IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සාරංග - උමාලි ආදර අන්දරයක?

සාරංග දිසාසේකර නමැති යොවුන් හැඩකාර තරුණයා හට මවගෙන් ලැබුණු නිවේදන හැකියාව මෙන්ම පියාගෙන් ලැබුණු ගායන හැකියාවද උරුමය. නමුත් ඔහු අපට හමුවන්නේ ටෙලි සිනමා හා වේදිකා රංගන ශිල්පියකු ලෙසය. මේ දිනවල තිරගත වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත‍්‍රපටයේ චන්න ඇමති ලෙසත් තවත් ටෙලි නාට්‍ය චරිත කීපයක් සමග සාරංග අපට හමුවෙයි.
ඔහු සමග මේ කතා බහට එක්වන උමාලි ඉරුදිනි තිලකරත්න ගැන ලෝකයේ බොහෝදෙනා කතා කිරීමට පටන් ගත්තේ ජපන් අධ්‍යක්ෂවරයෙකුගේ චිත‍්‍රපටියක් වන ෆයිනල් ජජ්මන්ට් චිත‍්‍රපටයේ රඟපෑමත් සමගය. නමුත්  ශ්‍රී ලාංකීය පේ‍්‍රක්ෂකයින් අතර, ඇය වඩා සමීපව සිටින්නේ ටෙලි නාට්‍ය ශිල්පිණියක ලෙසය. සාමාන්‍ය ජීවිතයේදී එකිනෙකාට වඩාත් සමීප චරිත යුගලයක් වන සාරංග - උමාලි අතර ඇති මේ බැඳීම මොනවගේ එකක් විය හැකිද? මේ කතාබහ ඊට සාක්ෂි දරාවි.


   සාරංග මේ දිනවල බොහෝදෙනා ඔබ ගැන කතා වන්නේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත‍්‍රපටයේ ඡුන්න ඇමතිගේ චරිතය නිසා නේද?
ඇත්තෙන්ම බොහෝ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබෙනවා. මෙම චරිත ලැබීම බෞද්ධයකු ලෙස එක අතකට මා ලැබූ භාග්‍යයක්. ලොකු වාසනාවක්. සිදුහත් කුමරුට සමීපව විටෙක මග පෙන්වන්නකු ලෙස ඒ ප‍්‍රධාන චරිතය පුරාවට බැඳී සිටින චරිතයක්. එවැනි දැවැන්ත නිර්මාණයකට මෙන්ම විදේශීය ශිල්පීන් පිරිසක් සමග රඟපෑමට ලැබීම අලූත් අත්දැකීමක් වුණා.

 

    සාරංග කොහොමද මේ දවස්වල ජීවිතේ?
තරමක් දුරට කාර්ය බහුලයි. රණවිරු රියල් ස්ටාර් අදියර තුන මෙහෙයවීමේ කටයුතු මෙන්ම, මගේම ගීතයක් පටිගත කිරීමට සූදානම් වෙනවා. ඊට අමතරව තවත් ටෙලි නාට්‍ය කීපයකුත් චිත‍්‍රපට දෙකකත් රඟපෑමට එක්ව සිටිනවා.

 

   උමාලි ඔබේ වැඩකටයුතු මොන වගේද?
සුපුරුදු පරිදි කෙටි නිවාඩුවකට තමයි මේ ආවේ. මගේ උපාධිය සඳහා ජපානයේ සිට තෙවැනි වසරේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. ඊට අමතරව තවත් ජාත්‍යන්තර චිත‍්‍රපටයක රඟපෑම සඳහා පිටපත ලැබී තිබෙනවා. මේ දිනවල ඒ පිටපත සහ චරිතය ගැන පුරුදු පුහුණු වෙමින් සිටින්නෙ.

   උමාලි සාරංග සතු රංගන හැකියාව ගැන හිතන්නෙ කොහොමද?
මම හිතන්නෙ කරන දේ කුමක් හෝ වේවා, ඔහු තමුන්ගෙ කාර්යයට අවංකව කැපවෙන කෙනෙක්. ඒ වෙනුවෙන් උපරිම කැපවීමකින් කටයුතු කරන ඔහුටම ආවේනික රිද්මයක් ඇති කෙනෙක්.

 

    සාරංග කොහොමද උමාලිගෙ රංගනය ගැන හිතන්නෙ?
කලාවේ නියැලෙන  ඕනෑම දෙයකට ශාස්ත‍්‍රීය පසුබිමක් තිබිය යුතුය කියලා හිතන කෙනෙක්. කලාවේ හරය ගැන ඉතා ගැඹුරින් හිතන වගේම තමාද එයින් දැනුවත්වීමට නිරන්තරයෙන් කටයුතු කරන චරිතයක්. නවක පරපුරේ හොඳ ආදර්ශවත් කෙනෙක්.

 

    උමාලි රංගනය යනු කුමක්ද?
ජීවිතය මවාපෑමකින් තොර සත්‍යතාවයක්.

 

    සාරංග ඔබ ඒ ගැන හිතන්නෙ?
රංගනය යනු ඒ මොහොතේ කරන චරිතය සමග සත්‍ය ලෙසම ජීවත්වීමක්. මවාපෑමකින් තොර සත්‍යයක්.

 

    සාරංග කලාව යනු කුමක්ද?
හැඟීම් ප‍්‍රකාශනයක්.

 

   උමාලි කලාව යනු කුමක්ද?
දර්ශනයක්. දේශපාලන විද්‍යාවක් සහ හැඟීම් ප‍්‍රකාශ කිරීමට ඇති මාධ්‍යයක්.

 

   ජීවිතය යනු කුමක්ද සාරංග?
ජීවිතය තමයි. මට ඊට අර්ථ කථනයක් දෙන්න අමාරුයි
       උමාලි
මේ මොහොත

 

   ජීවිතය සමග බැඳී තිබෙන ආදරය?
       උමාලි
ගැඹුරුයි. ගැඹුරු දෙයක්.
       සාරංග
ඒ මොහොත වඩාත් සුන්දර කරවන මොහොතක්.

 

   විවාහය යනු
        උමාලි
විශ්වාසය, වගකීම.
        සාරංග
ආදරය, විශ්වාසය, කැපවීම.

 

   පේ‍්‍රමය විවාහයේ නිමාව විය යුතුද?
        සාරංග
සෑම විටම එසේ නොවිය හැකියි. පේ‍්‍රමයේ එක් සන්ධිස්ථානයක් ඉලක්කයක්. විවාහ වූ හෝ නොවූ පමණින් පේ‍්‍රමය නැවතිය යුතු නැහැ.
        උමාලි
විවාහයෙන්ම පේ‍්‍රමය අවසන් විය යුතු නැහැ. විවාහය මොන විදියට සිදුවුණත්, තම තමුන්ගේ චින්තනය මත ගලාගෙන යන්නක්.

 

    සංගීතය යනු කුමක්ද?
         සාරංග
මට දැනෙන විදියට නම් හදගැස්ම. එහි රිද්මයයි
         උමාලි
මේ ලෝකයේ සියල්ල රිද්මයානුකූලයි. අපට දැනෙන හැඟෙන සියල්ල හැඩයකින් දනවන්නෙ සංගීතය වෙතිනුයි.

 

    මෙතෙක් ඇසූ සොඳුරුතම ගීතය ?
          සාරංග
ගීත හඬ පමණක් නොවේ. සංගීත නිර්මාණ වලටත් ආසයි. ඒ අතරින් යානිගේ නයිටිංගේල් සංගීත නිර්මාණයට බෙහෙවින් ප‍්‍රියයි. පණ්ඩිත් අමරදේවයන්ගෙ ආරාධනා ගීතයට ආසයි.
          උමාලි
සංගීතයේදී ගීතයටම සීමාවෙලා නැහැ. බාබෙල් චිත‍්‍රපටයේ තේමා සංගීතයට බෙහෙවින් ආසයි. විශාරද නන්දා මාලිනිය ගයන ”ඔබයි රම්‍ය සඳ කිරණ” ගීතයට ආසයි.

 

    උමාලිගෙ සඳකිරණ සාරංගද?
අනාගතයේ දේ අද ප‍්‍රකාශ කළ නොහැකියි.

 

   සාරංග ඔබ ජීවිතයේ ආරාධනා කරන්නෙ උමාලිටද? 
අපි අනාගතය දිහා බලා ඉඳිමු.

 

    සාරංග, ගැහැණු ළමයින් සිරුර නිරාවරණය වන අන්දමේ විලාසිතා අඳිනවට කැමතිද?
එය සංසන්දනාත්මකයි. 

 

    උමාලි පිරිමි කෙනෙක් ශාරීරිකව සිරුර වඩවා ගැනීම ගැන හිතන්නෙ කොහොමද?
මම හිතන්නෙ වැඩ කරලා මහන්සිවෙලා නිරායාසයෙන් ලැබෙන හැඩය පැහැය වැදගත්. එය ස්වභාවිකයි. වටිනාකම වැඩියි. ඒ මගේ පුද්ගලික ප‍්‍රකාශයයි.


    ජනප‍්‍රියත්වය කියන දේට කැමතිද? එය අපේක්ෂා කරනවද?
          සාරංග
මම හිතන්නෙ කවුරුත් ඊට කැමති ඇති. ලොකු කරදරයක් නොවේ නම් කවුරුත් අකමැති වන එකක් නැහැ. ඒත් ජනප‍්‍රියත්වය පසුපස හඹායන පිපාසයක් නැහැ.
         උමාලි
ජනප‍්‍රියත්වය අපේක්ෂා කරන්නෙ නැහැ. මට හිතෙන විදියට අනවශ්‍ය ජනප‍්‍රියත්වයකට කැමති නැහැ. ජනයාට ප‍්‍රියවීමට කලාවම කළ යුතු නැහැ. නමුත් ජනතාව අතර සුළු පිරිසකගෙන් හෝ ලැබෙන ජනප‍්‍රියත්වයට මම ගරු කරනවා.

 

    ඔබ අවංකවම අවංකද?
          සාරංග
සත්තකින්ම අවංකවම අවංකයි.
         උමාලි
ඔව්, අවංකවම අවංකයි.

 

    ඔබ දෙදෙනා පෙම්වතුන්ද කියා කවරෙකු හෝ විමසුවොත්?
         සාරංග
තව කෙනෙක් හිතන දේ තව කෙනෙකුට වෙනස් කරන්න සමහර විට අසීරුයි.
        උමාලි
නිසි දේ නිසි කලට වගේම අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ප‍්‍රකාශ කිරීම වැදගත්.

 



අදහස් (0)

සාරංග - උමාලි ආදර අන්දරයක?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 151 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 304 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1127 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 217 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 341 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 988 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1028 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site