ජංගම දුරකතන සිම් කාඞ්පතක් දීම සඳහා තම වැටුපෙන් රුපියල් දෙසීය බැගින් කපාගෙන ඇතැයි සිවිල් ආරක්ෂක සෙබළු කියති. මේ ගැන පරීක්‍ෂණයක් අරඹන ලෙස එහි පිරිසක් ඉල්ලති. සිවිල් ආරක්ෂක භටයන් තිස්හය දාහක් සිටිති. ඒ අනුව කපාගත් මුදල් රුපියල් ලක්‍ෂ 72ක් පමණ වෙතියි කියති. බොහෝ දෙනා කියනුයේ තමනට නොදන්වා මේ මුදල කපාගෙන ඇති බවය. එම දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අද්මිරාල් ආනන්ද පීරිස් පැවසුවේ දිවයින පුරා සිටින 37000ක සෙබළුන් අතර විධිමත් සංනිවේදන පද්ධතියක් නොතිබිම නිසා ඇතිවූ රාජකාරි ගැටලූ නිසා රජයට සම්බන්ධ සමාගමකින් සහනදායක පැකේජයක් ලබාදීමට කටයුතු කළ බවයි. සියලූම සාමාජිකයන් ඒ ගැන දැනුම්වත් කළ බවද ඔහු කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොටටත් SIM නිකන් දුන්න සමාගම් කිහිපයකින්ම .
කාට හරි කොමිස් මුදලක් එක කීයක් හරි ලැබුණද දන්නේ නැහැ. මොකද මේ වගේ විශේෂ පැකේජ් එකක් දෙනකොට එහෙමයි.
ෆෝන් එකකුත් නොමිලේ දෙනවා ඇති.එතකල් සිම් එක විතරක් කණේ තියලා කතා කරන්න ක්‍රාම්කුත් ඇති නේද
කොමිස් ගහන අලුත් ක්‍රමය නියමයි මොලේ
අත යට ගැහිල්ලක් ද
සිග්නල් නැතුව තියෙද්දි කොහොමද රාජකාරිය පහසු වන ජාලය ක්‍රියාත්මක වෙන්නේ?
ඉන්දිකගේ කතාව ඇත්ත තමයි
මේවත් වැඩද? ඔන්න මුළු පඩිය කැපුවනම් තමයි ප්‍රශ්නේ. මේක නිකම් පොඩි විහිළුවක්.
200 වගේද SIM එක කවද හරි හම්බවෙලා තව කෙල්ලෙකුත් සෙට් කරන් සෑහෙන්න මල් කඩන්න පුළුවන්නේ...
සිම් එක විතරක් අරන් කොහොමද දන්නෑ සන්නිවේදනය කරන්නේ?
එක් පාර්ශවයක් දැනුවත් වෙලා නෑ වගේ ....
SIM මොකටද ෆෝන් නැතුව...
උදව්වක් විදියට SIM දුන්නට කෝල් ගන්නේ මොකෙන්ද ???
අපරාදේ මට කිව්වනම් මම අඩුවට අරන්දෙනවනේ....
ID එක අරන් ආවනම් සිම් නිකන් ගන්න පුළුවන් කටුනායකින්........
මේවත් වැඩද ???? මොනවගේ දේවල්ද දැන් නොවෙන්නේ ????
මේ ගණුදෙණුවෙන් කාටහරි කොමිස් මුදලක්වත් ලැබුණවද්ද?
ඒක් පාර්ශවයක් දැනුවත් නොකිරිම වරදක් ,විශේෂයෙන් තම පුද්ගල වැටුප කිසි සේත්ම අවසර නැතිව අයකිරිම වරදක් ලෙස මම දකිමි.
ඇත්තටම දැන් කවුද බොරු කියන්නේ..
එතකොට රාජකාරි සඳහා සන්නිවේදන පද්ධතිය හදන්නේ මෙම අයගේ පුද්ගලික මුදල් වලින්ද ?