IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සාමනේර හිමි රිමාන්ඩ්

කලිසමක්, කමිසයක් ඇඳ පාසල් දැරියක සමග චිත්‍රපටයක් බැලීමට ගිය බව කියන සාමනේර හිමි නමක පෙබරවාරි 27 දක්වා රිමාන්ඩ්  කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය.

මේ හිමි නම නාරම්මල කෙනෙකියි අධිකරණයේදී කියැවිණි.

වැලිවේරිය පොලීසිය  බී වාර්තාවකින්  දැනුම් දුන්නේ දෙදෙනා ජංගම දුරකථනවලින් කතා කර ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

ඒ අනුව කතාකර ගත් පරිදි වැලිවේරිය බටහේනෙ හන්දියට පැමිණ දෙදෙනාම ත්‍රීරෝද රියක නැගී මද දුරක් ගොස් දැරියගේ පාසල් නිල ඇදුම් මාර කැර ගම්පහට පැමිණ චිත්‍රපටය නරඹා ඇති බව ද පොලීසිය අධිකරණයට දැන්වීය.

සැකකාර හිමිනමගේ බෑගයේ තිබී දම් පැහැති සිවුරක්, දම් පැහැති අඳනකඩයක් සහ ඉන පටියක් තුබූ බව ද කැයැවිණි.



අදහස් (0)

සාමනේර හිමි රිමාන්ඩ්

ඉෂාර Saturday, 16 February 2013 08:34 AM

අර සම්පත් කිව්වා වගේ දෙව්දත්ලත් හිටියා, දෙව්දත් ඔලුවෙ තියන් හිටිය අජාසත්තලත් හිටියා. මුතුකුඩ, මාත් දන්නවා ඔයා ඔය කිව්ව දේවල් දෙක. මං අහන්නේ හලාල් වේවා, හරාම් වේවා, ඒකෙයි මේ ප්‍රවෘත්තියෙයි තියෙන සම්බන්දය මොකක්ද කියලා. මන් ඒකයි දන්නැත්තේ. ඒක කියා දෙන්න. පඳුර වටේ තලන්නැතුව.. (ස)

:       0       0

රියාස් Friday, 15 February 2013 11:42 AM

බොදු බල සේනාව හලාල් සහතික නිකුත් කරන එක මේ බෞද්ධ රටට අයහපත් කියා කෑ ගහනවා. ඇත්තෙන්ම මේ බෞද්ධ රටට අපහාස ක්‍රියා වන්නේ මේ වගේ ක්‍රියාවන් නිසා.‍ අද මේ අසන්න ලැබෙන්නේ සාමණේරගේ කතාව. නමුත් මීට වඩා අසික්කිත ක්‍රියා පුවත් පත් වල දකින්න ලැබුණා. කුරුණෑගල විහාරයක හාමුදුරු කෙනෙක්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ගිය ගැහැණු ළමයෙක්ට අතවර කළා. එම නිසා බොදු බල සේනාව රට හැදීමට නම් මේ වගේ ක්‍රියාවන්ට පියවර ගන්න. (නි)

:       0       0

ලංකා Friday, 15 February 2013 12:14 AM

සිවුරට කල නිගාවක් (දී)

:       0       0

රුවනි Friday, 15 February 2013 11:40 AM

කෝ බොදු බල සේනාව? (නි)

:       0       0

මහින්ද Friday, 15 February 2013 11:41 AM

පවු. පොඩි සාදු ෆිල්ම් එකක් බලන්න යන්න ඇති. (නි)

:       0       0

අනුල් Friday, 15 February 2013 12:33 AM

මේවා හලාල්ද කියලා අහන්න තරම් සම'හරක්' අයගේ මෝඩකම් ඉහවහා ගිහින්. කියන්නේ මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. හලාල් ආහාර වලට සහතිකයක් විදියෙත්, ක්‍රමවේදයෙත් තියෙන අසමත්කම පොතේම ලියලා තියෙනවා. නමුත් මේවා බෞද්ධ දර්ශනයේ කොහෙවත් කරන්න කියලා ලියලා නැහැ. (නි)

:       0       0

මාර්ක් Friday, 15 February 2013 12:03 PM

ස්වභාව ධර්මය සමග හැප්පෙන නීති සහ රෙගුලාසි දැන නොගත්තහම ඔහොම වෙනවා. (නි)

:       0       0

බණ්ඩා Friday, 15 February 2013 12:52 AM

සිවුර ගලවලා ගිහින්නේ බලලා තියෙන්නේ. ඉතිං මොකෝ? (නි)

:       0       0

තරු Friday, 15 February 2013 12:07 PM

වෙන කරන්න දෙයක් නැහැනේ (දී)

:       0       0

ස්මාර්ට් Friday, 15 February 2013 01:00 AM

ඒ ගැහැණු ළමයා නොදනුවත්වද දන්නේ නැහැ නේද (දී)

:       0       0

සිල්වා Friday, 15 February 2013 01:02 AM

නැවතත් මේ වගේ සිද්ද නොවෙන්න කටයුතු කරන්න (දී)

:       0       0

සමන් Friday, 15 February 2013 01:22 AM

ඇස් අදහා ගන්න බැරි වඩනේ මෙවුවා (දී)

:       0       0

රිහානා අහමඩ් Friday, 15 February 2013 12:16 PM

මේ අදහස් වලින් පැහැදිලි වෙන එකම දේ තමයි, අපේ මුස්ලිම් අය හාමුදුරුවන්ටයි, බොදු බල අයටයි තියෙන වෛරය. සාමනේර නමක් ගෑනු ලමයෙක් එක්ක චිත්‍රපටියක් බලන්න යාම කුරාණෙට අනුව තීරණය කරන්න තරම් මෝඩ වුණේ කොහොමද? සාමනේ කෙනෙකුට ඕනෑ වෙලාවක සිවුර දාලා ගිහියෙක් වෙන්න පුලුවන්. ඒත් නබී? අනුන්ගේ කුණු හොයන්න කලින් තමන්ගේ ඒවා පිරිසිඳු කළ යුත්තේ කවුද කියලා පැහැදිලියි නේද දැන්? (නි)

:       0       0

සිංහ Friday, 15 February 2013 01:48 AM

මේ වගේ වැඩ නතර කල යුතුයි (දී)

:       0       0

සුගතරත්න Friday, 15 February 2013 06:40 PM

මේවා දැක්කහම අනෙක් ආගම් වල අයට රජ මගුල් ව‍ගේ ඇති. (නි)

:       0       0

ලියනගේ Friday, 15 February 2013 02:35 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

මුතුකුඩ Friday, 15 February 2013 06:58 PM

ඉෂාර ඉස්ලාමි ධර්මයේ මේ වගේ වැඩවලට අරාබි භාෂාවෙන් කියන්ෙන් හරාමි කියලා. ඒහි අර්ථය තහනමි යන්නයි. යමෙකු නීතියේ අනුමැතිය ඇතිව විවාහ ගිවිස ගත්තේ නම් එයට අරාබි භෂාවෙන් කියන්නේ හලාල් යනුවෙනි. එහි තේරුම අනුමත කරන ලද යන්නයි.(නදී)

:       0       0

ලීසා Friday, 15 February 2013 03:28 AM

බෑග් එකේ වෙන මුකුත් තිබුණේ නැද්ද? (නි)

:       0       0

පෙරේරා Friday, 15 February 2013 03:56 AM

දියණියේ, ඔබ කළ පවින් මිදෙන්න නම් ඒ පන්සලේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාගෙන් සමාව ලබාගන්න. (නි)

:       0       0

සමන් Friday, 15 February 2013 04:02 AM

කෝ අර සේනාව? එව! බලව! (නි)

:       0       0

මුතුකුඩ Friday, 15 February 2013 04:11 AM

නුවන් මල්ලි, පොඩි හාමුදුරු‍වෝ මෙහෙම කරනවා නම් ලොකු ලොකු හාමුදුරුගොල්ලා මොන මොනවා කරනවාද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

හේරත් Friday, 15 February 2013 07:15 PM

නංගිට ච්ත්‍රපටයක් පෙන්නුවේ එයා අහිංසක නිසා. නංගි ආවේ සංසාරෙන් එතෙරවෙන්න.(නදී)

:       0       0

ගයාන් Friday, 15 February 2013 07:17 PM

ඔව් ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ (දී)

:       0       0

හර්ෂ Friday, 15 February 2013 01:07 PM

බුදු දහමේ අනුමත කරන්නේ නැහැ මෙවන් වැඩ (දී)

:       0       0

දිල්රනිස් Friday, 15 February 2013 07:26 PM

අද පැවිදි දිවියට එන්නේ වැඩි හරියක් නැති බැරි පවුල්වල ළමයි.ඒ අය දානෙ කාල ඉගෙනගෙන සිවුරු හරිනව.සැබෑවටම සසර කල කිරිල නෙමේ පැවිදි වෙන්නෙ.අද බොහෝ ස්වාමීන් වහන්සේලාට ධර්මාවබෝධයක් නෑ ගිහියන්ට තරම්වත්.(නදී)

:       0       0

ඩයස් Friday, 15 February 2013 04:45 AM

ඇත්තෙන්ම මෙම හිමිනම පළමුව චීවරයට ගරු කර එය ගලවා දමා ඇත. චීවරය පිටින් ෂෝ එක බැලුවා නම්, කේස් එක වෙන අතක් ගන්න තිබුණා. සමස්ත බුදු දහමට නිගාවෙන්න තිබුණා. මෙයා සිවිල් වැඩේට බැහැලා තියෙන්නේ. වැඩිවියට පත්වී හෝමෝන ක්‍රියාකාරිත්වය ස්ක්‍රීය වු විට විරුද්ධ ලිංගිකත්වයට නැඹුරුවීම චීවරයෙන් වසාගන්න බැහැ. සමාජ සම්මතය වුණත්, සාංඝික නීති කෙටුම්පත් වුණත් සොබාදහමට පිටුපන්න කාටවත්ම බැහැ. (නි)

:       0       0

බන්දුල Friday, 15 February 2013 01:28 PM

සාමනේර හිමි නමක් රකින්න ඕන සීලයක් තියෙනවා (දී)

:       0       0

ශ‍්‍රී කළු කුමාර Friday, 15 February 2013 01:28 PM

මේ හැම විපත්තියකටම හේතුව, 1815.03.02 පසුව රාජ්‍ය අනුග‍්‍රහය සහ භෞතික මෙහෙයවීම බුදු දහමට නොලැබීමයි. (නි)

:       0       0

තිලක් Friday, 15 February 2013 01:33 PM

වෙන ඉතින් මොකක් කරන්නද (දී)

:       0       0

සම්පත් Friday, 15 February 2013 07:40 PM

කොනක් අල්ලගන්න දගලන අයට මේ වගේ දේවල් ගොඩක් රසවත් ඇති. ප්‍රතිචාර දාන්න කලින් තමන්ගේ ආගමට නේද ගරහන්නේ කියලා හිතන්න. ඒක හාමුදුරු කෙනෙක් වැරදි කලාට මුළු සාසනයටම බනින එක හරිද? ඔය වගේ හාමුදුරුවරු බුදුන්ගේ කාලයෙත් හිටියා. (නදී)

:       0       0

රියාස් Friday, 15 February 2013 07:43 PM

මධූට මොළේ පෑදෙන්න තමන්ගේ ආගමට දෙයක් වෙන්නම ඕනෑ නේද? (නි)

:       0       0

ප්‍රසන්න Friday, 15 February 2013 01:31 PM

අද අපේ රටේ නායක හාමුදුරුවරු දේශපාලන පඹග‍ාලේ පැටලිලා. සාසනයෙ විනය කටයුතු හොයන්න වෙලා තියෙන්නේ පොලීසියට...(ස)

:       0       0

ද සිල්වා Friday, 15 February 2013 01:35 PM

අධිකරණය මේ ගැටළුව සංඝ සභාවට යොමු කරන එකයි කළ යුත්තේ මට නම් හිතෙන විදියට..!(නු)

:       0       0

හර්ෂ Friday, 15 February 2013 05:44 AM

සාමනේර තැන සිවුරු අරවනවා මිසක් රිමාන්ඩ් කරලා ඇති වැඩේ මොකක්ද? උන්නාන්සේ ක්‍රිමිනල් අපරාධයක් කරලා නැහැනේ. (නි)

:       0       0

ගාමිණි Friday, 15 February 2013 01:39 PM

දිනපතා ප්‍රවෘති, සහ පත්තර බැලුවම බුදු දහම ලංකාවේ ක්‍රියාත්මක වන හැටි පෙනේවි. බෞද්ධයිනි අන් ආගම්වල‍ට නිගරු කරන්න එපා. (ස)

:       0       0

මධූ Friday, 15 February 2013 05:49 AM

ආගම් වලට මඩ ගැසීම නැවැත්වීම සදහා සියල්ලෝම පෙළ ගැසෙමු. (නි)

:       0       0

මාලක Friday, 15 February 2013 06:15 AM

මීට වසර 30කට පමණ පෙර මහනුවර පැත්තේ පන්සලක හාමුදුරු ‍කෙනෙකුත් මෙහෙම කලිසමට මාරුවෙලා 9.30 චිත්‍රපටිය බලලා එනවා. නමුත් හැමෝම දානේ වරද්දන්නේ නැතුව ගෙනිහින් දුන්නා. (නි)

:       0       0

චතුරිකා Friday, 15 February 2013 01:51 PM

බොඳු බල සහ මේ සිද්ධිය සමස්ථ බෞද්ධ කියන දේ හිතාගෙන අදහස් දමන අයගේ මොලේ කළදක්වත් නැති තරම් කියලත්, වෛරයෙන් ලියන අදහස් බවත් පේනවා. සාමනේර කළ වැඩේ වැරදියි. බොඳු බල අය කළේ අන්‍යාගමිකයින්ගෙන් බෞද්ධ දර්ශනයට වෙන අසාධාරණය වෙනුවෙන් පෙනී හිටපු එකයි. (නි)

:       0       0

සිරිමල් Thursday, 14 February 2013 07:16 PM

අන්‍යාගමිකයන්ට බැණ බැණ ඉන්නවාට වඩා අපේ ආගමේ අඩුපාඩු හදාගත්තොත් තමා වටින්නේ. අද ලංකාවේ සිල්වත් ස්වාමීන් වහන්සේලා ඉන්නේ කීයෙන් කීදෙනාද? පසුගියදා උදේ හෝටලයකදී පෝලිමේ ගිහින් කෑම බෙදාගෙන කන සිවුරක් ඇඳගත් කෙනෙක් මම දැක්කා. ඒ වගේ අය දහදෙනෙක් විතර හෝටලයකදී දවල් ආහාරය ගන්නවා මම දැක්කා. මේවා හංගගෙන ඉඳලා හරියන්නේ නැහැ. ලංකාවේ ස්වාමීන් වහන්සේලා සමහරකගේ තත්වය ඕකයි. (නි)

:       0       0

ජගත් Friday, 15 February 2013 06:28 AM

ආගම රකින්න නම් උසාවියක් පන්සලටත් ඕනෑ. වැරදි කර කර සිවුරේ ඉන්න දෙන්න එපා . එයාව ඒකෙන් නිදහස් කරන්න . (නි)

:       0       0

සුබ්‍රමනියම් Friday, 15 February 2013 01:53 PM

පොඩි සාදුගේ සුලු වැරැද්දක්නේ අප්පා! ෂා ෂා.... ඇයි රිමාන්ඩ් කළේ? (නි)

:       0       0

ජයසේකර Thursday, 14 February 2013 07:24 PM

මොකක්ද මේ නීතිය? දෙන්නෙකුට විත්‍රපටියකට යන්නත් බැරිද? (නි)

:       0       0

අනුර Thursday, 14 February 2013 07:23 PM

සිවුරේ නම්බුවවත් තියන්න ඕනෑ කියලා හිතන්න තිබුණා නේද? (නි)

:       0       0

වේහා Friday, 15 February 2013 07:06 AM

තව තව මුස්ලිම් මිනිසුන්ට බණින්න, බුදු දහම විනාශ කරන්න හදනවා කියලා. මට හිතෙන්නෙ ඔය වැඩියෙන්ම කෑගහන්නෙ ඔය වගෙ වැඩ කරන අයම තමා. තමන්ගේ හොර මගඩි වහන්න වෙන මිනිසුන්ගෙ පිටට වැරැද්ද පටවනවා. අපේ මෝඩයොත් ඒවම විශ්වාස කරනවා. (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 14 February 2013 07:23 PM

සාධු... සාධු... සාධු...! කෝ අනෙක් ආගම් ගැන අදහස් දක්වන අය? (නි)

:       0       0

දිසා Friday, 15 February 2013 07:09 AM

මෙතන වරද ඇත්තේ ඔය කියන සාමනේර නමගේ දෙමවුපියන්ගේය. (නි)

:       0       0

ගමගේ Friday, 15 February 2013 02:02 PM

මතක තියා ගන්න බුද්ද කාලෙත් හිටියා මෙවන් අය (දී)

:       0       0

නසාර් Thursday, 14 February 2013 07:27 PM

මේවා හලාල්ද ස්වාමීනි? (නි)

:       0       0

රකිත් Friday, 15 February 2013 07:22 AM

සිවුර සදාකාලිකවම අත ඇරලා මේක කළා නම් කමක් නැහැ. සාමණේර හිමිගේ වයස ගැන සඳහනක් නැහැනේ. කොහොමද පාසල් දැරියට වඩා වයසින් අඩුනම්? (නි)

:       0       0

රොෂාන් Friday, 15 February 2013 09:00 PM

නීතියට අනුව ඒ හාමුදුරුවෝ වරදක් නොකළත් විනයට අනුව නම් වැඩේ වැරදියි. (නි)

:       0       0

ගාමිණී Thursday, 14 February 2013 07:29 PM

හාමුදුරුවරු දෙනමක් ගුටි බැට හුවමාරු කරගෙන ඔලුත් පළාගත්ත එ‍කේ මේ කොලු වයසට මේ සාමණේර හාමුදුරුවෝ කරලා තියෙන්නේ බොහොම පොඩි වැඩක්නේ. (නි)

:       0       0

නදීෂා Thursday, 14 February 2013 07:30 PM

අනේ අපිට යන කල... (නි)

:       0       0

ගුණසිංහ Thursday, 14 February 2013 07:37 PM

පවු අනේ! සාමණේර වුණා කියලා හැගීමක් නැති වෙන්නේ කොහොමද? (නි)

:       0       0

ඩිල්ෂාන් Thursday, 14 February 2013 07:38 PM

බල සේනා , මෙන්න ඉස්සෙල්ලම කරන්න ඕනෑ වැඩ. (නි)

:       0       0

වරුණ Friday, 15 February 2013 07:40 AM

කෝ මේ මහානායකවරු? (නි)

:       0       0

ශාන්ත Friday, 15 February 2013 02:14 PM

සාමනේර හිමියන්ට මේ වැඩ අකැපයි (දී)

:       0       0

දරගම Thursday, 14 February 2013 07:42 PM

මොකක්ද හිමිනමට විරුද්ධව ඇති චෝදනාව? (නි)

:       0       0

ෂාෆික් Thursday, 14 February 2013 07:42 PM

බොදු බල සේනාවට අන්තිමට මොකද මේ වුණේ? (නි)

:       0       0

ලලාන් Thursday, 14 February 2013 08:01 PM

ගම්පහ පැත්තේ සිදුවෙන මිලියන ගණනේ කප්පම් සිද්ධිත් එක්ක බලද්දී මේ හිමිනම කරලා තියෙන්නේ බොහොම සුලු දෙයක්. (නි)

:       0       0

විශ්ව Thursday, 14 February 2013 08:05 PM

අපේ හාමුදුරුවරුන්ට වැරදි පෙන්වලා දෙන්න ලොකු ස්වාමින් වහන්සේලාවත් නැහැනේ හරියකට. (නි)

:       0       0

බවන් Thursday, 14 February 2013 08:17 PM

රිමාන්ඩ් කරන්න මෙයා කරපු වැරැද්ද මොකක්ද? ඕනෑ කෙනෙක් එක්ක චිත්‍රපට බලන්න ඕනෑ කෙනෙකුට අයිතියක් තිබෙනවා. ආගම සම්බන්ධ විනය ක්‍රියාමාර්ග ගන්නවා නම් ඒක කරන්න ඕනෑ සංඝ සභාවක් වගේ එකකින්. උසාවිය මෙයාව රිමාන්ඩ් කළේ මොන පදනමින්ද? (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 14 February 2013 08:17 PM

අයියෝ බොදු බල සේනා........ (නි)

:       0       0

ලාල් Thursday, 14 February 2013 08:17 PM

එතකොට පහුගිය දවස් වල සිය ගණන් සාමණේර හිමිවරුන් සිය ගණන් සිදුහත් උපත බලන්න වැඩියේ නැද්ද? (නි)

:       0       0

නිමල් Thursday, 14 February 2013 08:18 PM

නිවන් දක්නා ජාති දක්වා... (නි)

:       0       0

උපුල් Friday, 15 February 2013 08:02 AM

සාමණේර නමක් කියන්නේ අපේ සමාජයේ විශේෂ චරිතයක්. ශීලයක් තියෙනවා ආරක්ෂා කරන්න. ඒක නිසා මේ වැඩ වැරදියි. නමුත් දඩුවම පන්සලේ නායක හාමුදුරුවෝ හරි විනය මණ්ඩලයකින් හරි දුන්න නම් තමා හොඳ... නිර්මල බුදු දහමට පහර දෙන්න මේ වගේ සිද්දි යොදා ගන්න එපා....(ස)

:       0       0

සමිල් Tuesday, 28 May 2013 04:29 PM

රහත් වෙලා නැහැ නේ. වැරදි හදාගෙන ඉදිරියටම යායුතුයි (නි)

:       0       0

හේරත් Thursday, 14 February 2013 08:29 PM

මේක පින් පළදීමේ ගැටලුවක්. (නි)

:       0       0

බන්දුල Thursday, 14 February 2013 08:29 PM

දැරිය මොහු මහණවී ඇති කෙනෙක් බව දැනගෙන චිත්‍රපටය බැලුවේ නම් මෙහි කිසිම නඩු නිමිත්තක් නැත. (නි)

:       0       0

සිල්වා Thursday, 14 February 2013 08:32 PM

දැකුම්කලු තරුණයින් යනු ස්වභාව ධර්මයේ අත්වැරදීම්ලු. (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 16 February 2013 02:34 PM

කොයි කොයි අයියලාගෙත් කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග තියෙනවා. (නි)

:       0       0

දුලාන් Thursday, 14 February 2013 08:32 PM

හැගීම් ඇති වන එක සාමාන්‍ය දෙයක් වුණත් කරලා ඇති දේ හිමිනමකට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. (නි)

:       0       0

දිනෙත් Friday, 15 February 2013 08:27 AM

ඕකතමයි ලංකාවට‍ මෙහෙම වෙලා තියෙන්නේ. (නි)

:       0       0

සුජිත් Thursday, 14 February 2013 08:48 PM

මේවා අහනකොට දකිනකොට මටත් ගිහිගෙය අතහැර යන්න හිතෙනවා. (නි)

:       0       0

හිල්මි Thursday, 14 February 2013 08:55 PM

පළමුව මෙවන් නැහැදිච්ච හිමිවරුන් මට්ටු කිරීම ගැන සළකා බැලුවොත් නේද හොද? (නි)

:       0       0

සමීර Friday, 15 February 2013 02:39 PM

කෝටියක් සංවර සීලය රකින්න ඕනේ (දී)

:       0       0

රිස්වාන් Thursday, 14 February 2013 08:55 PM

වංචා කිරීමේ චෝදනාවත් හාමුදුරුවන්ට එල්ල වෙන්න පුලුවන්. (නි)

:       0       0

මුතුකුඩ Friday, 15 February 2013 08:42 AM

හේරත්, භික්ෂුන්ට කල අවමානයක් කියන්නේ, අනෙක් භික්ෂූනුත් එහෙම කරනවාද? (නි)

:       0       0

අමිල Thursday, 14 February 2013 08:55 PM

සමහර අයගේ ප්‍රතිචාර දක්කම් හිනා යනවා. සිවුර හංගාගෙන බාලවයස්කාර දැරියක් චිත්‍රපට ශාලාවකට අරගෙන යාම වරදක් නෙමෙයිද? (නි)

:       0       0

දිලිප් Thursday, 14 February 2013 09:02 PM

බෞද්ධාගම ගැන තීරණ ගන්නෙත් අධිකරණයෙන්ද? (නි)

:       0       0

යවනාඩ් Thursday, 14 February 2013 09:02 PM

පොඩි සාදු බලන්න ගිහින් තියෙන්නේ සූරිය අරණ ලු. ටිකට් ගන්න දන්නෙ නැති නිසා දහම් පාසලේ ළමයෙක්ව තනියට එක්කගෙන ගිහින්ලු. (නි)

:       0       0

ලකී Friday, 15 February 2013 08:48 AM

බොදු බල සේනාවට මේවා පෙනෙන්නේ නැද්ද ??? (නි)

:       0       0

අමිල Thursday, 14 February 2013 09:02 PM

‍ඇතැම් දුස්සීල භික්ෂුන් එදත් හිටියා.හෙටත් ඉන්නවා.ඒත් අපි උත්සහ කරන්න ඕනෑ ගිහි පැවිදි දෙගොල්ලටම හරි ධර්මයක් දෙන්න.නාමික බෞද්ධයො වැඩක් නැහැ. (නි)

:       0       0

ආනන්ද Thursday, 14 February 2013 09:08 PM

රිමාන්ද කල පදනම කුමක්ද (දී)

:       0       0

බණ්ඩාර Friday, 15 February 2013 08:55 AM

පුංචි හාමුදුරුවරු (උපසම්පදා වෙන්න ඉස්සර) ඔය වගේ දඟ වැඩ කරනවා. මට බැන්නට කමක් නැහැ. මමත් ඒවාට උදවු කරලා තියෙනවා. එයාලාගෙන් 100ට 99ක විතර අය වගකීම් බාරගත්තට පස්සේ (උපසම්පදා වුණාට පස්සේ) නියම හාමුදුරුවරු විදියට සමාජයට සේවය කරනවා. මම අදත් එයාලාගේ පන්සල වලට ගියාම වඳිනවා. එයාලා අද මගේ දරුවන්ගේ මග පෙන්වන්නෝ. මේක මනුස්සයන්ට හැදෙන රෝගයක් මිස සත්තුන්ට හැදෙන දෙයක් නෙමෙයි. තව දෙයක්.... මේක ආගමේ වරදක් නෙමෙයි. (නි)

:       0       0

ෂෙහාන් Friday, 15 February 2013 03:01 PM

බලන්න මෙහෙමත් වැඩ (දී)

:       0       0

සරත් Thursday, 14 February 2013 09:09 PM

කතා කර කර ඉන්න දෙයක් නැහැ. එයා මහනකමට සුදුසු නැහැ (දී)

:       0       0

ලංකා Thursday, 14 February 2013 09:08 PM

පාසල් ළමුන්ට මේක හොද පාඩමක් (දී)

:       0       0

වෙන්ඩ Friday, 15 February 2013 08:56 AM

මේකේ දාලා තියෙන අදහස් දැක්කහම හිතෙනවා අන්‍යආමික හෝ බෞද්ධ ඇතැම් පුද්ගලයන්ගේ තියෙන අසහනය. සමහර අය කතා කරන්නේ මේවා වෙන්නේ බෞද්ධ ආගමේ විතරක්ම වගේ. තේරුම් ගන්න, බෞද්ද දර්ශනේ ඉන්නවා භික්ෂුන් සහ චීවරධාරියෝ කියලා දෙකොටසක්. අද විතරක් නොව අතීතයෙත් එසේමයි. ඕනෑම මනුස්සයෙකුට හැගීම් තියෙනවා. නමුත් භික්ෂුවක් තම හැගීම් පාලනය කරගත යතුයි. මුලු බෞද්ධ භික්ෂුන්ටම බැනලා මේ කියලා තියෙන දේවල් වලින් තේරෙනවා වෙනත් ආගම්වල පුද්ගලයනුත් හොදින් තමන්ගේ ආගම, දහම පිළිපදින බව. (නි)

:       0       0

අකිල් Friday, 15 February 2013 08:58 AM

බෑග් එකේ තිබිලා යම් දෙයක් හමු වුණාලු. ඒවාට හාලල් ළකුණ තිබුණා කියන්නේ? (නි)

:       0       0

මුතුකුඩ Thursday, 14 February 2013 09:14 PM

අද පැවිදි ඇත්තෝ පැවිදිගෙය අතහැර ගිහිගෙය කරා හඹායෑම ඇත්තෙන්ම කණගාටුවට කාරණයකි. (නි)

:       0       0

රොහාන් Thursday, 14 February 2013 09:18 PM

මේ පුද්ගලයාට "සාමනේර හිමිනමක්" කියන්න බැහැ. වඩා හොඳයි "චීවරධාරියෙක්" කියල කියන එක. විනය ධර්ම රකින පැවිද්දෙක් විතරයි හාමුදුරු නමක් වෙන්නේ. අනෙක සාමනේර නමක් කියන්නේ හාමුදුරු නමක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක්. මේ අයගෙන් වැරදි වෙන එකට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. (නි)

:       0       0

ඉෂාර Friday, 15 February 2013 09:17 AM

මේකෙයි, බොදුබල සේනා සංවිදානෙයි තියෙන සම්බන්දේ කුමක්ද? කරුණාකර පිළතුරු දෙන්න. හැම දේටම අදෝමාර්ගයෙන් හිනාවෙන්න බලන් ඉන්න නිවට හිවලුන්ගෙන් මං ඉල්ලන්නෙ.(ස)

:       0       0

භාතිය Thursday, 14 February 2013 09:25 PM

මෙවැනි දේවල් මෙසේ ප්‍රචාරය සාධාරණද? (නි)

:       0       0

ගාමිණි Thursday, 14 February 2013 09:26 PM

අදහස් දාපු සමහර අය බොදු බලසේනාව එක්ක තියන හිතේ අමාරුව ඇරගන්න මේක පාවිච්චි කරලා. (නි)

:       0       0

ජයතිස්ස Thursday, 14 February 2013 09:32 PM

මෙවන් දේවලින් වෙන්නේ අපේ ආ‍ගමට අන්‍යආගමිකයින් ගරහන එකයි. (නි)

:       0       0

සරත් Friday, 15 February 2013 09:21 AM

මේවට තමයි කැළෑ නීතිය කියන්නේ, අපි නම්. (නි)

:       0       0

ඉෂාර Friday, 15 February 2013 09:19 AM

ප්‍රතිචාර දැක්වීමට පහසුකමක් තිබුන පලියට අර කන්නාඩිය අතට ගත්ත වදුරො වගේ හැසිරෙන්න එපා. වගකීමෙන් ප්‍රකාස නිකුත් කරන්න.(ස)

:       0       0

ඉසුරු Friday, 15 February 2013 03:43 PM

මමනම් මොකුත් කියන්නේ නැහැ, මට කියන්න මොකුත් හිතා ගන්න බැහැ (දී)

:       0       0

නුවන් Thursday, 14 February 2013 09:34 PM

අපි නම් කියෙන්නෙ වැරදිකාරයන්ට දඩුවම් දෙන්න ඕනෑ. බොදු බල සේනා, සිංහල රාවය ‍අපේ කාලයේ ජාතියේ වීරයෝ... අපේ බෞද්ධයන් බොරු සුභාරංචි අරන් නැති දෙයියෙක් ගැන කියෝ කියෝ මිනිස්සු මුලා කරන්නෙ නැහැ. (නි)

:       0       0

මුතුකුඩ Friday, 15 February 2013 09:26 AM

"හිමියන්ට කියලා හැකීමක් නැත්තේ නැහැනේ." ඇත්තද? ඒ හැගීම පාලනය කර ගැනීමට තමයි ආදරය කරුණාව පෙරදැරි කරගත් විවාහ සම්ප්‍රදායක් මනුසතාට ලබා දී තිබෙන්නේ. ධර්මය යනු වයසට මුහුකුරා ගියාට පසු ඇදහිය පිළිපැදිය යුතු දෙයක් නොව මනුෂ්‍යයාගේ උපත්තියේ සිට මිනීවළ දක්වා තමාව ආවරණය කරගෙන පැළදගත යුතු චිත්ත පාරිශුද්ධිය නමැති වටිනා ආභරණයකි. එසේ නොසිදුවන විට මෙවැනි දේ සිදුවීම නොවැළැක්විය හැකිය. (නි)

:       0       0

කුරුවිට Thursday, 14 February 2013 09:38 PM

කොහොම පටන්ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ... (නි)

:       0       0

ඉෂාර Friday, 15 February 2013 03:47 PM

අමිල, හලාල් ගැන ප්‍රශ්නේ තියෙන්නෙ ඒ සංවිදානෙට නෙමෙයි. අපේ රටටග අපේ සිංහල කමට. මාත් කාලයක් ඔක ගැන ඔය විදිහට හිතුවා. නමුත් එම සංවිදානෙන් කරපු දැනුවත් කිරීම නිසා මටත් හිතෙනවා මේ කියන දේ ඇත්තක් තියෙනවා කියලා. අනික දැන් "සාමනේර හිමි රිමාන්ඩ් - කෙල්ලක සමග සිනමා හලක" කියන ප්‍රවෘත්තියෙයි, හලාල් ලකුනෙයි තියෙන සම්පන්දෙ මොකක්ද? එහෙම නැත්තන් බොදු බල සන්විදානෙයි ඉහත ප්‍රවෘත්තියෙයි සම්බන්දෙ මොකක්ද කියලා මන් ඇහුවෙ. යන්නනෙ කොහෙද ඇහුවම මල්ලේ තියන ඒවා කිව්ව කට්ටියනේ ඉන්නෙ.(ස)

:       0       0

තුෂාර Thursday, 14 February 2013 09:38 PM

මේ වගේ හාමුදුරුවරු තව නැත්තේ නැහැ. (නි)

:       0       0

කසුන් Thursday, 14 February 2013 09:45 PM

කලිසමක් ඇදගෙන ගියේ සිවුරට අගෞරව වෙන නිසා කියලාවත් තේරුම්ගන්න බැරිද? (නි)

:       0       0

රිස්මි Thursday, 14 February 2013 09:49 PM

අද කාලේ හැටියට ඕවත් වැඩද? (නි)

:       0       0

නිශ්ශංක Thursday, 14 February 2013 09:56 PM

දැන් පොලිසිය හිතාගෙන ඇති ලොකු වැඩක් කළා කියලා. (නි)

:       0       0

හිල්මි Friday, 15 February 2013 04:19 PM

පොඩි හාමුදුරුවෝ ගිහිල්ලා තියෙන්නේ විශ්වරූපම් බලන්නලු. බලන්න කලින් හලාල් බුහාරි කෑවා කියලත් ආරංචියක් තියෙනවා. (නි)

:       0       0

ජයා Thursday, 14 February 2013 10:06 PM

මේ සිද්දිය රටේ සංස්කෘතියට, හා සභ්‍යත්වයට බලපාන එක් සිද්ධියක් පමණි. ඕනෑම රටක හොඳ ,නරක දෙකම වෙනවා. දැන් අපේ රටේ මාධ්‍ය දියුණු තත්ත්වයක පවතින නිසා ඕනෑම සිද්ධියක් සුළු වෙලාවකින් හෙළිදරවු වෙනවා. හොඳ තරමටම නරකත් ඇතිවෙනවා. සමබරතාවය රැකෙන්නයි එහෙම වෙන්නේ. ඕක ගැන ලොකුවට හිතන්න එපා . (නි)

:       0       0

ඩබ්.ජයසිරි Friday, 15 February 2013 10:05 AM

නායක ඉබ්බො ඇදේට යන ගමන් පොඩි ඉබ්බොන්ට කෙලින් යන්න කියන එක වැරදියි අනේ. (නි)

:       0       0

නුවන් Friday, 15 February 2013 10:09 AM

ඔය සාමණේර නම අනිවාර්යෙන් රෑටත් කනවා ඇති..(ස)

:       0       0

ඉඳුනිල් Friday, 15 February 2013 10:13 AM

වැලන්ටයින් ඩේ සමරන්න වෙන්න ඇති. කොල්ලනේ කෙල්ලනේ! ඔබලාට පෙම්වතුන් වී අත්විඳිය හැක්කේ කුඩා රසයක් මෙන්ම එයද කෙටි කලකි. නමුත් විවාහය යනු මරණය දක්වාම දිවයන අලංකාර දිවි සැලසුමකි. එහි අරුමය සැබෑ ලෙසම අත්විඳින්නට නම් ඔබත් විවාහයට පළමුව පෙම් නොකර විවාහයෙන් පසුව පෙම්සුව විඳින්නට සිතා ගන්න. “ගොනාට ඉදිරියෙන් කරත්තය නොව කරත්තයට ඉදිරියෙන් ගොනා” යන්න නිවැරදි ක්‍රමයයි. (නි)

:       0       0

කෝසල Friday, 15 February 2013 10:14 AM

මම ඉෂාරගේ අදහස් වලට එකගයි. (නි)

:       0       0

දම්මි Thursday, 14 February 2013 10:19 PM

සාමනේර නමක් සික්ෂා පද කියක් රකින්න අවශයිද (දී)

:       0       0

හේරත් Thursday, 14 February 2013 10:25 PM

භික්ෂුත්වයට කල අවමානයක් (දී)

:       0       0

බණ්ඩාර Friday, 15 February 2013 10:25 AM

කරුණූ සොයා බලන්නේ නැතුව ගරහන්න එපා. (නි)

:       0       0

අමිල Friday, 15 February 2013 10:35 AM

ඉෂාර ඔය ඇහුවේ හොඳ ප්‍රශ්නයක්. ඉස්සෙල්ලාම කියමු බලන්න බොදු බල සේනාවේ අයට හලාල් එක්ක තියන ප්‍රශ්නේ මොකක්ද කියලා. (නි)

:       0       0

රිස්මි Friday, 15 February 2013 10:36 AM

කෝ අපේ අර බල සේනාව? (නි)

:       0       0

වගුරේගම Friday, 15 February 2013 10:38 AM

මහණකම කියන්නේ කටු ඔටුන්නක් නොව රත්තරන් ඔටුන්නකි. නමුත් එහි වටිනාකම නොදන්නා කල එහි වටිනාකම නොදැනෙයි. (නි)

:       0       0

ඉසුරු Friday, 15 February 2013 04:43 PM

මේ දූෂිත ලෝකෙ මොනම ආගමක හෝ කෙලෙස් දුරු කරගෙන සීලයෙහි පිහිටා සි‍ටින්නේ කීයෙන් කී දෙනාද ? (ස)

:       0       0

සෑම් Thursday, 14 February 2013 10:50 PM

හිමියන්ට කියලා හැගීමක් නැත්තේ නැහැනේ. (නි)

:       0       0

රිස්මි Friday, 15 February 2013 10:44 AM

හැගීම් පාලනය කරගන්න බැරි නම් ‍මහණ වෙන්නේ ඇයි? (නි)

:       0       0

නීලා Friday, 15 February 2013 04:50 PM

ආර්ථික ප්‍රශ්න නිසා කුඩා දරුවන් මහන කරන එක තහනම් කරන්න. මේ දරුවන් ලොකු වුනාම මේ වගේ දේවල් වෙනවා.(නදී)

:       0       0

රානී Friday, 15 February 2013 04:51 PM

හාමුදුරුවෝ දේශපාලනය කිරීම, සාස්තර කීම, රැකියා කිරීම ගැන අපේ අයට ප්‍රශ්නයක් නෑනේ. ඉතින් ච්ත්‍රපටියක් බැලුවම මොකද?(නදී)

:       0       0

සුභසිංහ Friday, 15 February 2013 04:56 PM

රිය පැදවීම, ච්ත්‍රපටි බැලීම වගේ දේවල් ගැන ඇයි මෙච්චර උරණ වෙන්නේ? (නි)

:       0       0

උදය Friday, 15 February 2013 10:59 AM

මේ ප්‍රශ්නෙත් එක්ක බොදු බල සේනාවෙයි, හලාල් වලයි තියෙන සම්බන්ධය මොකක්ද? (නි)

:       0       0

ශාන් Friday, 15 February 2013 11:02 AM

හලාල් තැන හොයන්න කලින් මේ වගේ දේවල් ගැන හොයලා බලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 100 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 93 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1492 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 637 2

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1087 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 328 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38887 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site