අක්කරපත්තුවේ දී සන්ධානයේම පක්ෂ දෙකක් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ජාතික කොංග්‍රසය අතර අද පැවැති ගැටුමකින් පසුව මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්ගේ අපේක්ෂකයන් සහ ආධාරකරුවන් අක්කරපත්තුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි. සියලු අපෙක්ෂකයනට ආරක්ෂාව දෙන බව පොලිසිය ඔවුනට දැන්වීය. ජාතික කොංග්‍රසයේ නායක ඇමැති අතාවුල්ලාගේ ආධාරකරුවන් තම ආධාරකරුවනට හිරිහැර කරතියි මුස්ලිම් කොංග්‍රසය කියයි. අතාවුල්ලා පාර්ශවය කියනුයේ මුස්ලිම් කොංග්‍රස් චෝදනා එක හෙළාම ප්‍රතික්ෂේප කරන බවයි.මේ අතර තම පක්ෂපාතීත්වය නොවෙනස්ව පවත්වාගෙන යමින් මුස්ලිම් කොංග්‍රසයට අවනත වන බවට මුස්ලිම් කොංග්‍රස් අපේක්ෂකයන් ඉලාමීය ආගමික නායකයන් ඉදිරියේ දිවුරුම් දීමේ වැඩ පිළිවෙළක් ද මේ දිනවල ක්‍රියාත්මක කරයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාවට කලින් නැගෙනහිර සභාව විසුරුවා ඡන්දය ආණ්ඩුවට වැරදුණා... (නු)
ප්‍රචණ්ඩත්වය (දී)
වෙලාවකට දුකත් හිතෙනවා මේ ඔක්කොම කරන්නෙ රටට සේවය කරන්න ඕන හින්ද නේද කියලා..?? ලෝකෙ කෙහෙවත් නැතිව ඇති ගහ මරාගෙන රටට සේවය කරන රටක්..!!(නු)
මට තේරෙන්නේ නැහැ ඇයි මෙහෙම වෙන්නේ කියලා. (නි)
ඔහොම බෑ.. කපා කොටා මරා ගන්න ඕන.. (නු)
මේ අය මේ තරම්ම ඡනතා සේවයට කැමතිද?
නුසුදුස්සන් පුටු වලට පත් වූ විට මෙහෙම වෙනවා. (නි)
බණ්ඩාර, හැමදේටම ආගම් ගාවගන්න එපා. (නි)
ඔක්කොම එයාලගේ වාසියට වගෙයි. (නි)
මේක අල්ලා දෙවියන්ගේ කැමැත්ත. (නි)
බොහොම හොදයි ආදර්ශමත් වැඩක් (දී)
අවුරුද්දට දෙතුන්සැරේ අල්ලනකොට හොද පොරේ ඔහොම තමයි වෙන්නේ සුමිතුරේ ආශ්චර්යය.!!(නු)
අනේ හොදයි. හොදට මරාගන්න. (නි)
අනේ මන්දා, තවමත් ඉන්නේ ගල් යුගයේද කියලා? ශිෂ්ටසම්පන්නව ඡන්දයක් කරන හැටි බටහිරින්වත් ඉගෙනගන්න බලන්නකෝ. (නි)
මේක මුළු රටටම හොද දෙයක් නම් නෙමෙයි..!!(නු)
මෙයයි ආශ්චර්යය. (නි)
මේ අමනාපය මනාපයටද? (නි)