සබරගමු විශ්ව විද්‍යාලය අසල පසුගිය 24 වැනිදා සිදුවූ බව කියන පිපිරීම් හඬ ගැන සරසවිය මෙතෙක් කිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි කියමින් සිසුහු අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.
මෙම පිපිරීම වෙඩි හඩක් බව සිසුහු කියති.
රතිඤ්ඤා පත්තුකිරීමෙන් ඇතිවන හඩක් බව ආරක්ෂක අංශ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන දෙයක් කරගත්තාවේ, අපිට මොකෝ. තරයේ කියා සිටිමි ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල ඕනා.(නදී) .
ඔයාලට දැන් සද්දෙත් වර්ජනයට හේතුවක් වේවි. හොද වෙලාවට අවුරුදු කාලෙට නිවාඩු දෙන්නේ. (නදී)
ඒක ඇත්ත අපි කොටින්ට ගෑහුවෙත් රතිඤ්ඤා විතරයි.(නදී)
බඩේ අමාරු තියෙන අය අනේ වැඩිය සද්ද කරන්න එපා. ඒවත් පිපිරීම් හැටියට බාර අරන් වර්ජනය දිග්ගැස්සෙන්න පුළුවන්. (නි)
දැන් සරසවි වල උද්ගෝෂණ උපාධි පාඨමාලාවකුත් පටන්ගත්තොත් හොඳ නැද්ද?(නදී)
තමන්ගේ දෙසට තුවක්කුව එල්ලවෙන කම් මර්දනේ බරපතලකම කාටවත් තේරෙන්නේ නැති එක පුදුමයක් නෙමේ. එක නිසා තමයි මෙහෙම එලිපිටම බය නැතුව පොලිස් ස්ථානයට පේනදුරින් තියෙන ජාතික ව්ශ්වව්ද්‍යාලයක ප්‍රදාන ගෙට්ටුව ගාවට අංක තහඩු නැති වාහනයකින් ඇවිත් "ඇමති ඕඩරය ආවද ?" කියල රකිනා ලංකා එකත් සමග හොදට කතාකරලා පොලු පෙන්නල කැගහල සරසවි සිසුන්ට, ව්.ව් ආරක්ෂක අංශ බලාගෙනම ඉද්දි වෙඩිතියලා පොලිසිය ආපහු පාරක් පසුකරගෙන ගිහිල්ලත් කිසිදු කරදයක් ඒ මර්දකයන්ට නැත්තේ. හෙට ඇවිල්ලා සරසවි සිසුවෙක් මරල ගියත් අපේ මිනිස්සු ඔහොම කිවුවොත් අපි පුදුමවෙන්නෙත් නැහැ. සැලෙන්නෙත් නැහැ.(නදී)
සරසවී සිසුන්ව නම් මරාගන්න කාටවත් ඕනේ නෑ සම්පත්. හැබැයි 88-89 භීෂණ යුගය ආරම්භ කලේ ජේ.වී.පී ලනු ගිලපු සරසවි සිසුන්ම තමා.(නදී)
මේ උද්ඝෝෂණ ඔක්කොම බොරු ඒවා. බොරුවක් කියල මීට ඉස්සර දොස්තර මහතාගේ කාරෙකට කුඩු කෙරුවා මතක ඇති නේද. අන්න ඒ වගේ මේ සැරෙත් මොකකට හරි මේ ලැහැස්ති වෙන්න හදන්නේ. කොහොම හරි අපිට තමා පාඩු වෙන්නේ. අපි නිකම් වයසට යනවා කවද්ද උපාදිය අරගෙන රැකියාවක් කරන්නේ. දෙමව්පියන්ට සලකන්නේ.(නදී)
සම්පත් බොරු අදහස් දීලා මේවා බලන අයව නොමග යවන්න එපා. මමත් උපාධිකාරයෙක් ( මොරටුව ). අපිත් උද්ඝෝෂණ කළා. ඒත් දැන් තියෙන්නේ දේශපාලනයට නෑදෑකම් කියන උද්ඝෝෂණ. මේවා බලන ඇත්තන් හරියට තෝරා බේරා ගත්තොත් හොදයි (නි)
සරසවි සිසුන් කෑ ගහන්නේ මොකටද කියලා හරියටම හොයල බලන එක හොදයි නේද ? පිට රටවල ගාස්තු අඩු කරන්න කියල සිසුන් කෑ ගහනකොට, අපේ උන් නිදහස් අධ්‍යාපන අයිතිය අනාගත පරපුරට උරුමකරල දෙන්න කෑගහනවා.(නදී)
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ - ( 1 ) ( උ ) වගන්තිය කියවල තියනවානම් අපේ මිනිසුන්ගේ ඇස් සරසවි සිසුන්ගේ දිහා මීට වඩා උපේක්ෂාවෙන් වෙන් බලයි. "යුනෙස්කෝ වාර්ථා" එකින් එක කියවල තියනවනම් මිට වඩා යහපත්, විචාරශිලී මානව සම්පතක් අපේ රටට ලැබෙන්න තිබුනා. ඒහෙනම් දැණුම සොයන ආචාර්යවරු පාරට බහින්න ඔනේ නෑ නේද ? ඔබ, මම මේ අකුරු හරබ කරන්නේත් නිදහස් අධ්‍යාපන නිසාම නේද ? ඒ පාර අනාගතයටත් ඇරිල තියෙන්න ඔනේ නේද ?(නදී)