(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට සෑම පවුල් පහකින් හතරක්ම ගන්නා ආහාර වේලක් මඟ හැරීමට හෝ ගන්නා ආහාර ප‍්‍රමාණය අඩු කිරීමට පුරුදු වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ.
ශ‍්‍රී ලංකිකකයන් මිලියන 6.3 ක ප‍්‍රමාණයක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ජූලි මස සිට දෙසැම්බර් මස දක්වා ශ‍්‍රී ලාංකිකයන් මිලියන 3.4 කට සහාය වීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 63 ක මුදලින් තවමත් ලැබී ඇත්තේ ඩොලර් මිලියන 21.35 ක් බවත් එම වාර්තාවේ දැක්වේ.
ශ‍්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් තවමත් ශ‍්‍රී ලාංකිකයන් පීඩා විඳින බවත් කොළඹ නගරය සහ ඒ අවට ප‍්‍රදේශයන්හි අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් තවමත් ඉහළ මට්ටමක පවතින බවත් ලෝක ආහාර වැඩසටහන නිකුත් එම වාර්තාවේ සඳහන් වී ඇත.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූලි මාසයේ සියයට 60.8 ක් වූ උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 64.3 දක්වා ඉහළ ගොස් ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තවත් නරක අතට පත්වේ යැයි බියක් තිබෙන බව ලෝක ආහාර වැඩසටහන වාර්තාව මගින් පෙන්වා දුන්නේය.
ශ‍්‍රී ලංකාවේ ඉන්ධන හිඟය දේශීය වෙළඳපොලේ සැපයුම් දාමයට බාධා එල්ල කර ඇති අතර වෙළඳපොලේ දේශීය භාණ්ඩවල මිලට ඒ හේතුවෙන් පීඩනයක් එල්ල වී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සෑම පවුල් පහකින් හතරක් කුස ගින්නේ
පිටරැටියා Tuesday, 06 September 2022 04:19 PM
ආසියාවේ ආශ්චර්යය... සෞභාග්‍යයේ දැක්ම පෙන්වන්න බලයට ආපු නායකයින් ඉන්න රටක එහෙම වෙයිද? අනේ අනිච්ඡං...
fairoos Tuesday, 06 September 2022 04:48 PM
ජාතිවාදයෙන් රට කරන්න ආපු නන්දසේන සහ නඩය තමයි මේකට වගකියන්න ඕනේ.. ලංකාවේ මිනිස්සුන්ට මෙච්චර වෙලත් තාම බයි ටෝක් දෙන එකනම් නැවතිලා නැහැ.
නිමේෂ් Tuesday, 06 September 2022 05:18 PM
ඕක සමරන්න වෙන්න ඇති අද එජාපයේ උත්සවයක් තියෙන්නේ, අවුරදු 70ක් රට කාපු එක සමරන්න..!
amila Tuesday, 06 September 2022 06:54 PM
ඡන්දයක් තියලා බලන්නකෝ බඩගින්නේ වැටි වැටී ඇවිල්ලා තමන් කැමැති දේශපාලන පක්ෂයට හරි, නායකයාට හරි ඡන්දෙ දීලා යන්නේ වැඳලා...
ganegoda Wednesday, 07 September 2022 09:45 AM
අර ජාතික කොඩියෙ ඉන්න සිංහයව ගලවලා මෙ පින්තුරෙ එතෙන්ට දා ගත්තනම් සම්මාදම් උපකාර ටිකක් හරි ලබාගන්න තිබුන !!!