ආයුර්වේද සම්බාහන මධ්‍යස්තානයක් මුවාවෙන් යක්කල පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා අවුරුදු 20-30 අතර තරුණියන් තිදෙනකු හා එහි කළමනාකරු සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ මුලස්ථාන පොලීසිය කියයි.
තරුණියන් කැස්බෑව, බුත්තල, හා බොරැල්ලේ අය වෙති.
මුලස්ථාන පොලිස් පරීක්ෂක චරිත ඒ.බී. ජයසුන්දර මහතාට ලැබුණු තොරතුරක් අනුව උපාය දූතයන් යොදා සොයා බලා මෙම වැටලීම සිදු කර ඇත.
මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ මෙම සම්බාහන මධ්‍යස්තානයේ සිදුවන ලිංගික ක්‍රියාකාරකම් වීඩීයෝ කර ඇති බවයි. පරිගණකයක්ද එහි දී සොයා ගෙන ඇත.
රුපියල් තුන්සිය පනහක් ගෙවා බිල්පතක් ගෙන ඇතුළට යා යුතු බවත් ඉන් අනතුරුව සම්බාහන ක්‍රියාවන්ට අමතරව අනෙකුත් ක්‍රියාවන් සදහා රුපියල් එක්දහස් පන්සීයක මුදලක් ද කාන්තාවට සන්තෝසම් මුදලක් ද දිය යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්බාහනයට අමතරව කරන අනෙක් වැඩ මොනවාද?(නු)
පිටිගල මම හිතන්නේ ඉහුම් පිහුම් මැහුම් ගෙතුම්, එහෙම කියලා දෙනවා ඇති..!(නු)
මොනවාද තව කරන්නේ සම්බාහනයට අමතරව..!(නු)
රටේ අසහනය වැඩි වෙලා අපරාධ වැවිවෙලා....(නු)
මාව උපාය දූතයෙකුට ගන්න බැරිද...? (නි)
මම දන්නෙ නැහැනේ ඔහොම දෙයක් යක්කල තියෙනවා කියලා. දන්නවා නම් යක්කල පහුකරගෙන කිරිබත්ගොඩ එන්නෙ නැහැ. (නි)
බොදු බල සේනාවට මේවා පෙනෙන්නේ නැද්ද ? (නි)
පුදුම ලංකාවක් මේක නම්. (නි)
කලින් දැනගෙන උන්නෙ නැහැනෙ... :-( (නි)
හැම එකටම බොදු බල සේනාව? මොකක්ද අප්පා ඔයාලා පාරේ වාහනයක් හැප්පුවත් බොදු බල සේනාවද පලි. (නදී)
ගැණුම්කරු සහ විකුණුම්කරු යන දෙදෙනාම කැමති නම් එහි තියෙන වරද කුමක්ද ? (ස)
රන්ජන් ,බොදු බල සේනාවට දෙන ප්‍රචාරයට මගේ ප්‍රණාමය.(නදී)
අපරාදේ. (නි)
කොහොමත් ඒක තමයි ඔය කියන නමේ මුවාවෙන් කරන්නේ. ඇයි දන්නෙම නැද්ද ඕවට අවසර දෙන අය?(නදී)
ආර්තික, සාමාජීය සහ තවත් නොයෙකුත් හේතූන් නිසා විවාහය ප්‍රමාදවන්නන් තමයි මේවාට යන්නේ. (නි)
සම්බාහනය කරනවිට අසහනය මතු වෙනවා ඇති ඒකයි...(ස)