
ස්පාඤ්ඤ හදිසි මහ මැතිවරණය අද (29) ආරම්භ වෙයි. දිගටම බලයේ රැඳී සිටීමට, පේද්රෝ සැන්චෙස් උත්සාහ ගනිමින් සිටින අතර ඔහු ද මැතිවරණයට ඉදිරිපත් වෙයි. සැන්චේස් නායකත්වය දෙන්නේ ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂයටය.
ස්පාඤ්ඤයේ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබුණේ 2027 අගෝස්තු මාසයේය. හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට අග්‍රාමාත්‍ය සැන්චෙස්ට සිදුවූයේ යුරෝපයේ සෙසු රටවල මෙන්ම ස්පාඤ්ඤයේ ද ජනතා විරෝධයක් රජයට එල්ල වූ බැවිනි. නිවාස කුලී සහ නිවාස මිල ඉහළ යෑම ඊට හේතුවයි.
සැන්චේස් සහ ඔහුගේ කම්කරු පක්ෂය, ජනතා අප්‍රසාදයට පත්වී ඇති බැවින්, දක්ෂිණාංශික පක්ෂ මෙවර මැතිවරණයේ දී ඉදිරියට පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරේ.
මධ්‍යම-දක්ෂිණාංශික පීපල්ස් පක්ෂය වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගනු ඇතැයි අනාවැකි පළ වී ඇත. ස්පාඤ්ඤ පාර්ලිමේන්තුව ආසන 350 කින් සමන්විතය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය සඳහා ආසන 176 ක් අවශ්‍ය වෙයි. මධ්‍යම-දක්ෂිණාංශික පීපල්ස් පක්ෂය වැඩි ඡන්ද දිනා ගතහොත්, බහුතරය සම්පූර්ණ කර ගැනීමට, ඔවුන්ට හිතවත් අන්ත දක්ෂිණාංශික වොක්ස් පක්ෂයේ සහාය ලැබෙනු ඇතැයි ද පැවසෙයි.
ස්පාඤ්ඤ පාර්ලිමේන්තුව සෙනෙට් සභාවකින් ද සමන්විත වෙයි. සෙනෙට් සභාවේ සාමාජිකයන් 209 දෙනකු ද තෝරා ගැනීම ද මෙම මැතිවරණයේ දී සිදුවෙයි. ස්පාඤ්ඤ ජාතික සංඛ්‍යාලේඛන ආයතනයට අනුව අවුරුදු 18 සහ ඊට වැඩි මිලියන 38.7ක් පමණ මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd