අපොස සාමාන්‍ය පෙළ සහ උසස්පොළ අසමත්සිසුනට 2013 උපාධියක් පිරිනැමීමට ක්‍රියාකරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ත්‍රිකුණමලයේ දී පැවැසීය. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කැර ගැනීමේ ජාතික උත්සවය පැවැති ත්‍රිකුණාමලය විද්‍යාලෝක විදුහලේ දී ඔහු පැවැසූයේ තොරතුරු තාක්ෂණයෙන් මේ උපාධිය පිරිනමන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාග අසමත් වෙන අසරණ ළමයි වෙනුවෙන් ගත්තු හොද තීරණයක් (දී)
සමහර ආචාර්ය පදවි දෙන්නෙත් එහෙම අයට නේද? (නි)
මමත් දන්න හුගත් ලාංකිකයන් ඉන්නවා සාමාන්‍ය පෙළවත් සමත් නැහැ, නමුත් පිටරට වල උපාධි තිබෙනවා. (නි)
එතකොට උපාධිධාරියෙක් වෙන්න විභාගය අසමත් වෙන්න ඕනෑද? (නි)
අපි වගේ අයට කියාපු හොද වැඩක් (දී)
එක හොද තීරණයක් (දී)
උපාධිය කියන එක තවත් හෑල්ලු කරන්නද යන්නේ? (නි)
කෙනෙක් කිව්වා යුද්ධ කරන්න ඕන කෙනෙකුට පුළුවන් කියලා. දැන් එතකොට මේකත් එහෙමද?? (නි)
අන්න එකනම් හොද වැඩක් වගේ (දී)
ඒ ක්‍රමයනම් හොදයි (දී)
අහවලාටත් දුන්නා නම් විභාග පේල් වෙන ඕනෑම කෙනෙකුට දුන්නහම මොකෝ. (නි)
මොකද මේ උපාධිය එක් මෙච්චර තරහක්? (නි)
නියමයිනේ. (නි)
ඇමතිවරයා මෙහ්හිදී කුමක් අදහස් කළේදැයි පැහැදිලි නොමැත. කොහොම නමුත් දැන් පවතින ක්‍රමය යටතේ ඉතා සුළු පිරිසකට පමණක් උසස් අධ්‍යාපන වරම් ලැබෙන අතර වැඩි පිරිසක් අතරමං වේ. මෙය වෙනස් විය යුතුය. (නි)
අපි හැමෝම ඒ උපාධිය ගනිමු. කරදරයකුත් නැහැ. වියදමකුත් නැහැ. (නි)
බොහොම හොද දෙයක් ඇමතිතුමනි. (නි)
බොහොම හොද දෙයක් ඇමතිතුමනි. (නි)
මේ නිසා අපේ රටේ පෙරටත් වඩා හොදින් දියුණු වේවි (දී)
උත්සාහයෙන් ජීවිතය ජයගන්න හොද අවස්ථාවක්. (නි)
මමත් අයිටී උපාධිධාරියෙක්, ගොඩක් අයිටී උපාධිධාරීන් දැකලත් තියෙනවා. මාගේ මතය අනුව අයිටී වලට වැදගත් වන්නේ දැනුම සමග යෙදවිය හැකි බුද්ධියයි. මොකද උපාධි නැති අයිටී අයත් අප සමග වැඩ කරනවා නියමෙට. මේ වාගේ අයට උපාධියක් ගන්න පුළුවන් නම් ලොකු දෙයක්. (නි)
අනේ අපේ රටට යන කල.........? එතකොට සේරම පාසල් වහලා දාලා සහතික දුන්නා නම් ඉවරයි නේද? (නි)
උපාධිය ඉන්දියාවෙ වගේ බාල්දු කරන්න වැඩක් මේක. ඔබතුමාලටත් උපාධි තියෙනවා නේද?(නු)
මෙතුමාගේ කවුරු හරි සාමාන්‍ය පෙළ අසමත් ද දන්නේ නෑ. (ත)
පාසල් සියල්ලම වසා දමා ඔක්කොටම උපාධි දුන්නා නම් ලංකාවේ ගුරුවරුන්ට ගෙවන වැටුප් ටික ඉතුරු කරගන්න තිබුණා. (නි)
මම නම් කියන්නේ මේක හොද යෝජනාවක්. විශේෂයෙන්ම රටින් බැහැරව රැකියා කරන්නට යන අයට. (නි)
මේක ඉංග්‍රීසි කතාකරන්න පුලුවන් අයට නම් නියමයි. (නි)
අසරණ ළමයි වෙනුවෙන් ගත්තු හොද තීරණයක් (දී)
ඉන්දියාවේ පාසල් නොගිය අයටත් උපාධි තිබෙනවා. පාකිස්ථානයේ අය මාසයක් නිවාඩු ගියහම ආයෙත් එන්නේ ඩිප්ලෝමාවක් අරගෙන. ලංකාවේ විතරයි හැමදේටම නම,ගම,වයස හොයන්නේ. (නි)
විවිධ හේතු නිසා සා.පෙළ හෝ උ.පෙළ විබාග අසමත් වෙනවා. සමහරුන්ට ලියන්නම බැරි වෙනවා. එහෙම අයට උපාධිය දක්වා හෝ ඊට ඒහා ඉගෙනගන්න 1972 ඉදලා විකල්ප අවස්ථා තිබුණා. අදටත් තිබෙනවා. මේක තවත් පුලුල් විය යුතුයි. ජනතාව දැනුවත් විය යුතුයි. අධ්‍යාපනයට බාධා නැතිවිය යුතුයි. අධ්‍යාපනය සම්මත ක්‍රමයට යන අයට පමණක් නොව ජීවිතයේ විවිධ ගැටලු නිසා අතරමග නැවතුණු අයටත් අයිතියි. ප්‍රජාතන්ත්‍රවාදිව සිතන්න. (නි)
පාර්ලිමේන්තුවේ බහුතරයටම උපාධීය දීලා වැඩේ පටන්ගන්න වගේ යන්නෙ. (නි)
ශ්රී ලංකාවේ තියන උපාධියෙ ගුණාත්මක බාවය අඩු වෙන වැඩක් මේක. (ත)
තව ටික දවසක් යද්දි පොල් කඩන මනුස්සයාටත් උපාධියක් දෙයි. (ත)
අනේ මන්දා මේ අදහස් කොහෙන් ගලාගෙන එනවද කියලා කටට (ස)
ඒපාර ළමයි O/L පාස්වෙන්න හිතන එකක් නෑ (ස)
මගේ වයස අවු 25 යි දැන් .මටත් මෙවර O/L කරන්න පුළුවන්ද ?(ස)
ඉන්දියාවේ උපාධි තියෙන ගොඩක් දෙනෙක් සෞදියේ පාර අතුගානවා. එතකොට අපේ උපධියටත් දෙවියන්ගේම පිහිටයි. (ස)
මෙහි යහපත් තත්වයක් වගේම ගැටළු ඇතිවන තත්වයකුත් පවතිනවා (ස)
සරසවි වල දැනට ඇති අයි.ටී. ඩිප්ලෝමා එක උපාධියක් කරන්න. (නි)
මේක පළමු ශ්‍රේණියේ දරුවන්ට කිව යුතුයි (ස)
මරු, එතකොට උපාධිදාරියෝ ටිකක්වත් පාර්ලිමේන්තු යන්නෙ නැතෑ. (නි)
සන්තෝසයි (දී)
ඒක මොන සූත්‍රයටද දන්නේ නෑ සිද්ධ වෙන්නේ (ස)
ප්‍රායෝගිකනම් හොඳයි (ස)
හැබැයි 8 පාස් යට ඇමතිකම් දෙන්න එහෙම බලාපොරොත්තුවක් නැහැ නේද? (නි)
ෂුවර් එකටම ඔය වැඩෙත් අනාගන්නවා. (නි)
පාර්ලිමේන්තුවෙන් ආරම්භ කරමු. (නි)
ඉතින් දැනුත් එහෙමනේ (ස)
අපරාදේ අපි මෙච්චර දුරට ඉගෙන ගත්තේ (ස)
ඒක නම් හොද වැඩක් (දී)
මට පේන විදිහට ඒක එච්චර සුදුසු නැහැ (දී)
අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන්න එපා (දී)
අපරාදෙනේ O/L සහා A/L විභාග තියන්න යන සල්ලි . හැමෝටම උපාධියක් දෙමු. අනේ මෙහෙමත් කතා (ස)
හොද දේ හොද ලෙස දකිමු (ස)
ඒක මාර වැඩක්නේ (දී)
මරුනේ (ස)
වෘත්තියකට පුහුණුවක්නම් බොහොම වැදගත් (ස)
IT වලට තියෙන තත්වේ නැති කරන්න මේ හදන්නේ (ස)
බයිලා තමයි (ස)
එතකොට O/l , A/l පාස් වෙලා උපාධි ගත්ත අයට හුළංද ?(ස)
අධාපනයත් එක්ක සෙල්ලම් එපා (දී)
තව ඒ ගැන තොරතුරු කියන්න (දී)
මේ ක්‍රමය හොදද / නරකද (දී)
කාටද ?? (ස)
ආර්ථික විද්‍යා මූලධර්ම වලින් පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය ආශ්චර්යයට ගෙනිච්චා වගේ ඒ පාර අධ්‍යාපනයේ ආශ්චර්ය උදාකරන්න වගෙයි යන්නෙ. එකේ පන්තියේදි ම උපාධිය දීලා ඉස්කෝලෙට ඇතුලු කළා නම් ඉවරනේ. (නි)
සාපෙළ පාස් වෙන්න බැරි කෙනෙකුට උපාධියක් දෙන්න හදන්නේ? ඇමතිතුමාට මේ මොකක් වීගෙන එනවද? (නි)
බත් පැකට් එකටත් සොෆ්ට්වෙයාර් ලියන ඉන්දියාවෙ තත්ත්වය ලංකාවෙත් අතිකරන්න වැඩි කාලයක් යන එකක් නැහැ වගෙයි. දෙවියන්ටම ඔප්පු වෙච්චාවෙ. (නි)
එතකොට අපි උසස් පෙල සමත් වෙලා විශ්ව විද්‍යාලයට අවිත් අවුරුදු 4ක් ඉදල ගත්ත IT උපාධිය අපරාදෙ.මගෙ ළමයෙක්ටනම් O/L සමත් වෙන්න දෙන්නෙ නෑ.අයියෝ සල්ලි.(ස)
ඕක සුළු දෙයක්නේ මහත්තයෝ (ස)
මේක ඇත්තටම සමාජ මෙහෙවරක් (දී)
දවසේ හොඳම කියමන ?????????? (ස)
අපේ රටේ අද්‍යාපනය වෙනුවෙන් ගත්ත ඉතා හොද නිවැරදි තීරණයක්. (දී)
මේ සත් ක්‍රියාව ඉක්මනටම ක්‍රියාවට නගන්න ඔබට හැකි වේවා (දී)
ආචාර්ය පදවි අරගෙන තියෙන අය දිහා බැලුවහම, ඕක මොකක්ද? (නි)
මේකනම් විහිලුවක් (ස)
ඒවා අපි අගය කරන්න ඕනේ (දී)
වැඩ බැරි වුණත් සමහරුන්ට ඇමතිකම්, අධ්‍යාපනය නැතත් උපාධි. ආශ්චර්යයකි. (නි)
මේක ඇමතිතුමන්ලාගේම ප්‍රයෝජනය පිණිස නිර්මාණය කරගත් එකක්ද? (නි)
නැත්නම් ඒ ළමයින්ට යන කලදවස මොකද්ද (දී)
ඒක නම් ඇත්තටම සතුටු වෙන්න පුළුවන් වැඩක් (දී)
ඒ ගැන තව ටිකක් විස්තර කරන්න (දී)
ඒ ගැන තව ටිකක් හිතන්න ඕනේ (දී)
හොදයි හොදයි කියන්න එපා, ඒකේ විශාල බලපෑමක් රටට තියෙනවා (දී)
එතකොට උසස්පෙල සමතුන්ට පී.එච්.ඩී උපාධිය නිකම්ම දෙනවාද? (ස)
මේවා අනුමත කල හැකිවද නොවෙයි (දී)