සේවකයන් යවන එක වළක්වන්න. දැන් තේරෙනවනේ එයාලගේ ආගමික සමගිය. (නි)
අන්තිමේ අපේ කෙල්ලෙක් නැති උනා (දී)
බොහොම හොදයි. අපේ විදේශ ප්‍රතිපත්ති පෙන්වන්න. ඇමෙරිකන් යුරෝපීය පුරවැසියන්ට එයාලගේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. (නි)
මොකද්ද ඒ වැඩේ තේරුම (දී)
මොකටද දැන් ඕවා කරලා ..අනාගතය යහපත් වෙන දෙයක් කරනවා මිස (ස)
මෙන්න නියම කොන්ද පණතියෙන ආණ්ඩුවක්. (නි)
අපි ලාංකිකයෝ විදිහට සියල්ලෝම කනගාටු වියයුතුයි මේ වැඩේට (දී)
අයියෝ සල්ලි (දී)
ඒ රටට පාඩමක් උගන්නන්න හොදයි ඒ වැඩේ (දී)
අන්න හොදයි (දී)
ලෝකයේ සෑම රටක්ම මේ විදියට ක්‍රියාකරනවා නම් මේ වගේ අපරාධ වැළැක්විය හැකියි. (නි)
ඒ රටේ ඉන්න අනෙක් අය (දී)
එයාව ගෙන්වලා මොනවා කරන්නද? සෞදිවල ඉන්න සියලුම ලංකාවෙන් ගිය ගෘහ සේවිකාවන් ආපසු ගෙන්වා ගැනීමටත්, නැවත ලංකාවෙන් ගෘහ සේවිකාවන් සෞදි අරාබියට යැවීම නතර කිරීමටත් කටයුතු කළ යුතුයි. (නි)
ඒ වැඩෙන් අසරණ වෙන්නේ ඒ රටේ ඉන්න අනෙක් ලාංකිකයෝ (දී)
අනිවාර්‍යයෙන්ම කල යුතු දෙයක් , ඒවගේම මින් ඉදිරියට මෙවැනි දේවල් සිදු වෙන්න අපේ කාන්තාවන් රට යවන්න එපා (ස)
රට වෙනුවෙන් සල්ලි හොයන්න ඕන තරම් පිරිමි ඉදිද්දී ඇයි අහිංසක කාන්තාවන් යවන්නේ, එක නිසා අද ඉදලා වත් කාන්තාවන්ට වැදගත් විදිහට ඉන්න අවස්තාව හදන්න. සල්ලි වෙනුවෙන් කාන්තාවන් මරණයට කැප නොකරන්න (ස)
නැවත යවන්නේ නැද්ද (දී)
ඒ මක්කටෙයි? (නි)
ඒ තීරණයට මම එකඟයි (දී)
මොකද්ද ඒ වැඩේ තේරුම (දී)
නියමයි. ඔහොම යමු. (නි)
තානාපති පමණක් නොවේ, එරට වැඩ කරන ශ්‍රී ලංකික සියලූ දෙනා ආපසු කැඳවන්න. (නි)
මේ වගේ පහත් මිනිස්සු ඉන්න රටවලට විරෝධය පාමින් ඉදල වැඩක් නෑ.ලාංකිකයො සම්පූර්ණයෙන්ම ඔය රටවලට යවන එක නවත්වන්න ඕන.අපේ රට, ජාතිය , ආගම ලෝකයෙ උසස් තැනක රදවන්ඩ ඕන. (ස)
තානපති නෙමෙයි, සෞදි අරාබියෙ ඉන්න අපේ ගෘහ සේවිකාවෝ වහාම කැඳවා ගන්න. තානාපති කැඳවලා ඒ මිනිස්සු තවත් අමාරුවේ දාන්නෙ නැතුව. (නි)
අපේ තානාපතිලා මොන අරාබි රටකවත් ඉන්න ඕනෑ නැහැ. (නි)
අරාබියට සිංහල කාන්තාවන් යැවීම වහාම නතර කරන්න. (නි)
මොකද්ද ඒ වැඩේ තේරුම (දී)
මේවා නිකන් බොරු වැඩ . (ස)
ඒක හොඳ වැඩක් . ශ්‍රී ලාංකිකයන් අරාබියෙන් ගෙන්විය යුතුයි (ස)
අපිට කරන්න පුලුවන් මේච්චරයිද ? (ස)
එයා ගෙන්නුවයි කියලා දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
මමනම් කැමති නැහැ ඒ වැඩේට
එතකොට එහේ තානාපති කාර්යාලය වහනවද? එහෙම වුණොත් එහේ දැනට රැකියා කරන අයට ගැටළුවක් වෙන්නෙ නැද්ද? (නි)
ආන්න හොදයි වැඩේ. හා හා ඔහොම යමුකෝ... (නි)
පාඩමක් උගන්නන්න (දී)
එතකොට මෙහෙ ඉන්න සෞදි තානාපති අපි තියාගන්නවද? (ස)
මොකද කවුරුත් කතා නැත්තේ? (නි)
අද සිකුරාදා. ලංකාවේ මුස්ලිම් උදවිය ප්‍රතිචාර දක්වන හැටි කොහොමද කියලා බලමු. රජයේ තිරණය යහපත්. මම 1982 සෞදියේ හිටියා. මට තේරෙන විදියට ඒ රටේ අය පොලිසියට ගොස් අපට විරුද්ධව යමක් කිවුවොත් එය තමයි නිවැරදි දේ හැටියට ඔවුන් බාර ගන්නේ. හරිම භයානකයි. (නි)
කිසිම ජීවියෙක්ගේ ප්‍රාණය නැතිකිරීම අනුමත කරන කිසිම ඇදහීමක්, ආගමක් යැයි කිව නොහැක. ඇයට නිවන් සැප ලැබේවා! 1. කෙනෙකුට දෙන උපරිම දඩුවම ජීවිතාන්තය තෙක් සිරදඩුවම් පමණක් වියයුතුයි. 2. සිරදඩුවම් කාලය තුළ විපස්සනා භාවනා වලට ක්‍රමානුකුලව යොමුකළ යුතුයි. 3. වසරක් පාසා ඔහු ගේ ප්‍රගති වාර්තාවක් සැකසිය යුතුයි. 4. කාලය හා ප්‍රගතිය අනුව ඔහු නිදහස් කිරීමටද නොහැකි නොවනු ඇත. (නි)
පුංචි වුවත් අපේ රටටත් ඇති අභිමානය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නා ලද මෙම තීරණය අති විශිෂ්ටයි. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඒකෙන් ඇති ප්‍රථිපලය මොකක්ද? (නි)
කැඳවල විතරක් මදි. මොකක් හරි දැඩි තීරණයක් ගත යුතුයි. (ස)
අයියෝ සල්ලි (දී)
ඒ අසරණ කෙල්ල වෙනුවෙන් අපිට මොකද්ද කල හැකි (දී)
අසරණ කෙල්ල (දී)
දැන්වත් මේ වගේ රටවල් වලට කාන්තාවන් යවන්න එපා (ස)
අනේ ඇයි (දී)
සෑම රටකම වගේ පිහිට තිබෙන අපේ රටේ තානාපති කාර්යාල වලින් ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ට නිසි පිළිසරණ ලැබෙන්නේ නැත. ඒ අතර ඉන්න අයවත් ගෙන්නා ගත්තහම ඒ රටේ ඉන්න අනිත් ශ්‍රමිකයෝ ගැන බලන්නේ කවුද? තව කී දාහක් එහෙ සේවය කරනවද? ඒ අයව ගෙන්න ගන්න කියලා කිවුවට ගෙන්න ගෙන ඒ අයට මේ රටේ දෙන්න පුළුවන් රක්ෂා මොනවද? වෙනත් රටකට යැවුවත් ඒ රටේ තානාපති කාර්යාලය වැඩ කරන්නෙත් මේ විදියටම නේද? දුප්පත් අහිංසක මිනිස්සු මේ රටේ හිටියත් වෙන රටක හිටියත් ඔවුන්ට පිළිසරණක් නැති බව මෙයින් හොඳින්ම ඔප්පු වෙනවා. (නි)
කවුද දන්නේ නිවාඩුවකට ආවද දන්නේ නෑ (ස)
ඉතා හොඳ තීරණයක්. මේ විදියටම ඔය සාධාරණ නීතියක් නැති රටවලට සේවකයන් යැවීමත් සම්පූර්ණයෙන් නවතා දැමීමට කටයුතු කරන්න. (නි)
අනිත් දේවල් කෙසේ වෙතත් සෞදි අරාබියේ සේවයට අපේ කාන්තාවන් යැවීම නැවැත්විය යුතුයි (ස)
ඒක හොදයි (දී)
තීරණය හොඳ උනත් එහේ ඉන්න අපේ අනිත් අය ගැන බලන්න කෙනෙක් නැතිව යනවා නේද ? (ස)
කැඳවනකම් සුවර් නෑ (ස)
සවුදි රජතුමා අකාරුණික අයෙක් නෙමෙයි. එතුමා කියල තිබුනනේ ඇවිත් අර මියගිය බිලිඳාගෙ මවුපියන් හමවෙලා ඔවුන්ගේ සමාව අරන් දුන්නොත් ඒ රටේ නීතියට අනුව රිසාන දුවට ජීවිත දානය ලැබෙනවයි කියල. ඒකට කටයුතු කලාද ? අඩුම තරමෙ අර දැරිවිට මරණ දඩුවම දෙන දිනේ ලංවෙලා තිබුණ බව වත් වගේ වගක් දන්නෙ නැතිව ඔහේ බලගෙන හිටි හැමදෙනාවම ගෙන්නන්න නෙමෙයි ඕන............ (ස)
ඒ මොකටද (දී)
ජයවේවා. අපි සිංහලයෝ (දී)
තානාපති කාර්යාලය වහන්න (දී)
මම අගය කරනවා ඒ වැඩේ (දී)
අපේ රට නිවට රටක් වෙනවා එහෙම නොකලානම් (දී)
ඉතා කනගාටුදායක සිදුව්මක්. ලංකාවෙ ස්ති දුෂකයෝ , මිනි මරුවො නිදැල්ලෙ.වරදට දඩුවම් ලැබෙනවනම් ලංකාවට මෙහෙම වෙයිද? (ස)
ඒ කල වැඩේ නම් හොදයි මොකද ලංකාවට කියලා නම්බුවක් තියෙන්න ඔනෙ (දී)
විහිලුවක් පමණක් වේවිද (ස)
අවවාද කරන්න (දී)
සුරංගගේ අදහස ප්‍රගතිශීලියි (ස)
දුවේ ඔබට කිසිම ආත්මයක මෙවන් විපතක් නොවේවා (දී)
වැදගත් වැඩක් ඒ වැඩේ (දී)
අපේ මිනිස්සු ටිකක් සතුටින් ඉන්නකොට බඩුමිල වැඩි කරනව,දුකින් ඉන්නකොට ඕවගෙ කතන්දරයක් කියනව.සමාන්‍යය දැනුමනේ.... (දී)
මම නම් කියන්නේ අලුත් කෙනෙක් පත් කරන්න (දී)
අපේ රට ගත්තු තීරණය විශිෂ්ටයි (දී)
දුරදිග බලා වැඩ කරන්න (දී)
ඉන්ද්‍රජිත්,නිකන් මෝඩ විහිලු කතා එපා. විරුද්ධ වීම අත්‍යවශ්‍යයි. බීමතින් ඇතිකරගත් දබරයකදී බ්‍රිතාන්‍ය පුරවැසි ඊශ්‍රායල් ජාතිකයකු මරා දැම්මෙ ශ‍්‍රී ලංකාවේ රජය සහ නීතිය නෙමෙයි.මිනි මරුවෙක්. මෙ දැරිය ගෙළ සිඳ මරා දැම්මෙ සෞදි අරාබි රජය සහ එහේ පහත් නීතිය. (ස)
එයාව ගෙනල්ල මොනවා කරන්නද (දී)
ඒ වැඩේ තේරුමක් නැති වැඩක් (දී)
මමත් කියනවා ,අ නිත ලාංකිකයෝ අමාරුවේ කියලා (දී)
නැවත යවනවාද (දී)
අතීසාරෙට අමුඩෙ ගහනව කියන්නෙ මේකට තමයි (ස)
2013 සිට වහල් සේවයට මිනිසුන් නොයවන්න (ස)
ඒක තමයි කළා යුතුව තිබ්බේ (දී)
ලංකාවේ ඉන්න සෞදි තානාපති එහෙ යවන්නේ නැද්ද ? (ස)
නැවත යවන්න, වහාම (දී)
මමනම් කියන්නේ තානාපති නැවත යවන්න එපා (දී)
සමාජයක් හැටියට අපි සේරම වගකියන්න ඕනේ (දී)
යවන්න එපා ආපහු (දී)
සෞදි මිලේච්ච දේශය වර්ජනය කරමු (ස)
නියමයි (දී)
අපිත් විරුද්දයි ඒ වැඩේට (දී)
සෞදිය එක්ක අපිට ගණු දෙනු එපා..සෞදි තානාපතිත් පිටත් කරානම් නේද හොඳ (ස)
මමනම් ඒ කල වැඩේ අනුමත කරන්නේ නැහැ
එතකොට ඒ රටෙඉන්න අනෙක් ලංකාවේ මිනිස්සු (දී)
අපි ලාංකිකයෝ විදිහට මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි (දී)
ඊලඟට මොකද වෙන්නේ ? (ස)
හිසේ කැක්කුමට කොට්ට මාරු කරා වගේ (ස)
දැන් මොනවා කරන්නද? (දී)
තානාපති කම ඕනේ නැහැ ඒ රටත් එක්ක (දී)
එයාගේ තියෙන සම්භන්දය මොකද්ද (දී)
වසර පහක සිරදඩුවමක් මදිවට තව මරණ දඩුවමකුත්... දඩුවම් දෙකක් කොතරම් අසාධාරණද? (නි)
වැඩේ හොඳයි .මේක විසදන්න අපේ මර්වින් ඇමත්තුමාව තානාපති කරලා සෞදියට යවන්න. එතුමා කෝවිලේ සතුන්ගේ බෙලි කැපීම නැවැත්වුවා වගේ ගේමක් දීලා මේකත් නවත්වාවි. (නි)
ඒ මොකටද ඒ (දී)
ලංකාවේ තානාපතිව ගෙනාවා වගේ අපේ අම්මලා, අක්කලා, නංගිලාව ඒ රටට යවන එකත් නතර කරන්න වැඩ පිළිවෙලක් හදන්න ඕනෑ. (නි)
කිසිම ජීවියෙක්ගේ ප්‍රාණය නැතිකිරීම අනුමත කරන කිසිම ඇදහීමක්, ආගමක් යැයි කිව නොහැක. ඇයට නිවන් සැප ලැබේවා! (නි)
රිසාන මරනකල්ම අඩුතරමේ වගකිවයුත්තන් ඒ ගැන ලංකාවට දැන්නුවද?? (නි)
ඒජන්සි ගැන සම්පූර්ණ බලය රජය පවරා ගත යුතුයි (දී)
හරි දේ විය යුතුයි (දී)