ශ්රී ලංකාවෙන් පිටත නිර්මල බුදුදහම ප්‍රචලිතකරවීමේ උදාර කර්තව්‍යය සඳහා සිය පැවිදි ජීවිතයෙන් වැඩිකාලයක් මිඩංගුකළ උත්තම සංඝ පීතෘ වරයාණන් වහන්සේ නමක් වූ අපවත්වීවදාළ හම්මලව ශ්‍රී සද්ධාතිස්ස නාහිමියන්ගේ ගුණ සමුදාය සිහිපත්කිරීමේ 23 වැනිපින්කම පසුගිය සති අන්තයේදී ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්සජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
සද්ධාතිස්සවීහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුසාශකත්වයෙන්සහ විහාරස්ථ දායක කාරකාදීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වු පිංකමසර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාවකින් සහ පසුදින මහා සංඝ රත්නය උදෙසාපිරිනැමුණ දානයකින් යුක්තවිය.
මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක ලන්ඩන් බෞද්ධවිහාරාධිපති බෝගොඩ සීලවිමල, ප්‍රංශයේ ජේතවන විහාරාධිපති ආචාර්යමුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි ඇතුළු විසි නමක් පමණ මහාසංඝරත්නය සඳහාවැඩම කළහ.
පිරිත් දේශණ ආරම්භයේ අනුශාසනාකළ ප්‍රංශයේ අධිකරණ සංඝනායක මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමියන් පැවසුවේ මීට වසර 87කට පෙර ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන් ප්‍රථම වතාවට ලන්ඩන් නුවර ථෙරවාදී බෞද්ධවිහාරස්ථානයක් ආරම්භකළ අවදියේම කුලියාපිටියේ හම්මලව ගමේ උපතලද පින්වත්දරුවකු පසු කලෙක එම විහාරස්ථානයේම විහාරාධිපති තනතුර හෙබවීමට තරම් භාග්‍යවන්ත වූ බවයි.
ඒ සම්මලව සද්ධාතිස්ස නාහිමියෝය. ලන්ඩන්නුවර සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ සද්ධාතිස්ස නාහිමියන්ගෙන් ශාසනයට සිදුවූ අනුපමේය සේවාව සිහිපත් වීම උදෙසාය.
මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් සහ එම කාර්යාලයේ චමින්ද කුලරත්න,සේරම් මහත්මිය සහ හිටපු මහා කොමසාරිස් චන්ද්‍රා මොනරවල ඇතුළු පිරිසක් පිංකමට ආහ.අලංකාර පිරිත් මණ්ඩපය ජයරත්න බණ්ඩාරගේ නිර්මාණයකි.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සද්ධාතිස්ස නාහිමි ගුණ සැමරේ