IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සද්ධාතිස්ස දහම් පාසල වෙසක් සමරයි

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත දහම් පාසලේ සියලුම දරු දැරියන් සහභාගීවූ සිල් සමාදන්වීමේ පින්කමක්  විහාරස්ථානයෙදී සංවිධානය කර තිබුණි.

විහාරාධිපති  අග්ගමහාපණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසනාවෙන් පාසල් ගුරු මණ්ඩලය සහ දෙමාපියන්  විසින් සංවිධානය කර තිබු මේ වැඩසටහනට ධර්ම දේශනා ධර්ම සාකච්ඡා සහ දරු දැරියන් කණ්ඩායම් වශයෙන් සහභාගීවූ දැනුම මිනුම වැඩසටහනක් ද ඇතුළත් විය. 

දහම් පාසැලේ මුල් ගුරු නේපාලේ සුමන හිමි සහ ස්කොට්ලන්තයේ සිට මෙම සිල් වැඩසටහන සඳහාම වැඩමකළ නේපාලයේ සුජාන් හිමි සියලුම වැඩසටහන් මෙහෙයවුහ. ලන්ඩන් නුවර ප්ලාස්ටෝ බෞද්ධ විහාරාධිපති  ආචාර්ය කබලෑවේ සිරිසුමන හිමියන්  අගනා ධර්ම දේශනයක් පැවැත්වීය. 

දහවල දානය පිරිනමන ලද්දේ සද්ධාතිස්ස විහාරයේ දායකයින් සහ දහම් පාසලේ දරු දැරියන්ගේ දෙමාපියන් විසිනි.

2013 වෙසක් පුන් පොහොය වෙනුවෙන් දහම් පාසලේ දරු දැරියන් සහභාගීවූ වෙසක් කුඩු සහ වෙසක් චිත්‍ර තරගයක් ද පැවැත්විණි. දරු දැරියන්ගේ සහජ කුසලතා  මනාලෙසින් පෙන්නුම් කල එම නිර්මාණයන් බලාපොරොත්තු වුවාට වඩා ඉතාම උසස් තත්වයකින් පැවතුන බව සංවිධායක මණ්ඩලයේ ජයන්ත හේරත් කියයි.

වෙසක් කුඩු සහ වෙසක් චිත්‍ර තරගයට නිර්මාණ ඉදිරිපත් කල සියලුම දරු දැරියන්ට අගනා තෑගී ප්‍රධානය කෙරුනේ රෝහණ සහ ඉන්දිකා ජයසේන යුවළගේ අනුග්‍රාහකත්වයෙනි.

එදින විහාරස්තානයට පැමිණි සියලුම දෙනාට සිසිල් පැන් සහ රස කැවිලි වලින් සංග්‍රහ කරන ලද්දේ ශානක රොඩ්රිගෝ සහ එම පවුලේ අය විසිනි.

ලන්ඩනයේ ජීවත්වන ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දරු දැරියන්හට බුද්ධ ධර්මය, සිංහල භාෂාව සහ සිංහල සංස්කෘතියේ වටිනා අංගයන් පිළිබඳව දැනුමක් ලබාදීමේ පරමාර්ථයෙන් පියදස්සී නාහිමියන් විසින් සද්ධාතිස්ස දහම් පාසල ආරම්භ කැරුණේ 1990 වර්ෂයේදීය. දරුවන් 5 දෙනෙකුගෙන් ඇරැඹුන එය අද එංගලන්තයේ ශ්‍රී ලාංකික දහම් පාසල් අතරින් වැඩිම දරු දැරියන් සංඛ්‍යාවක් සහභාගීවන පාසැල බවට පත්වී ඇත. 

හැම වසරකදීම ශ්‍රී ලංකාවේ දහම් පාසල් තරඟ විභාගවලට ඉදිරිපත්වන මෙම දරු දැරියන් ඉතා ඉහල ප්‍රථිපල ලබාගැනීමට සමත්වන බවද උන්වහන්සේ සඳහන් කළේය.

 



අදහස් (0)

සද්ධාතිස්ස දහම් පාසල වෙසක් සමරයි

ජයන්ත Monday, 03 June 2013 10:59 AM

මමත් මේ උත්සයට ගියා. ඒක හොඳට සංවිධානය කරලා තිබුනා. පැමිනි හැම කෙනෙකුටම දානය දුන්නා.මස් මාංශ වලින් තොරව වෙසක් දිනයේ මෙවෙනි දෙයක් සංවිදානය කෙරීම ඉතාම හොද දෙයක්.පිටරටවල ජීවත් වෙන බොදු ජනතාව මෙසේ එක්සත්ව එක්සිත්ව ක්‍රියාකිරීම දකිනකොට සිතට සතුටක් ඇතිවෙනවා. පින් සිද්ධ වේවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 10 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 261 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 566 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 422 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 321 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 216 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site