ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට විරෝධය පළකරමින් සබරගමු සරසවි සිසුහු ප‍්‍රධාන මාර්ගයේ පඹහින්න හන්දියේ අද පස්වරු දෙකට ඇරඹු විරෝධතාවය නිසා වාහන නවතා ගමනා අවහිරවිය. පොලිසය එහි පැමිණ සිටී.
ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට විරෝධය පළකරමින් සබරගමු සරසවි සිසුහු ප‍්‍රධාන මාර්ගයේ පඹහින්න හන්දියේ අද පස්වරු දෙකට ඇරඹු විරෝධතාවය නිසා වාහන නවතා ගමනා අවහිරවිය. පොලිසය එහි පැමිණ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සබරගමුවෙ සිසුන් කදුලු ගෑස් වලට බෑටන් පොලු වලට බය නෑ.(නු)
ගලබඩ මහත්මයෝ , ඔබතුමා කියන කියන කතාව හරිතමා, එක විදිහකට. මොකද? ගොවිකම ඔබතුමා වැනි ඉහළ පැළැන්තියේ අයට කරන්න බැහැ. ඒකට තමා මේ අපි වගෙ අසරණ දෙමාපියන්ගෙ ළමයි ඕවට යන්නෙ. ඔව් මහත්තයෝ, අපිට කුඹුරු කොටන්න කිව්වොත් අපි ගිහින් කුඹුරු කොටන්නම්, හැබැයි ඒකෙන් මේ රටට හොදක් වෙනවා නම් විතරක්. පොඩි අභියෝගයක් කරලම ඉවර කරන්නම්. පුලුවන් නම් එන්න අපිත් එක්ක කුඹුරු කොටන්න. (නි)
සරසවි සිසුවෙක් විදිහට කියන්න තියෙන්නේ, මුහුද හත් ගව්වක් තියාගෙන මුහුදේ වතුර ලුනු රසය කියනවා වගේ මිනිසු කියන පළියට කිසිම දෙයක් විශ්වාස කරන එක හරි නැහැ කියන එකයි. ඇත්ත කුමක්ද කියන එක දන්නේ සරසවිය තුළ ඉන්න සිසුන් තමා. (නි)
අපි අපේ කැම්පස් එකට ගොඩක් ආදරෙයි. අපි කවදත් යන්නේ බාලෙ නිෂ්මි ගිය පාරෙ තමයි (අ)
ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා (දී)
අනේ මෙහෙමත් ළමයි! (නි)
සබරගමුව විශ්ව විද්‍යාලයට වසරකට 4000ක් විතර බදවා ගන්නවා. ඒත් මේපාර ගන්නේ 2700ක් විතර, එතකොට ඉතිරි 1300 ගැන කතාකරන්නේ මෙතන ලොකු ලොකු කතා කියන අයද? ඒ අහිංසක කොල්ලො කෙල්ලො 1300 ට මොකද වෙන්නේ. දේශපාලන කෝනයෙන් බලන්න අයට මේව වැරදි වෙන්න ඇති ඒත් සබරගමුව කවදාවත් දේශපාලනයට කඩේ ගිය තැනක් නෙවෙයි. ඒක සබරගමු ඉතිහාසය බලපු අයට තේරේවි. අනික විශ්ව විද්‍යාලයක් කියන්නේ හමුදා කදවුරක් නෙවෙයිනේ. 8 වෙනකොට ගැණු ළමයිටත් 10 වෙනකොට පිරිමි ළමයිටත් විශ්ව විද්‍යාලයේ ඉන්න බැහැ හොස්ටල් යන්න ඕනි. ඒතකොට අපි අපේ අධ්‍යාපන කටයුතු , සංස්කෘතික කටයුතු පර්යේශණ කරන්නේ කොහොමද? ඒ වගේ අපිව තලා පෙලා දානවට විරුද්ධව අපි කටයුතු කරන එක වැරදිනම්, අනාගතේ සරසවි සිසුවාත් සාමාන්‍ය පෙල සමත් සිසුවාත් අතර වෙනසක් නොතියේවි. (ස)
ප්‍රශ්න...ප්‍රශ්න...ප්‍රශ්න... (දී)
කැම්පස් යන්න බැරිවුණා කියලා කැම්පස් යන අයටට බැනලා හරියන්නෑ නේ . අනික අපි මේ දේවල් කළේ අපි ගැන හිතලා නෙමේ.අපෙන් පසුව එන පරම්පරාව ගැන හිතලා. (ස)
රටේ අවශ්‍යතාව අනුව වෙනස්කම් සිදුවෙන්න ඕනෑ. ඒක නුහුරට දැක්කම වැඩේ වැරදියි කියලා හිතා ගෙන කටයුතු කරන එක හරිද? ඔය තැනට ගියාම 50% පමණ අමුතුම රෝගයක් හැදෙනවනේ. ඔය සමාජවාදී සටන් ඔක්කොම ඉවරයි,එලියට ඇවිත් හොඳ රැකියාවක් හමුවුනහම. (නි)
@ගිහාන්: කලබල වෙන්න එපා මහත්තයෝ..ඔය තියෙන්නෙ ඉහත මා සඳහන් කරපු කාරණාව වෙනුවෙන් කරන ලද උද්ඝෝෂනයට විරුද්ධ වූ සරසවි පාලකයෝ අද දිනයේ ශිෂ්‍ය සංගම් අහෝසි කිරීම නිසා එයට විරෝධය පළ කරමින් සංවිධානය කෙරුනු උද්ඝෝෂනයයි... (ස)
@සබරගමු සිසුවෙක් කරුණාකර දෙවන ෆොටෝ 1ක බලන්න නිකන් බොරු කියන්නේ නැතිව. (ස)
සබරගමුවෙ අපි කඳුළු ගෑස්, බැටන් පොලු වලට බයයි නම් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාරට බහින්නෙ නෑ (ස)
සබරගමුවෙ අපි කඳුළු ගැස් වලට, බැටන් පොලු වලට බයයි නම් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාරට බහින්නෙ නෑ (ස)
කඳුළුගෑස්, බැටන්පොළු ගෙනැල්ලා නැද්ද ? (ස)
මේ වගේ අය තමයි අඩු රටට..!(නු)
සබරගමු සිසුන් කොටවන්නෙ නතුව නිකන් ඉන්න..!(නු)
සබරගමු NDT සිසුන් කොටවන්නෙ නතුව නිකන් ඉන්න (ස)
මේ අදහස් දාපු පුද්ගලයෝ මොන ලෝකෙද ඉන්නේ කියන එක ප්‍රශ්නයක්. ටිකක් හරි උගත් කෙනෙක් නම් මේ දේවල් තේරෙන්න ඕන... සබරගමුවේ හයිය නොදන්නවා නම් අහලා, හොයලා බලන්න... (නු)
මේහෙම හරි කෑගහලා මේ කොල්ලො කෙල්ලො ටික සරසවිය ආරක්ෂා කරනගන්න එක ලොකු දෙයක්.. නැත්නම් මේවත් වැහිලා ගියාම තේරෙයි.. ගලබඩලා වගේ රට සල්ලි තියෙන අයගේ ළමයි ලක්ෂ දහය පහළොව දීලා උපාධි ගනියි.. දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට කවදාවත් උපාධියක් ගන්න වෙන්නෙ නැහැ.. ඒක නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රජයේ විශ්වවිද්‍යාලයක උපාධිය ගත්ත ගොඩක් යට තේරෙනවා ඇති..!(නු)
විශ්ව විද්‍යාල වලය යන්නේ ඉගෙන ගන්නද, උද්ගෝෂණය කරන්නද (දී)
අනේ මන්දා අප්පා (දී)
මෙය මුළුමනින්ම සාවද්‍ය චෝදනාවක් වන අතර රැස්වීම පවත්වා ඇත්තේ විශ්වවිද්‍යාලයේ පවතින ගැටළු පිළිබඳව සාකච්චා කිරීම සඳහා සිසුන්ගේ කැමැත්තෙනි. ඒ මේවන විට විශ්වවිද්‍යාලය තුළ උද්ඝතව ඇති සිසුන් බඳවා ගැනීම් කප්පාදුව සහ අනෙකුත් අධ්‍යයන හා සුභ සාධන ගැටළු පිළිබඳ සාකච්චා කිරීමටය. මෙවර ඉතාමත් විශාල ප‍්‍රතිශතයකින් එනම් 41% කින් පමණ බඳවා ගැනීම් කප්පාදු කර ඇති අතර, එම ශිෂ්‍ය කප්පාදුවට එරෙහිව සංවිධානය විම හා අරගල කරීම ආණ්ඩුවට අනුව නීතිවිරෝධී හා ප‍්‍රතිගාමී වුවද, මේ රටේ සිසුන් හා දෙමවුපියන් පැත්තෙන් සලාකබලන කළ එය පැහැර හැරිය නොහැකි වගකීමකි. තවද මෙම රැස්වීම කිසිදු බලහත්කාරයක් හරහා සිදු නොකළ බවට සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම සිසුන් සාක්ෂි දරනු ඇති අතර ඉදිරියේදී මේ පිළිබඳව ගනු ලබන නීතිමය කි‍්‍රියාමාර්ගවල දී ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමට ද අපි සූදානම්ව සිටමු.(නු)
ශිෂ්‍ය සංගම් නිසා විශ්වවිද්‍යාලවලට ගොඩක් සෙතක් වෙලා තියෙනවා..!(නු)
ඇයි මේ විදියට නිදහස් අධ්‍යාපනය නැතිකරන්න හදන්නේ..!(නු)
මේ ළමයි මන්නාරමේ පුරන් කුඹුරු ටික කොටන්න යොදවලා එන්.ඩී.ටී. ළමයි ටික සබරගමුවට අනුයුක්ත කරමු. (ස)
සබරගමුව නිසා හොඳයි. පේරාදෙණිය වගේ පිටිගත් විශ්වවිද්‍යාලයකට මේ අය ගියානම් මොනවා නොකරයිද ?(ස)